Fact-Check :ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇත

ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය (Great Barrier Reef) මියගොස් ඇතිබව නිල වශයෙන් ම ලොවට දැනුම් දුන් බව පවසමින් පුවත් සහ සටහන් (Posts) සමාජ ජාල තුල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා. තවදුරටත් එම සටහනෙහි දක්වා ඇත්තේ, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා එය බවයි. “ලොව […]

Continue Reading

ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ලංකාවේද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිලිබඳ බොහෝ කතිකාවන්හිදී ඉස්මතු වෙන කරුණක්. මේ ඇසුරින් විවිධ සටහන් ද විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක් ඇති සමයන්හි දැකගන්නට ලැබෙනවා. එසේ ජාත්‍යන්තර පුවත්පතක පළවූ පුවතක් ලෙස හඟවමින් පළවූ පුවතක් සත්‍ය කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන […]

Continue Reading

Murali appointed as Northern Province Governor ?

Soon after the appointment of President Gotabaya Rajapaksa, number of District Governors were appointed and as a result, there were widespread rumours that former Sri Lankan cricketing legend, who supported President in election campaign, would be appointed the Governor of Northern Province. One such post is given below. This post was shared multiple times on […]

Continue Reading

ඇල්පිටිය ඡන්ද විමසීමේදී බටුවන්හේන ඡන්ද කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණ එකම ඡන්දයක් වත් ලබා ගත්තේ නැද්ද ?

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 දින ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්විණි. ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් 53,338 කින් 72% කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර අවසන් ප්‍රතිඵලය එදිනම රාත්‍රියේදී ප්‍රකාශයට පත්විය.   ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 23,372ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 17ක් […]

Continue Reading

Fact-Check: නාමල් ළඟ අවුරුදු ගානක් හිටපු ආරක්ෂකයා දැන් ඉන්නේ කාදිනල් ළඟ?

පසුගියදා කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින්, “ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය දිය යුතු පුද්ගලයා දැනටත් ජනතාව තීරණය කර අවසන්” යනාදී වශයෙන් අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිදුකරන ලද ප්‍රකාශයක් සමඟම ඒ සඳහා බොහෝ පාර්ශව වලින් විවිධ අදහස් පළකර තිබුණි. ඒ හා සමගම රූප රාමු පෙළක් සහිත ව “කාදිනල් යන්නේ රාජපක්ෂ අඩිපාරේ ..කාදිනල්ට  ආරක්ෂාව දෙන්නෙ නාමල්ගේ ආරක්ෂකයා” යන […]

Continue Reading
CTJ supports Gota?

Fact-Check :ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභයට ද?

දේශපාලන චරිත වලට අමතරව ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම ආන්දෝලනාත්මක චරිත කුමන පක්ෂයකට හෝ අපේක්ෂකයයකුට සහය දක්වන්නේද යන්න පිළිබඳ කතිකාවත් සෑම මැතිවරණ සමයකදී ම දැක ගත හැක. “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානය මෙවර ජනධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ හට සහය ලබා දීමට තීරණය කර ඇතැයි එම සංවිධානයේ නායක අබ්දුල් රාසික් පවසයි” යනුවෙන් ප්‍රකාශ […]

Continue Reading

බත්තරමුල්ලේ සීලරතන හිමි නමින් පළවන ප්‍රතිපත්ති සැබවින්ම ජනාධිපතිවරණ පොරොන්දුද ?

ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදීමට නියමිතය. ඒ අතර ජන සෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමිද තරඟ කරයි. බත්තරමුල්ලේ සීලරතන හිමි නමින් මෑතක සිට ෆේස් බුක් ගිණුම් කිහිපයක් පවත්වාගෙන යන  අතර එය මගින් මැතිවරණ පොරොන්දු සහ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටස් යැයි හැගෙන ආකාරයේ සටහන් (posts) ප්‍රකාශයට පත් කර තිබෙනු අපට […]

Continue Reading

Fact -Chek :දොස්තර සාෆිත් සජිත්ගෙ වේදිකාවේ ?

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ, ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන ජන රැළි මාලාවේ පළමුවැන්න ඊයේ සවස (10) ‘එක්ව ඉදිරියට’ තේමාවෙන් විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි. මෙම ජන රැළිය සම්බන්ධයෙන් පළවූ විවිධ අදහස් අතර සමාජ මාධ්‍ය ජාලා තුල පළවූ එක් සටහනක් පැය 12ක් වැනි සුළු […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ අනුරාධපුර රැළියට සැබවින්ම ඡායාරූපයේ පෙනෙන ජනගඟක් පැමිණියාද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය ඊයේ (09 වැනිදා) සවස අනුරාධපුරයෙන් ආරම්භ විය. මේ සඳහා විශාල ජනතා සහභාගිත්වයක් දැක ගත හැකිවූ අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයේ සටහන් ද හුවමාරු වනු දක්නට ලැබුණි මේ අතරෙන් “අපි පොහොට්ටුවට Api Pohottuwata” යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූපයක් ද […]

Continue Reading

කොටුව පොලිසියෙන් ප්‍රධාන හෝටල දහයක් වෙත යවන ලද්දේ තහවූරු කර ගන්නා ලද ලිපියක්ද?

අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සමගම තවත් ප්‍රහාර එල්ල වේ යැයි ප්‍රකාශ කරමින් , ප්‍රහාරයෙන් මාස කිහිපයක් ගත වන තුරුත්, නොයෙකුත් ආකාරයේ කටකතා පැතිරී යනු අපට දක්නට ලැබුණි. පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව විසින් මෙබඳු කට කතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බවත් මේ සෑම අවස්ථාවකදීම […]

Continue Reading

ලංකාවේ ජනාධිපති වීමට සිංහල බෞද්ධ වීම අනිවාර්යද?

2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තන්පත් කරන ලද අපේක්ෂකයින් 41 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (07) පෙරවරුවේ සිය නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකළා. මෙහෙදී අවසන් දිනයේ ඇප මුදල් තැන්පත් කරන ලද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් .එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම් යන අපේක්ෂකයින් දෙදෙනා සම්බන්ධයෙන් නොයෙකුත් කතිකාවන් සමාජ මාධ්‍ය […]

Continue Reading

Fact Check : ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් දැරියක් ලෙස හුවමාරු වූ මියා කලීෆාගේ ඡායාරුපයක්!

Update : 2019 වසරේ මෙන්ම 2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහන් රැසක් සඳහා යොදාගෙන තිබුනේ පෙර මෙන්ම ලෝක ප්‍රකට නිළි මියා කලීෆාගේ කුඩා අවධියේ ඡායාරූප කෙහිපයක්. 2020 නොවැම්බර් මස එසේ පළවූ සටහන්වලින් එකක් පහතින්. 2019 වසරේ ද එම ඡායාරුපය ම යොදාගෙන හුවමාරු වූ සටහන් පිලිබඳ අප […]

Continue Reading

බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන ප්‍රදර්ශනයට ?

අන්තර්ජාලය තුළ විටින් විට පළවන විශ්මයජනක පුවත් අතර තවත් එබඳු පුවතක් පසුගියදා ලංකාවේ ෆේස්බුක් පිටුවක් හරහා පළ වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.  යෝධයකුගේ ඇටසැකිල්ලක් පිළිබඳ දක්වා තිබූ එම පුවත Rasika Gunawardana නැමැත්තෙකු විසින් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ පල කර තිබුණේ මෙලෙසිනි. “ඇමරිකාවේ ඒරියා 51 හි මෙතෙක් රහසිගතව සඟවාගෙන පර්යේෂණ සිදුකල බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් අභියාචනාධිකරණ තීන්දුව සමරමින් ගෙවල් ගිනිබත් කළාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනුකළ පෙත්සම, අභියාචනාධිකරණය විසින් ඊයේ (4 වැනිදා) නිෂ්ප්‍රභ කිරීමත් සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් එම තීන්දුව සමරනු දැකගැනීමට හැකිවිය. මෙම පසුබිම මත අද දින උදෑසන සිටම […]

Continue Reading

Fact Check : සංගක්කාරගේ සහය ගෝඨාබයට ද?

මැතිවරණ ව්‍යාපාර සඳහා සහය දක්වමින් ක්‍රීඩා, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් ඉදිරිපත්වීම පසුගිය මැතිවරණවල දී ද දක්නට ලැබුණු සුලභ සිද්ධියකි. මෙවර ජනාධිපතිවරණය සඳහා විශේෂයෙන්ම සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්කාර ඉලක්ක කරගෙන බොහොමයක් පුවත් නිර්මාණය වී තිබෙනු පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි. කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි සඳහන් කරමින් මීට […]

Continue Reading

මෙවර ජනාධිපතිවරණ සටනේ දී සුසන්ත පුංචිනිලමේ මහතාගේ සහය එක්සත් ජාතික පක්ෂයට ද?

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සංවිධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් දැනුම් දීමට දින කිහිපයකට පෙර සිටම, එක්සත් ජනතා නිදහස් සංධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඔහුට සහයෝගය දීමට කැමැත්ත පළකර ඇතැයි යනුවෙන් සටහන් කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිරී යනු දැකගන්නට ලැබුණා. මෙලෙසින් විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ අගභාගයේ දී […]

Continue Reading

ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් හෙට සිට වර්ජනයේ

පසුගිය දින කිහිපය පුරා දුම්රිය සේවකයන්,  ගුරුවරුන් ආදී විවිධ වෘත්තීයවේදීන් මගින් ආරම්භ කරන ලද වැඩවර්ජන වල නවතම වැඩ වර්ජනය ලෙස වෛද්‍ය වැඩ වර්ජනයක් අද දින (02) පැවැත්වීමට නියමිත යැයි සඳහන් කරමින් බොහොමයක් වෙබ් අඩවි සහ සමාජ ජාලාවල ප්‍රවෘත්ති පළ වී තිබෙනු අපට දක්නට ලැබුණා. මෙම පුවත “infosrilankanews.info” නැමැති වෙබ් අඩවියක “ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ […]

Continue Reading

ඇතින්නියන් හත්දෙනාගේ මරණය සිදුවූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීමටයි

හබරණ රක්ෂිත වනාන්තරයේ වන අලි මියයාම ගියාම පසුගිය සති අන්තයේ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණා. මෙලෙසින් ඇතින්නියන් හයදෙනා සහ අලියා, මරණයට පත්වී තිබුනේ එකනෙකට ආසන්න ප්‍රදේශයක වීම හේතුවෙන්, මෙම මරණයන්ට හේතු වශයෙන් විවිධ පාර්ශවයන් විසින් විවිධ ආකාරයේ මත ඉදිරිපත් කොට තිබෙනු ද දක්නට ලැබිණි. මෙම මතයන් අතර බහුලව භාවිතා වී තිබුණේ කිසියම් දේශපාලන […]

Continue Reading

“ගෝටාබය බෝම්බය අතේ තබාගෙන පින් එක විසිකලා. පුපුරායාවි යැයි බියට කලිසමේ චූගියා” -මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ගෝඨාභය” ග්‍රන්ථය එළිදැක්වීම, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ඇතුළු ආරාධිත පිරිසක් මධ්‍යයේ පසුගිය පසුගිය 23 වැනිදා නෙළුම් පොකුණ රගහළ පරිශ්‍රයේදී සිදුවිය. ඊට පසු දින සිටම මෙම කෘතියේ පළවී තිබෙන පිටුවක් උපුටා දක්වමින් ප්‍රකාශ බොහොමයක් සමාජ මාධ්‍ය හරහා විශාල […]

Continue Reading

හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම්, හිටපු කොටි සාමාජිකයින්ටද විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය -මුදල් ඇමති

ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් පසුගිය 12 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ අසල විරෝධතාවයක් ආරම්භ කළ අතර ඔවුනට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් වූ පොරොන්දු ඉටුකරන තෙක් විරෝධතාවය අවසන් නොකරන බවද දැනුම් දී තිබුණි. දැඩි වර්ෂාව මධ්‍යයේද ඔවුන් මෙම ආබාධිත රණවිරුවන් රැඳී සිටියදීත් රජය මේ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්ද යනුවෙන් […]

Continue Reading