අනුර, ජුලී චන්ග්ට දීපු භෝජන සංග්‍රහයක ඡායාරූපයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු ඔහු මැතිවරණයට පෙර සිටම මහජන මුදල් අවභාවිතය වළක්වන බවට දුන් ප්‍රතිඥා එලෙසින් ක්‍රියාත්මක කරනවා ද, යන්න පිළිබඳ සමාජයේ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. එලෙසින් තිබියදී වත්මන් ජනාධිපති විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්ට ලබා දී ඇති භෝජන සංග්‍රහයක අවස්ථාවක් ලෙස ට සඳහන් කරමින් සමාජ […]

Continue Reading

FACT CHECK : මියන්මාරයේ හමුදා පාලකයින් විසින් අවුන්සාන් සුකී සිර කූඩුවක රඳවාගෙන සිටින අයුරු?

2020 වසරේ අග පැවති වසරේ පැවති මැතිවරණයෙන් ලද දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් ආණ්ඩු බලයක් පිහිටුවීමට තරම් නියෝජිතයන් ප්‍රමාණයක් දිනාගැනීමට අවුන්සාන් සුකී ප්‍රමුඛ NLD පක්ෂයට හැකියාවක් ලැබුණද, එම මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරමින් මියන්මාර හමුදාව විසින් මේ වසරේ පෙබරවාරි 01 වැනිදා එරට පාලන බලය ලබාගත්තා. එසේ මියන්මාර හමුදාව විසින් එරට පාලනය අත්පත් කරගත්තේ මියෙන්මාරයේ […]

Continue Reading

FACT CHECK: ලංකාවේ දහ අට වංගුවේ ඡායාරුපයක් ද ?

කඳු හරහා මහාමාර්ග තැනීමේදී ආනතියක් සහිතව පාරවල් සැකසීම සිදු කරනු ලබනවා. ලංකාවේද ඒ ආකාරයට නිර්මානය කරන ලද ප්‍රධාන මාර්ග අතරේ දහ අට වංගුව මෙරට බොහෝ දෙනෙක් දන්නා කියන ස්ථානයක්. නුවර – මහියංගණය පාරේ පිහිටි මෙම දහ අට වංගුවේ ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උබලා […]

Continue Reading

FACT CHECK : 2021 ඔලිම්පික් තරඟ සඳහා ඇඳන් නිමව ඇත්තේ ක්‍රීඩකයන් ලිංගික කටයුතු වලින් වැළැක්වීමේ අරමුණින්ද?

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ඔලිම්පික් උළෙල කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් දැමුනු අතර මේ වන විට ඔලිම්පික් උළෙල ආරම්භ වී තරඟ පැවැත්වෙමින් තිබෙනවා. ඒ අතර මෙරට මෙන්ම විදෙස් රටවලද උණුසුම් මාතෘකාවක් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යෙ‍ාමු වී තිබුණේ තරඟකරුවන් සඳහා ලබා දෙන ඇඳන් සම්බන්ධයෙනි. කාඩ්බෝඩ් වලින් නිම වූ මෙම ඇඳන් සම්බන්ධයෙන් සමාජයේ […]

Continue Reading

FACT CHECK: පාරේ වැටුණු පොල් අත්ත ඉවත් නොකර සුදු ඉර ඇන්ද අවස්ථාවක්ද?

ලෝකයේ මෙන්ම ලංකාවේද සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට පෙර පරිසර හානීන් අවම කර ගැනීමට සඳහා ශක්‍යතා අධ්‍යනයන් සිදු කෙරෙනවා. කෙසේනමුත් පසුගිය කාලයේ මාර්ග ව්‍යපෘතීන් සම්බන්ධයෙන් ඇතිවූ යම් ගැටළුකාරී තත්ත්වයන් තුළ දී මෙවැනි අධ්‍යනයන් නිසි පරිදි සිදුවුණි දැයි ප්‍රශ්න කෙරුණු අවස්ථා ද අපට දැක ගන්නට ලැබුණා. පරිසරය රැකගනිමින් මාර්ග සංවර්ධන සිදුවිය හැකි ආකාරය පිලිබඳ විවිධාකාරයේ විකල්ප පසුගිය […]

Continue Reading

FACT CHECK: ජපුර විශ්ව විද්‍යාල සිසුවෙක් මෙරට පොලීසිය විසින් ඇදගෙන යන අවස්ථාවක ඡායාරූපයක් ද?

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත ඇතුළු කරුණු මුල්කරගනිමින් ද උද්ඝෝෂණ මීට වසර කිහිපයකට ද පෙර සිදුවූ අතර නැවත වරක් පසුගිය දින කිහිපයේ දී අපට උද්ඝෝෂණ මෙසේ දැක ගන්නට ලැබුණා. මෙම උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය සංගම් සහභාගී වී තිබෙන අයුරු ද පෙනී ගියා. මෙවන් පසුබිමක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් සහ කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම […]

Continue Reading

FACT CHECK: වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවුණා ද?

ජනපති සමාව ලබාදුන් පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය පුරාවටම සමාජයේ බොහෝ කතාබහට ලක්වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක නැවත වරක් වසර ගණනනාවක සිර දඬුවමකට නියම ව සිටි ප්‍රාදේශීය සභාපතිවරයෙකු ට ජනපති සමාව හිමිවීමේ සිද්ධියක් පිලිබඳ ව සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිලිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “හිරේට නියම වූ […]

Continue Reading

FACT CHECK: රට පුරා සිදුවන වැඩ වර්ජන හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් ද?

මේ දිනවල රට පුරා වර්ජන බොහොමයක් සිදුවන අයුර අපට මාධ්‍ය තුලින් දැකගන්නට පුලුවන්. පොහොර ප්‍රශ්නය මුල්  කරගනිමින්  රට තුල පොහොර හිඟයට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගොවි උද්ඝෝෂණ මෙන්ම ගුරුවරුන්ගේ වැ‍ටුප් ගැටළු වලට විසඳුම් ඉල්ලා සිදුවන උද්ඝෝෂණ ද අපට දැකගන්නට ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස්ද පසුගිය කාලයේ තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කටයුතු වල නිරතව තිබූ අයුරු […]

Continue Reading

FACT CHECK : ලොව ජීවත්වන විශාලතම ඉබ්බා ඇමසන් ගංගාවෙන් හමුවූවාද?

සත්ත්ව ලෝකයේ අරුම පුදුම කරුණු පිළිබඳ නිරන්තරයෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සඳහා බොහෝ පාඨක ප්‍රතිචාර හිමිවෙන අවස්ථා දැක ගන්නට පුළුවන්. මේ ආකාරයෙන් ඇමසන් නදියෙන් සොයා ගැණුනු ලොව විශාලතම ඉබ්බෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මෙහි නිරවද්‍ය සොයා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ලොව […]

Continue Reading

FACT CHECK : ලංකාවේ කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 50 ඉක්මවූ වා ද?

Update : අප පහත ලිපියේ සඳහන් කර තිබු පරිදි 2021 ජුලි මස මුල් සති දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සීග්‍රයෙන් සිදුවූ අතර ජුලි මස 15 වැනිදා සවස කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ පළකර තිබු වාර්තාව අනුව ලංකාවේ එක් එන්නතක් පමණක් හෝ ලබාගෙන තිබු පිරිස මිලියන 5 සීමාව පසුකර තිබුණි. ජුලි මස 15 වැනිදා වන විට සයිනොෆාම් එන්නතේ පමණක් පළමු […]

Continue Reading

FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

ලංකාවේ වැඩිපිරිසක් එන්නත්කරණයට ලක් කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ජුලි මස 31 වනදා ට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එනනත් ලබාදී අවසන් කරන ලෙස ජනපති උපදෙස් දී තිබුණා. මේ අතර කලාපීය කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල අතින් ලංකාව ඉහළින්ම සිටින බවක් දැක්වෙන ප්‍රස්තාරයක් ද සහිත සටහනක් […]

Continue Reading

FACT CHECK: එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වයස පිළිබඳව නව වර්ගීකරණයක් සිදු කර නැහැ!

එකසත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු නොයෙකුත් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කළ බවට දැක්වෙන සටහන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමු වෙනවා.  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විට අලුතින් පුද්ගලයන්ගේ වයස් වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇති බවට පළවූ සටහනක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: ඉඳුනිල් […]

Continue Reading

FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් […]

Continue Reading

FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි. කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ […]

Continue Reading

FACT CHECK: සුසන්තිකාගේ ලේ උරුමයෙන් මෙවර ඔලිම්පික් සඳහා යන මේධානි?

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඔලිම්පික් තරඟාවලියට ඇත්තේ තවත් මසකටත් අඩු කාලයක්. ජුලි මස 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා තෙක් ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා. මෙවර ඔලිම්පික් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ද මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.  එවන් පසුබිමක ලංකාවේ කෙටි දුර ධාවන ශූරී […]

Continue Reading

FACT CHECK: ජාතිය ඇමතීම බලන ජනපතිගේ ඡායාරුපයක් ද ?

ජුනි 25 වනදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ජාතිය ඇමතීමේ කතාව බොහෝ දෙනෙකුගේ අවධානට ලකවී තිබුණා. එම කතාවෙන් පසුව ද විවිධාකාරයේ සටහනක් රැසක් ඒ සම්බන්ධයෙන් පලවී තිබුණා. මේ අතර එම පටිගත කරන ලද රුපවහිනී දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසේ සිට නැරඹු බව පෙන්වන ඡායාරුපයක් ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඒ […]

Continue Reading

FACT CHECK: මෙක්සිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇඳුම් ඉවත් කරමින් විරෝධතාවක් දැක්වුයේ කුමකට ද?

ලොව පුරා රාජ්‍යයන්හි පාර්ලිමේන්තු සැසිවල උණුසුම් තත්ත්වයන් වාර්තා වීම සුලබව දක්නට ලැබෙනවා. මෙරටද ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව විටෙන් විට උණුසුම් වන අතර විරෝධතාව දැක්වීමට විවිධාකාරයේ ක්‍රම භාවිතා කරනු ද දැක ගන්නට ලැබෙනවා. මේ අතර මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ සිදු වූ තරමක් වෙනස් අන්දමේ විරෝධතාවයේ පසුබිම් කතාව සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Lanka Facebook නම් […]

Continue Reading

FACT CHECK: දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවාගේ ඡායාරුපයක් ද?

අප්‍රිකානු මහද්වීපයේ වැඩි ජනගහනයක් කලු ජාතිකයන්ගෙන් සමන්විත වනවා. ඒ අතුරින් දකුණු අප්‍රිකාවේ ද කලු ජාතිකයන් බහුතරයක් වෙසෙන අතර සුළුතර සුදු ජාතිකයින් මෙන්ම ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් පිරිසක් ද ජීවත් වනවා. දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවා පිලිබඳව ඡායාරුපයක් සහිත  සටහන් බොහොමයක් අපට සමාජ ජලා තුළ පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරන ලෙස ජවිපෙන් ඉල්ලීමක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් ඉදිරිපත් කළ බව දැක්වෙන ව්‍යාජ සංස්කරණ මෙන්ම ප්‍රකාශය ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන් පසුගිය දා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ රනිල් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවක් එම පක්ෂය නිවේදනය කළ ආකාරයේ සටහනකි. මේ පිලිබඳ […]

Continue Reading

FACT CHECK අබ්දුල් කලාම් මහතාගේ වැඩිමහල් සහෝදරයා කුඩ අලුත්වැඩියාව ජීවිකාව කරගනිමින් ජීවත් වුනාද?

දේශපාලකයන්ගේ බලය හේතුවෙන් විවිධ වරප්‍රසාද ලබාගන්නා ඔවුන්ගේ හිතවතුන් සහ නෑදෑ පිරිස් සම්බන්ධයෙන් මෙරට මහ ජනතාව බහුතරයකගේ ඇත්තේ අප්‍රසාදයක්. සමාජ මාධ්‍යයෙන්ද මේ සම්බන්ධයෙන් ‍නිරන්තරයෙන් විවේචනයන් එල්ල වනවා ‍අපට දැකගන්නට පුළුවන්. නමුත් මේ ආකාරයට තම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකරන පුද්ගලයින් පිළිබඳව ද සටහන් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා.  මේ අතර මේ වන විට ජීවිතක්ෂයට පත් වී […]

Continue Reading