Explainer : මංගල සමරවීර, සමන්තා පවර් මිත්‍රත්වය Moderna එන්නත මෙරටට ගෙන්වීමට බලපෑවද?

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න. කොවිඩ් ව්‍යසනය සඳහා එන්නත්කරණ වැඩ පිළිවෙළවල් ලොව පුරා කඩිනමින් සිදු වෙමින් පවතින අතර අමෙරිකාව ද ඔවුන්ගේ එන්නත් අතිරික්තය අනෙකුත් රටවල් අතර බෙදා හැරීමට එරට ජනාධිපති Joe Biden තීරණය කර තිබූ […]

Continue Reading

Explainer: දකුණු ආසියාවේ මේ දක්වා Pfizer එන්නත ලැබී තිබෙන රටවල් මොනවා ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් සිය නිල ට්විටර් ගිණුමේ පළ කළ ට්විටර් පණිවිඩයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. එම පණිවිඩයේ සඳහන් වූයේ Pfizer නමැති කොවිඩ් එන්නත දකුණු ආසියාවේ ප්‍රථම වරට අත්පත් කර ගත් / ලබා ගත් (acquire) රජය වන්නේ ශ්‍රී ලංකාව බවයි.  අමෙරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය ජුනි 05 වැනිදා අලුයම කටාර් ගුවන් […]

Continue Reading

Explainer: සේරුවාවිල සෑයට පුද කළ පළතුරු පූජාව මෑතකදී කළ පූජාවක්ද?

මීට වසර කිහිපයකට පෙර බෞද්ධ විහාරස්ථානවල මහා පරිමාණයෙන් සිදුවූ  පූජාවන්, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවැනි ව්‍යසන තත්ත්වයකදී මේ ආකාරයේ විශාල පූජාවන් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ එවැනි ඇතැම් සටහන් මඟින් ප්‍රශ්න කර තිබුණි. මෙවන් පසුබිමක චෛත්‍යක් වෙත මහා පරිමාණයේ පළතුරු පුජාවක් සිදුකරන අයුරු දැක්වෙන ඡායාරුපයක් විවිධ තේමා යටතේ හුවමාරු වී […]

Continue Reading

Explainer: නවලෝක රෝහලේ කොරෝනා මාෆියාව?

ප්‍රශ්නගත කරුණක් සම්බන්ධයෙන් නිවැරදි සහ සම්පුර්ණ තොරතුරු සමාජගත නොකරමින් චෝදනා එල්ල කිරීම මඟින් එම සටහන් පිළිබඳ සැලකිලිමත් වන සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් මෙලෙසින් දක්වනු ලබයි. සමාජ මාධ්‍ය සටහන් : Made in Sri Lanka ෆේස්බුක් පිටුවේ දීර්ඝ විස්තරයක් සහිතව නවලෝක රෝහල විසින් එහි […]

Continue Reading

සිනොවැක් එන්නත මෙරට සැබවින්ම නිපදවනවද?

කෝවිඩ් වසංගතය තත්ත්වය ක්‍රමයෙන් උත්සන්න වීම හේතුවෙන් මෙරට සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු අංශ මෙම තත්ත්වය පාලනය කිරීමට ගන්නා උත්සාහය ඇගයීමට ලක් යුතු කරුණක් වනවා. එමෙන්ම කෝවිඩ් මර්ධනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලවල් ද අඛණ්ඩව දිවයින පුරා සිදු කරනු ලබනවා.  මෙවන් පසුබිමක සිනොවැක් එන්නත ලංකාවේ දී ම නිෂ්පාදනය කෙරෙන බවට සඳහන් කරමින් පළවූ සටහන් පෙළක් හේතුවෙන් එහිදී සත්‍ය වශයෙන්ම […]

Continue Reading

Explainer: ගම්පහ පස්කන්දක් ලඟ සිර වී සිටින සුනඛයින් දෙදෙනෙකු බේරා ගැනීමේ ඉල්ලීමක් සඳහා යොදාගත් ඡායාරුපයක් හේතුවෙන් ඇතිවූ වරදවා වටහා ගැනීමක්!

සමාජ මාධ්‍යයේ පළ කරන ඇතැම් කාරණා සටහන් සත්‍ය වූවත්, ඒ සඳහා යොදා ගැනෙන ඡායාරූප වීඩියෝ අසත්‍ය නම් නැතිනම් එම සටහනට අදාළ සත්‍ය ඡායාරූප වීඩියෝ නොවේ නම් ඒ ඔස්සේද ජනතාව මුලා වීමක්, නොමග යෑමක් සිදු වනවා අපට නිරන්තරයෙන් දක්නට පුළුවන්. ඇතැම් විට මෙම කරුණු හුවමාරු කරගැනීම තුළින් යපහත් පණිවුඩයක් ලබා දීමට අදහස් කර තිබුණ ද , […]

Continue Reading

Explainer: කෝවිඩ් සඳහා මිශ්‍ර එන්නත් ලබා ගැනීම සුදුසු ද?

Update: (July 06th 2021) කොවිඩ් සඳහා ලබා දෙන එන්නත් වර්ග දෙකක් මිශ්‍ර කර ලබා දීම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ මට්ටමින් දත්ත වාර්තා එකතු කරමින් ඇති අතර එන්නත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මූලික මූලධර්ම මත පදනම්ව, එන්නත් මිශ්‍ර ලෙස ලබා දීම සඳහා පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය Kate O’Brien පවසනවා. පසුගිය ජුනි […]

Continue Reading

Explainer: ආත්ම ආරක්ෂාවට පොලීසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පුළුවන්ද?

Update : 07/06/22 වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සෑම පුද්ගලයෙක්ට හිමි  බවත්, නිරායුධ පුද්ගලයෙක්ට, එම පුද්ගලයාගෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් නොමැති අවස්ථාවකදී, රජයේ නිලධාරියෙකු විසින් එල්ල කරන මරණය දක්වා ළඟා විය හැකි පහර දීමක දී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය එම අගතියට පත් පාර්ශවයට හිමි වන බව තල්දූව මහතා සඳහන් කරනවා. […]

Continue Reading

Explained: සිංහරාජ රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබඳ හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට පැමිණි තරුණියක විසින් එම වැඩසටහන අතර තුළ සිංහරාජ රක්ෂිතය මායිමේ රක්වාන ප්‍රදේශයේ හෝටලක් ඉදිවන බවට කළ ප්‍රකාශය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් ආන්දොලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්වුණා. එම සිද්ධිය මුල් කරගනිමින් නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණා. තවද එම ප්‍රකාශයෙන් පසුව අදාළ […]

Continue Reading

Explained: ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක එන්නතක් නොවෙන බවක් සජිත් පැවසුවා ද?

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ අදහස් බොහෝවිට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබුණා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ ලංකාවේ දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford […]

Continue Reading

FACT CHECK: නිදහස් චතුරශ්‍රයේ පරිශ්‍රයේ නිදහස් දින උත්සවයට පෙර බෞද්ධ කොඩි වලින් සරසා තිබුණේ කුමන හේතුවකට ද?

ශ්‍රී ලංකාවේ 73වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය අද දින උදැසන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සමරන ලදි. සාම්ප්‍රදායික හමුදා ආචාර පෙළපාලි , සංස්කෘතික අංග  සහ සර්ව ආගමික වැඩ සටහන් ද මෙම උත්සවයට සමගාමීව දැක ගණනට ලැබුණි. ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ජාතික ධජය වෙනුවට බෞද්ධ ධජයෙන් සරසා ඇති බවට ට්විටර්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

Explained : පාස්කු ඉරුදින සිදුවු අන්තවාදි ත්‍රස්ත ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවා ද?

2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ලවූ අන්තවාදී ප්‍රහාරය නිසා ජීවිත රැසක් අහිමිවුයේ බොහෝ දෙනෙකු තුවාල ද කරමින්. මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමට එවකට පැවති රජය මෙන්ම වර්තමාන රජයද  කොමිසම් පත් කළද වරදකරුවන් හෝ සම්බන්ධවූවන් සොයා ගැනීම මුල් කරගනිමින් විමර්ශන සිදු නොවන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මාධ්‍යය වෙත […]

Continue Reading

FACT CHECK: භුමිදානයට අවසර නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනීවි යනුවෙන් අධිකරණ ඇමති තුමා පවසා සිටියා ද?

කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලම් භක්තිකයන්ගේ අවසාන කටයුතු සිදුකිරීම පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් මතුවී ඇත. දැනට ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මියයන රොගීන් ආදහනය කරණු ලැබේ. එහෙත් මෙම ක්‍රමවේදයට විරෝධය පල කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය කිරීමට අවසර පතයි. මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට රජය විද්වත් කමිටුවක් පත් කළ බවට වාර්තා විය. මේ සම්බන්ධයෙන් […]

Continue Reading

Explainer : MCC නිල අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට පෙර, ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබාදුන් අදහස් දැක්වීම පිලිබඳ පැහැදිලි කිරීමක්!

ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුලදී බොහෝ ලෙස කතාබහට ලක්වූ අතර ඉන් පසුවද විටින් විට කතාබහට ලක්වුණි. මෙවැනි සටහන් කිහිපයක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ ඒවා සාවද්‍ය බවය. එම විමර්ශන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අතර “ශ්‍රී ලංකාව තවමත් MCC […]

Continue Reading

Explainer: සහරාන්ගේ බිරිඳ සහ ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් පළවන සටහන්!

2019 පාස්කු ඉරුදින ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගිය කාලය පුරාම එම අවධියේ බලයේ සිටි මැති ඇමතිවරු රැසක් මෙන්ම ඉහළ නිලධාරීන් ද ප්‍රශ්න කෙරෙමින් පවතියි.  මෙසේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සහ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ බිරිඳ අලලා පළවූ ප්‍රකාශ සියල්ලක්ම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව […]

Continue Reading

විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්‍රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්!

මහ මැතිවරනයට තරඟ වදින අපේක්ෂකයින් සිය මනාප අංකය, තමන් තරඟ වදින දිස්ත්‍රික්කයේ ජනතාව අතරට යැවීමට විවිධ ආකාරයේ උපක්‍රම අනුගමනය කරති. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැල කල හැකි කඩදාසියෙන් නිර්මාණය කර ඇති කාඩ්පත් වැනි ක්‍රම ද භාවිතා කරනු දක්නට ලැබුණි.  මේ අතර පසුගිය දිනක “එකම රටක් නීති ගොඩක්” තේමාවෙන් “විමල් හොර මුද්දර ගසා ලියුම් යවයි.. […]

Continue Reading

රුවන්වැලි මහා සෑය අබියස තිබු මාර ගසක් කපා දැමීමේ සිද්ධිය පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

අනූරාධපුර පූජනීය නගරයේ පිහිටා ඇති රුවන්වැලි මහා සෑරදුන් බෞද්ධයන් නිරන්තරයෙන් වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානයකි. මෙසේ පැමිණෙන සැදැහැවතුන් ඒ අවට පිහිටි විශාල වෘක්ෂයන් සෙවනේ විවේක ගැනීමද සුලබ දසුනකි. මෙවන් පසුබිමක රුවන්වැලි මහා සෑරදුන් පරිශ්‍රයේ ඇති මාර ගසක් කපා දැමීම පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. සමාජ මාධ්‍ය […]

Continue Reading