තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතයේ දක්ෂිණ සීමාවේ පිහිටි ලංකාගම ජනාවාසය, දෙනියාය සහ නෙළුව නගරයන්ට යාකරන මාර්ගයක ප්‍රතිසස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ආරම්භ කිරීම ඇතැම් පරිසරවේදීන්ගේ විරෝධයට හේතුවිය. සමාජ මාධ්‍ය ජාලයෙහි මේ සම්බන්ධව විවිධ සටහන් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක අපේ රට අපි හදමු නමැති ෆේස්බුක් පිටුවකසිංහරාජය මැද්දෙන් පාරක් හදන්න යෝජනා කළේ මමයි. දෙනියායේ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ඉදිවන කරන විට යටිතල පහසුකම් හදලා තියෙන්න ඕනි. යන වදන් රෝපණය කර නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ඡායාරූපයක් රැගත් සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබුණු අතර එයට සෑහෙන ප්‍රමාණයක ප්‍රතිචාර ද හිමිව තිබුණි. පරිසරයේ වැදගත්කම පෙන්වමින් බොහෝ ප්‍රතිචාර දක්වා තිබූ බැවින් මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙවැනි ප්‍රකාශයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් හරහා පලවී ඇත්දැයි අප පරීක්ෂා කළද එබඳු කිසිඳු වාර්තාවක් දැක ගැනීමට නොහැකි වූ බැවින් අපේ රට අපි හදමු ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනේ කරුණු තහවුරු කරගැනීම පිණිස අප ආචාර්ය නාලක ගොඩහේවාගේ කාර්ය මණ්ඩලය සමඟ දුරකථන ඇමතුමකින් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ ඔහුගේ ලේකම් ප්‍රකාශ කළේ, නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා එවැනි ප්‍රකාශයක් නොකළ අතර, මෙය ඔහුගේ සේයාරුව භාවිතා කරමින් ෆේස්බුක් ජාලයෙහි පළකර තිබෙන, මුලාශ්‍රයක් පවා පෙන්වන්නේ නැති සාවද්‍ය සටහනක් බවයි.

දෙනියායේ විශ්ව විද්‍යාල පද්ධතියක් ඉදි කිරීම පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා සඳහා ගූගල් සෙවීමක් කළ අතර 2014 වසරේ අප්‍රේල් මස 24 දින දෙරණ ව්‍යාපාරික ප්‍රවෘත්ති අංශය ඉදිරිපත් කර තිබු වාර්තාවකට අනුව 2020 වසර වන විට පෞද්ගලික විශ්ව විද්‍යායල 10ක් හම්බන්තොට, දෙනියාය, ගම්පහ මහනුවර සහ ත්‍රීකුණාමලය නගරයන්හි ස්ථාපිත කිරීමට එවකට පැවති රජය අවසර දුන් බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ එම සමයෙහි ලේකම් පදවිය දැරු ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා තිබු බව පෙන්වා දී තිබුණා.

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේසිංහරාජය මැද්දෙන් පාරක් හදන්න යෝජනා කළේ මමයි. දෙනියායේ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ඉදිවන කරන විට යටිතල පහසුකම් හදලා තියෙන්න ඕනි වැනි ප්‍රකාශයක් නොනළ බවයි.

එබැවින් සිංහරාජ රක්ෂිත වනාන්තරය තුළින් පාරක් කැපීමට, නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යෝජනා කළ බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සියලුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය  සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු

Avatar

Title:නාලක ගොඩහේවා මහතා අලලා සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්

Fact Check By: Sahan Perera

Result: False