ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිතව සුන්දර ස්ථාන බොහොමයක් පවතිනවා. ඒ අතරින් කඳුකර ප්‍රදේශ ඔස්සේ දිවෙන දුම්රිය මාර්ගය අවට දර්ශනීය ස්ථාන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට නිරතුරුවම ලක්වෙනවා. ඇල්ල ප්‍රදේශයේ පිහිටි එවැනි එක් ස්ථානයක් වන දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරුපයක් ලෙස ව්‍යාජ අර්ථකතනයක් සහිතව හුවමාරු වූ සටහනක් පිලිබඳ අපගේ කරුණු විමර්ෂණය මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන්:

2007 වසරේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ සංචාරයකට පැමිණි අවස්තාවක් අතරතුර දී දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ කොටසට ගොස් ලබාගත් ඡායාරූපයක් බව දක්වමින් පහත පරිදි පළ කර තිබුනා. වැඩිදුරටත් එම සටහන මඟින් දක්වා තිබුනේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම ක්‍රීඩකයින් සිදු කර තිබු මෙම ක්‍රියාව පිලිබඳව තරයේ අවවාද කර තිබූ බවයි.

Facebook | Archived Facebook

සියයකට අධික පිරිසක් මෙම ඡායාරුපය සඳහා අදහස් දක්වා තිබුනු අතර බොහෝ දෙනෙක් මෙය වැරදි අර්ථකතනයක් බවත් පෙන්වා දී තිබුණා. බැලුබැල්මටම වුවද ඉහත ඡායරුපයේ ආරුක්කු වැනි කොටස් 9ට වඩා ඇති ස්ථානයක් බවද පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එබැවින් අප මෙම ඡායරුපය ඇත්ත වශයෙන්ම පිහිටි ස්ථානය සහ පසුබිම් කතාව පිළිබඳව වැඩිදුරටත් කරුනු සොයා බැලීමට අප තීරණය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පලමුවෙන්ම අප දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ ඡායාරූපයක් සමග ඉහත ෆේස්බුක් සටහනේ පෙන්වා දී තිබු ඡායාරුපය සංසන්දනය කරමින් පරීක්ෂා කලා. එහිදී අපට පෙනී ගියේ මෙම ස්ථාන දෙකෙහි බාහිර පරිසරය මෙන්ම ආරුක්කු පිහිටා ඇති ආකාරය ද එකිනෙකට වෙනස් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරුපය හඳුනාගැනීමට අප එම ඡායාරූපය ගූගල් රිවර්ස් ඉමේජ් සෙවුමක් වෙත යොමු කරනු ලැබුවා. ඡායාරුප එකතුවක් වන Gettyimages වෙබ් අඩවියේ මෙම ඡායාරූපයම පහත පරිදි පළ කර තිබුණා.

එහි විස්තරයේ පැහැදිලිවම දක්වා තිබුනේ, කැරිබියන් සමූහයට අයත් St Kitts & Nevis දුපතේ Brimstone Hill නම් ස්ථානයකදී 2007 වසරේ මාර්තු මස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ඡායරුපයකට පෙනී සිටි අයුරු යනුවෙන්.

GettyImage | Archived

මෙම වෙතන් ඡායාරුප සටහන් කිහිපයක් පහතින්.

Top 12 Things To Do In Saint Kitts And Nevis 2021 - WOW Travel

WowTravel.me | Archived Viator.com | Archived

මෙම ස්ථානය අයත් Brimstone Hill Fortress National Park, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ස්ථානයක් බවයි වැඩි දුරටත් දක්වා ඇත්තේ.

එසේම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 2007 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු බවක් වාර්තා වන්නේ ද නැති අතර ඉහත ඡායාරුපය ලබාගෙන තිබුනේ බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල පැවති 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී වූ අතර ඔස්ට්‍රේලියාව මෙහි තරඟ සියල්ලම වාගේ පහසුවෙන් ජයගනිමින් ලෝක කුසලානයට හිමිකම් කීවේ, අවසන් තරඟයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින්

කොළඹ-බදුල්ල දුම්රිය ගමනේ දී හමුවන සුන්දර දෙමෝදර ආරුක්කු 9 පාලම පිළිබඳ පළවූ වීඩියෝවක් පහතින්.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව අපට තහවුරු වන්නේ දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ යට කොටසේ දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඡායාරුපයක් යනුවෙන් හුවමාරු වන්නේ කැරිබියානු දූපත් සමුහයට අයත් දූපතක් වන St Kitts & Nevis දුපතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන Brimstone Hill Fortress හිදී 2007 වසරේ ලෝක කුසලාන තරඟාවලි සංචාරය අතරතුර දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ලබාගත් ඡායාරුපයක් බවයි.

Avatar

Title:ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායාම 2007 වසරේදී දෙමෝදර පාලමේ දී ලබාගත් ඡායාරුපයක්?

Fact Check By: Pavithra Sandamali

Result: False