ලාල් කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ රුපියල් තිස්අට කෝටියක සුරැකුම්පත් ඇති බවට දක්වා තිබෙනවාද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

දූෂණ විරෝධී පනත යටතේ දේශපාලන නියෝජිතයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව තිබේ. මෙලෙසින් ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශ ඔස්සේ මේ දිනවල දැඩි වශයෙන් කතා බහට ලක්වන්නේ, අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයයි. මීට පෙර අවස්ථාවන් වලදී තම දියණියගේ පංති ගාස්තු ගෙවා ගැනීමට නොහැකි වූ බව පැවසූ ලාල් කාන්ත අමාත්‍යවරයා මෙතරම් වත්කමක් උපයා ගනු ලැබුවේ කෙලෙස ද, යන්න දේශපාලන වේදිකාවල උණුසුම් මාතෘකාවක් වී තිබේ. කෙසේ වෙතත්, මෙම වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කරුණු නොමග යන අන්දමින් වාර්තා කර තිබූ අතර අප ඒ පිළිබඳ සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ඇමති ලාල්ට කෝටි 46කට එහා වත්කම්යනුවෙන් සඳහන් කරමින් හිරු News හි පුවතක් පළ වී තිබුණා. අමාත්‍ය ලාල් කාන්ත විසින් ඉදිරිපත් කළ  වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව මෙම වත්කම් ප්‍රමාණය අඩංගු බව එහි සඳහන් කර තිබුණේ මෙලෙසින්. 

Facebook

මෙම තේමාවෙන් පළ වූ තව ත් සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙලෙස කෝටි 46ක් ලෙස පෙන්වා දීමේදී අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සුරැකුම්පත් මිලදී ගැනීම් වල මුළු වටිනාකම රු. 383,906,705.40 ක් ලෙස වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Fb

එමෙන් ම දිවයින පුවත් වෙබ් අඩවිය විසින් ද, එය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link 

මෙහි සත්‍යතාව සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

එය පරීක්ෂා කිරීමේදී, එහි සඳහන් ලෙස නිශ්චල දේපළ ලෙස,

නිශ්චල දේපළ යටතේ, තෑගි ඔප්පුවලින් හිමිවූ දේපළ ලෙස, 

රුපියල් මිලියන 6ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්.

රුපියල් ලක්ෂ 25ක් වටිනා ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ගෙවත්ත.

රුපියල් මිලියන 56ක් වටිනා වර්ග අඩි 4,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක්.

පසු උරුමයෙන් හිමිවූ දේපළ ලෙස,

රුපියල් ලක්ෂ 25ක් වටිනා වර්ග අඩි 1,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් දක්වා තිබෙනවා.

චංචල දේපළ ලෙස,

රුපියල් ලක්ෂ 16ක් වටිනා පවුම් 8ක රන් ආභරණ සහ රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් රන් පවුමක්.

රුපියල් ලක්ෂ 45ක් වටිනා මෝටර් රථයක්.

වාර්ෂික ආදායම් මාර්ග ලෙස,

විශ්‍රාම වැටුප්: රු. 771,400.00

වැටුප් ආදායම: රු. 738,918.16

දේපළ බදු දීමෙන්: රු. 4000,000

ස්ථාවර තැන්පතු පොලී ආදායම: රු. 2,755,851.97 සඳහන් වේ. 

කෙසේ වෙතත් ඉහත සඳහන් මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍ය සටහන් වලද, අමාත්‍ය ලාල් කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් ලෙස වත්කම් පළ කර ඇතත් එහි සඳන්ව ඇති සුරැකුම් පත් වල වටිනාකම නොමග යන අන්දමින් වාර්තා කර ඇති බව අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබේ.

අමාත්‍යවරයාගේ වත්කම්බැරකම් ප්‍රකාශයේ සුරැකුම්පත් පෞද්ගලික ආයතන 10 ක ආයෝජන කර තිබේ.

Brown Investment ආයතනයේ සුරැකුම්පත් අවස්ථා දෙකකදී ආයෝජන කර ඇති අතර එහි එකතුව කොටස් 648ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 4,276.80ක් වේ.

Blue Diamond jewelry ආයතනයේ සුරැකුම්පත් 20550ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 6165.00 කි.

Hela apparel Holdings ආයතනයේ සුරැකුම්පත් 980ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 3038.00 කි

Jat Holdings ආයතනයේ සුරැකුම්පත් 209ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 9823.00 ක් වේ.

Ceylon Land & Equity Plc ආයතනයේ සුරැකුම්පත් 440ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 4576.00 කි.

Lanka Credit & Business Finances ආයතනයේ සුරැකුම්පත් 5450ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 41420.00ක් වූ අතර

Chevion Lubricant ආයතනයේ සුරැකුම්පත් 200ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 36100.00 ක්වේ.

Expack Cartoons ආයතනයේ සුරැකුම්පත් 550ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 7645.00 කි.

Renuka Holdings ආයතනයේ සුරැකුම්පත් 416ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 19552.00 ක්වේ.

Sunshine Holdings ආයතනයේ සුරැකුම්පත් 320 ක ප්‍රමාණයක් තිබූ අතර එහි වටිනාකම වූයේ රු. 10880.00කි.

මෙම සමස්ත සුරැකුම්පත් වල වටිනාකම වූයේ රු.143,476කි.( රුපියල් එක්ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය හැත්ත හයක්) වත්කම් බැරකම් ප්‍රකාශණයේ “වටිනාකම” තීරුවේ අගය “සුරැකුම්පත් ප්‍රමාණය” යන තීරුවේ අගයෙන් වැඩි කොට එය ඉහත සඳහන් ආයතන වල ආයෝජන කර තිබූ ඒකක මිල ලෙස ගෙන මෙය නොමග යන ලෙස ඉහත ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් මෙන් ම සමාජ මාධ්‍ය ලෙස සුරැකුම්පත් වල මුළු වටිනාකම රු. 383,906,705.40 ක් (රුපියල් තිස්අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතළිහක සුරැකුම්පත්) ලෙස වාර්තා කර තිබුණා.  නමුත් එහි වටිනාකම තීරුවේ දැක්වෙන්නේ සමස්ත කොටස් වල වටිනාකම වේ.

ඉහත දක්වා ඇති සුරැකුම්පත් මිලදී ගැනීම් වල සත්‍ය ඒකක මිල සහ නොමග යන අන්දමින් වාර්තා කර ඇති අයුරු දක්වමින් සංසන්දනයක් පහතින්.

ආයතනයවටිනාකමකොටස් ප්‍රමාණය කොටසක මිලනොමග යන ලෙසින් කොටසක මිල වාර්තා කර මිල ගණන්
Brown Investment2296.83486.6
Archived
799,286.4
Brown Investment1980.063006.6594,018
Blue Diamond Jewelry6165205500.3
Archived
126,690,750
Hela Apparel Holdings30389803.1Archived2,977,240
Jat Holdings982320947.0
Archived
2,053,007
Ceylon Land & Equity Plc457644010.4
Archived
2,013,440
Lanka Credit & Business Finances4142054587.6

Archived
226,070,360
Chevion Lubricant36100200180.5
Archived
7,220,000
Ex-Pack Corrugated Cartons PLC764555613.8
Archived
4,250,620
Renuka Holdings PLC1955241647.0
Archived
8,133,632
Sunshine Holdings1088032034.0Archived3,481,600
එකතුවරු. 143,476රු. 384,283,953

ඉහත ආයතන වල සුරැකුම්පත් හි ඒකක මිල වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කිරීමේදී ද, අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ඇති සුරැකුම්පත් වල දක්වා ඇති ඔහුට හිමි ඒකක ප්‍රමාණයන් සහ එහි වටිනාකමින් බෙදූ විට ලැබෙන ඒකක මිල සමාන වන අතර ඇතැම් ඒකක වල මිල එහි දක්වා ඇති මිලට ආසන්න අගයක් ගනු ලැබේ. ඒ අනුව ඉහත ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල දක්වා ඇති ලාල් කාන්ත අමාත්‍යවරයාගේ සුරැකුම්පත් වල සම්පූර්ණ වටිනාකම දක්වා ඇති මිල අසත්‍ය වේ.

එනම් සුරැකුම් පත් වල සත්‍ය වටිනාකම වන රු.143,476 ක මිල වෙනුවට මෙම නොමග යෑම නිසා රු.384,283,953 ක(කෝටි 38ක ප්‍රමාණයක්) වටිනාකමක් ලෙස ඉහත සමාජ මාධ්‍ය සටහන් පෙන්වා ඇති නිසා අමාත්‍යරයාගේ සියලු වත්කම් කෝට් 46 ඉක්මවන බවට පෙන්වා දී තිබේ. ඒ අනුව එම කරුණ අසත්‍ය බව පෙන්වා දිය හැක.

ලාල් කාන්ත අමාත්‍යවරයා

අප මේ පිළිබඳව ලාල් කාන්ත අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, නීති උපදෙස් මත මේ පිළිබඳ ප්‍රතිචාර දැක්විය නොහැකි බවයි. කෙසේ වෙතත් අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමටඑක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කර තිබූ අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ වත්කම් බැර ප්‍රකාශයේ මිලදී ගෙන ඇති සුරැකුම්පත් ප්‍රමාණය රු. 383,906,705.40 ක් ලෙස දක්වා තිබීම නොමග යන සුළු බවයි. වත්කම් බැර ප්‍රකාශයට අනුහ අමාත්‍යවරයා සතු සුරැකුම්පත් වල වටිනාකම වූයේ රු.143,476කි.( රුපියල් එක්ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය හැත්ත හයක් වේ) නමුත් සුරැකුම්පත් ආයෝජන කළ ආයතන 10ක ‌ ආයෝජන කර තිබූ කොටස් ප්‍රමාණය, ඒකක මිල ලෙස ගෙන එහි වටිනාකමින් වැඩි කර මෙය නොමග යන ලෙස ඉහත ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් මෙන් ම සමාජ මාධ්‍ය ලෙස සුරැකුම්පත් වල මුළු වටිනාකම ලෙස වාර්තා කර ඇත. එක්ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය හැත්ත හයක සුරැකුම් පත් වල සත්‍ය වටිනාකම වෙනුවට වැරදියට ගණනය කිරීම හේතුවෙන් කෝටි 38ක සුරැකුම්පත් වටිනාකමක් ඇති බවට ඉහත ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දීම තුළින්, අමාත්‍යවරයාගේ සියලු වත්කම් කෝටි 46 ඉක්මවන බවට පැවසීම නොමග යන සුළු වේ.

Result Stamp

Title: ලාල් කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ රුපියල් තිස්අට කෝටියක සුරැකුම්පත් ඇති බවට දක්වා තිබෙනවාද?

Written By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *