ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසමෙන් පියවර.

Election Awareness Parliamentary Election

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

මැතිවරණ කොමිසම පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204 පිහිටුවන බවය.

අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ලෙස ඡන්ද දායකයින් (90,607) සහිත මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 98 පිහිටුන බව එම කොමිසම පවසයි.

ඒ අනුව, මෙවර මැතිවරණයේදී දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

ක්‍රියාත්මක ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,034කි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් 17,140,354 සුදුසුකම් ලබා තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *