ISIS මඟින් ඒඩ්ස් ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් ලෙස, සමාජය බිය ගන්වමින් හුවමාරු වන ව්‍යාජ පණිවුඩ වලට රැවටෙන්න එපා!

Misleading Social

ISIS ත්‍රස්තවාදී සංවිධානය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. ඉන් සමහරක් ප්‍රචාර නොමග යවන සුලුයි.මේ එවැනි ප්‍රචාරයක් පිළිබදව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

Whatsapp හරහා මේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වන හඩ පටියක් මගින් කියැවෙන්නේ ISIS සංවිධානය මගින් ශ්‍රී ලාංකිකයන්ට ඒඩ්ස් වෛරසය ඇතුලු කිරීම සදහා උපක්‍රමශීලී වැඩපිළිවෙලක් දියත්කර ඇති බවයි. ඒ අනුව රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයන් ලෙස නිවෙස්වලට පැමිණෙන ඔවුන් ලෙඩ රෝග හදුනා ගැනීම සදහා රුධිර සාම්පල ලබාගන්නා මුවාවෙන් රුධිර සාම්පල ලබාගැනීම සදහා භාවිතා කරන උපකරණ මගින් HIV වෛරසය ශරීරයට ඇතුලු කරන බවයි අදාළ හඩ පටිය මගින් කියැවෙන්නේ .මේ එම හඩ පටියයි.

මේ සම්බන්ධව ඇති සමාජ ජාලා සටහන් පරීක්ෂා කළ විට මෙම හඩ පටයේ කියැවෙන කරුණු අන්තර්ගත ෆේස්බුක් සටහන් මීට  වසර කිහිපයකට පෙර ෆේස්බුක් හරහා ව්‍යාප්තව පැවති බවත් නිරීක්ෂණය කිරීමට අපට හැකි වුණා. 

Facebook | Archived

මෙම කරුණ සම්බන්ධයෙන් ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

මුලින්ම අප සිදුකළේ මෙවැනි සිදුවීම් සම්බන්ධව මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇතිද යන කාරණයයි.කෙසේ වෙතත් එවැනි මාධ්‍ය වාර්තාවක් දැක ගැනීමට හැකිවුණේ නැහැ.

ඉන් අනතුරුව අප විමසා බැලුවේ හඩ පටියේ සදහන් ආකාරයට රුධිරය පරීක්ෂා කිරීම ආදිය මගින් ඒඩ්ස් රෝගය ශරීරගත කළ හැකිද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැනි ආකාරයෙන් එන්නත් කටු, සිරිංජර ආදිය මගින් වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවයි.ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived

මීට අමතරව HIV/AIDS එක රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම ගණනාවක් පවතින අතර ඒ  ඇතුළු කරුණු රැසක් අඩංගු අපගේ කරුණු පරීක්ෂාවක් පහතින්.

Also Read: කෙසෙල් ගෙඩි වලට HIV/AIDs ආසාදිත රුධිරය එන්නත් කර තිබුනාද?

ශ්‍රී ලංකා පොලීසිය මෙම නිවේදන තරයේ ප්‍රතික්ෂේප කරයි

කෙසේ වෙතත්, හඩ පටයේ සහ සමාජ ජාලා සටහන් වල සදහන් ආකාරයට ISIS සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් විසින් ලංකාව තුළ මේ ආකාරයට ඒඩ්ස් පැතිරවීමක් පිළිබදව සූදානමක් පවතීද ,එසේ සිදු කර ඇද්ද ? මේ පිළිබදව අප විමසා බැලුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ගෙන්. ඔහු අවධාරණය කර සිටියේ ලංකාව තුළ මෙවන් සිදුවීමක් සිදුව ඇති බවට තොරතුරක් වාර්තා නොවන බවයි.

එමෙන්ම ISIS සංවිධානය ලංකාව තුළ මෙවන් ක්‍රියාවලියක් සිදු කිරීමට උත්සාහ දරන බවට හෝ වාර්තාවක් මෙතෙක් බුද්ධි අංශ වලට ලැබී නොමැති බවත් ඔහු පැවසුවා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මෙවැනි ක්‍රියාවලියක් සම්බන්ධ සමාජ ජාලා සටහන් මීට වසර කිහිපයකට පෙරත් සමාජ ජාලා හරහා හුවමරු වූ අතර මේ දිනවල නැවතත් හුවමාරුවීමට පටන්ගෙන ඇත්තේ එම සටහන්වල දිගුවක් බවයි.

මේ හා සමාන සමාජ ජාලා සටහන් විවිධ රටවල විවිධ භාෂාවලින් මීට පෙර ද හුවමාරු වී තිබු අතර ඒ සම්බන්ධයෙන් වෙනත් කරුණු විමර්ශන කණ්ඩායම් රැසක් ද වසර කිහිපයක සිටම විමර්ශන සිදුකර තිබු අතර ඉංග්‍රීසි බසින් සිදු කළ තොරතුරු සොයා බැලීමක් මෙතනින් .Archived.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ISIS සංවිධානය මගින් රුධිර පරීක්ෂණ කරන මුවාවෙන් ලංකාව තුළ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත කරන බවට සමාජ ජාලා වල පළවන සටහන් සහ හඩපට ව්‍යාජ සහ අසත්‍ය බවයි. දැනට වසර කිහිපයකට පෙර සිට සමාජ ජාලා හරහා ව්‍යාප්තවන මෙම සටහන්වල සදහන් කරුණු සම්බන්ධ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් බුද්ධි අංශවලට මෙතෙක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද තහවුරු කළා. 

Also Read: FACT CHECK: ISIS සංවිධානයට අයත් Interschool නම් WhatsApp සමූහයක්?

Avatar

Title:ISIS මඟින් ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් ?

Fact Check By: Kalana Krishantha 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *