Fact Check: ජාතික ජන බලවේගය සහ වසන්ත සමරසිංහ මහතා අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ව්‍යාජ සහ නොමග යවන සුළු සටහන් පළ වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශන කිහිපයක් මෙතනින් මේ ආකාරයටම ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට එරෙහිව පක්ෂය විරෝධතාවක් දක්වන බවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අලලා ද පළවූ සටහනක් ද විමර්ෂණය කිරීමේදී ඒවා […]

Continue Reading

Fact Check: ගුවන් හමුදා භටයෙකු අතැතිව තිබූ නවීන ආයුධය කුමක්ද?

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් ගුවන් සංදර්ශන පෙළක් පසුගිය දින කිහිපයේදී ගාලුමුවදොර පරිශ්‍රයේදී අපට දැකගන්නට ලැබුණා. මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පවා හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශනයක් මෙතැනින් ගුවන් හමුදා සංදර්ශන අතරතුරදී ගුවන් හමුදා භටයකු අතැතිව තිබුනු […]

Continue Reading

Fact Check: පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සංවිධාන සමඟ රජයේ ප්‍රබලයින් සමීප සම්බඳතා පැවැත්වූ අවස්ථා?

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගතවන මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වීම සහ නිසි වරදකරුවන් සොයා දඬුවම් ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් අතර ප්‍රශ්නාර්ථයක් ඇතිවී තිබෙනු දැකගනන්ට ලැබුණා. පාස්කු ප්‍රහාරයට සාධාරණ යුකිතිය ඉටුවන තුරු විරෝධතා ක්‍රියත්මක කිරීමේ පළමු පියවර ලෙස කොළඹ රදගුරු පදවිය විසින්ද විරෝධතාවයක් මෙවර පාස්කු ඉරුදින […]

Continue Reading

Fact Check: රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිලිබඳ හුවමාරු වන්නේ සත්‍ය තොරතුරු ද?

පසුගිය සමයේ දේශපානඥයින්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා බහට ලක් වනවා අපට දැක ගන්නට ලැබුණා.  පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ මෙන්ම  මෑතකදී හරීන් ප්‍රනාන්දු  මහතාගේ ද සාමාන්‍ය පෙළ සහතික සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්වුණා. ඒ ගැන අප සිදුකළ විමර්ශනයන් මෙතනින් , මෙතනින් එවන් වාතාවරණයක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ […]

Continue Reading

Fact Check: ටැටූ කිරීම, රුධිරය දන් දීමට බාධාවක්ද?

ලොව පුරා තරුණ තරුණයින් අතර මෙන්ම ලංකාවේ ද ටැටූ ගැසීම නැත්නම් පච්ච ශරීරයේ ගැසීමේ කලාව ජනප්‍රියතාවක් උසුලනවා. ටැටූ ගැසීම හේතුවෙන් රුධිරය දන්දීමට නොහැකි බවට සමාජයේ මතයක් පවතින අතර මෙම අදහස දක්වමින් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන සටහන් පෙළක් ද පසුගිය කාලයේ අපට දැක ගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් අප Factcrescendo සිදුකල විමර්ශනයේදී අනාවරණය වූයේ ටැටූ ගැසීම […]

Continue Reading

Fact Check: නීතිඥ උපුල් කුමාරප්පෙරුම අළලා උපහාසාත්මක කෝණයකින් පළවූ අසත්‍ය සටහන් පෙළක්!

පාස්කු ප්‍රහාරය හමුවේ සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානයෙන් පසුවෙනවා.  මේ අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් විමර්ශන සිදුකළ හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා පසුගියදා රිමාන්ඩ් කිරීම පිළිබඳ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබුණා මේ හා සමගම නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් මෙසේ පාස්කු විමර්ශන සඳහා අත්අඩංගුවට පත්ව සිටින හිජාස් […]

Continue Reading

FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?

Update 12/07/23 මහත් ආන්දෝලනයට තුඩු දුන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබු කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස හඳුනා නොගත් පිරිසක් විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූවා. මෙලෙසින් මෙම ශාකය ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාය. පසුගිය වකවානුව තුල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ ක්‍රියාකරුවන් අළලා ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වූ බොහෝ සටහන් පිළිබඳව අප සිදුකළ කරණු විමර්ශනයවලදී තහවුරු වූයේ ඒවා සාවද්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව අනාවරණය විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම […]

Continue Reading

FACT CHECK: ක්‍රීකට් ක්‍රීඩාව සහ මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස සැකසණු සාවද්‍ය සටහන් පෙළක්!

 ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයක නිරතවු අතර පසුගිය මස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද දිවයිනේ සංචාරයක නිරත විය. මෙම තරඟාවලි දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයකට පත්වු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබැසීමකට ලක්ව තිබූ බව පැහැදිළිවම දර්ශණය විය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව අනුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එම පක්ෂයේම […]

Continue Reading

FACT CHECK: නිදහස් චතුරශ්‍රයේ පරිශ්‍රයේ නිදහස් දින උත්සවයට පෙර බෞද්ධ කොඩි වලින් සරසා තිබුණේ කුමන හේතුවකට ද?

ශ්‍රී ලංකාවේ 73වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය අද දින උදැසන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සමරන ලදි. සාම්ප්‍රදායික හමුදා ආචාර පෙළපාලි , සංස්කෘතික අංග  සහ සර්ව ආගමික වැඩ සටහන් ද මෙම උත්සවයට සමගාමීව දැක ගණනට ලැබුණි. ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ජාතික ධජය වෙනුවට බෞද්ධ ධජයෙන් සරසා ඇති බවට ට්විටර්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: බහුතර මුස්ලිම් ඡන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ යනුවෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා පැවසුවා ද?

වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය, මුස්ලම් සම්භවයක් ඇති අලි සබ්‍රි මහතාට හිමිවී ඇත. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල අලි සබ්‍රි මහතා පිළිබඳව සටහන් රැසක් ඉදිරිපත් වී තිබූ අතර අප සිදු කළ කරුණු විමර්ශනයේදී ඒවායින් කිහිපයක් ම අසත්‍ය සටහන් බව සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් බලන්න. මේ අතර “මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් […]

Continue Reading

FACT CHECK: නිරෝශන් දික්වැල්ල පන්දු 26කදී ලකුණු 89ක් වාර්තා කළා ද?

කොරොනා වසංගත තත්වය හමුවේ නවතා දමා තිබූ ක්‍රිකට් තරඟාවලි නැවතත් ක්‍රමයෙන් අරඹා ඇති අතර දේශීය තරඟ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි ද පසුගිය කාලයේ සංවිධානය කර තිබුණා. මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයවීමෙන් එල්.පී.එල් ක්‍රිකට්  තරඟාවලිය ද පැවැත්වුණු අතර මෑතකදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා මෙරටට පැමිණියා.  මේ දිනවල අබුඩාබි T10 නමින් පන්දුවාර දහයේ […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද බාල කෝවිඩ්-19 එන්නත ප්‍රතික්ෂේප කරන ලෙස ජ.වි.පෙ. නායකයින් පවසා තිබුණා ද?

කෝවිඩ්-19 ආසාදනය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිපදවන එනනත් අසල්වැසි රටවලට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි පියවරක් වශයෙන් Oxford-AstraZeneca එන්නතේ ඒකක 500,000ක ප්‍රදානයක් රැගත් ගුවන්යානයක් පසුගිය දිනක දිවයිනට ළඟාවු අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලේදී එන්නත් තොගය බාර ගත් බව මාධ්‍යය වාර්තා කර තිබුණි. පසුදිනම මෙම එන්නත කෝවිඩ්-19 මර්දන ක්‍රියාවලියේ පෙරමුණේ සිටින […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අළලා ඉදිරිපත්වී ඇති අසත්‍ය සටහන් පෙළක්!

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාවක්  නොලැබුණද ඔවුන් නගන ප්‍රබල හඬ ද හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන් අළලා විවිධාකාරයේ අසත්‍ය සටහන් ද නිර්මාණය වේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්වන  එබඳු අසත්‍ය සටහන් […]

Continue Reading

Explained : පාස්කු ඉරුදින සිදුවු අන්තවාදි ත්‍රස්ත ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවා ද?

