දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රජයේ මැති ඇමතිවරුන් සිදුකළ බව කියන ප්‍රකාශ සහිත සමාජ මාධ්‍ය සටහන් නිරන්තරව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන අතර බොහෝ අවස්ථාවල සමාජ නොමග යවන සුළු ආකාරයේ අන්තර්ගතයන් සහිත සටහන් ද වේ. මේ එලෙස අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන මෙම ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ, රාජ්‍ය විරෝධි පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයින් සිය ගණනකගේ වැඩ තහනම් කර ඇති බවයි. විෂයභාර අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ද සහිතව දිනමිණ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් ආකෘතියට සමානව පළ කර ඇති මෙම සටහනේ අදාළ ප්‍රකාශය අමාත්‍යවරයා සිදු කළේ කවදා හෝ කොතැනකදී ද යන්න පිළිබඳ වැඩි විස්තර කිසිවක් ඇතුළත්ව නොමැත.

ඒ අනුව, සත්‍ය ලෙසම අමාත්‍යවරයා විසින් රාජ්‍ය සේවකයින් සම්බන්ධව එවැනි ප්‍රකාශයක් සිදු කර තිබේ ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප මූලිකවම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න අමාත්‍යවරයා සිදු කළ බව කියමින් මෙම පුවත පළ කර ඇති දිනමිණ පුවත්පතේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත් මෑතකාලීනව දිනමිණ නිල ෆේස්බුක් ගිණුමේ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ සටහනක් පළ කර නොමැත.
සමාජ මාධ්‍ය සටහනේ පැවසෙන පරිදි රාජ්‍ය සේවකයින් සිය ගණනකගේ වැඩ තහනම් කිරීමක් වැනි සිදුවීමක් මෑතකාලීනව රට තුළ සිදුවූවේ නම්, එය නිසැකවම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතු ය. තව ද මීට අදාළව යම් ආකාරයේ සමාජමය බලපෑමක් ද ඇති විය යුතු ය. ඒ අනුව , ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එවැනි වාර්තා කිරීමක් සිදුකර තිබේ දැයි අප පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. ඓහත් මෙහි සඳහන් ආකාරයේ වැඩ තහනම් කිරීම් සිදු කර ඇති බවට මාධ්‍ය වාර්තා කිසිවක් හමු නොවී ය.
මේ අතර අප තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී දිනමිණ නිල ෆේස්බුක් පිටුවේ 2025 වසරේ පෙබරවාරී මාසයේදී අමාත්‍යවරයාගේ ඡායාරූපය සහිතව පළ කරන ලද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනට සමාන සටහනක් හමුවිය Facebook
ඒ අනුව රාජ්‍ය විරෝධි පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයින් සිය ගණනකගේ වැඩ තහනම් කර ඇති බවට වන මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන දැවැන්ත ආයෝජනයකට මූලාරම්භය දෙන අයවැයක් යනුවෙන් දිනමිණ නිල ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද සටහන සංස්කරණය කරමින් පළ කර ඇති සටහනක් බවට විශ්වාස කළ හැකියි.


අප මේ පිළිබඳ තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා ජේෂ්ඨ මාධ්‍යවේදී ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, දිනමිණ පුවත් පතේ පළ නොවූ පුවතක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කර ඇති බවයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
සමාජ මාධ්‍යයෙහි පළ වී ඇති සටහන නිර්වද්‍යතාව තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා අප රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ෆේස්බුක් ඔස්සේ සංසරණය වන ආකාරයට රාජ්‍ය විරෝධි පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයින් සිය ගණනකගේ වැඩ තහනම් කිරීමක් හෝ එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. ඒ අනුව මෙකී සටහන ව්‍යාජ සටහනක් බව මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා.
රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරිමට අදාළව චක්‍රෙල්කයක්
රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙගේ අත්සනින් පසුගිය 2022 වසරේ සැප්තැම්බර් 27 වැනිදා චක්‍රලේඛය නිකුත් කර තිබුණා.
එහි සඳහන් වන්නේ, ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය 6 වන හා 7 වන වගන්තිවල සඳහන් විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු සමාජ මාධ්‍ය වෙත අදහස් දැක්වීම විනයානුකූව කටයුතු කිරීමට හේතුවන වරදක් බවයි.
තවද දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක්‍රියාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකිරීම ද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් ව ඇත. එවැනි වරදවල් කරන නිලධරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බව ද එහි වැඩිදුරටත් මෙලෙස සඳහන් වෙයි.
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පසුගියදා පියවර ගෙන තිබූ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවක් මෙතනින්.
මේ අතර මීට අදාළව පළ කරන ලද බීබීසී පුවත් වාර්තාවක දැක්වෙන්නේ, වෛද්‍යවරුන් ඇතුළු රජයේ විවිධ නිලධාරීන් විසින් දිගින් දිගටම රටේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවට ප්‍රකාශ කිරීම හා ඒ හා සම්බන්ධ විවිධ සිද්ධීන් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කරන වටපිටාවක් තුළදී මෙම චක්‍රලේඛය නිකුත්වී තිබීම විශේෂත්වයක් බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ රාජ්‍ය විරෝධි පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයින් සිය ගණනකගේ වැඩ තහනම් කර ඇති බවට වන ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ඒ අනුව අදාළ සටහන අසත්‍ය සටහනක් බව පැහැදිලි වේ. තව ද සමාජ මාධ්‍යයේ පැවසෙන පරිදි රාජ්‍ය සේවකයින්ගේ වැඩ තහනම් කිරීමක් සිදු කිරීමක් සිදුව නොමැති බවයි.
Title:රාජ්‍ය විරෝධී පුවත් සමාජ මාධ්‍යයේ පළ කළ රාජ්‍ය සේවකයින්ගේ වැඩ තහනම් කළ බව ඇමති ප්‍රකාශ කළා ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


