
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එහි නිරවද්‍ය තොරතුරු සොයා අප කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
“ජනාධිපතිතුමාගේ ඇමරිකානු සමුළුවට ගියේ තුන්දෙනයි. සමුළුවකට දස දෙනෙක් ගෙනියන්න බැරි තරමට ලංකාවේ ආර්ථිකය වැටිලා ” යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසූ බවට පුවත් ලිපියක දක්වා ඇති බව හඟවමින් පුවත් ලිපියක් ඉදිරිපත් කර තිබුණා.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

“ මිනිසුන් වෙනස් වෙමින් පවතී, ජය නියතයි බයියෝ කපොති! ” යනුවෙන් සඳහන් කරමින් ගායන ශිල්පී විශාරද අභිෂේකා විමලවීර “මිනිසුන් කෙදිනක හේ වටහා ගනීවි අනුර කුමාර දිසානායක යනු මව්බිමේ අවසන් බලාපොරොත්තුව බව ” යනුවෙන් පැවසූ බවට ඇයගේ ඡායාරූපයක්ද එක් කරමින් සටහනක් පළ කර තිබුණා.

එම සටහන සංසරණය වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link
පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් විසින් අල්ජසීරා පුවත් සේවය සමග පැවැත්වූ පුවත් සාකච්ඡාවකදී ඔහු විසින් ආදර්ශයට ගනු ලබන දේශපාලන නායකයා වන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා බවට සඳහන් උපහාසාත්මක සටහනක්ද ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ, මෙලෙසින්.

මෙම සටහන සංසරණය වී තිබූ තවත් අවස්ථාවන් මෙතනින් සහ මෙතනින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ නිරීක්ෂණය කළ අතර එවන් ප්‍රකාශයක් සඳහන් සටහනක් අපට කිසිදු පුවත්පතක හෝ දැක ගන්නට නොලැබුණි.
එමෙන්ම මෙම පුවත් ලිපිය සත්‍ය සටහනක් නම් ශීර්ෂ පාඨය පමණක් පැහැදිලිව පෙනෙන සේ දක්වා පුවත් ලිපිය බොඳ කරමින් දැක්වීමෙන්ම මෙම පුවත සංස්කරණය කොට ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බවට උපකල්පනය කළ හැක.
කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් ජවිපෙ මාධ්‍ය ලේකම් උපුල් රංජිත් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එවන් ප්‍රකාශයක් අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු නොකළ බවයි.
පසුගිය සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී පැවති එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විදේශ අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන අය සහ අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික වියදමින් සංචාරයට එක් වූවා.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වූවා ඒ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් පළ කළ නිවේදනය මෙතනින්.
ගායන ශිල්පී විශාරද අභිෂේකා විමලවීර විසින් “මිනිසුන් කෙදිනක හේ වටහා ගනීවි අනුර කුමාර දිසානායක යනු මව්බිමේ අවසන් බලාපොරොත්තුව බව ” සඳහන් කළ ඇති බවට පවසමින් දක්වා තිබූ සටහන් සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ, කිසිදු අපේක්ෂකයෙක් වෙනුවෙන් කිසිම ස්ථානයක මෙවැනි ප්‍රකාශයක් නොකළ බවයි.

අප මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවල එවන් ප්‍රකාශයක් ඇය විසින් සිදු කළාද යන්න පිළිබඳ නිරීක්ෂණය කළ අතර ඇය විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොතිබුණි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
පාකිස්ථානු අගමැති විසින් අනුර කුමාර දිසානායක අළලා සඳහනක් කර තිබු බවක් වාර්තා වන්නේ නැති අතර මෙය හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කර තිබු සටහන් පෙළකි. එමෙන්ම ‘මීට කලින් දැකලා නෑ තමයි’ යන ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම සටහන නිර්මාණය කළ බවට හැඟවීමට එහි ආකෘතියක් යොදාගෙන මෙම සටහන් නිර්මාණය කර ඇති බවත්, මෙම ෆේස්බුක් පිටුවේ මෙවන් සටහනක් පළ නොකළ බවත් ‘මීට කලින් දැකලා නෑ තමයි’ ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයා ද අපට පවසා සිටියා.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් තහවුරු කළ හැක්කේ අනුර කුමාර දිසානායක මහතා හා ගායන ශිල්පී අභිෂේකා විමලවීර විසින් ජවිපෙ නායක සම්බන්ධයෙන් සිදුකළා යැයි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සඳහන් සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි.

Title:අනුර කුමාර දිසානායක යනු මව්බිමේ අවසන් බලාපොරොත්තුව බවට අභිෂේකා පැවසුවාද?
Fact Check By: Pavithra SandamaliResult: False