2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ලවූ අන්තවාදී ප්‍රහාරය නිසා ජීවිත රැසක් අහිමිවුයේ බොහෝ දෙනෙකු තුවාල ද කරමින්. මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමට එවකට පැවති රජය මෙන්ම වර්තමාන රජයද  කොමිසම් පත් කළද වරදකරුවන් හෝ සම්බන්ධවූවන් සොයා ගැනීම මුල් කරගනිමින් විමර්ශන සිදු නොවන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මාධ්‍යය වෙත […]

Continue Reading

FACT CHECK: නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නොමැති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළාද?

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය, ආයෝජනය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානයේ සමාගම් වෙත ලබා දීමට සුදානම් වීම මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙන උණුසුම් මාතෘකාවක්.  වරාය වෘත්තීය සමිති මුල් කරගනිමින් බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විරෝධය නඟා සිටි අතර ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. විපක්ෂයේ ප්‍රබලයින් ද මේ සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ ක්‍රියාකාරීන් අලලා නිර්මාණය වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජාතික ජන බලවේගය විවිධ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත දීත් ප්‍රබල හඬක් නගයි. මේ හේතු ද මුල් කරගනිමින් එහි ප්‍රබල ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල වරින් වර ව්‍යාජ සටහන් නිර්මාණය වෙනු දක්නට ලැබෙනවා. මෑතකදී එසේ පළවූ සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ෂණ කිහිපයක් මෙතනින් සහ මෙතනින් මෑතකාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි […]

Continue Reading

FACT CHECK: සිරස ලක්ෂ්පති වැඩසටහනේ ජයග්‍රහණය ලැබූ ශුක්‍රා මුනව්වර් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

2021 ජනවාරි මස 23වැනි දින පැවැත්වු බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිරස ලක්ෂපති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහිකාව වුයේ ගාල්ල ප්‍රදේශයේ පාසැල් දැරියක වන ෂුක්රා මුනව්වර්ය. ඇය සම්බන්ධයෙන් සටහන් රැසක් පසුගිය දින කිහිපය පුරාම හුවමාරු වෙමින් පවතිනවා. බොහෝ දෙනා මෙම දැරිය පිලිබඳ විස්තර සොයන අවධියක සිරස ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහිකාව වු ෂුක්රා මුනව්වර්ගේ සේයාරුවක් ලෙස කාමුක රංගනයන් […]

Continue Reading

FACT CHECK: හේමාල් රණසිංහ යුගදිවියට පත්වූ බව කියමින් හුවමාරු වන ෆොටෝ ෂූට් එකක ඡායරූප පෙළක්!

ලොව බොහෝ රටවල මෙන්ම ලංකාවෙත් කලා ලොව රසවත් තොරතුරු දැනගැනීමට රසිකයන් ඇලුම් කරන බව රහසක් නොවේ. එමනිසා කලින් කලට කලා කරුවන් පිලිබඳව ඇතැම් කටකතා හුවමාරු වන අතර ඇතැම් අවස්ථාවල මේවා පාඨකයින්ගේ ආකර්ෂණය ලබාගැනීමට සඳහා සිදුකර ඇති හුදු නිර්මාණ පමණක් බව අප විසින් සිදුකල කරුණු විමර්ෂණ කිහිපයකදී ම අනාවරණය විය. එබඳු ලාංකීය කලා ශිල්පීන් කිහිපදෙනෙකු පිළිබඳ […]

Continue Reading

FACT CHECK: ජනාධිපති “ගෝඨාභය රාජපක්ෂ” මහතාට කොවිඩ්?

පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොරණ වගවත්ත ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටා ඇති ටයර් කර්මාන්තශාලාවක්  විවෘත කරන ලදි. මෙම උත්සවයට සහභාගිවු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොරොනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට වාර්තා විය. ටයර් නිපදවීමේ කම්හල විවෘත […]

Continue Reading