ජාතික ජන බලවේගය සහ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් අළලා සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ ඉදිරිපත් වී තිබු තවත් සටහන් පෙළක් පරීක්ෂා කිරීමේදී ඒවාද ව්‍යාජ සහ අසත්‍ය සටහන් බව අපට දැකගනන්ට ලැබුණි. එම සටහන් කිහිපයක් පහතින්

Yasith Dilshan විසින් ඉදිරිපත් කර තිබු ෆේස්බුක් සටහනකින් පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු නාමල් කරුණාරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන සේයාරුවක “ගොවීන්ට පොහොර නැතත් හමුදාවට අළුත් ඇඳුමක් තියෙනවනේ දැන්” යනුවෙන් නාමල් කරුණාරත්න මහතා පවසා තිබු දක්වා තිබුනේ පහත අයුරුන්

LinkArchived Link

එමෙන්ම ජාතික ජන බලවේගයෙ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අළලා පිළිවලින් “ලප කුමාරගෙන් අලුත්ම සොයා ගැනීමක්” යන තේමාව යටතේ ඔහු “බඩ ඉරිඟු පිලිකාකරකයි” යනුවෙන් පාරිලිමේන්තු සාකච්ඡාවකදී පවසා සිටි බවදමන්නාරම සුළං විදුලිබලාගාර ඉදිකිරීමට ගෝඨාභය ලකුණු දාගන්න හැදුවට එක යහපාලන ව්‍යාපෘතියක්” යනුවෙන් සටහනක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළවූ බවටද “සහරාන් ලා අපේ උගත් බුද්ධිමත් දරුවෝ...කාඩිනල් තුමා පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ලප ලොජික්” යන තේමාවලින් “මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා” නමැති ෆේස්බුක් පිටුවක් සටහන් කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived Link

LinkArchived Link

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායකගේ ෆේස්බුක් පිටුවේ කොළඹ නගරයේ ක්‍රියාත්මක කරන්ඩ යනු උමං දුම්රිය ව්‍යාපෘතියට චීනෙන් ගිනි පොලියට ණය අරන් චීනයටම කොන්ත්‍රාත් දෙනවා. කොමිස් ගහන්න දැන්ම පටන් අරන්. විගණනය කරන්න බැරිවෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න හදනවා. මේපාර ගහන්න හදන්නේ ගියපාර වැරදි අඩුපාඩු හදාගෙන. රාජපක්ෂලා ගාව හොඳ හොරුන්ගේ ලක්ෂණ නම් තියෙනවාසටහනක් යොදා ඇති අන්දම දක්වන සේ පෙර සඳහන් කළ “මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා” නමැති ෆේස්බුක් පිටුවේම සටහනක් මෙලෙස ඉදිරිපත් කර තිබිණි.

LinkArchived Link

මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර මෙම අන්තර්ගතයන් අසත්‍ය බවට යෝජනා තිබීම නිසා මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Yasith Dilshan ෆේස්බුක් පිටුවඉදිරිපත් කර තිබු සටහනේ කරුණු තහවුරු කරගැනීම පිණිස අප නාමල් කරුණාරත්න සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී කරුණු විමසුවෙමු. තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවත්, කුරුණෑගල නගරාධිපති තමන්ට ඒවා තිබූ එන්තරවාසියක් සම්බන්ධයෙන් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහන ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසීය. Yasith Dilshan ෆේස්බුක් පිටුවේ වූ ඡායාරූපය පරික්ෂා කිරීමේදී සිරස රුපවාහිනී නාලිකාවේ Newsfirst ප්‍රවෘත්ති විකාශයකින් ලබාගත් සේයාරුවක් බවක් පෙන්වා දී තිබු නිසා, නාමල් කරුණාරත්න එන්තරවාසිය පිළිබඳව පුවත්පත් සාකච්ඡාව පැවැත්වූ 2020 අගෝස්තු 8 වෙනි දින ප්‍රවෘත්ති විකාශය නැරඹු අතර එහි කිසිඳු තැනක (28වන මිනිත්තුවේ සිට) “ගොවීන්ට පොහොර නැතත් හමුදාවට අළුත් ඇඳුමක් තියෙනවනේ දැන්” යනුවෙන් නාමල් කරුණාරත්න මහතා පවසා තිබු බවක් දැකගනන්ට ලැබුනේ නැත.

එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායට නව නිල ඇඳුමක් හඳුන්වා දීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ සැප්තැම්බර් මස 12 වැනි දින පැවති යුද හමුදාවේ විශේෂ බලකා විසිරයාමේ උත්සවය අතරතුරදීය. එම උත්සවය පිලිබඳ ශ්‍රී ලංකා යුධ හමුදා මාධ්‍ය අංශය විසින් පලකළ සටහනක් සහ වීඩියෝවක් මෙසේය

නාමල් කරුණාරත්න මහතා විසින් ද ඉහත ප්‍රකාශය අසත්‍යක් බව පහත අයුරුන් තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි

LinkArchived

මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා නමැති ෆේස්බුක් පිටුව තිබූ සටහන් වල අන්තර්ගත කරුණු පිළිබඳව අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළෙමු. සිය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවැනි ප්‍රකාශයන් කිසිවක් නොකළ බවත් මේවා සියල්ල ප්‍රතිවාදීන් විසින් ඉදිරිපත් කරන ලද සාවද්‍ය සටහන් බවත් අවධාරණය කළේය.

“හරින්ගේ ප්‍රකාශය බරපතලයි..කාදිනල් පිළිබඳවත් පරීක්ෂණයක් අවශ්‍යයි” යනුවෙන් අන්තර්ගත ඡායාරූප අප Reverse Image සෙවීමකට යොමු කළෙමු. “එම රූපරාමු 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ වැලිමඩ පැවැත්වූ රැලියකදී ලබාගත් ඡායාරූප බව අනාවරණය විය. 2014 වසරේ සැප්තැම්බර් මස පැවති මෙම මැතිවරණ රැළිය මෙසේ වාර්තා කර තිබුණි.

එම රූප රාමු, මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා නමැති ෆේස්බුක් පිටුවේ තිබූ ඡායාරූප සමග සංසන්දනය කළවිට, එය එකම ස්ථානයක් බවත් ඒවා සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සටහන පළකර ඇති බවත් තහවුරු විය.

තවද “ලප කුමාරගෙන් අලුත්ම සොයා ගැනීමක්” තේමාවෙන් “බඩ ඉරිඟු පිලිකාකරකයි” යනුවෙන් පාරිලිමේන්තු සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක පවසා සිටි බව පෙන්වූ රූපරාමු පරීක්ෂා කිරීමේදී ඒවා 2020 අගෝස්තු මස 28 වැනි දින “පරිපූර්ක ඇස්තමේන්තුව | Anura Kumara Dissanayake | 28.08.2020 | Parliament Speech” යන තේමාව යටතේ JVP Sri Lanka යුටියුබ් වීඩියෝවකින් ලබාගත් සේයාරුවක් සංස්කරණය කරමින් පළවූ සටහනක් බව පැහැදිලි විය. එම වීඩියෝව මෙතනින්, සංසන්දනය පහතින්

කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට යන උමං දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව බිමල් රත්නායක අළලා ඉදිරිපත් කර තිබූ සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප බිමල් රත්නායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. මෙම සටහන් සියල්ල සාවද්‍ය බවත් තමන් කිසිදු විටෙක කොළඹ නගරයේ උමං දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රකාශයක් නොකළ බවත් ඔහු පැවසීය.

Conclusion (අවසාන නිගමනය)

ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වන අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක සහ නාමල් කරුණාරත්න අළලා පළවූ ඉහත ෆේස්බුක් සටහන් සියල්ලම අසත්‍යය සහ සාවද්‍ය සටහන් බව පැහැදිලි විය

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:අනුර කුමාර, බිමල් රත්නායක සහ නාමල් කරුණාරත්න අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False