කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වී තිබුණු සමයක වුවද, මැතිවරණ උණුසුම දිවයින තුළ තදින් ආරම්භ වී ඇත. මැතිවරණ ක්‍රියාදාමය සහ මැතිවරණය පිළිබඳ විවිධ ප්‍රවෘත්ති මතුවෙන විට දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රති විරුද්ධ පාක්ෂිකයින් ඉලක්ක කරගෙන විවිධ ප්‍රවෘත්ති සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරන බව දක්නට ලැබුණේය.

වැසිකිලියෙ මුදල් ගත්තාම පිට කසන්නත් වෙනව” තේමාව යටතේ ශාන්ත රාජපක්ෂ නැමැත්තෙකු සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ “රාජිත සිර කළ හැක. එහෙත් ඔහුගේ වීරත්වය සිර කළ නොහැක” ලෙස යොදා ඇති සටහනක සේයාරුවක් එහි ඉදිරිපත් කර තිබුණි.

LinkArchived Link

“කලර්වුඩ්ටත් රාජිත වීරයෙක්ලුනේ මෙයාලට දෙයියන්ගේ හාල් කැවිලා. අංගොඩ ගිහින් කරන්ට් එකවත් අල්ල ගත්තොත් නරකද” තේමාවෙන් ලලනි සුරවීර නමැති ඇත්ද මෙවැනිම සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived Link

නැගෙනහිර පළාතේ පිහිටි මුහුදු මහා විහාරයට අයත් ඉඩම් ගැසට් කිරීම සම්බන්ධයෙන්ද බිමල් රත්නායක ගේ නිල ෆේස්බුක් පිටුවේ “මහ මැතිවරණයේදී අන්තවාදී කොටස් වල ඡන්දය ලබා ගැනීම සඳහා සුළු ජාතිකයින්ගේ පාරම්පරික ඉඩම් මුහුදු මහා විහාරයට බලහත්කාරයෙන් ගැසට් කිරීම තරයේ හෙලා දකිමි. මෙහි ආරක්ෂාවට කියා කිරීමට විශේෂ නාවික අනුඛණ්ඩයක් යොදවා මිලිටරිකරණයට ලක් කිරීම ඉතා කණගාටුදායක සිදුවීමකි.” යනුවෙන් ඉදිරිපත් කර ඇති සටහන්ද නිරීක්ෂණය විය

FB Link1Archived Link1FB Link2Archived Link2

ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහන් සඳහා හිමිවූ ප්‍රතිචාර අතරෙන් කිහිපයක්ම අසත්‍ය ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා තිබු බැවින්, මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

බිමල් රත්නායක මහතා “රාජිත සිර කළ හැක. එහෙත් ඔහුගේ වීරත්වය සිර කළ නොහැක” සහ මහ මැතිවරණයේදී අන්තවාදී කොටස් වල ඡන්දය ලබා ගැනීම සඳහා සුළු ජාතිකයින්ගේ පාරම්පරික ඉඩම් මුහුදු මහා විහාරයට බලහත්කාරයෙන් ගැසට් කිරීම තරයේ හෙලා දකිමි. මෙහි ආරක්ෂාවට කියා කිරීමට විශේෂ නාවික අනුඛණ්ඩයක් යොදවා මිලිටරිකරණයට ලක් කිරීම ඉතා කණගාටුදායක සිදුවීමකි ප්‍රකාශයක් කර ඇද්දැයි ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි වාර්තා පරීක්ෂා බැලුවෙමු. ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්හි එම ප්‍රකාශය සොයාගැනීමට අපහසු විය.

බිමල් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සහ ට්විටර් ජාලයේ මෙවැනි සටහන් ඇත්දැයි අප පරීක්ෂා කර බැලු වෙමු. බිමල් රත්නායක මහතා අළලා ඉදිරිපත්වෙන සටහන් අසත්‍ය බව පවසමින් ඔහු විසින් තම සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබුණි

FB Link1Archived Link1FB Link2Archived Link2

වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස බැවින් අපි දුරකථනයෙන් බිමල් රත්නායක මහතා සමඟ සම්බන්ධ වූයෙමු. “රාජිත සිර කළ හැක. එහෙත් ඔහුගේ වීරත්වය සිර කළ නොහැක” නැමැති ප්‍රකාශය සහ මුහුදු මහා විහාරය සම්බන්ධයෙන් තමන් විසින් පලකරන් ලද්දේයයි හුවමාරු වන සටහන් කිසිම විටක සමාජ මාධ්‍ය ජාලයන්ට හෝ ප්‍රධාන විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයන්ට ප්‍රකාශ නොකළ බව පැවසූ බිමල් රත්නායක මහතා, තම නිල ෆේස්බුක් පිටුව ලෙස සංස්කරණය කරන ලද සේයාරුවක් යොදා ගනිමින් තමන්ට සහ තම නියෝජනය කරන පක්ෂයට විරුද්ධව මඩ ප්‍රහාරයක් දියත් කර ඇති බව අවධාරණය කළේය.

තවද ඉහත ඡායාරුප දෙකම සංස්කරණය සිදුකර ඇති ප්‍රදේශ පෙන්වන මෘදුකාංගයක් ආධාරයෙන් පරීක්ෂාවට ලක්කළෙමු. එහිදීද එම සටහන් වල ඇති ඡායාරුප දෙකම සංස්කරණය කර ඇති බව පැහැදිලි විය. එසේම බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේ පසුගිය දින ක්‍රියාකාරකම් බැලීමේදී මෙවැනි සටහනක් ඉවත්කරගෙන නොමැති බව පෙනී ගිය අතර ට්විටර් පණිවුඩයේ ඡයරුපයේද සාමාන්‍යයෙන් ට්විටර් පණිවුඩයක screenshot ලබාගැනීමේදී සටහන් වන අංග කිහිපයක්ම නිරුපණය වී නොමැති බවද පෙනී ගියා.

මීට පෙරද බිමල් රත්නායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් කිහිපදෙනෙකුම අලලා මෙවැනි සාවද්‍ය ප්‍රකාශ පළකර තිබු අතර එවැනි විමර්ෂණ කිහිපයක් මෙසේය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා . “රාජිත සිර කළ හැක. එහෙත් ඔහුගේ වීරත්වය සිර කළ නොහැක” සහ “මහ මැතිවරණයේදී අන්තවාදී කොටස් වල ඡන්දය ලබා ගැනීම සඳහා සුළු ජාතිකයින්ගේ පාරම්පරික ඉඩම් මුහුදු මහා විහාරයට බලහත්කාරයෙන් ගැසට් කිරීම තරයේ හෙලා දකිමි. මෙහි ආරක්ෂාවට කියා කිරීමට විශේෂ නාවික අනුඛණ්ඩයක් යොදවා මිලිටරිකරණයට ලක් කිරීම ඉතා කණගාටුදායක සිදුවීමකි” යන ප්‍රකාශ තම නිල ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර නොමැති බවයි. එමෙන්ම ඔහු ප්‍රධාන විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයන්ට ද එවැනි ප්‍රකාශක් කර නොමැත.

එනිසා බිමල් රත්නායක මහතා අලලා මෙසේ පලවන සටහන් සිය නිල ෆේස්බුක් පිටුවේ සහ ට්විටර් ගිණුමේ පළවූ සටහන්වලින් ඉදිරිපත් කර ඇති බවට පළ වන සියලුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:බිමල් රත්නායක අලලා පළවූ සංස්කරණය කරන ලද සටහන් පෙළක් !

Fact Check By: Sahan Perera

Result: False