
පසුගිය වකවාණුවේ ආනයනික කිරිපිටි වර්ග වෙළඳපොළේ හිඟව තිබූ බැවින් කිරිපිටි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් පෝලිම්වල සිටින අයුරු කිහිප අවස්ථාවක දීම මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙවන් පසුබිමක රජය විසින් කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යනාදිය සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟම, ඉහළ දැමූ මිල ගණන් යටතේ කිරිපිටි වෙළඳපොළේ අලෙවි කිරීමට සූදානම් කර ඇත්තේ මේ මස මුල සිට බව හඟවමින් සමාජ මාධ්‍ය හරහා කිරිපිටි ඇසුරුමක උඩ කොටසේ මිල ගණන් පෙනෙන සේ දැක්වෙන ඡායාරූපයක් සංසරණය වුණා. මේ ඔස්සේ බොහෝ දෙනෙක් නොමඟ ගොස් තිබු බැවින් මෙහි සත්‍ය කරුණු සෙවීමට අප කටයුතු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් :
“කිරිපිටි වල පාලන මිල ඉවත් කලේ ඔක්තෝබර් 7 රෑ.. මේක නිෂ්පාදිත දිනය ඔක්තෝබර් 01 – මිල මුද්‍රණය කරලා තියෙන්නෙත් එදා මිල රුපියල් 550 (ග්‍රෑම් 400) කොහොමද මෙහෙම වෙන්නේ? ” යනුවෙන් සඳහන් කරමින් කිරිපිටි පැකට්ටුවක මිල සහ දිනයන් පෙනෙන සේ ලබාගත් ඡායාරූපයක් දක්වමින් Twitter පණිවිඩයක් පළකර තිබුණේ මෙලෙසින්.

ෆේස්බුක් ඔස්සේද මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මේ තේමාවෙන් හුවමාරු වූ තවත් සටහනක් පහතින්

එම ඡායාරූපය දක්වමින් සටහන් ෆේස්බුක් පරිශීලකයනි අතර හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පළ වූ වෙබ් වාර්තාවක් මෙතනින්. Archived Link
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන කිරි පිටි පැකට්ටුවක ඇසුරුමක මිල ගණන් බව දැක්වෙන ඡායාරුපය පිළිබඳ පරීක්ෂා කිරීමට පෙර මේ සම්බන්ධයෙන් අවධානය ඇතිවීමට හේතු වූ රජයේ තීරණ පිළිබඳ සොයා බැලීමක් සිදු කළා.
පසුගිය වකවාණුවේ පැවති භාණ්ඩ හිඟය අවසන් කිරීමට පියවරක් ලෙස රජය විසින් කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යනාදිය සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කළා. එහි කිරි ආහාර (සම්පුර්ණ යොදය සහිත කිරිපිටි- Full Cream Milk Powder, යොදය රහිත කිරිපිටි – Non Fat Milk Powder සහ ළදරු කිරිපිටි- Infant Milk Powder) යනාදිය “නිශ්චිත භාණ්ඩ – Specified Goods” ලෙස දක්වමින්, සැප්තැම්බර් මස 08 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ඇතුළත් කොටස මෙලෙසින්.

මේ ආකාරයේ පාලන මිල ඉවත්කරන තත්ත්වයක දී මිල නියම කෙරෙන්නේ කෙසේද යන්න අප පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂකතුමාගේ විමසා සිටියා. එහිදී කිරි පිටි සම්බන්ධ මෙම කරුණේ දී දේශීය කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ නිර්දේශ මත මිල නියම කිරීමට කටයුතු සිදුවන බව අපට පැහැදිලි කර සිටියා.
ඒ අනුව මීට පෙර රුපියල් 380 ක් ලෙස නියම කර තිබූ ආනයනික ග්‍රෑම් 400 සම්පුර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 480 ක් දක්වා ද, එම කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1195 ක් දක්වා ද, මිල ඉහළ දැමීමට අවසන් තීරණයකට පැමිණි බව දේශීය කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක අසොක බණ්ඩාර මහතා අපට පවසා සිටියා. ඒ පිළිබඳව පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.
මෙවන් පසුබිමක් තිබියදී , ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට පාලන මිල තහනම ඉවත් කිරීමේ තීරණයට සතියක පමණ පෙර සිටම, මිල ඉහළ දැමූ කිරිපිටි පැකට් වෙළෙඳපොළේ අලෙවිවන බවට, නිෂ්පාදිත දිනය ලෙස ඔක්තෝම්බර් 01 වෙනිදා ලෙස දැක්වූ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් බව හැඟවෙන පරිදි ඇසුරුමක උඩ කොටසේ දැක්වුණේ එහි මිල රුපියල් 550ක් ලෙසයි. ඒ අනුව මෙසේ රජය මිල පාලනය ඉවත් කර නව මිල පැනවීමටත් පෙර සිටම, වැඩි මිලකට වෙළෙඳපොළේ කිරි පිටි ඇසුරුම් අලෙවි වන්නේ කෙසේදැයි පාරිභෝගිකයන් විමසිලිමත් වී තිබුණා.
ග්‍රෑම් 400 පිටි පැකට්ටුවක් ලෙස සටහන් වූ රුපියල් 550 ක මිලට අලෙවි වන බව දැක්වෙන පිටි වර්ගය, රත්තී පැකට්ටුවකට සමාන බැවින් අප එම නිෂ්පාදනය සිදුකරන Fonterra ආයතනයේ අලෙවි ප්‍රවර්ධන අංශයෙන් ඒ පිළිබඳව විමසා සිටියා. එහිදී අලෙවි ප්‍රවර්ධන කළමනාකරු අපට පවසා සිටියේ මෙය Fonterra නිෂ්පාදනයක් බවත්, රත්ති වෙළඳ නාමය යටතේ නිකුත් කරන ලද නවතම ක්‍රීම් රස කළ ආහාරමය පානයක් (cream flavored food drink) බවත්, එය කිරිපිටි වර්ග යටතට නොගැනෙන බවත්ය.
සම්පුර්ණ යොදය සහිත කිරිපිටි වර්ගයට අයත් නොවන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඇසුරුමේ උඩ කොටසේ දැක්වුණු රත්ති ආහාරමය පානයේ මිල රුපියල් 550ක් බවත්, මෙම ආහාරමය පාන කාණ්ඩය සඳහා පාලන මිලක් නොමැති බවත්, එබැවින් රජය විසින් පසුගිය දා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව සිදුවන මිල වෙනස්වීම් මේ සඳහා අදාළ නොවන බවත් පැහැදිලි කර සිටියා. රත්තී ක්‍රීම් රස කළ ආහාරමය පානය, නිල වශයෙන් වෙළඳපොළට නිකුත් කළේ ඔක්තෝබර් මස මුල දී බවත් ඒ පිළිබඳ නිවේදන ද ඉදිරි දින කිහිපයේ දී නිකුත් වනු ඇති බවත් පවසා සිටියා.
එසේම රත්ති සම්පුර්ණ යොදය සහිත කිරි පිටි (Full Cream Milk Powder) ග්‍රෑම් 400 පැකට්ටුවක ඇසුරුමක ඡායාරුප ද අප වෙත ලබා දෙමින් පවසා සිටියේ එහි දැනට වෙළඳපොලට නිකුත් කර තිබෙන ඇසුරුම්වල මිල රු.380ක් වන බවත්ය. එහි සංසන්දනයක් පහතින්.

නව මිල සංශෝධනයට පෙර පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන නියම කරන ලද සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා නියම කර තිබු පාලන මිල වුයේ ද රු.380ක් බව අපට ඔවුන්ගේ (Consumer Affairs Authority) වෙබ් අඩවිය ඔස්සේ මෙසේ තහවුරු විය. Archived
රත්ති සම්පුර්ණ යොදය සහිත කිරි පිටි (Full Cream Milk Powder) ග්‍රෑම් 400 පැකට්ටුවක සහ රත්ති ක්‍රීම් රස කළ ආහාරමය පානයක (සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ) ග්‍රෑම් 400 පැකැට්ටුවක ඉදිරි මුහුණත ඡායාරූප සංසන්දනයක් පහතින්. මෙම ඡායාරුප Fonterra සමාගමේ අලෙවි අංශය විසින් ලබාදෙන ලදි. මෙම පැකට්ටුවේ විස්තර වෙළඳපොලේ පරීක්ෂා කොට කරුණු තවදුරටත් තහවුරු කිරීමටත් අප ඉදිරියේ දී බලාපොරොත්තු වෙමු.

ඒ අනුව, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ කිරිපිටි වල මිල ලෙස දක්වා ඇත්තේ මෙම රත්ති ක්‍රීම් රසකළ ආහාරමය පානයේ (Raththi cream flavored food drink) මිල ගණන් බවත්, පැකැට්ටුවේ ඇති සමාන කම් හේතුවෙන් මෙලෙස ඇසුරුමේ උඩ කොටසේ ඡායාරුපයක් පමණක් හුවමාරු වීම තුළින් ජනතාව නොමග ගොස් ඇති බවයි Fonterra අලෙවි අංශය පෙන්වා දෙන්නේ.
රත්ති ක්‍රීම් රසකළ ආහාරමය පානය වැනි නිෂ්පාදන වෙළඳ පොළේ තිබේ දැයි අප පරීක්ෂා කළ අතර පියෝඩෙල් කිරිතේ එවැනි නිෂ්පාදනයක්. මීට අමතරව සන්නාම කිහිපයක් යටතේම මෝල්ට් ආහාරමය පාන, පෝෂණමය අතිරේක ආහාර වැනි නිෂ්පාදන වෙළඳපොළේ තිබෙන බව ද අපට නිරීක්ෂණය වුණා.
දේශීය කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක අසොක බණ්ඩාර මහතාගෙන් ද මේ පිළිබඳව සිදුකල විමසීමේ දී සඳහන් කළේ, පැවති මිල යටතේ දැනටමත් වෙළඳපොළට නිකුත් කර ඇති කිරිපිටි පෙර පැවති මිල ගණන් (සම්පුර්ණ යොදය සහිත කිරිපිටි රු.380) යටතේ විකිණීම සිදුකරන ලෙසත් අද දිනයේ (සැප්තැම්බර් 09) සිට ඉදිරියට නිෂ්පාදනය කරන කිරිපිටි සඳහා නව මිල ගණන් යටතේ (සම්පුර්ණ යොදය සහිත කිරිපිටි රු.480) අලෙවි කරන ලෙසත් ආනයනික කිරිපිටි ආයතන වලට දැනුම් දුන් බවයි. මෙහිදී කිසිම විටෙක රු.550ක මිලක් පනවා නැති බවත්, කිරිපිටි වර්ග ලෙස සැලකෙන්නේ නැති ආහාරමය පාන සඳහා ඉහත දැක්වූ නව මිල සංශෝධන බලපාන්නේ නැති බව ද එතුමා තවදුරටත් කරුණු පැහැදිලි කර සිටියා.
එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුමවාරු වූ එක් සටහනක් සඳහා ප්‍රතිචාර වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් ද පහත පරිදි දක්වා තිබුණා. එහි දක්වා තිබුනේ ද ඉහත පරිදි, සමාජ මාධ්‍ය සටහන්වල හුවමාරු වූ තිබු නිෂ්පාදනය නව මිල වෙනස්වීමට අදාළ ඝනයට ඇතුළත් නොවන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ මිල කොටස පමණක් දැක්වුණු ඡායාරූපය, නව මිල සංශෝධන අදාළ වන කිරිපිටි කාණ්ඩවලට අයත් නිෂ්පාදනයක් නොවන බවයි.
Fonterra ආයතනයේ අලෙවි අංශය තහවුරු කර සිටියේ මෙය එම ආයතනයේ නිෂ්පාදනයක් වන අතර රත්ති වෙළඳ නාමය යටතේ නිකුත් කරන ලද, කිරිපිටි වර්ග යටතට නොගැනෙන, නවතම නිෂ්පාදනයක් වූ ක්‍රීම් රස කළ ආහාරමය පානයක් බවයි. මෙවැනි ආහාරමය පාන සහ මෝල්ට් පාන යනාදිය දැනට වෙළඳපොලේ වෙනත් සන්නාම යටතේ ද පවතින අතර එම කාණ්ඩ සඳහා පාලන මිලක් නොමැති බැවින් රජය විසින් පසුගිය ද නිකුත් කල ගැසට් නිවේදනය ප්‍රකාරව සිදුවන මිල වෙනස්වීම් ඒවා සඳහා අදාළ නොවේ.

Title:කිරිපිටි මිල ඉහළ දැමීමට පෙර සිටම මිල ඉහළ දැමූ කිරිපිටි වෙළඳපොළේ?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
