
ලාංකීය දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී තිබුණි.
“කොරෝනා වෛරසයට ප්‍රතිකාර සොයමු. ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිජීවක ඖෂධ සොයා පරීක්ෂණ අරඹා ඇත. ආදරණීය ජනතාව කොරෝනා වෛරසයෙන් ගලවා ගැනීමට ඔබේ නොමසුරු සහය පතමු” තේමාවෙන් ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ගිණුම් අංකයක් යැයි සඳහන් අංකයක් ද සහිතව සටහනක් Yasith Dilshan ෆේස්බුක් ගිණුමේ දක්නට ලැබුණි.

එමෙන්ම පසුගිය දිනක සිය නිවසේ දී ම මිය ගොස් සිටි The Island පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ෂැකී ජබාර්ගේ මරණය පිළිබඳව පළවූ විවිධ ප්‍රකාශයන් සහ එම මරණය පිළිබඳව ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණිලි කරන බව අඟවන, ජනතාව විමුක්ති පෙරමුණේ ජේෂ්ඨ ක්‍රියාකාරීන් වන බිමල් රත්නායක සහ ටිල්වින් සිල්වා විසින් සිදුකලා යයි පෙන්වන ඇති බව පෙන්වන පහත ඇති සටහන් ඉදිරිපත් කර තිබුණි.

Dulip Di විසින් ඉදිරිපත්ව තිබූ සටහනක්, ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් මෙවැනිම අදහසක් පළ කරන බවද අඟවා තිබූණි.

මෙම සටහන් රැසට ම හිමි වූ ප්‍රතිචාර මඟින් ඉහත සටහන් වලට දැඩිව විරෝධය පල කර තිබූ බැවින් මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහන් පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. ජනතා විමුක්ති පෙරමුණ කොරෝනා වෛරස් ආසාදනය සඳහා ප්‍රතිජීවක ඖෂධ සොයන බවට මින් පෙරද ෆේස්බුක් ජාලයෙහි සංසරණය වූ බවත්, මෙම සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා Yasith Dilshan ෆෙස්බුක් ගිණුම ඉදිරිපත් කරන සාවද්‍ය සටහන් පිළිබඳව සඳහන් කරමින් ජාතික ජන බලවේගය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් ද ඇති බව පැවසීය. ජාතික ජන බලවේගයෙ නිල ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබු එම සටහන පහතින්

The Island පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන ෂැකී ජබාර්ගේ මරණය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි ක්‍රියාකාරීන් කිසිදු මතයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළ පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා මේ පිළිබඳව ටිල්වින් සිල්වා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළේය.
“මෙම මාධ්‍යෙව්දියාගේ මරණය සම්බන්ධයෙන් මා හෝ අප පක්ෂ නායකයෙකු මෙවැනි ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.
පහත පළවන්‍නේද මේ දිනවල ජවිපෙ ඉලක්ක කර ගනිමින් ආණ්ඩු හිතවාදීන් විසින් ගෙන යනු ලබන අවලාද රැල්ලේම දිගුවක් වන අතර මෙවැනි බංකළොත් ක්‍රියා මගින් ජනතාව නොමග යැවීමට දරණ උත්සහය පිළිබඳව අප ආණ්ඩුවේ සමාජ ජාල ක්‍රියාකරුවන්ට කණගාටුව පළකරමු.” කථාංගය අන්තර්ගත කර ටිල්වින් සිල්වා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කර තිබු බව දක්නට ලැබුණේය.

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයට ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීමට පර්යේෂණ කරන බවට ඇති සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහනක් බවයි. එමෙන්ම ෂැකී ජබාර් ජේෂ්ඨ මාධ්‍යවේදියාගේ මරණය පිළිබඳව ආණ්ඩුව වගකිව යුතු බවට හෝ මරණය පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බවට ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි සක්‍රීය ක්‍රියාකාරියකු කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් එබැවින් ඒ පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් කර ඇති සියළුම සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍යය සටහන් බවත් නිගමනය කරමු.

Title:මාධ්‍යවේදී ෂැකී ජබාර්ගේ මරණය ඇතුළු කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවූ සාවද්‍ය සටහන්!
Fact Check By: Sahan PereraResult: False
