දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ කටයුතු පිළිබඳ ජනාධිපතිවරණ සමයේ දැඩි ලෙස කතා බහට ලක් වූ මාතෘකාවක්, මේ අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද, එම වකවාණුවේ සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා කටයුතු ඔවුන් සමග දිගටම පවත්වාගෙන යන බවක්. එසේ තිබියදී මෙරට පැමිණි එම අරමුදලේ නියෝජිතයින් මග හැර ඇති අවස්ථාවක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කණ්ඩායම සමගින් සමග මෙරට පැවති සාකච්ඡාවකදී ජනාධිපති, සහ මුදල් අමාත්‍ය වශයෙන් අනුර කුමාර දිසානායක මහතා ඊට සහභාගී නොවී එම සාකච්ඡාව තමන් ට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකි බැවින් මග හැර ඇති බවට සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වුණේ මෙලෙසින්.

FB | Archived FB FB

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාරගේ පුටුව හිස් වූ බව සඳහන් කරමින් පළ වූ තවත් සටහනක් පහතින්.

Facebook

මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති වැනි රජයේ ප්‍රධාන නිලධාරීන් මෙම සාකච්ඡාවට පැමිණ නොතිබීම සම්බන්ධයෙන් ද, සමාජයේ කතා බහට ලක් වුණ කරුණක් වුණා.

මේ හේතුවෙන් මෙහි නිවැරදි කරුණු සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් සහ නව රජය විසින් සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක් පසුගිය 2වන දා පවත් වා තිබුණු අතර මෙම ඡායාරූපය එම අවස්ථාවේදී ලබා ගෙන තිබුණ බවට අපට දැක ගන්නට ලැබුණා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

මේ අවස්ථාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්, නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථික විද්‍යාඥ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ ආර්ථික කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සීතා බණ්ඩාර රණතුංග, සුනිල් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, අමරසේන අතුකෝරළ යන අය සහභාගී වී තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය නිවේදනය මෙතනින්. Archived Link

එමෙන් ම මෙම හමුව සම්බන්ධයෙන්ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් පළ කර තිබුණේ, ‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජාතික ජන බලවේගය ආර්ථික කවුන්සලයේ සාමාජිකයින් අතර මෙම හමුව පැවති බවයි.

ජනාධිපති සහ IMF නියෝජිතයින් අතර හමුවක් වූයේ නැත්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන යන අය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පසුගිය 3 වන දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබුණා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන අය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද මෙම හමුවට සහභාගි වී තිබුණා.

මෙම හමුවේ දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කළ බව ත්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික වි තිබූ බවට ත්, ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එමනේ ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත් ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් යෙදී තිබූ අතර එම හමුව ද, ඊයේ(04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙතනින්.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ

අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූපය සහ එම හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නොසිටීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දිකගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, එම හමුව පැවතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් හා ආර්ථික කමිටුවේ සාමාජිකයින් අතර පමණක් බවයි. ජනාධිපතිවරයා සමගින් IMF නියෝජිතයින් වෙනම සාකච්ඡා පැවති බව ත් ඔහු සඳහන්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) කණ්ඩායම ඔක්තෝබර් 2 සිට 4 දක්වා කොළඹට පැමිණි අතර, මෙම සංචාරයේදී ශ්‍රීනිවාසන් මහතා ජනාධිපති දිසානායක, අගමැති අමරසූරිය, අමාත්‍ය හේරත්, ආණ්ඩුකාර වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන, ඇතුළු පාර්ශවකරුවන් හමුවී තිබුණු බවට IMF නිල වෙබ් අඩවියේ දක්වා තිබුණා.

IMF කාර්ය මණ්ඩල ශ්‍රී ලංකා සංචාරය අවසානයේ ශ්‍රීනිවාසන් මහතා සඳහන් කර තිබුණේ,ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ජනාධිපති දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහය දැක්වීමේ ස්ථීර හවුල්කරුවෙකු වන අතර රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීමට සහාය වීමට සූදානමින් සිටින බව ත් සඳහන් කර තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යනු ඇති බව ත් එහි සඳහන්. මෙහි සම්පූර්ණ ලිපිය මෙතනින්. Archived Link

හිටපු ජනාධිපති සහ IMF නියෝජිතයන්ගේ ඡායාරූපය

සමාජ මාධ්‍ය ඔස්සේ සංසන්දය කර තිබූ හිටපු ජනාධිපති IMF නියෝජිතයන් අතර සාකච්ඡාව සම්බන්ධ ඡායාරූපය පසුගිය ජනවාරි 11 වන දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවේ ඡායාරූපයක්.

මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය ඇතුළු පිරිසක් ද, දැක ගන්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.


මේ ආකාරයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන අය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාව වී තිබුණේ දෙවන දින සාකච්ඡාවේදී වේ.

නමුත් ඉහත ඡායාරූප සංසන්දය කර තිබුණේ, මෙකී නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ ඡායාරූපයක් නොව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සමගින් IMF නියෝජිතයින් සමග කළ සාකච්ඡාවේ ඡායාරූප අවස්ථාවක් හේතුවෙන් මෙම නොමග යෑම සිදු වී තිබුණා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 2 වන දින ඉංග්‍රීසි බස හැසිරුවීමට නොහැකි වීම හේතුකොට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම හිතාමතා මග හැරිය බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමඟ යවන සුළුය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ඔක්තෝබර් 2 වැනි දින රැස්වීම් පැවතියේ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ සාමාජිකයන් අතර පමණකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් හමු වූ අතර, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සම්බන්ධ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ඔක්තෝබර් 3 සහ 4 යන දිනවල රැස්වීම් දෙකක් පවත්වා තිබුණා.

Claim Review :   ජනාධිපති, IMF නියෝජිතයන් හමුව මගහැරය අවස්ථාවක් ද?
Claimed By :  Social media user
Fact Check :  MISLEADING