
හිටපු ආරක්ෂක ලේකම් , වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත් ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. වර්තමාන ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් බැවින් රට තුල හමුදා පාලනයක් ඇති බව හැගෙන ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු වේ.
නව රජයේ අමාත්යංශ ලේකම්වරු ලෙස හමුදා නිලධාරීන් පිරිසක් පත් කර ඇති බව පවසමින් ඔවුන්ගේ ඡයාරූප සහිතව සටහනක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ. එලෙස පලවන එක සටහනක් පහතින්.
Facebook Link | Archived Link |

“කොහොමද ඒක ආ……😁” යනුවෙන් සදහන්ව ඇති සටහනක නව රජයේ අමාත්යංශ ලේකම්වරු ලෙස හමුදා නිලධාරීන්ගේ ඡයාරූප සහිතව හුවමාරුවන තවත් සටහනක් පහතින්.
Facebook Link | Archived Link |

මෙවැනි පත්වීම් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ අපට දැකගැනීමට නොහැකි වූ බැවින් මේ පිළිබඳ වැඩිදුර කරුණු විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙලෙස හුවමාරුවන සටහන් සම්බන්දයෙන් අපි කරුණු සොයා බැලුවා. ඒ අනුව ගුගල් සෙවුමක් (Google Search) හරහා නව රජයේ අමාත්යංශ ලේකම්වරු ලෙස සොයා බැලීමේදී අපට දක්නට ලැබුනේ නොවැම්බර් 19 දින නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති බවයි.
අරුණ Link | Archived Link |

සමාජ මාධ්‍ය හරහා පලවන සටහනෙහි “ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න” යනුවෙන් සදහන්ව තිබේ. එහෙත් සැබවින්ම එය විශ්‍රාමික මේජර් ජෙනරාල් ලෙස නිවැරදි විය යුතුයි.
සමාජ මාධ්‍ය හරහා පලවන සටහනෙහි ඇති අනෙකුත් රජයේ අමාත්යංශ ලේකම්වරු ගැනද අප සොයා බැලුවා. ඒ අනුව එම සටහන පළවූ නොවැම්බර් 22 වන විට එම අමාත්‍යංශ සදහා ලේකම්වරු පත් කර නොතිබිණ. අමාත්‍යංශ සදහා ලේකම්වරු 20 දෙනෙකු නොවැම්බර් මස 27 වන දින පත් කරනු ලැබුවා.
එම සම්පුර්ණ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ නාමලේඛනය පහතින්
නව-අමාත්_යාංශ-ලේකම්වරු-පත්-කිරීම-1News.lk Link | Archived Link | Official Press Release (PMD) |
ලංකාදීප වෙබ් අඩවියද එම පුවත පළකර තිබිණ. අමාත්‍යංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ සිදුකෙරිණි යනුවෙන් පළවූ එම වාර්තාව මෙසේය.
ලංකදීප Link | Archived Link |
එම සම්පුර්ණ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ නිල නාමලේඛනය සමග සමාජ මාධ්‍ය හරහා පලවන සටහනෙහි ඇති අමාත්‍යංශ ලේකම්වරු ලේකම්වරුන්ගේ නාමලේඛනය අප විසින් සසදා බලනු ලැබුවා. ඒ අනුව පෙනීයන්නේ එහි සදහන් ආරක්ෂ ලේකම් තනතුර සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ පත්වීම පමණක් නිවැරදි බවත් ඉතිරි සියලු පත්වීම සාවද්‍ය බවත්ය
එම සන්සන්දනය පහතින්.
අමාත්‍යංශය | නිල ලේකම්ගේ නම | සමාජ මාධ්‍ය හරහා පලවන සටහනෙහි ලේකම්ගේ නම | සත්‍ය / අසත්‍ය |
ආරක්ෂ ලේකම් | මේජර් ජනරාල් කමල් ගුණරත්න | ජනරාල් කමල් ගුණරත්න | සත්‍යයි |
සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් | එස්.එම්. මොහොමඞ් මහත්මිය | එයා මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා | අසත්‍යයි |
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් | රවින්ද්‍ර හේවාවිතාරණ මහතා | ජනරාල් චාගි ගාල්ලගේ | අසත්‍යයි |
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් | ජේ.ඒ. රංජිත් මහතා | ජනරාල් ප්‍රසන්න සිල්වා | අසත්‍යයි |
මගීප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් | එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා | ජනරාල් ජගත් ඩයස් | අසත්‍යයි |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් | ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා | ජනරාල් ජගත් ජයසුරිය | අසත්‍යයි |
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් | වසන්තා පෙරේරා මහත්මිය | ජනරාල් නන්දන උඩවත්ත | අසත්‍යයි |
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් | එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා | අද්මිරාල් වසන්ත කරන්නාගොඩ | අසත්‍යයි |
විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් | ආර්.පී. ආර්යසිංහ මහතා | එයා මාර්ෂල් රොෂාන් ගුණතිලක | අසත්‍යයි |
පරිසර හා වන ජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම් | ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය | ජනරාල් නිශාන්ත වන්නිආරච්චි | අසත්‍යයි |
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් | ආර්.එම්.අයි. රත්නායක මහත්මිය | අද්මිරාල් තිසර සමරසිංහ | අසත්‍යයි |
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් | ආචාර්ය ප්‍රියත් බන්දු වික‍්‍රම මහතා | ජනරාල් ජි.වී. රවිප්‍රිය | අසත්‍යයි |
සමාජ මාධ්‍ය හරහා පලවන සටහනෙහි ජනාධිපති ලේකම් ලෙස ජනරාල් දයා රත්නායක යනුවෙන් නම්කර ඇති අතර එයද නිවැරදි නොවේ. නව රජය නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වේ.
Gazette Notification for Presidential Secretary |

තවද පසුගියදා අනුරාධපුර මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කර සිටියේ රටේ හමුදා පාලනයක් කිසි විටෙකත් ඇති නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්ය.
Hiru News Link | Archived Link |
අවසාන නිගමනය
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නව රජයේ අමාත්යංශ ලේකම්වරු ලෙස ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් පත් කර ඇති බව පවසමින් ඔවුන්ගේ ඡයාරූප සහිතව සමාජ මාධ්‍ය තුල හුවමාරු වන සටහන තුල ඇති බොහෝ කරුණු අසත්‍ය බවයි.

Title:නව රජයේ අමාත්යංශ ලේකම්වරු ලෙස ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් පත් කරයි ?
Fact Check By: Sahan PereraResult: Partly False
