ලෝකයම කැළඹූ ‘මිනිස් බල්ලාගේ’ ඡායාරූපය පිටුපස ඇති සත්‍ය කතාව!

False Foreign

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මේ දිනවල ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පුරා ඉතා වේගයෙන් සංසරණය වන ඡායාරූපයක් තමයි, තමන්ගේ මුළු සිරුරම ශල්‍යකර්ම සහ ටැටූ මඟින් බල්ලෙකුගේ ස්වරූපයට පත් කරගත් ජපන් ජාතික කෝටිපතියෙකුගේ පුවත. දුටු සැණින් ඕනෑම කෙනෙක් මවිත කරවන මේ සිදුවීමේ ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook

Instagram

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

“ජැසෝ නමැති කෝටිපතියෙක් නොමැත

සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් වන පරිදි, මෙවැනි සැත්කමක් සිදු කරගත් “ජැසෝ” (Jaso හෝ Jason) නමැති 26 හැවිරිදි ජපන් ජාතික කෝටිපතියෙකු ගැන හෝ එවැනි පුද්ගලයෙකු සැත්කම් සිදු කර ඇති බවට හෝ සුනඛයෙකුගේ ලක්ෂණ ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 2.7ක් වැය කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැත.

එවැනි අතිශය සුවිශේෂී රූපලාවණ්‍ය සැත්කමක් සිදු වූ බවට වෛද්‍ය මූලාශ්‍ර හෝ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන කිසිවක් වාර්තා කර නැත

ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි
මෙම සටහනේ දක්වා ඇති මිනිස් බල්ලාගේ ඡායාරූපය සත්‍ය එකක් නොවේ. එය කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ව්‍යාජ ලෙස මවන ලද රූපයකි. එහි පසුබිමේ සිටින පුද්ගලයාගේ පාද සහ සෙරෙප්පු විකෘති වී තිබීම වැනි AI තාක්ෂණයේ පොදු වැරදි පැහැදිලිව දැකගත හැක. තවද, මෙම රූපයෙන් දැක්වෙන්නේ මෙක්සිකෝවේ වෙසෙන “Xoloitzcuintli” නමැති රෝම රහිත සුනඛ විශේෂයක (Mexican hairless dog) ලක්ෂණ සහ මිනිස් සිරුරක් එකතු කර සාදන ලද ව්‍යාජ නිර්මාණයකි.

සත්‍ය සිදුවීම කුමක්ද?

මෙම ව්‍යාජ කතාව ගෙතීමට මුල් වී ඇත්තේ 2022 වසරේ ජපානයෙන් වාර්තා වූ සත්‍ය සහ වෙනස්ම සිදුවීමකි. එහිදී “Toco” නමැති ජපන් ජාතිකයෙකු ශල්‍යකර්ම සිදු කරගත්තේ නැත. ඔහු කළේ සත්ව ඇඳුම් නිර්මාණය කරන “Zeppet” නමැති විශේෂ ප්‍රයෝග (Special Effects) ආයතනයකට ජපන් යෙන් මිලියන 2ක් එනම් එවකට ඇමරිකානු ඩොලර් 15,000ක් පමණ ගෙවා, ඉතා තාත්වික ලෙස පෙනෙන “Border Collie” වර්ගයේ බල්ලෙකුගේ ඇඳුමක් සකස් කර ගැනීමයි. ඔහු එම ඇඳුම ඇඳගෙන වීඩියෝ කරන අතර, එය ඔහුගේ විනෝදාංශයක් පමණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්

Conclusion (අවසාන නිගමනය) :

ජපන් ජාතික කෝටිපතියෙකු ඩොලර් මිලියන 2.7ක් වියදම් කර ශල්‍යකර්ම මඟින් බල්ලෙකු වූ බවට පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. එම ප්‍රකාශය සමඟ සංසරණය වන ඡායාරූප AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දක් වන අතර, එයට සත්‍ය කතාවක් ලෙස සම්බන්ධ කර ඇත්තේ Tocoගේ සිදුවීමයි. Toco වැය කර ඇත්තේ සුනඛයෙකුගේ පෙනුම ලබාදෙන අතිශය යථාර්ථවාදී ඇඳුමක් නිර්මාණය කිරීමට යෙන් මිලියන 2ක් පමණක් වන අතර, ඔහු සැත්කම් මගින් සුනඛයෙකු බවට පත්වී නොමැත.

Result Stamp

Title: ලෝකයම කැළඹූ ‘මිනිස් බල්ලාගේ’ ඡායාරූපය පිටුපස ඇති සත්‍ය කතාව!

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *