
මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද, අවධානය වැඩි වශයෙන් හිමි වන කරුණක් වන්නේ දූෂිත දේශපාලනඥයන් කවුරුන්ද යන්න වග හා ඔවුන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳ තොරතුරු වෙතයි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද, ලොව දූෂිතම අගමැතිවරුන් 05 දෙනා අතර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“ලෝකයේ දූෂිතම අගමැතිවරුන් 5 දෙනා අතර ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ. අපෙන් සුබ පැතුම්.. ” යනුවෙන් සටහනක් ෆේස්බුක් වෙත එක් කර තිබුණේ මෙලෙසින්.

මීට වසර දෙකකට පෙර පළකර තිබු ඉහත සටහන, මේ වන විට අට දහසකුත් ඉක්මවා ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබූ අතර මේ වන දිනවල නැවතත් එම සටහන සංසරණය වන අයුරු අපට මෙලෙසින් දැක ගන්නට ලැබුණා.
ෆේස්බුක් පරිශීලකයින් අතර මෙම සටහන සංසරණය වී තිබූ අයුරු පහතින්.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් 5 දෙනා අතර සිටිනවාද යන්න අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
මෙම සටහන ප්‍රථමයෙන්ම සංසරණය වී තිබුණේ 2019 වර්ෂයේ ජනවාරි බැවින් එම කාල වකවාණුවේ මෙලෙසින් ලෝකයේ දූෂිතම අගමැතිවරුන් කවුරුන්ද යන්න නිල දර්ශකයක් ඉදිරිපත් වී තිබේද යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.
“ලෝකයේ දූෂිතම අගමැතිවරුන්” ලෙස නිල වශයෙන් පිළිගත හැකි ජාත්‍යන්තර ආයතනයකින් හෝ, නිල පුවත් වෙබ් අඩවියකින් හෝ සංවිධානයක් විසින් නිකුත් කළ දර්ශකයක් නොමැති බවට අපට විමර්ශනය විය.
නමුත් 2017 වර්ෂයේදී ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) රටවල් 50කට වැඩි දේශපාලනඥයන් 140 කගේ මිලියන 11.5 ක රහස් ලිපිගොනු තුළ සැඟවී ඇති අක්වෙරළ සමාගම් 21 ක බදු-ආවරණ සම්බන්ධයෙන් හෙළි කළ පැනමා ලේඛන වල සඳහන් වී තිබූ දේශපාලනඥයින් අතරින් අගමැති ධුරය හෙබවූ සහ හොබවන දේශපාලනඥයින්ගේ නම් ද සඳහන් වී තිබුණද, මෙරට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එහි සඳහන් වී නොතිබිණි. එමෙන්ම මෙරට කිසිදු දේශපාලනඥයෙකුගේ නම එම වර්ෂයේ එහි සඳහන් නොවුණි.

නමුත් 2021 වර්ෂයේදී හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය, මුල්‍ය ගනුදෙනු සහ අපරාධ යනාදිය ඇතුළත් බව පැවසෙන පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම සඳහන් වී තිබුණේ මෙලෙසින්. Archived Link
Also Read : පැන්ඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව බැසිල් පැවසුවාද ?
Goal of Business නමැති වෙබ් අඩවියක් විසින් මේ වර්ෂයේ (2022) පළ කරන ලද “2022 ලෝකයේ දූෂිතම අගමැතිවරුන් 10” සම්බන්ධයෙන් වෙබ් වාර්තාවක් පළ කර තිබුණු අතර BBC ය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් එම 10 දෙනා නම් කර ඇති බවට සඳහන් කර තිබුණේ මෙලෙසින්.
එම 10 දෙනා අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නම ද 07 වන ස්ථානයට සඳහන් වී තිබුණේ මෙලෙසින්. නමුත් එම 10 දෙනා අතර ද රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් නොවුණි.

නමුත් මෙම වාර්තාවද අසත්‍ය වන්නේ BBC නිල පුවත් වෙබ් අඩවිය විසින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් බවට අඟවමින් වෙනත් නිල නොලත් වෙබ් අඩවියක් විසින් ඉහත නම් ලැයිස්තුව නිල නොලත් වාර්තාවක් බවට ඉන්දීය වෙබ් අඩවි වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
එසේම දූෂණයට එරෙහි ගෝලීය සන්ධානයක් වන Transparency International සංවිධානයේ වෙබ් අඩවියේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ නම දූෂිතම දේශපාලකයින්ගේ නමක් වශයෙන් නම් කර තිබුණේ නැත.
කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් එම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයෙන් ද තොරතුරු විමසා ඇති අතර පිළිතුරු ලැබුණු වහාම එම තොරතුරු ඇතුළත් කොට මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
ඒ අනුව පැහැදිලි වනු ලබන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 05 වන ස්ථානය ලබා ඇති බවට කිසිදු නිල දර්ශකයක සඳහන් නොවී ඇති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය):
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් 05 දෙනා අතර සිටින බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නිල නොලත් තොරතුරක් බවයි. ලොව දූෂිතම අගමැතිවරුන් 05 දෙනා යනුවෙන් නිල දර්ශකයක් මෙතෙක් කිසිදු පිළිගත හැකි සංවිධානයකින් හෝ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකින් හෝ ඉදිරිපත් කර නොමැති අතර මෙතෙක් නිල සංවිධානයන් මගින් දූෂිතම දේශපාලනඥයින් පිළිබඳ හෙළිකරන ලද නම් අතරින්ද මෙරට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් වී තිබුනේ ද නැත.
Also Read:
ACT CHECK: ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් 4 අතරට පත්වුණා ද?

Title:රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 05 වන ස්ථානයේ?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
