මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට අමාත්‍ය නලින් ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?

False Politics

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සිදු කළ ප්‍රකාශ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim 1:

මාලනී ෆොන්සේකා පිළිකාවට කියලා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 40 ක් අරගෙන තියනවා. රාජ්‍ය ගෞරවය කෙසේ වෙතත් එයාට නීතිමය ක‍්‍රියාමාර්ග අරගන්නයි අපි හිටියේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මියගිය මාලනී ෆොන්සේකා මහත්මියට රාජ්‍ය ගෞරව ලබා දෙනවාදැයි මාධ්‍යවේදියෙන් ඇසූ පැණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් බවට දක්වමින් එය ITN News හි වාර්තා කර ඇති බව ට සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

 එමෙන් ම ITN හි පළ කළ තව ත් පුවතක් ලෙසට දක්වමින්, ජනතා විමුක්ති පෙරමුණේ හොරු නෑ. මාලිමාවත් සමග සම්බන්ධ මන්ත්‍රීවරු වංචා දූෂණ කරන්න උත්සාහ කලොත් එලවල දාන්න අපි දෙසැරයක් හිතන්නේ නෑ යනුවෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත විසින් ප්‍රකාශයක් කළ බවට ද, සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

Claim 2:

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්

මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කර බලන ලෙස අප ට ලැබුණු පාඨක ඉල්ලීම්ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ කරුණු විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සිංහල සිනමාවේ නිලි රැජින ලෙස විරුදාවලිය ලත්,  සම්මානනීය නිළි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද(24) දිනයේ අභාවප්‍රාප්ත වුණා. මේත් සමග ඇයගේ අවසන් කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සත්‍ය වශයෙන් ම මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරා. නමුත් මේ ආකාරයේ ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කළ බවට කිසිදු මාධ්‍යයක් වාර්තා කර නොතිබුණි.

එමෙන් ම ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි අද(24) දිනයේ කැබිනට් මාධ්‍ය හමුවක් ද පවත්වා නොතිබුණු බැවින් ද, මෙවැනි පුවතක් ITNnews නිල ෆේස්බුක් පිටුවේ හෝ පළ වී ඇත්දැයි යන්න පරීක්ෂා කළත් ඉහත සඳහන් ආකාරයේ පුවත් වාර්තා කර නොතිබුණි.

අප මේ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, තමන් එවැනි ප්‍රකාශයක් කර නොමැති බව ත්, එලෙසින් ඇය වෙනුවෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා බවට හෝ ප්‍රකාශයක් කර නොමැති බවයි.

එමෙන් ම  ස්වාධීන රූපවාහිනි නාලිකාවේ පුවත් කාර්ය මණ්ඩලයද, තහවුරු කළේ අමාත්‍ය නලින්ද , ජයතිස්ස මහතා සම්බන්ධයෙන් ඉහත සඳහන් ආකාරයේ පුවතක් වාර්තා කර නොමැති බවයි. ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ වන පුවත් ආකෘතිය යොදා ගෙන මෙවැනි අසත්‍ය සටහන් නිර්මාණය කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කළ බවට දක්වමින්, අසත්‍ය සටහන් නිර්මාණය වීමට හේතු වී තිබුණේ, පසුගිය දෙසැම්බර් මස 17 වන දා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී 2005 -2024 කාලය තුල ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ‍ෙන් හෙළි කර තොරතුරු වලදී එම අරමුදලින් ලබා ගත් පුද්ගලයින් අතර W.M.S ෆොන්සේකා ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන ඇති බව ත් පවසනවා.

මේ හේතුවෙන් මේ සඳහන් කරනු ලබන්නේ, වන්නිආරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබුණා.

කෙසේ වෙතත් තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ දෙසැම්බර් 19 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය සඳහා ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා චෙන්හිනායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා රුපියල් ලක්ෂ 50ක වෛද්‍යාධාර මුදලක් ලබා දුණි. දේශීය කලා හා සිනමා ක්ෂේත්‍රයට දක්වන ලද විශේෂ කුසලතා පදනම් කරගෙන ෆොන්සේකා මහත්මිය වෙත මේ වෛද්‍යාධාර මුදල ලබා දුන් බවයි. මේ සම්බන්ධයෙන් පළ වී තිබූ මාධ්‍ය වාර්තා මෙතනින්.

මව්බිම 2024-12-24 (02 පිටුව)

කෙසේ වෙතත් මාලිනි ෆොන්සේකා මහත්මිය හෝ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසූ අනෙක් පුද්ගලයින් සම්බන්ධයෙන් හෝ විමර්ශනයන් සිදු වන බවට වාර්තා ද, දැක ගන්නට නොලැබේ.

තව ද, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයේ අවසන් කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා නොදෙන බවට හැඟවීමට, මෙම සටහන් වලින් උත්සහ කර තිබුණත්, මාලිනි ෆොන්සේකා මහත්මිය සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට වැඩකටයුතු ලබන සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී  සිදු කිරීමට නියමිත වනවා. ඒ බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළා.

 

Claim 2:

කෘෂිකර්ම, පශ සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා විසින් ද, ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කර තිබුණේද, යන්න පිළිබඳ අප ප්‍රධාව මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා, නමුත් අමාත්‍යවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ හොරු නෑ. මාලිමාවත් සමග සම්බන්ධ මන්ත්‍රීවරු වංචා දූෂණ කරන්න උත්සාහ කලොත් එලවල දාන්න අපි දෙසැරයක් හිතන්නේ නෑ යනුවෙන් ප්‍රකාශයක් සිදු කරන බවට කිසිදු මාධ්‍ය වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500ක් ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ(23) දිනයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා හොරකම, දූෂණය සහ වංචාව සියයට 100ක්ම නතර කර ඇති බව ත්, පළාත් පාලන ආයතනවල යාන්ත්‍රණය පිහිටුවීමෙන් අනතුරුව හොරකම, වංචාව, දූෂණය සියයට සියයක් අවසන් කළ හැකි බව ත්, සඳහන් කරනු ලබනවා. නමුත් කිසිදු අයුරකින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි පදවිය ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී ගොවින්ට වගා ආරක්ෂාව සඳහා රයිෆල් බෙදා දුන් අවස්ථාවේ අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් කළ බව දක්වා තිබුණත්, එවැනි ව්‍යාපෘතියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මැදිහත් වීමෙන් මෑතකදී සිදු වූ බවට තොරතුරු දැක ගන්නට නොලැබේ. එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවසන් වරට තොරතුරු ඇත්තේ 2023 වසරේ දීය එම තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් NPP මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, මෙම සටහන් ව්‍යාජ ලෙස සකසා ඇති බව ත්, අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව ත් ය.

ITN ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයද, සඳහන් කරනු ලබන්නේ, අමාත්‍ය ලාල්කාන්ත සම්බන්ධයෙන් පළ වන ඉහත පුවත ද, ඔවුන් විසින් පළ කරන ලද පුවතක් නොවන බව ත්, එය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහනක් බව ත් ය.

පසුගිය දා රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත් වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු බන්ධනාගාර ගත කර තිබූ බැවින් එම සටහන් ද මුල් කර ගනිමින් මෙලෙසින් අසත්‍ය සටහන් නිර්මාණය වී ඇති බවට පැවසිය හැක.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

 

 

AvatarTitle:මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට අමාත්‍ය නලින් ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Pavithra Sandamali 

Result: False

 


Leave a Reply