
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දින ගාල්ල ප්‍රදේශයේ දන්සැල් පැවැත්වීම තහනම් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මීට සමාන තවත් සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.






Facebook Facebook Facebook Facebook Facebook Facebook
ඒ අනුව සැබෑ ලෙසම වෙසක් පොහෝ දින ගාල්ල ප්‍රදේශයේ දන්සැල් පැවැත්වීම තහනම් ද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වෙසක් පොහෝ දිනයේදී ගාල්ල ප්‍රදේශයේ දන්සැල් නොපැවැත්වෙන බවට සහ දන්සල් පැවැත්වීම තහනම් බවට පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවන් මෙන්ම හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් වලද පසුබිම වී තිබුණේ ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයෙන් එවැනි තීරණයක් ගත් බවයි. ඒ අනුව අප විසින් ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයෙන් එවැනි තීරණයක් ගෙන ඇත්ද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා.
මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය කණුමුල්දෙනියේ චන්දවිමල හිමි විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.
ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් පෝය දිනයේදී දන්සැල් පැවැත්වීම නවත්වා හෝ තහනම් කර නොමැත
ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහ සභා රැස්වීමේදී වෙසක් පොහොය දිනයේදී ජනතාව විශේෂයෙන් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීම සිදුවන බැවින්, පොහොය දිනයේදී දන්සැල් දීම වඩාත් උචිත ආකාරයට සිදුකරන්නේ නම් යහපත් බව සාකච්ඡා කළ බව ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය කණුමුල්දෙනියේ චන්දවිමල හිමි සඳහන් කරනවා.
ඒ අනුව දවල් කාලයේදී දන්සැල් නොපවත්වා රාත්‍රී කාලයේදී පවත්වන්නේ නම් වඩා හොඳ බව එහිදී සාකච්ඡා කළ බවත් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. එසේ නොමැතිව ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් පෝය දිනයේදී දන්සැල් පැවැත්වීම නවත්වා හෝ තහනම් කර නොමැති බව ස්වාමීන් වහන්සේ විසින් වැඩිදුරටත් සඳහන් කරනවා.
නිසි අවසරය ගෙන වෙසක් පොහොය දා ගාල්ලේ දන්සැල් පැවැත්වීමට බාධාවක් නොමැත-ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති
නිසි අවසරය ගෙන වෙසක් පොහොය දා ගාල්ලේ දන්සැල් පැවැත්වීමට බාධාවක් නොමැති බවට ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් සහිතව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. පන්සල් යන්න කියා ගාල්ලේ දන්සල් වසා නොමැති බවත් යම් පුද්ගලයෙකුට හෝ ඕනෑම සංවිධානයකට නියමිත අවසරය ගෙන දන්සලක් පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබෙනවා.
වෙසක් පෝය දිනයේ ගාල්ල ප්‍රදේශයේ දන්සැල් හෝ අයිස්ක්‍රීම් දන්සැල් තහනම් කිරීමක් සිදු කර නොමැත
එසේම ගාල්ල ප්‍රදේශයේ දන්සැල් තහනම් බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකඡාවක් පවත්වමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු වගකිව යුතු පිරිස් විසින් කරුණු පැහැදිලි කර තිබුණා. එම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර තිබුණේ, වෙසක් පෝය දිනයේ දන්සැල් දීම තහනම් කිරීමක් සිදු කර නොමැති බවයි.
කෙසේ නමුත්, වෙසක් පොහෝ දිනයේදී බොහෝ පිරිස් දන්සැල් වෙත ඇදී යාම හේතුවෙන් විහාරස්ථාන වල සිදු කෙරෙන ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරු වීමේ අඩුබවක් ඇති වීම ගැටලුවක් බවද, ඒ අනුව පොහෝ දිනයේදී විහාරස්ථාන තුළ සිදුකරන ආගමික කටයුතු වලට බාධා වන ලෙස දන්සැල් පැවැත්වීමෙන් වලකින ලෙස ඉල්ලීමක්ද සිදු කර තිබුණා. එසේම අයිස්ක්‍රීම් දන්සැල් පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, සෞඛ්‍යයට වඩාත්ම යහපත් ආහාරපාන යොදා ගනිමින් දන්සැල් ලබාදීම සිදුකරන්නේ නම් වඩා යහපත් බවයි. එම මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් – කේ.යූ චන්ද්‍රලාල්
අප විසින් මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන්ද විමසීමක් කළ අතර, එහිදී ද ඔහු විසින් සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කය තුළ හෝ නාගොඩ ප්‍රදේශය තුළ හෝ වෙසක් පෝය දිනයේ නමුත් කිසිදු ආකාරයක දන්සැලක් පැවැත්වීම තහනම් කර නොමැති බවයි.
දන්සැල් සඳහා කහ පැහැති කොඩි භාවිතා කිරීමට නිර්දේශ
දන්සැල් සඳහා බෞද්ධ කොඩි යොදා නොගෙන ඒ වෙනුවට කහ පැහැති කොඩි භාවිතා කිරීමට නිර්දේශ කරමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
දන්සැල් පැවැත්වීමේදී ජනතාව සහ වාහන ඒ වෙත යොමුකරවා ගැනීම සඳහා බෞද්ධ කොඩි අවභාවිත වීම වලක්වා ගැනීම එහි අරමුණ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබූ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වෙසක් පෝය දිනයේ ගාල්ල ප්‍රදේශයේ දන්සැල් තහනම් කර ඇති බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍යය සටහන් අසත්‍ය බවයි. ගාල්ල ප්‍රදේශයේ කිසිදු ආකාරයක දන්සලක් තහනම් කර නොමැති බවත්, පොහෝ දිනය තුළ විහාරස්ථානවල සිදු කරන ප්‍රතිපත්තිමය පූජාවන්ට බාධාවක් නොවන අයුරින් දන්සැල් ලබාදෙන ලෙස ඉල්ලීමක් පමණක් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සිදු කර ඇත.


