පිළිකා කාරක පොල්තෙල්, උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය, 2020 විවාහක රූ රැජිණ කිරුළ පිලිබඳ ඇතිවූ සිද්ධිය යන මේ දිනවල සමාජයේ කතිකාවතක් මවන්නට තුඩු දුන් කාලීන පුවත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලලා පළ වූ ව්‍යාජ හා උපහාසාත්මක සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍ය සොයා අප විමර්ශනයක් කළෙමු.

සමාජ මාධ්‍ය සටහන් :

  1. Prabodika Madubashini Konara යන කාන්තාවක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ,

“නලීන් හේවගේ,

ජනතා විමුක්ති පෙරමුණ

මුන්දැට උතුර දකුණ මාරූ වෙලා අම්මපල්ලා මේ වගේ යක්කු එක්ක කොහෙද රටක් හදන්නේ 🤮🤮” යනුවෙනි.

නලීන් හේවගේ මහතාගේ ඡායාරූපයක් සහිත සටහනක් එකතු කරමින් මෙම පෝස්ටුව සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණා. එහිදී “ෆාම් ඔයිල් වැඩිපුරම ආනයනය කරන්නේ මුස්ලිම් ව්‍යාපාරකයින් හිතුමනාපෙ ෆාම් ඔයිල් ආනයනය තහනම් කරේ මුස්ලිම් ව්‍යාපාරකයින්ගෙන් පලි ගන්න. ” යනුවෙන් නලීන් හේවගේ මහතා පැවසූ බවට හඟවා තිබුණා.

Facebook | Archived Link

  1. “පුතා වැඩිය දැගලුවොත්, විජේවිර ගේ පයිල් ඔක්කෝම එලියට අදිනවා” යනුවෙන් ටිල්වින් ද සිල්වා මහතා පැවසු බවක් Senaka Puspakumara නමැත්තෙකු විසින් පළ කර තිබුණා.

එහිදී භාවිත කර තිබුණේ, ටිල්වින් සිල්වා මහතාගේ ඡායාරූපයකි. “උවිඳු විජේවීර පුතාට අපි කියනවා, අපි එක්ක හැප්පිලා තාත්තගෙ නොදන්න පැටිකිරියත් අපෙන් අහගන්නෙ නැතුව ආපු රටකට ආපහු යන්න කියලා” ටිල්වින් මහතා මේ ප්‍රකාශය කළ බවට උපහාසාත්මක සටහනක් ලෙස මෙම සටහන ඉදිරිපත් කර තිබුණා.

Facebook | Archived Link

  1. Dana DV යන ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, අනුරකුමාර දිසානායක මහතා පැවසූ බවට පුවත් පතක වාර්තාවූ සටහනකි.

“කැතයි! ලැජ්ජයි! නින්දිතයි! විවාහක රූ රැජිණ කිරුළ ශිරන්තිගෙ මිතුරියගේ දියණියට බලහත්කාරයෙන් ලබා දුන්නා. ” ලෙස එම වාර්තාවේ දක්වා තිබුණා.

Facebook | Archived Link

  1. Dulip Dee යන අයෙක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ඡායාරූපයක් සහිත සටහනකි. එහි සඳහන් වුණේ,

“හඳුන්නෙත්ති සහෝදරයාගෙන් ලෝකෙට පණිවිඩයක්...

පුෂ්පිකා පරාජය වූයේ නැත. කිරුළ වෙන පැත්තකට තල්ලු වීමක් උණා පමණි. ” යනුවෙනි.

Facebook | Archived Link

  1. තව ද “උවිඳු විජෙවිර කියන්නෙ රුසියානු ගනිකාවො එක්ක නටන සල්ලාලයෙකි, දේශපාලණ දැනුමක් නැති උවිඳු වැන්නන් ආන්ඩුවෙ මුදලට කඩේ යන කුලී කරුවන්‍ ය” යනුවෙන් ජාතික ජන බලවේගය පැවසු බවට සටහනක් ද හුවමාරු වී තිබුණා

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සටහන් කරුණු අප එකින් එක පරීක්ෂාවකට ලක් කරමු.

  1. මෙහි සඳහන් පරිදි නලීන් හේවගේ මහතා විසින් පාම් ඔයිල් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සම්මුඛ සාකච්ඡා හෝ මාධ්‍ය සාකච්ඡා නිරීක්ෂණය කිරීමේදී හමු නොවුණි. මෙහි යොදාගෙන ඇති ඡායාරූපයද පසුගිය වසරේ කෝප් කමිටුව සම්බන්ධයෙන් නලීන් හේවගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කළ සටහනට උපයෝගි කරගත් ඔහුගේ ඡායාරූපය සහිත පසුබිම උපයෝගි කොට මෙම සටහන සංස්කරණය කර ඇති අයුරු දක්නට ලැබුණා. එම සටහන පහතින්.

Facebook | Archived Link

  1. ටිල්වින් සිල්වා මහතා, උවිඳු විජේවර සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ අප නිරීක්ෂණය කළා. ටිල්වින් සිල්වා, උවිඳු විජේවර සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ වේදිකාවක හෝ මාධ්‍ය වෙත හෝ පසුගිය දින කිහිපයේ ප්‍රකාශ කර තිබු බවක් අපගේ විමර්ෂණයේ දී දැක ගන්නට ලැබුනේ නැහැ.

මෙම සටහනට උපයෝගි කරගෙන ඇති ඡායාරූපය පෙබරවාරි මස 20 වන දා ටිල්වින් සිල්වාගේ මුලිකත්වයෙන් පානදුර හොරේතුඩුවේ පැවති “SORRY කවුද දිනුම්” යන සම්මන්ත්‍රණයේ දී ලබාගත් ඡායාරුපයක් බව දැක ගන්නට ලැබුනේ ලැබුණා. ඒ පිලිබඳ සටහනක් පහතින්.

Facebook

  1. විවාහක රූ රැජිණ කිරුළ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුරකුමාර මහතා පැවසූ බවට පුවත් වාර්තාවක් පසුගිය දා පළ වී නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබෙනු ද දැක ගන්නට ලැබුනේ නැහැ. මෙම වාර්තාව සංස්කරණය කර ඇති බවට අපට දැකගන්නට ලැබුණා. මෙහි සත්‍ය පුවත් වාර්තාව අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණා . එම සටහන පහතින්.

Facebook | Archived Link

සංස්කරණය කරන ලද එම වාර්තාවේ සන්සදනය පහතින්

  1. සුනිල් හඳුන්නෙත්ති මහතා 2020 රූ රැජිණ කිරුළ සම්බන්ධයෙන් දැක්වූ බවට කියන ප්‍රකාශයද උපහාසාත්මක කෝණයෙන් සකසා ඇති ඡායාරූපයක් බව බැලූ බැල්මට පෙනේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ සිදුකළ කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුනේ ද, ඒ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. ඔහු සිටින මෙම ඡායාරූපය ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වුණේ “කැකණදුර දියගහ විල්මන් සහෝදරයාගෙ නිවසේදි” යනුවෙන් එම ඡායාරූපයද ඇතුලත් සටහනකය. එම සටහන පහතින්.

Facebook | Archived Link

ඉහත සඳහන් මෙම සටහන් වල ඇති ජවිපෙ සාමාජිකයන් කළ බවට සඳහන් ප්‍රකාශ සම්බන්ධයෙන් අප ජවිපෙ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළා. ඔවුන් සඳහන් කරන්නේ මෙම සටහන් හුදෙක් ජනතාව නොමග යැවීමට හා ජනතා විමුක්ති පෙරමුණට අපහාස කිරීමට මෙම සටහන් සංස්කරණය කර ඇති බවයි.

එසේම “උවිඳු විජෙවිර කියන්නෙ රුසියානු ගනිකාවො එක්ක නටන සල්ලාලයෙකි...” යනාදී වශයෙන් පළවූ සටහන ද ජාතික ජන බලවේගය නිල ෆේස්බුක් ෆේස්බුක් පිටුව බව හුවා දක්වමින් ව්‍යාජ සටහන් පලකරන ව්‍යාජ ෆේස්බුක් පිටුවක් බව ද පවසා සිටියා. ජාතික ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුව මෙය වන අතර එහි ඉහත ආකාරයේ කිසිඳු පළකිරීමක් සිදුවී තිබුනේ ද නැහැ.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් සිදු කළ බවට සඳහන් වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම සටහන් හුදෙක් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය කළ අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ නායකයින් සම්බන්ධයෙන් පළවු ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Sara Gunaratne

Result: False