
පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී අවසාන වීමත් සමඟම ඡන්ද දායකයින්ගේ ප්රවණතාවන් පිලිබඳ විව්ධාකරයේ සටහන් ඉදිරිපත් වී තිබෙනු දක්ගනන්ට හැකි විය. මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ පළවූ සටහන් පෙළක් නැවතත් විශාල වශයෙන් ලාංකීය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වනු නිරීක්ෂණය විය. “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් පුවත්පතක පළවූ මුල් පිටුවක ආකාරයෙන් සකසා තිබු එම පුවත් සටහන සාවද්‍ය බවට අප වෙතද පැමිණිලි ගණනාවක් ලැබුණු අතර පහත දැක්වෙන්නේ අප විසින් මීට වසරකට ආසන්න කාලයකට පෙර සිදුකල කරුබු දැක්වීම පහතින්.
“මෙන්න තවත් ජාත්‍යන්තර රන් සම්මානයක් ! ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි. ජාති, ආගම්, කුල, පක්ෂ, පාට භේදයකින් තොරව, කාටත් එකා මෙන් සැමරිය හැකිය. නිහතමානීව සමරන්න”. යන තේමාව යටතේ එලෙස හුවමාරු වන එක් සටහනක් පහතින්
Facebook Link | Archived Link |
සමාජ මාධ්‍ය තුල හුවමාරු වන තවත් එක් සටහනක් පහතින්.
Facebook Link | Archived Link |
ටිව්ටර් හරහාද මෙම පුවත හුවමාරු වී තිබුනේ මෙලෙසිනි
Twitter Link | Archived Link |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙහි සත්‍යය, අසත්‍යයතාවය සෙවීම සදහා අප විසින් සරල ගූගල් සෙවුමක් (Google Search) ඔස්සේ මෙවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් ලොව කොතනක හෝ තිබේදැයි සොයා බැලීය. එවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් නොමැති බව අපට “ගූගල් සෙවුම” තුලින් පැහැදිලි විය .
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (MSM) මෙම පුවත වාර්තාකර තිබේදැයි දැනගැනීමට අප ගූගල් නිව්ස් (Google News) සෙවුම යොදාගත්තා. එහෙත් එහිද අපට මේ සම්බන්දව කිසිඳු පුවතක් සොයාගැනීමට ද නොහැකි විය.
පසුව ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සෙවුම හරහා හුවමාරුවන ඡායරූපය නිරීක්ශණය කළ අතර එහිදී එම ඡායරූපයේ සැබෑ තොරතුරු සොයාගැනීමට හැකි වුනි .
ඒ අනුව එම ඡායරූපය බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ 2018 අගෝස්තු මස 16 දින මුල් පිටුව බවත්, “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් කිසිඳු පුවතක් එහි නොමැති බවත් පැහැදිලි වේ .
Web Link | Archived Link |
ඇමරිකානු ජනාධිපති සම්බන්ද පුවතක් එහි ඇති බව තවදුරටත් සොයා බැලීමේදී පැහැදිලි වේ.
Web Link | Archived Link |
මෙසේ හුවමාරු වෙමින් පැවති සාවද්‍ය සටහන පිළිබඳව ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පෙබරවාරි මාසයේදී පළකර තිබු සටහනක් මෙලෙසිනි.
Facebook Post | Archived Link |
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් සමාජ ජාල තුල හුවමාරුවන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවයි.
එම ඡායරූපය බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ 2018 අගෝස්තු මස 16 දින මුල් පිටුව බවත් , කිසිවෙකු විසින් එම ඡායරූපය ව්‍යාජ සංස්කරණය කොට ඉහත ප්‍රකාශය යොදා සකසා ඇති බව පැහැදිලි වේ.
තවද “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට” යනුවෙන් ශ්‍රේණිගත කිරීමක් ලොව සිදුවී නොමැති බවත් සදහන් කළ හැක.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ශ්‍රී ලංකාවේද ?
Fact Check By: Sathyajith SubasingheResult: False

Thankyou soo much…
Really appreciate the facts.
Thanks for correct the facts