කච්චතිව් දූපත ගැන ඇමති විජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක්?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කච්චතිව් දූපතේ අයිතිය කාට ද යන්න ඉතිහාසය පුරාවටම සංවාදයට බඳුන් වූ කරුණක්, ඉන්දීයාවේ මැතිවරණ වේදිකාවේ වඩාත් උණුසුම් වන මෙම මාතෘකාව අද දිනයේ නැවතත් කරලියට පැමිණෙන්ගේ ඉන්දීය දමිළ සුපිරි රංගන ශිල්පී තලපති විජේගේ මැතිවරණය ජයග්‍රහණය සමගින්. මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කච්චතිව් දූපත සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්විමන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“කච්චතිව් කියන නිසරු දූපත ශ්‍රී ලංකාවට විශාල බරක්.. මෙය පවත්වාගෙන යාම නාවික හමුදාවටත් ලොකු හිසරදයක්” –  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවැසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා.

Facebook | Archived Link

මෙම තේමාවෙන් පළ වූ ෆේස්බුක් සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

දශක පහකට වැඩි කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK යන ප්‍රධාන පක්ෂ පරාජය කරමින්, තලපති විජේ ඔහු නායකත්වය දෙන “තමිල්ග වෙට්‍රි කසාගම්” (TVK) පක්ෂය, 2026 ප්‍රාන්ත මැතිවරණයේදී ආසන 108ක් දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරනු ලැබුවා.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී කච්චතීව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබුණා. ඒ 2025 වසරේ අගෝස්තු 21වන දා මදුරෙහිදී කැඳවා තිබූ තමිළාහ වෙට්රි කළහම් (TVK) පක්ෂයේ ප්‍රධාන රැළියේදී එහි නායක තලපති විජේගේ කතාවේ තමිල්නාඩුවේ ප්‍රාන්ත රජය මෙන්ම වෘත්තිය සංගම් ද ප්‍රාන්ත ධීවරයින් ආරක්ෂා කිරීමට අසමත්වී ඇති බව විවේචනාත්මකව අදහස් පළ කරමින් දීර්ඝ කාලීන විසඳුමක් වෙනුවෙන් කච්චතීව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බවට ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරමින්. 

මේ අතර යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා ඊයේ(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ ඩෙල්ෆ් දූපතේ ජනතාවට සතියේ දින හතෙන් දින පහක්ම විදුලිය නොමැති බැවින් ​ඉන්දීය දේශපාලනඥ විජේ විසින් කච්චතිව් දූපත ඉල්ලා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ බව ත්, කච්චතිව් පමණක් නොව යාපනය ද තමිල්නාඩුවට භාර දෙන ලෙසත්,යාපනය තමිල්නාඩුවට භාර දුනහොත් එහි වැසියන් තමන්ව වඩාත් හොඳින් ආරක්ෂා කරනු ඇති බවයි. එම අවස්ථාව මෙතනින්.

මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් “කච්චතිව් කියන නිසරු දූපත ශ්‍රී ලංකාවට විශාල බරක්.. මෙය පවත්වාගෙන යාම නාවික හමුදාවටත් ලොකු හිසරදයක්” යනුවෙන් ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවන්නේ, තලපති විජේගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවයි.

මෙවැනි පසුබිමක සැබවින්ම අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කළා නම් එය මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා පමණක් නොව ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා   වාර්තා කළ යුතු වූවත්, එවැනි කිසිදු මාධ්‍ය වාර්තාවක්, මූලාශ්‍රයක් දැක ගන්නට නොලැබුණි. ඉහත සමාජ මාධ්‍ය සටහන Asian Mirror සිංහල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇති බවට දක්වා තිබූ අතර අප කළ පරීක්ෂාවේදී එහි මේ ආකාරයෙන් සටහනක් පළ වී නොතිබුණි. 

ඉන්අනතුරුව අප විජිත හේරක් මහතා විසින් එවැනි ප්‍රකාශයක් කර තිබුණේද, යන්න වැඩසටහන්, දේශපාලන කතා, අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පරීක්ෂා කළත්, අමාත්‍ය විජිත හේරත් කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉහත කී ප්‍රකාශය කළ බවට දැක ගන්නට නොලැබුණි.

කෙසේ වෙතත් මීට පෙර තලපති විජේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ එම කාලවකවාණුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ජනමාධ්‍ය වේදියෙකු විසින් ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මධ්‍යම ආණ්ඩුව හෝ රාජ්‍ය තාන්ත්‍රිකව හෝ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව ත්, කච්චතිව් දූපත සැමදා ලංකාව සතු බව  ත්, මැතිවරණ වේදිකාවල් වල ඡන්දය ලබා ගැනීම සඳහා කරන එවැනි ප්‍රකාශ පිළිබඳ කලබල නොවිය යුතු බවත් ය.

Facebook

අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය පිළිබඳව ඉන්දීය මාධ්‍ය ද, වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

මෙවැනි ප්‍රකාශයක් කර තිබියදී අමාත්‍යවරයා විසින් නැවත කච්චතිව් දූපත ඉන්දියාවට පවරා දීමට කටයුතු කිරීමට සූදානමක් ඇති බවට හඟවන ප්‍රකාශයක් සිදු කළ නොහැකි නිසා අප මේ පිළිබඳව, විජිත හේරත් මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, මෙම සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව ත්, අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් කර නොමැති බව ත්ය. එමෙන් ම අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද, මෙම සටහන් අසත්‍ය බවට දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook

කච්චතිව් දූපත

1974 ජුනි 26 වැනිදා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි අතර අත්සන් කළ ගිවිසුමක් මත කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවිය. ගිවිසුමට අනුව කච්චතිව් දූපත ඉන්දියාවේ කොටසක් නොවන අතර එය ශ්‍රී ලංකාවට අයත් භූමි කොටසකි. තව ද 1976 වසරේ ඉන්දු ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමි විය.  ඒ අනුව දූපත ආශ්‍රීත ධීවර කටයුතු හා කච්චතිව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටලු තවදුරටත් ඇඳෙමින් පවතී.

කච්චතිව් දූපතේ කතාව දකුණු ඉන්දීය දේශපාලයේ ප්‍ධාන මාතෘකාවකි. එදා සිට අද ක්වා බිහිවූ සියලුම දකුණු ඉන්දීය දේශපාලනඥයින් හා දකුණු ඉන්දීය ධීවර ප්‍රජාව කච්චතිව් යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස මධ්‍ම රජයට විටින් විට බලපෑම් මෙන්ම ඉල්ලීම් ද සිදුකරන ආකාරයක් දැකගත හැකියි. වැඩි විස්තර මෙතැනින් 

Also Read :

කච්චතිව් දූපත ඉන්දියාවට පවරලා ද?

තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට ජනපති නියෝග කරළද

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “කච්චතිව් කියන නිසරු දූපත ශ්‍රී ලංකාවට විශාල බරක්.. මෙය පවත්වාගෙන යාම නාවික හමුදාවටත් ලොකු හිසරදයක්” යනුවෙන්  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ප්‍රකාශයක් කර නොමැති බවයි. එවැනි පුවතක් කිසිදු මාධ්‍යක් විසින් හෝ පළ කර නොමැත.

Result Stamp

Title: කච්චතිව් දූපත ගැන ඇමති විජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක්?

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *