මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත් චතුර කබ්රාල් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද කතිකාවතාවක් නිර්මාණය වී තිබුණා. ඒ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතා සේවය කිරීම සම්බන්ධයෙන්.

ඒ උණුහුම පහව යන්නටත් ප්‍රථම, නැවතත් චතුර කබ්රාල් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වුණේ, අධිවේගි මාර්ගයක ගමන් ගනිද්දී ඔහු මෝටර් රථයේ උඩු කවුළුවෙන් (sun-roof) හිස එළියට දමා යන ඡායාරූපයක් සංසරණය වීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ධනුෂ්ක තිරාණගම යන අය විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ,

“සුබෝදෑසනක් මිත්‍රෝරුනි,

ස" කිව්වෙ,

එක රටක් එක නීතියක් කියල..

අන්තිමේ,

රටවල් දෙකක් නීති හැටහුටහමාරක්! 🌷🙏😁

#KT_4806

Chathura Cabraal” යනුවෙනි

Facebook | Archived Link

මෙම සටහන සඳහා යොදාගත් එක් ඡායාරූපයේ දැක්වුණ එක් ඡායාරුපයක් වුයේ පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතාම අපරික්ෂාරී ලෙස තරුණයන් පිරිසක් කඩවත සිට මාතර දෙසට දිවයන මර්ගයේ ගමන් කල අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය දැඩි ලෙස කතා බහට ලක් වුණු වීඩියෝවකින් ලබාගත් දර්ශනයක්. එම සටහන මෙතනින්.

අනෙක් ඡායාරූපයේ දැක්වුණේ චතුර කබ්රාල් අධිවේගි මාර්ගයක ගමන් කරනමින් සිටින මෝටර් රථයෙ උඩු කවුළුවෙන් (sun-roof) පිටතට පැමිණ සිටින ඡායාරූපයයි.

මෙම ඡායාරූප දෙක සංසන්දනය කරමින් දක්වා තිබු‍ණේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් තරුණියට නඩු පැනවූ පොලීසියට අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතාට නඩු දැමීමට උත්සුක වී නැති අයුරක්.

එම සටහන් තවත් කිහිප දෙනෙකු විසින්ම හුවමාරු කරගෙන තිබු අයුරක් ද මෙසේ දැක ගන්නට ලැබුනා.

මෙම සටහන්වල දක්වා ඇති ආකාරයට හැඟවෙන්නේ චතුර කබ්රාල් අධිවේගි මාර්ගය පොදු ජනයාට භාවිතා කිරීම සඳහා විවෘත කිරීමෙන් පසු අවස්ථාවකදී මෙලෙස ධාවනය වෙමින් පවතිත මෝටර් රථයේ සිට එහි උඩු කවුළුව භාවිතා කර තිබුණ ද ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වී නැති බවක්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ඉහත සටහන් සඳහා ප්‍රතිචාර පරීක්ෂා කිරීමේදී දැකගන්නට ලැබුණේ, චතුර කබ්රාල්ද ඒ සඳහා ප්‍රතිචාර දක්වා තිබෙන අයුරුයි. එමෙන්ම ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද මේ සම්බන්ධයෙන් සටහනක් පළකර තිබුණා. එම ප්‍රතිචාර සහ ෆේස්බුක් සටහන පහතින්

Facebook | Archived Link Facebook | Archived Link

එමඟින් ඔහු පවසා තිබුනේ මෙම ඡායරුපය අධිවේගී මාර්ගය ආරම්භ කිරීමට පෙර ලබාගත් ඡායාරුපයක් බවයි. 

චතුර කබ්රාල්ග ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී ද ඔහු ඉහත මුල් ඡායාරුපය 2013 වසරේ ඔක්තෝම්බර් මස 16 වන දින සිය ගිණුමේ පළකර තිබු බව දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

Facebook | Archived

කෙසේනමුත් සමාජ මාධ්‍ය සටහන් සඳහා ලබා දී ඇති ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමේදී දක්නට ලැබුණේ, මෙම ඡායාරුප දෙකෙන්ම දැක්වෙන්නේ දක්ෂිණ අධිවේගි මාර්ගය ලෙසට ඇතැමුන් වරදවා වටහාගෙන ඇති බවයි.

චතුර කබ්රාල් මහතා සිටින ඡායාරූපය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ලබාගත් ඡායාරුපයක් නොව, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල පිවිසුම ආසන්නයේ (කිලෝමීටර් 16 සලකුණ ආසන්නයේ) ලබාගත් ඡායාරුපයක් බවත් අපට දැකගන්නට ලැබුණා.

එම ස්ථානය Google Street View නිරීක්ෂණ මෙතනින්.

එමෙන්ම චතුර කබ්රාල් සිටින එම ඡායාරූපය විශාලනය කර නිරීක්ෂණය කිරීමේදී එම මෝටර් රථ වලට පිටුපසින් සාමාන්‍ය යතුරු පැදියක් අධිවේගී මාර්ගයේ නවත්වා ඇති අයුරු ඔබට දැකගන්නට පුළුවන්.

කොළඹ- කටුනායක අධිවේගී මාර්ගයට, අධිවේගී මාර්ගයේ කාර්යයේ නියුතු පොලිස් කාර්ය මණ්ඩලයේ විශේෂ යතුරු පැදි හැරුණු විට, සාමාන්‍ය යතුරු පැදි සඳහා අවසර ලැබෙන්නේ නැති බැවින් මෙම ඡායරූපය බොහෝ දුරට අධිවේගී මාර්ගය ආරම්භ වීමට පෙර ලබාගත්තක් බව පෙනී යනවා.

කොළඹ - කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළේ, 2013 වසරේ ඔක්තෝම්බර් මස 27 වන දිනයි. එහි විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාව ඇතුලත් වීඩියෝවක් එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුටියුබ් චැනලයේ පළවී තිබුනේ මෙලෙසින්.

කොළඹ - කටුනායක අධිවේගි මාර්ගය විවෘත කිරීමට පෙර දින 3ක් ජනතාවට විවෘත කර තිබුණා. එනම් 22,23.24 යන තෙදිනයි. මෙම දිනවලදී රථවාහන මාර්ගයට ඇතුලූ කිරීමට ඉඩ නොලැබුන අතර පා ගමනින් ගොස් ජනතාවට මාර්ගය නැරඹිය හැකි බවයි එහි දැක්වුණේ. ඒ පිළිබඳව සඳහන් කළ වාර්තාවක් මෙතනින්. එම අවධියේ පළවූ තවත් පුවත් වාර්තාවක් මෙතනින්

අධිවේගි මාර්ගයක් විවෘත කිරීමට පෙර අධිවේගි මාර්ගයේ මෝටර් රථ ධාවනය කළ හැකිද?

අප මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළා එහිදී ඔහු සඳහන් කළේ, පරීක්ෂණ ධාවනය සඳහාත්, විශේෂ අවසරලත් වාහන සඳහාත්, අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන ආයතන වලට අයත් වාහන මෙන්ම කොන්ත්‍රාත් කරුවන්ට අයත් වාහනද, අදාළ සීමිත වේග සීමාව තුල අධිවේගි මාර්ග විවෘත කිරීමට පෙර ධාවනය කළ හැකි බවයි.

අධිවේගි මාර්ගයේ නිල වශයෙන් විවෘත කිරීමෙන් පසු අදාළ අංශවල කටයුතු නිසියාකාරව සිදුවන බවත් අධිවේගි මාර්ගයේ ධාවනයේදී පිළිපැදිය යුතු නීතිරීති සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් නීති රීති කඩකරන්නන්ට එරෙහිව පියවර ගැනීමටත් අධිවේගී මාර්ගයේ පොලිසිය ඇතුළු කාර්ය මණ්ඩලය බැඳී සිටින බව අධිවේග මාර්ගයේ කාර්ය මණ්ඩලය අවධාරණය කළා.

එම නීති අනුව, අධිවේගී මාර්ගයක ගමන් ගන්නා මෝටර් රථයක උඩු කවුළුවෙන් (sun-roof) පිටතට එබී ගමන් කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මෙවන් සිද්ධියක් දැනට භාවිතයේ යෙදෙන අධිවේගී මාර්ගයක දී වාර්තා වුවහොත්, අදාළ පාර්ශවයන් ට විරුද්ධව නීතිය නොපැකිළව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධිවේගී පොලිසිය අපව දැනුවත් කළා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගී මාර්ග භාවිතය පිළිබඳ ලබා දී ඇති මාර්ගෝපදේශය මෙතනින්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළ තරුණයන් අත්අඩංගුවට ගැනීම පිලිබඳ වාර්තා වුනේ මෙලෙසින්

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා:

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මාධ්‍ය අංශයෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළා. එහිදී පවසා සිටියේ ද, මෙහි ඡායාරූපයේ දැක්වෙන අවස්ථාවේ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද එම මෝටර් රථයේ සිටි ඇති අතර කොළඹ - කටුනායක අධිවේගි මාර්ගය විවෘත කිරීමට පෙර ඔහුට අයත් මෝටර් රථයක (KT 4806) රාජකාරීමය නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ රියැදුරු විසින් රිය ධාවනය කළ බවද ඉදිරියෙන් සිටින්නේ පුද්ගලික ආරක්ෂක බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කළා. එසේම එවකට මහ බැංකු අධිපති වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවශ්‍ය නිල අවසර ලබාගැනීමෙන් පසුව මෙසේ ගමන් කල බවත්, අධිවේගී මාර්ගය ආරම්භ කිරීමට පෙර, මාස දෙකක් පමණ කාලයක මෙසේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක්ම නිරීක්ෂණ චාරිකාවල යෙදුණු බවත් අපට පවසා සිටියා.

Also Read:

Fact Check: ගුවන් තොටුපොළේ දී යකා නැටුවේ අජිත් නිවාර්ඩ් කබ්රාල් කබ්රාල්ගේ දරුවන් ද?

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව අපගේ විමර්ශනයේදී පෙනී යන්නේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත් චතුර කබ්රාල්, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමට පෙර දිනයක, සිය පියා වූ එවකට මහ බැංකු අධිපති ගේ නිල රථයේ උඩු කවුළුවෙන් පිටතට එබී ගමන් ගත් අවස්ථාවක ඡායාරුපයක් නොමඟ යවන සුළු අර්ථකතනයක් සහිතව හුවමාරු වී තිබෙන බවයි. එම අවස්ථාවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෝටර් රථයේ සිට තිබෙන අතර එය අධිවේගී මාර්ගයට පිවිසීමට අවශ්‍ය අවසර ලබාගනිමින් සිදුකළ රාජකාරීමය නිරීක්ෂණ චාරිකාවක්.

අධිවේගී මාර්ගයක් නිල වශයෙන් අධිවේගී මාර්ගයේ කාර්ය මණ්ඩලය වෙත භාරදී මහජනතාව සඳහා විවෘත වීමෙන් පසුව මෙසේ මෝටර් රථයක උඩු කවුළුවෙන් (sun-roof) පිටතට එබී ගමන් කිරීමට නීතියෙන් අවසර නැත.

එහෙත් ඉහත සිදුවීම, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කර, අධිවේගී මාර්ගයේ නීතිය ක්‍රියාත්මක වීමට පෙර සිදුවීමක් බැවින්, එම සිද්ධිය අධිවේගී මාර්ගයේ නීතිය උල්ලංඝණය කිරීමක් වශයෙන් සැලකෙන්නේ නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතුට, අධිවේගී මාර්ගයේ නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි?

Fact Check By: Sara Gunaratne

Result: Misleading