මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන්!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෑත කාලීනව මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලයන 2.5 ක මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමකට බැරවීමේ සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වී තිබූ සහකාර අධ්‍යක්ෂකවරයකුගේ මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ද මෙම මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවට විවිධ පාර්ශ්ව විසින් මත පල කිරීමත් සමඟ නැවතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙමින් පවතිනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ නොමග යවන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

Claim 1

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

සේවය අත්හිටුවා තිබූ මහා භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳ විසින් පැමිණිලි කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

මීට සමාන තවත් සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබුණා. 

Facebook Facebook Facebook 

සේවය අත්හිටුවා තිබූ  මහා භාණ්ඩාගාර සහකාර අධ්‍යක්‍ෂ රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට රංග නිශාන්ත මහතාගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් ඉහත සටහන් නිර්මාණය කර තිබූ අතර, සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙහි සත්‍යය අසත්‍යතාවය සොයාබැලීම සඳහා අප විසින් කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කළ ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාල පාර්ශවයට නොලැබී හැකර්වරයකු සතු ඔස්ට්‍රේලියානු බැංකු ගිණුමකට බැරවීමේ සිදුවීමට අදාලව වැඩ තහනමට ලක්ව සිටියදී මුදල් අමාත්‍යංශය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කළ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සිදු වූ අතර, 2026 අප්‍රේල් 30 වන දින කුලියාපිටිය, වීරඹුගෙදර පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ කෙසෙල් ගසක් අසල තිබී දේහය හමු විය. 

පශ්චාත් මරණ පරීක්ෂණ නිගමනය – මරණය සියදිවි නසා ගැනීමක්

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කළ සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටුවක් විසින් 2026 මැයි 1 වන දින පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී. එහි මූලික නිගමනය වූයේ ශරීරයේ තිබූ කැපුම් තුවාල ස්වයංව සිදු කරගත් ඒවා බවත්, මරණය සියදිවි නසා ගැනීමක් බවත්ය. මෙම මරණය සම්බන්ධ මරණ පරීක්ෂණ වාර්තාව 2026 මැයි 25 වන දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතැනින් සහ මෙතනින්.

මේ අතර, 2026 මැයි මස 04 වන සඳුදා දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණේ රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවයි.  අතක සහ දෙපා වල ප්‍රධාන ධමනි තුනක් කපාගෙන සියදිවි හානිකර ගැනීම ලෝකයේ අතිශය අසාමාන්‍ය සහ ප්‍රායෝගික නොවන ක්‍රමයක් බව ඔහු පෙන්වා දෙන අතර,  රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බව පවසමින් ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

\උදය ගම්මන්පිල මහතා රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බව පවසමින් ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව බව සනාථ කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ ලිපි කිහිපයක් ද සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ඇත.

Facebook

කෙසේ නමුත් අදාල එක් ලිපියක දැක්වෙන්නේ, කුලියාපිටිය/උ නඩු අංක බී 88755 / 2026 දරණ නඩුවට අදාළව වෛද්‍ය මණ්ඩලයක් පත්කර එමගින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කරනු ලබන නියෝගයයි. එම ලිපිය 2026.04.30 දින එනම් අදාළ සහකාර අධ්‍යක්ෂකවරයා මියගිය දිනයේදී ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියෝග කරමින් නිකුත් කරන ලද ලිපිය බව පැහැදිලියි.

Facebook

එසේම එහි දැක්වෙන අනෙක් ලිපිය 2025.05.01 වන දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ (නඩු අංක B 88575/2026) නියෝගය පරිදි මියගිය නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් නම් කරමින් රංග නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද නිල ලිපියයි. 

Facebook

කෙසේ නමුත් රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් එම මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳ විසින් පැමිණිලි කර ඇති බවට කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ විශ්වාස කළ හැකි නිල මූලාශ්‍රයක් විසින් පුවත් වාර්තා කර තිබුණේ නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිල ප්‍රකාශය

ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය අසත්‍ය බවත්, මියගිය පුද්ගලයාගේ බිරිඳ මරණය සැක සහිත බවට පැමිණිලි කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 2026 මැයි 05 වන දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

2026 අප්‍රේල් 30, කුලියාපිටිය පොලිස් වසමේ, වීරඹුව, බඩකුඹුර ප්‍රදේශයේදී මරණයක් වාර්තා වූ බවත්, මේ සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිස් නිලධාරීන්, අපරාධ ස්ථාන භාර නිලධාරීන්, නිල සුනඛයන්, ගරු අධිකරණය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, යන මේ සියලුම ආයතන විමර්ශන ආරම්භ කිරීම සඳහා ප්‍රවේශයක් ගත් බවත්, මේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු අංක B 88575/2026 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවත්, ගරු අධිකරණය විසින් මෙම මරණය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දී තිබූ බවත්, ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මග පෙන්වීම යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් හතර දෙනෙකු මෙම මරණ පරීක්ෂණය සඳහා කටයුතු කළ බවත් ඒ අනුව 2026 05.01 දින කුලියාපිටිය ශික්ෂණ රෝහ‍ලේදී මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වුන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කර සිටිනවා. 

2026. 05. 04 වන දින නීතීඥ උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවකදී මෙම මරණය පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබූ බවත්, එම ප්‍රකාශය විමර්ශන නිලධාරීන්, විශේෂඥ මතයන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන් යනාදී සියලු දෙනාගේ මතවලට පටහැනිව කරනු ලැබූ ප්‍රකාශයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා. මෙම මරණකරුගේ බිරිඳ විසින් මරණය සැකයයි පැමිණිලි කර ඇති බවට ඔහු විසින් ප්‍රකාශ කර ඇති බවත් එය අසත්‍ය ප්‍රකාශයක් බවත් අසත්‍ය වූ තහවුරු නොකරන ලද පදනම් විරහිත සහ සමාජය නොමඟ යවන සුළු ප්‍රකාශයක් බවත් මේ පිළිබඳව විමර්ශන කණ්ඩායම් දැඩි ලෙස අවධානය යොමුකරන බවත්, මෙම පරස්පර ප්‍රකාශයන් සඳහා විමර්ශන නිලධාරීන් ඉදිරියේදී නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බවත්, මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී උදය ගම්මන්පිල මහතාව කුලියාපිටිය අධිකරණයේ දී සාක්‍ෂි මෙහෙයවීමකට අපේක්ෂා කරන බවත්, අධිකරණය නොමග යවන සහ විමර්ශන වලට බාධා වන පරිදි මෙවැනි ප්‍රකාශයන් සිදුකිරීම සුදුසු නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්.

https://www.facebook.com/reel/3935993399865397

Claim 2

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතා සියදිවි හානි කරගෙන ඇත්තේ ඔහුගේ කුලියාපිටිය ප්‍රදේශයේ සිය නිවස පිහිටි ඉඩම පහළ කොටසේදී ගෙල තියුණු ආයුධයකින් කපා ගෙන බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණා.

Facebook |Archived Link

මීට සමානව ඔහු සියදිවි හානි කරගෙන ඇත්තේ ගෙල කපාගෙන බවට දක්වමින් තවත් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්. 

Facebook 

ඒ අනුව මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යභාවය සොයාබැලීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ප්‍රමුඛ අවධානයකින් පුවත් වාර්තා කළ අතර එම සියලු නිළ  මූලාශ්‍රයන් හරහා එම මරණය සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ දෙපාවල සහ අතක කැපුම් තුවාල සහිතව වූ මරණයක් බවයි. කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් ඔස්සේ අදාළ මරණය ගෙල කපා ගැනීමකින් සිදු වූ මරණයක් බව වාර්තා කර තිබුණේ නැහැ.

මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ මියගිය පුද්ගලයාගේ දෙපාවල වළලුකරට ඉහළින් වූ නහර සහ වම් අතෙහි නහර කපාගෙන ඇති බවයි.

මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිව්පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකරන ලද අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන, කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා ඇතුළු විශේෂඥයන් හතර දෙනෙකුගෙන් මෙම මණ්ඩලය සමන්විත විය. එහිදී මරණයට හේතුව ලෙස වාර්තා වූයේ ශරීරයේ ප්‍රධාන රුධිර නාලිකා (බල නහර) කපා ගැනීම නිසා සිදු වූ අධික රුධිර වහනයෙන් ඇති වූ කම්පනයයි.  මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ මියගිය පුද්ගලයාගේ දෙපාවල වළලුකරට ඉහළින් වූ නහර සහ වම් අතෙහි නහර කපාගෙන ඇති බවයි.

පොලිස් මාධ්‍ය අංශය

මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් පොලිස් මාධ්‍ය අංශයෙන් විමසා සිටි අතර එහිදී ද තහවුරු වූයේ අදාළ මරණය ගෙල කපා ගැනීමකින් නොව දෙපාවල සහ අතක කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ මරණයක් බවයි.

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok

Result Stamp

Title: මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන්!

Written By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *