ඩොලර් මිලියන 2.5 ක සිදුවූ සයිබර් වංචාව ගැන සොයන්න අමෙරිකානු FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඕස්ට්රේලියානු රජයට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5 ක මුදලක් සහ එක්සත් ජනපද තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ ඩොලර් හය ලක්ෂයකට අධික මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් වෙනත් ගිණුම් වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා සහාය වීමට, එෆ්.බී.අයි නියෝජිතයන් පිරිසක් මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණා. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Facebook

පුවත් වෙබ් අඩවි ද මේ ගැන වාර්තා කර තිබුනේ මෙලෙසින්.

ඒ අනුව, මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

ශ්‍රී ලංකා භාණ්ඩාගාර අරමුදල්වලින් සිදුව තිබු ඩොලර් මිලියන 2.5ක සොරකම සහ US POST වෙත ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන් වීම, යන කරුණු දෙකේදීම සිදුවී ඇති සයිබර් සොරකම් විමර්ශනය කිරීම සඳහා, පළාත් පාලන ආයතනවලට සහාය වීමට එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් Daily Mirror පුවත්පතට පැවසූ බවට ඔවුන් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය

මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අප මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ලංකා මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් සයිබර් ප්‍රහාරයකින් සොරකම් කිරීමේ සිද්ධියට අමෙරිකානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණය මත FBI ආයතනය තාක්ෂණික සහය ලබා දීමට එකඟ වී ඇති බව සත‍්‍ය නමුත්, විශේෂ FBI කණ්ඩායමක් මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණ නැති බවයි. 

ජාත්‍යන්තර මට්ටමින් අපරාධ විමර්ශන සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලවල FBI නීති අනුයුක්තිකයෙකු (Legal Attaché) සේවය කරන බව ත්, ඔවුන් සිය නිවේදනයේ වැඩි දුරත් සඳහන් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්

එනම්, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිටින FBI Legal Attaché, ස්ථිර නිලධාරියෙකු ලෙස ජාත්‍යන්තර සයිබර් අපරාධ, මූල්‍ය වංචා ආදී ක්ෂේත්‍රවලදී ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධීකරණය කරයි. FBI International Operations — Legat

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබුණේ දැනට විමර්ශන සිදුවෙමින් පවතින මේ ආකාරයේ කාරණා පිලිබඳ වාර්තා කිරීමේ දී නිශ්චිත කරුණු දැක්වීම ඉතා වැදගත් බවයි.

Daily Mirror විසින් ද ඇ.එ.ජ. තානාපති කාරියාලයේ ප්‍රතිචාරය Daily Mirror — US Embassy Responds (May 23) ලෙස ද පසුව ප්‍රකාශයට පත්කර තිබුණා.‍ෙ

ඩොලර් මිලියන 2.5ක සොරකම සහ තැපැල් වංචාව 

ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවීමට නියමිතව තිබු ණය වාරික මුදලක්, අදාළ පාර්ශවය හැර, වෙනත් පාර්ශවයකගේ ගිණුමකට බැර කරමින්, මුදල් අමාත්‍යංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ඔස්සේ සිදුවූ දැවැන්ත ඩිජිටල් මූල්‍ය වංචාව සම්බන්ධයෙන්, මහ බැංකුවේ අධීක්ෂණය ගැන සිදුකළ පැනයකට, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අදහස් දක්වන්නේ මෙලෙසින්

තවද මෙම ඩොලර් මිලියන 2.5ක මුදලට අමතරව, ඇමෙරිකානු තැපැල් බලධාරීන් (US POST) වෙත, වසර දෙකක කාලයක් පුරාවට ගෙවීමට නියමිතව තිබූ තවත් ඩොලර් 625,000ක මුදලක්ද සයිබර් අපරාධකරුවන් විසින් සොරකම් කිරීමේ සිදුවීමක් පිළිබඳව මෑතක දී අනාවරණය වුණා.

මෙම සිදුවීම් දෙකම සම්බන්ධයෙන් ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපර්තන්මේන්තු,  SL CERT ඇතුළු ආයතන, විදෙස් විශේෂඥ කණ්ඩායම් සමඟ එක්ව විමර්ශන සිදුකරමින් පවතියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

ශ්‍රී ලංකා මහා භාණ්ඩාාගාරයෙන් ඩොලර් මිලියන 2.5කට අධික මුදලක් සයිබර් ප්‍රහාරයකින් සොරකම් කිරීම සම්බන්ධයෙන්,  FBI සහය පතමින් සිටින බව සත්‍ය වුවද, ඒ සඳහා විශේෂ FBI කණ්ඩායමක් ලංකාවට පැමිණි බවට වූ වාර්තා අසත්‍ය බව අමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කරයි. තානාපති කාර්යාලයේ සිටින නිල FBI නීති අනුයුක්තිකයන් (Legal Attaché) හරහා විමර්ශන කටයුතු සිදු වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

Result Stamp

Title: ඩොලර් මිලියන 2.5 ක සිදුවූ සයිබර් වංචාව ගැන සොයන්න අමෙරිකානු FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *