කෙසෙල් කොළ වලින් බත් එතීම අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන් සතු පුරුද්දක්. පාරම්පරිකව පැවත එන එම පුරුදු සතුව යම් යම් වටිනාකම් සහ අරුත් පවතිනවා. මේ සම්බන්ධයෙන් සමාජය තුළ ද නිරන්තරනම සංවාදයට ලක්වෙනවා. සමාජ ජාලා මාධ්‍ය වලද සාම්ප්‍රදායික පුරුදු පිලිබදව නිතර පෝස්ටු හුවමාරුවනවා. එම සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. මේ , කෙසෙල් කොළ වල බත් එතීම සම්බන්ධයෙන් පළවූ එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසුමක්.

සමාජ ජාලා සටහන්

කෙසෙල් කොළයේ බත් එතීම මගින්, එහි ඇති ඉටි දියවී බත්වලට එකතුවීම මගින් බත්වලට අමුතු සුවදක් සහ රසක් එකතුවන බව සහ කෙසෙල් කොලයේ ඇති විවිධ පෝෂණ සංඝටක ද බත්වලට එකතුවන බව සදහන් සමාජ ජාලා සටහන් මේ දිනවල සදහන් වන ආකාරයක් අපට දක්නට ලැබුණා.

Facebook | Archived

කෙසෙල් කොළයේ බත් එතීම සම්බන්ධයෙන් දැනට ටික කලකට ඉහත පළවුණු සමාජ ජාලා සටහනක් පහතින්.

Facebook | Archived

මෙම සමාජ ජාලා සටහන් පෙලේ ආරම්භය ලෙස සැලකිය හැකි සමාජ ජාලා සටහනක් 2020 වසරේදී පළව තිබුණේ මෙලෙසින්. Facebook | Archived

මෙම සටහන් ෆේස්බුක් හරහා ව්‍යාප්තව පැවතියේ මේ ආකාරයෙන් .

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම කෙසෙල් කොළයේ ආහාර ද්‍රව්‍ය බැදීම හා සම්බන්ධ ව කරුණු ඇතුලත් පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පිලිබදව සොයා බැලුවා.

එහිදී අපට දැක ගන්නට ලැබුණේ කෙසෙල් කොළයේ ආහාර ද්‍රව්‍ය එතීම ලංකාවට පමණක් සිමා වුවක් නොව වෙනත් රටවලද භාවිතා කරන බවයි. කෙසේ වෙතත් නාගරීකරණය හා සමගම කෙසෙල් කොළ සපයාගැනීමේ දුෂ්කරතා නිසා ජනතාව පොලිතින් ආදී කෘතීම ආදේශක වෙත යොමුව තිබෙනවා.නමුත් කෙසෙල් කොළ මෙන් භාවිතයෙන් ඉවත්කළ පසු ස්වාභාවික ජීරණ ක්‍රියාවලියකට ලක්නොවන නිසා පොලිතින් භාවිතය නිසා ගැටළු පැනනගි තිබෙනවා.කෙසෙල් කොලවල ස්වාභාවික ඉටි වැස්මක් පවතින බව සත්‍යයක්.එම නිසා එය ජල ප්‍රතිරෝධිව ක්‍රියා කරනවා.සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයකදී වුවත් මෙම ඉටි ස්තරය ආහාර සමග අහිතකර රසායනික ප්‍රතික්‍රියාවලට ලක්වෙන්නේ නැහැ.ආසියාතික රටක් වන මැලේසියාවේ ආහාර වර්ග එතීම සදහා කෙසෙල් කොළ භාවිතා කිරීම සම්බන්ධයෙන් පලවූ සටහනකට පිවිසිය හැකියි මෙතනින්.Archived

අපි ඉන් අනතුරුව  අවධානය යොමු කලේ කෙසෙල් කොළයේ ඇති ඉටි ස්ථරය දියවී ඒවා බත් සමග මිශ්‍ර වන බවට සහ ඒ නිසාම කෑම වලට අමුතු සුවදක් සහ රසයක් ලැබෙන බවට පළවන සමාජ ජාලා සටහන පිලිබදවයි.එහිදී අපට දැක ගන්නට ලැබුණේ ඉටි ස්ථරය එසේ දියවීමට හැකියාවක් නොමැති බවයි.මක්නිසාද යත් කෙසෙල් කොළයේ පවතින ඉටි වල ද්‍රවාංකය සෙල්සියස් අංශක 78-82 අතර පරාසයක විහිදිමයි.නමුත් සාමාන්‍යයෙන් ආහාරවල උෂ්ණත්වය ඊට වඩා අඩු අගයක් ගන්නවා.කෙසෙල් කොළයේ ඇති ඉටි වල ද්‍රවාංකය ඇතුලු විස්තර ඇතුලත් පර්යේෂණ වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින්.Archived

ඉන් අනතුරුව අප කෙසෙල් කොළයේ පවතින බවට සදහන් වන පෝෂ්‍ය සංඝටක පිලිබදව අවධානය යොමු කළා.

කෙසෙල් කොලවල ඉහත ලිපියේ දැක්වෙන ආකාරයේ විවිධ පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත බව විවිධ වෙබ් අඩවිවල ලිපිවල සදහන් බව අප නිරීක්ෂණය කළා.එම ලිපියක් කියවිය හැකියි මෙතනින්.Archived

නමුත් කෙසෙල් කොළයේ බත් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය එතීම හරහා මෙම පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරයට උරාගන්නා බවක් මේ කිසිදු පිළිගත හැකි වෙබ් අඩවියක දක්නට ලැබෙන්නේ නැහැ.

එමෙන්ම කෙසෙල් කොළ වල පෝෂ්‍ය සංඝටක වලට අමතරව කැරොටිඩ් අම්ලය ආදිය අන්තර්ගත සමහර පර්යේෂණ පත්‍රිකාවල දැක්වෙනවා.ඒවායෙහි සදහන්ව ඇත්තේ කෙසෙල් ශාඛයේ අනෙකුත් කොටස්වලද මෙම සංඝටක පවතින බවයි.එවන් පර්යේෂණ පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්. Archived

නමුත් මේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක කෙසෙල් කොළේ ආහාර ඔතාගත් පමණින් එහි අඩංගු පෝෂ්‍ය සංඝටක ශරීරයට අවශෝෂණය වන බවක් සදහන් වන්නේ නැහැ.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා අප ශ්‍රී ලංකා පෝෂණ වේදීන්ගේ සංගමයේ උප සභාපති මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර සමග සම්බන්ධවී ඔහුගේ අදහස් විමසා සිටියා.

මහාචාර්යවරයා පැවසුවේ කෙසෙල් කොළයේ ඉටි වැස්මක් පවතින බව සත්‍යයක් බවයි. මෙවැනි ඉටි වැස්මක් සහිත වෙනත් ශාකද ඇති බවත් ඔහු පැවසුවා. එමෙන්ම කෙසෙල් කොළයේ පෝෂ්‍ය සංඝටක පවතින බවට පළවන සටහනද නිවැරදි බව පැවසුවා.නමුත් වෙනත් බොහෝ ශාක පත්‍රවලද මේවා පවතින බවයි ඔහු අවධාරණය කළේ .එහෙත් කෙසෙල් කොළයේ පවතින සංඝටක , එහි ඔතන ලද ආහාර අනුභවය තුලින් ශරීරයට අවශෝසනය කර ගන්නා බව පැවතීම අතිශයෝක්තියක් බවයි ඔහුගේ අදහස.කෙසෙල් කොළයේ පමණක් නොව මෙම සංඝටක වෙනත් බොහෝ ශාක පත්‍ර වල ඇති බවත් ඔහු පැවසුවා.ජාල ප්‍රතිරෝධක ඉටි ස්ථරය නිසා ආහාර අසුරණය සදහා කෙසෙල් කොළ සුදුසු බව පැවසුවද , සමාජ ජාලා සටහනේ ඇති අනෙත් තොරතුරු නොමග යවන සුලු බව මහාචාර්යවරයා පැවසුවා.

“කෙසෙල් කොළයේ පිළිකා නාශක ඇති බව පවා කිසියම් කෙනෙක්ට පවසන්න පුළුවන්.මොකද බොහෝ ශාක පත්‍ර වල එවැනි සංඝටක පවතිනවා.නමුත් කෙසෙල් කොළයේ ආහාර එතීම මගින් පිළිකා සුවවෙනවා වැනි අදහසක් පැවසීම නොමගයන සුලුයි.”, ඔහු පැවසුවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරුවූ කාරණය වන්නේ කෙසෙල් කොළයේ සත්‍ය වශයෙන්ම ඉටි ස්ථරයක් පවතින බවයි.නමුත් එහි ආහාර එතු පමණින් සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ ඉටි ස්ථරය දියවන්නේ නැත.ඒ සදහා සෙල්සියස් අංශක 80 ක පමණ ඉහල උෂ්ණත්වයක් අවැසියි .එමෙන්ම කෙසෙල් කොලවල පවතින පෝෂ්‍ය පදාර්ථ සහ අනෙකුත් සංඝටක ඔතන ආහාරයට අවශෝසනය කරගන්නා බවට වන සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවායි.පෝෂනවේදය ගැන ප්‍රවීනයන් පවසන්නේ මෙතෙක් කරන ලද විද්‍යාත්මක පර්යේෂණ අනුව එවැනි තොරතුරු තහවුරුව නොමැති බවයි.

Avatar

Title:කෙසෙල් කොළ වලින් බත් එතීම ගැන පළවන නොමග යවන සුලු සටහන් පෙළක්!!

Fact Check By: Kalana Krishantha

Result: Misleading