
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ, විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු සහ වියත්මග ආරම්භක සාමාජිකයකු වන රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මනාප වලින් පළමු ස්ථානය හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීය.
පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විශේෂයෙන්ම ජාතික ප්‍රශ්න ඉදිරියේ තම ස්ථාවරය නොපැකිළව ඉදිරිපත් කරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන අතර පසුගියදා ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදි “මගේ අවංක අදහස නම් වනාන්තර රකිනවා කියන්නේ නිශ්ඵල දෙයක් කියන එක” යනුවෙන් ඔහු පැවසූ බවට දක්වන සටහනක් Wasantha Liyanage නමැත්තෙකුගේ සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කර ගෙන තිබෙනු දක්නට ලැබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර මෙවැනිම සටහන් පෙළක් හුවමරු වී තිබු අතර ඒවාට හිමි වූ ප්‍රතිචාර කිහිපයකම මෙම සටහන අසත්‍ය බවට යෝජනා කර තිබීම නිසා සරත් වීරසේකර මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි විශ්වාස කිරීම අපහසු බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Link | Archived Link |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
කරුණු තහවුරු කරගැනීම පිණිස අප විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු.
“මගේ අවංක අදහස නම් පළාත් සභා කියන්නේ නිෂ්ඵල දෙයක් කියන එක” තේමාවෙන්, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සමග ඉරිදා ලංකාදීප පත්‍රය පැවැත්වූ සාකච්ඡාව – අගේස්තු 30, 2020 යනුවෙන් පලවී තිබු පහත සටහන නිරීක්ෂණය විය
Link | Archived Link |
ඉරිදා ලංකාදීප අගෝස්තු 30 කලාපය පරීක්ෂා කිරීමේදී 15 වැනි පිටුවේ එම සාකච්ඡාව මෙසේ පලවී තිබෙනුද අපට පෙනී ගියා.
විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ නිල ෆේස්බුක් පිටුවක් තවදුරටත් පරීක්ෂා කිරීමේදී, “මතවාදීව දේශපාලනය කිරීම යනු එකකි… තමන් නොඉවසන මතයක් වෙනුවෙන් හිතලු සමාජගත කිරීමට වෙර දැරීම තවෙකකි…” තේමාවෙන් ඉදිරිපත් කර තිබූ පහත සටහනද නිරීක්ෂණය විය.

Link | Archived Link |
එබැවින් සරත් වීරසේකර මහතා විසින් ලබාදී තිබු සාකච්ඡාවේ සිරස්තලය ලෙස යොදා තිබු “මගේ අවංක අදහස නම් පළාත් සභා කියන්නේ නිෂ්ඵල දෙයක් කියන එක” යන්න “මගේ අවංක අදහස නම් වනාන්තර රකිනවා කියන්නේ නිශ්ඵල දෙයක් කියන එක” යනුවෙන් සංස්කරණය කර එම ලිපියේ සෙසු කරණු පැහැදිලිව නොපෙනෙන අයුරින් බොඳ කර මෙම සටහන ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. එම සංසන්දනය පහතින්.

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මගේ අවංක අදහස නම් පළාත් සභා කියන්නේ නිෂ්ඵල දෙයක් කියන එක” තේමාවෙන් 2020 අගෝස්තු මස 30වැනි දින ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ කර ඇති වාර්තාවක් ව්‍යාජ ලෙස සංස්කරනය කර “මගේ අවංක අදහස නම් වනාන්තර රකිනවා කියන්නේ නිශ්ඵල දෙයක් කියන එක” යනුවෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් වල ඉදිරිපත් කර ඇති බවයි.
එබැවින් “මගේ අවංක අදහස නම් වනාන්තර රකිනවා කියන්නේ නිශ්ඵල දෙයක් කියන එක” යනුවෙන් තේමාවෙන් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සියලුම සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය, ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහන් බවට නිගමනය කරමු.
