මැතිවරණ ව්‍යාපාර වියදම් සීමා කළ යුත්තේ ඇයි?

Election Awareness

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා සෑම අපේක්ෂකයකුටම සම තරඟ බිමක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවභාවිතා කිරීම වැළැක්වීම මෙන්ම මැතිවරණ ක්‍රියාවලිය සඳහා විදේශ රාජ්‍ය හෝ සංවිධාන මැදිහත් වීම වැළැක්වීමද මැතිවරණ වියදම් නියාමනය මගින් සිදු වේ.

මැතිවරණ ව්‍යාපාර වියදම් යනු, දේශපාලන මූල්‍යකරණයේ තීරණාත්මක සාධකයකි. එහි මූලික වෙනස වන්නේ අදාළ සියලු වියදම් මැතිවරණ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් සිදුකිරීමයි. දේශපාලන පක්‍ෂ මඟින් හෝ සමහර විටෙක එවැනි පක්ෂයක් වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා කරණු ලබන වියදම් මීට අයත්ය. දේශපාලන පක්‍ෂ වල වියදම් වෙන්කොට හඳුනා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි.

මැතිවරණ ව්‍යාපාර වියදම් සීමා කළ යුත්තේ ඇයි?

මැතිවරණ ඇතුළු දේශපාලන කටයුතු සඳහා අද වන විට නැතිවම බැරි අංගයක් බවට පත්ව ඇත්තේ මුදල්ය. ඒ නිසාම මතු වී ඇති ගැටළුකාරී තත්ත්වයන් ද බොහෝ ය. මැතිවරණයකදී මුදල් යොදා ගනිමින් සිදු වන ක්‍රියාකාරකම් සුලභය. මැතිවරණ ව්‍යාපාර වියදම් නිසි ලෙස නියාමනය නොවුණු විට සිදු වන්නේ මුදලේ බලය ඉස්මතු වීම විනා දේශපාලන ප්‍රතිපත්ති නිසිලෙස ප්‍රකාශයට පත්වීම නොවේ.

මැතිවරණ වියදම් නියාමන පනත

මැතිවරණ වියදම් නියාමන පනත යනු, මැතිවරණ වියදම් නැවැත්වීමක් නොව ඒවා නියාමනය කිරීමකි. කිසියම් පුද්ගලයකු මැතිවරණයක් සඳහා වැය කළ යුතු මුදල් ප්‍රමාණය හෙවත් අවසර ලත් මුදල් ප්‍රමාණය නිශ්චය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පනවා ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව වෙතය.

ඒ අනුව, නාමයෝජනා ලබා දීම අවසන් වී දින පහක කාලයක් තුළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කොමිෂන් සභාව අවසර ලත් මුදල තීරණය කළ යුතු වේ.

මැතිවරණ වියදම් නියාමන පනතේ මූලිකාංග

  • වියදම් නියාමනය කරන මැතිවරණ හඳුනා ගැනීම.
  • මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා උපරිම මූල්‍ය සීමාවක් පැනවීම.
  • මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා පරිත්‍යාග ලබා ගැනීම තහනම් මූලාශ්‍ර හඳුන්වාදීම.
  • මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්ථා තබා ගැනීම සහ වියදම් වාර්ථාවක් භාරදීම.
  • මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්ථා මහජනයාට විවෘත කිරීම.
  • වැරදි සහ දඬුවම් හඳුන්වාදීම.

මැතිවරණ වියදම් සීමාව

සෑම මැතිවරණයක්ම නාමයෝජනා කාලය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් එම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් විමසා එක් අපේක්‍ෂකයකුට ස්වාධීන කණ්ඩායමකට හෝ දේශපාලන පක්‍ෂයකට ප්‍රචාරක වියදම් සිදු කිරීමේදී එක් ඡන්ද හිමියෙකු වෙනුවෙත් දැරිය හැකි උපරිම වියදම තීරණය කර ගැසට් පත්‍රයේ පල කරයි.

ඒ අනුව, එම මුදල මැතිවරණයට අදාළ ඡන්ද දායකයන් ගණතින් වැඩි කිරීමෙන් එක් අපේක්‍ෂකයකුට හෝ දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමට එම මැතිවරණයේදී වියදම් කළ හැකි උපරි සීමාව හෙවත් අවසරලත් මුදල තීරණය කරනු ලැබේ. එනම්, පාර්ලිමේන්තු මැතිවරණයකදී කොමිෂන් සභාව තීරණය කරන ලද මුදල අපේක්ෂකයා තරග කරනු ලබන මැතිවරණ කොට්ඨාශයේ (දිස්ත්‍රික්කයේ) ලියාපදිංචි මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව ගුණ කිරීමෙන් ලැබේ. වියදම් සීමාව හෙවත් අවසර ලත් සීමාවට වැඩියෙන් ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කිරීම වරදකි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *