චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව පැතිරීමට ගත් කොරොනා වෛරස් රෝගය දැන් වසංගත තත්වයකට පත්ව ඇත. මෙම රෝග පැතිරීම පාලනය කිරීම සඳහා චීන බලධාරින් කඩිනම් පියවර ගත්හ. රෝගය තදින් පැතිර ඇති වූහාන් නගර ආශ්‍රිත ප්‍රදේශය හුදකලා කළ ඔව්හු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 1000ක රෝහලක් දින සයකින් නිම කිරීමට පියවර ගත්හ.

ලාංකිකයන් බොහෝ දෙනෙකු චීනයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි අතර අන් සමහ‍රෙක් නොයෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා එහි ගොස් සිටියහ. එමෙන්ම ආරථික කටුතු සඳහා පැමිණි චීන ජාතිකයන් විශාල සංඛ්‍යාවක් දිවයිනේ වාසය කළ අතර, චීන අවුරුදු සමය බැවින් චීන සංචාරකයන් රැසක් දිවයිනට පැමීණීමටද නියමිතව තිබුණි.

මේ අතර තුර පසුගිය දින කිහිපයේදී ලංකාවේ සංචාරයක යෙදෙමින් සිටි චීන ජාතික කාන්තාවක් ගුවන් තොටුපොළේදී කොරොනා රෝගය වැළඳි ඇති බවට තහවුරු වීමත් සමඟම ලක්වැසියන් බොහෝදෙනා අතර රෝගී තත්වය පිලිබඳ කතාබහ තවත් තීව්‍ර විය.

මෙවන් පසුබිමක SPG 2020 Media Unit යන ෆේස්බුක් සමුහයක “කොරෝනා ආසාධිතයින් සමග වැඩ කරන නිසා පඩි වැඩිකරලා දෙන්න - GMOA” යන තේමාව සතිතව වීඩියෝ සටහනක් ඉදිරිපත් කර තිබුණි.

FB LinkArchived Link

එම තේමාව යටතේම හුවමාරු වෙමින් පවතින තවත් සටහනක් මෙලෙසින්.

FB LinkArchived Link

Twitter මාධ්‍ය ජාලය හරහා ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම මෙවැනි අවස්ථාවක දීමනා ගෙවීම පිළිබඳව හෙළා දකිමින් සටහන් රැසක් පළකර තිබෙනු අපට දක්නට ලැබුණි.

ඉතා සුළු කාලයකදි ප්‍රතිචාර රැසක් සමග විශාල සංඛාවක් අතර මෙම සටහන් හුවමාරු වී තිබු බැවින් මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් සිදුකිරීමට අපගේ අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

කොරොනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කරන ලෙස, රජයේ වෛද්‍ය නිළධරින්ගේ සංගමය ඉල්ලීමක් කළේද යන්න පිළිබඳව ගූගල් සෙවීමක් කළෙමු. ඒ පිළිබඳව වු වාර්තා කිහිපයක් දක්නට ලැබුණි.

Google Search Link

අප පළමුව Economy Next ප්‍රවෘත්ති වාර්තාව පරීක්ෂා කළෙමු. GMOA wants incentives for health staff battling Coronavirus තේමාවෙන් ඉදිරිපත් කර තිබූ එහි සිංහල අර්ථය මෙසේ විය.

“කොරොනා වෛරස් රෝගය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය උනන්දු කිරීමට දිරි දීමනාවක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලීමක් කර ඇත. මුල්‍ය ප්‍රතිපාදනයක් හෝ රටට ඔවුන් කළ සේවය අගයමින් ඔවුන්ගේ පුද්ගලික ලිපි ගොනුවට යොමු කල හැකි ලිපියක් වැනි දෙයක් හෝ විය යුතු බව ඔහු පැවසීය. වසංගත රෝග ආයතනයේ සේවය කරන වෛද්‍යවරුන්ට හැර අන් සෑම සේවකයෙකුටම ඔවුන් ගන්නා වූ අවදානම වෙනුවෙන් අවදානම් දීමනාවක් ගෙවන බව ඔහු අවධාරණය කළේය. කොරොනා වෛරස් රෝගය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍යය කාර්ය මණ්ඩලයට ලබාදිය යුතු පහසුකම් සහ උපකරණ පිළිබඳව ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.”

මාධ්‍ය ජාලා හරහා හුවමාරු වී ඇති ඉහත සටහන් බොහොමයකටම වාගේ මුල් වී තිබෙන්නේ NewsHub යනාදී වෙබ් අඩවි මගින් පළවී තිබූ සටහන් සහ එහි වූ වීඩියෝ දර්ශන බව පැහැදිලිය. සිංහල හා ඉංග්‍රීසි බසින් Newshub විසින්වූ පළකර තිබු එම වීඩියෝව පට දෙකම නිරීක්ෂණය කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ එහි සඳහන් වන්නේ වෛද්‍ය වෘත්තිකයන් සිදුකරනු ලබන මෙම සේවයට දිරිගැන්වීමක් වශයෙන් යම්කිසි මූල්‍යමය හෝ වෙනයම් ආකාරයක ප්‍රතිලාභයක් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස රජයෙන් කෙරෙන ඉල්ලීමකි. ඉහත වෙබ් අඩවියේ ඇති පුවත වැරදි අර්ථකථනයක් දෙමින් “කොරෝනා ආසාධිතයින් සමග වැඩ කරන නිසා පඩි වැඩිකරලා දෙන්න - GMOA” යන හෙඩිමක් සහිතව සමාජ මාධ්ප‍ය ජාලවල සටහන්ළ පළකර ඇති බව ඒ අනුව පෙනී යයි.

ඉහත තොරතුරු සාක්ෂාත් කර ගැනීම සඳහා GMOA යූ ටියුබ් චැනලයේ පළවී තිබූ එම මාධ්‍ය නිවේදනය ට අදාල වීඩියෝවේ කොටසක් (ජනවාරි 27) අධ්‍යයනය කළෙමු.

https://youtu.be/21H6vYZ0rLA?t=2022

තවද මේ පිලිබඳ කරුණු සොයාබැලීමේදී අපට දැනගන්නට ලැබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ වන විට ලොවපුරා ව්‍යාප්ත වීමේ අධි අවදානමක් ඇති නව්‍ය කොරෝනා වෛරස රෝගී තත්වයන්ට මුහුණදීම සඳහා රටක් වශයෙන් අප ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග යන තේමාව යටතේ යෝජනා මාලාවක් සහිත මාධ්‍ය නිවේදනයක් යොමුකර ඇති බවයි.

GMOA Press Release Novel Coronavirus (2019-nCoV) - GMOA

රෝගය බෝවන ආකාරය හඳුනාගන්නේ කෙසේද, ඉන් වැළකීමේ ක්‍රියාමාර්ග යනාදී කරුණු කිහිපයක් ඔස්සේම පලවී ඇති එම මාධ්‍ය නිවේදනයේ අවසාන කරුණ වශයෙන් සඳහන් කර ඇති යෝජනාව පහත පරිදිය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඔහු පවසා සිටියේ තම නිවේදනයේ එක් කොටසක් පමණක් ගෙන එය මෙසේ විකෘති කර සමාජ ජාලා ඔස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව මඩ ප්‍රචාරයක් ගෙන යන බවයි.

කොරෝනා වෛරස් රෝගය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කරන සේවය අගයමින්, ඔවුන් දිරිමත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ඔහු කළ යෝජනාව විකෘති කොට සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරයක් යන බව පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ ඔහු යෝජනා කළේ එම වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවා ඇගයීමක් බව සඳහන් කළේය. එය සේවාව අගයමින් ඔවුන්ගේ පුද්ගලික ලිපි ගොනුවට යොමු කල හැකි ලිපියක් හෝ විය හැකිබව පවසා සිටි වෛද්‍ය අලුත්ගේ මහතා තවදුරටත් දන්වා සිටියේ එම යෝජනා ක්‍රියාත්මක කරන්නේ කුමන ආකාරයෙන් ද යන්න තීරණය ගැනීම බලධාරීන් සතු වගකීමක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (28) කළ ප්‍රකාශයේ කොටසක් පහතින්

https://youtu.be/YMKUYTmSnjc?t=1627

මෙම තත්ත්වය පිළිබඳ කරුණු තවදුරටත් කරුණු ලබා ගැනීම සඳහා අප වෛද්‍ය සෙනල් ප්‍රනාන්දු මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. එහිදී ඒ මහතාද පවසා සිටියේ දිරි ගැන්වීම මගින් ඔවුන් අදහස් කළේ පසුගිය ඩෙංගු උවදුරු සමයේදී එම කාර්යභාරය සඳහා ඉදිරිපත් වූ වෛද්‍ය කාර්යමණ්ඩලයේ සෑම දෙනෙක්ටම ලබාදුන් පරිදි සේවා ඇගයීමේ සහතිකයක් ලබාදීමේ වැනි ක්‍රියාවලියක් බවයි. තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ මෙම උවදුර තත්ත්වය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෛද්‍ය වෘත්තිකයින් ස්වේච්ඡා සේවකයින් වශයෙන් කොළඹට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවත් එහිදී ඔවුන්ගේ ඉඳුම්හිටුම් වැනි මූලික අවශ්‍යතා සපුරාලීමේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බවත් මේ සඳහා අවශ්‍ය මූලික ප්‍රතිපාදන කළමනාකරණය කිරීමක් යෝජනා කළ බවයි.

අවසාන නිගමනය

අපේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට සේවය කරන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ උනන්දුව වැඩි කිරීමට සහ ඔවුන්ගේ සේවය අගය කිරීම සඳහා යම් ක්‍රමවේදයක් සකසන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවය. එය එම වෛද්‍යවරුන් සහ සේවක මණ්ඩලයේ කැපවීම අගයමින් ඉදිරි ඔවුන්ගේ පුද්ගලික ලිපිගොනු වලට යොමු කළ හැකි ලිපියක් හෝ වෙනයම් දීමනාවක් ආකාරයෙන් හෝ තීරණය කිරීම රජය සතු බව සංගමය පවසා ඇත. ඔහු කිසි විටෙකත් මෙම ඇගයීම වැටුප් වැඩි වීමක් පිළිබඳව නොවන බව කර ඇත. එමනිසා වෙබ් අඩවි කිහිපයක පළව තිබු GMOA මාධ්‍ය සාකච්ඡාවක කොටසක් වැරදි අර්ථකතනයක් දෙමින් “කොරෝනා ආසාධිතයින් සමග වැඩ කරන නිසා පඩි වැඩිකරලා දෙන්න - GMOA” යන තේමාව සතිතව පළවී ඇති සටහන් නොමඟ යවන සුළු සටහන් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:කොරොනා ආසාදනයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කළාද?

Fact Check By: Sahan Perera

Result: Partly False