දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඇතැම් අවස්ථාවලදී මෙරට වැසියන් විසින් සිදු කරනු ලබන පහරදීම් ඇතුළු ඔවුන්ට මුහුණපෑමට සිදුවන අඩතේට්ටම් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ත් වාර්තා වනවා. එලෙසින් ප්‍රහාරයකට ලක් වූ විදේශිකයෙකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වන අතර එම වීඩියෝව පිළිබඳ සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සංචාරකයෙකුට මෙරටදී මෙරට පුරවැසියෙකු විසින් අඩතේට්ටම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ටත් දක්වමින් සටහන් සංසරණව වූ අතර මේ පිළිබඳ ඇත්ත නැත්ත කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනා අපගෙන් විමසීම් කළ අතර මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කිරීමට අප තීරණය කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන මෙම වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ පසුගිය 24 වන දා TheLostJoey නමැති Youtube නාලිකාවේ පිලිපීන ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු විසින් සිය ශ්‍රී ලංකානු සංචාරයේදී ඔහුට අත්විඳීමට සිදුවූ හිරිහැරයක් සම්බන්ධයෙන් වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්.
මෙහිදී ඔහු විසින් දකුණු පළාතේ සංචාරය කරන බවට දැක ගන්නට ලැබෙන අතර ඔහු විසින් සර්ෆින් ක්‍රීඩාවේ යෙදීම සඳහා අවශ්‍ය වන සර්ෆ් බෝඩ් එකක් මිලදී ගැනීමට යාමේදී එම වෙළඳසැලේ සේවය කරන ශ්‍රී ලංකික පුද්ගලයෙකු අතර වචන හුවමාරුවක් වන පසුව එම ශ්‍රී ලාංකිකයා විසින් පිලිපීන ජාතිකයාගේ විරෝධය නොතකා පහර එල්ල කරන බව ත්, එතනින් ඉවත් වූ පිලිපීන ජාතිකයා පසු පස ඔහු ලුහුබැඳ පැමිණෙන බව ත්, එම පිලිපීන ජාතිකයාගේ කැමරාවේ සටහන් වී ඇති බව ද, එම වීඩියෝවෙන් දැක්වේ.
මෙම වීඩියෝවේ ඔහු පැමැණිලි සිදු කර තිබුණේ වැලිගම පොලිස් ස්ථානයේ බවට දක්නට ලැබුණා.
එමෙන් ම ඇතැම් මාධ්‍ය වාර්තා මෙය මෑතක වූ සිදුවීමක් බවට වාර්තා කර ඇති ඇති අතර තව ත් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මෙය පසුගිය වසරේ පෙබරවාරි මස දී වූ සිදුවීමක් බවයි.
මේ හේතුවෙන් නිසි තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප වැලිගම පොලීසියෙන් විමසීමක් කරනු ලැබුවා.
ඔවුන් සඳහන් කළේ, 2024 වසරේ පෙබරවාරි 14 වන දින වැලිගම පොලිස් ස්ථානයට මෙම විදේශිකයා සංචාරකයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ත්, වැලිගම පැලෑන වෙරළ තීරයේ පිහිටි දිය මත ලිස්සා යාම පුහුණු කරනු ලබන ස්ථානයකට ගොස් දර්ශන පටිගත කිරීමේදී, එම ස්ථානයේ සේවකයෙකු ඊට විරුද්ධත්ව ප්‍රකාශ කිරීමෙන් පසු වූ ආරවුලක් මත මෙම විදෙස් ජාතිකයාට එම පුද්ගලයාට පහරදීමක් කර ඇති බව යි. එදින ම වැලිගම ප්‍රදේශයේදී, වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම පහරදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 24 ක් වන වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මෙම වසරේ සැප්තැම්බර් 11 වන වන දින මෙම නඩු විභාගය යළි කැඳවීමට නියමිත බව ද, ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවේද , සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:ශ්‍රී ලාංකිකයෙකු විසින් සංචාරකයෙකුට පහර දීමේ සිදුවීම ගැන ඇත්ත නැත්ත!
Fact Check By: Pavithra SandamaliResult: Missing Context
