වෙනිසියුලාවට බලපෑ භූමිකම්පාවේ වීඩියෝ ලෙස හුවමාරු වන නොමග යවන සුළු වීඩියෝ! 

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2026 ජූනි 24 බදාදා දිනයේ වෙනිසියුලාවට බලපෑ ප්‍රබල ද්විත්ව භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,430කට වැඩි පිරිසක් මියගොස් තවත් 5,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙම ආපදා තත්ත්වය හමුවේ නිවාස හා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩා වැටීම හේතුවෙන් හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ. මේ අතර වෙනිසියුලාවේ ඇති වූ භූමිකම්පාවෙන් සිදුවූ හානි ලෙස දක්වමින් නොමඟ යවන සුළු වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ අතර එවැනි වීඩියෝ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

Claim 1

සමාජ මාධ් සටහන් (Social Media Posts :

වෙනිසියුලාවේ භූමි කම්පනයේ දර්ශන ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්

Facebook  

Fact check (කරුණු විමර්ශනය කිරීම):

සමාජ මාධ්‍ය ඔස්සේ වෙනිසියුලාවට බලපෑ භූමිකම්පාව අවස්ථාවේදී සිදු වූ සිදුවීමක් ලෙස දක්වා ඇති ඉහත වීඩියෝව වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පාව අවස්ථාවේදී සිදුවූවක් ලෙස දක්වමින් කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් විසින් හෝ නිල මූලාශ්‍රයක් විසින් වාර්තා කර තිබුණේ නැහැ. ඒ හේතුවෙන් අප විසින් Reverse Image යෙදුමක් ඔස්සේ මෙම වීඩියෝවේ දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ මෙම වීඩියෝව 2025 මාර්තු 28 සහ 29 දිනවලදී මුල්වරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවයි. 

2025 මාර්තු 25 දින Instagram ගිණුමක් ඔස්සේ අදාල වීඩියෝව පල කර තිබුණේ, මියන්මාරයට ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බවත්, CNN පුවත් සේවයට අනුව, බැංකොක්හි චතුචක් උද්‍යානයේ (Chatuchak Park) කඩා වැටුණු ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයින් 50 දෙනෙකු සිට ඇති බව හදිසි අනතුරු සේවා පවසන බවත් දක්වමින් ය.

2025 මාර්තු 28 වනදා මියන්මාරයේ සිදුවූ මැග්නිටියුඩ් 7.7 ක ප්‍රබල භූමිකම්පාව

අදාළ සිදුවීම 2025 මාර්තු 28 වනදා මියන්මාරයේ සිදුවූ මැග්නිටියුඩ් 7.7 ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ගොඩනැගිල්ලක උඩුමහලේ තිබූ දොඹකරයක් කඩා වැටෙන අවස්ථාවක් බව දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.ගොඩනැගිල්ල අධික ලෙස සෙලවීම නිසා එහි ඉහළම මහලේ පිහිටි පිහිනුම් තටාකයේ තිබූ ජලය පහළට ගලා හැලෙන ආකාරයද වීඩියෝ දර්ශනවල සටහන් වී තිබුණා.

මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව පැහැදිලි වන්නේ අදාළ වීඩියෝව මෑතකදී වැනි සිවුලාවට බලපෑ භූමිකම්පාව අවස්ථාවේ සිදුවූවක් නොව, 2025 මාර්තු 28 දින මියන්මාරයේ සිදු වූ භූමිකම්පාව අවස්ථාවේ වීඩියෝවක් බවයි.

Claim 2

සමාජ මාධ් සටහන් (Social Media Posts :

Facebook  

Fact check (කරුණු විමර්ශනය කිරීම):

ඉහත වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ  2023 වර්ෂයේ සිට හුවමාරු වී ඇත

සමාජ මාධ්‍ය ඔස්සේ වෙනිසියුලාවට බලපෑ භූමිකම්පාව අවස්ථාවේදී සිදු වූ සිදුවීමක් ලෙස දක්වා ඇති ඉහත වීඩියෝව වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පාව අවස්ථාවේදී සිදුවූවක් ලෙස දක්වමින් කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් විසින් හෝ නිල මූලාශ්‍රයක් විසින් වාර්තා කර තිබුණේ නැහැ. ඒ හේතුවෙන් අප විසින් Reverse Image යෙදුමක් ඔස්සේ මෙම වීඩියෝවේ දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ  2023 වර්ෂයේ සිට හුවමාරු වී ඇති බවයි. 

2023 පෙබරවාරි 6 වනදා තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් අවස්ථාවක වීඩියෝවක් බව දක්වමින් අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. 

Facebook

2023 වර්ෂයේදී හුවමාරු වී තිබූ වීඩියෝ මෙතනින්, මෙතනින්, මෙතනින්

2023 වර්ෂයේ පෙබරවාරි 06 තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාවක්

2023 වර්ෂයේ පෙබරවාරි 06 තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් Sanliurfa නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටෙන අවස්ථාවක් බව දක්වමින් අදාළ වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. 

රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයකින් යුත් තුර්කියට සහ සිරියාවට බලපෑ එම භූමිකම්පාව හේතුවෙන් තුර්කිය පුරා ගොඩනැගිලි දහස් ගණනක් මෙලෙස තත්පර කිහිපයකින් කඩා වැටී සුන්බුන් බවට පත් වී ඇත. මෙම භූමිකම්පා මාලාව හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයන් 55,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වී තිබේ. 

වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව පැහැදිලි වන්නේ අදාළ වීඩියෝව මෑතකදී වැනි සිවුලාවට බලපෑ භූමිකම්පාව අවස්ථාවේ සිදුවූවක් නොව, 2023 වර්ෂයේ පෙබරවාරි 06 තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාව අවස්ථාවේ වීඩියෝවක් බවයි.

Claim 3

සමාජ මාධ් සටහන් (Social Media Posts :

Facebook  

Fact check (කරුණු විමර්ශනය කිරීම):

සමාජ මාධ්‍ය ඔස්සේ වෙනිසියුලාවට බලපෑ භූමිකම්පාව අවස්ථාවේදී සිදු වූ සිදුවීමක් ලෙස දක්වා ඇති ඉහත වීඩියෝව වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පාව අවස්ථාවේදී සිදුවූවක් ලෙස දක්වමින් හෝ නිල මූලාශ්‍රයක් විසින් වාර්තා කර තිබුණේ නැහැ. ඒ හේතුවෙන් අප විසින් Reverse Image යෙදුමක් ඔස්සේ මෙම වීඩියෝවේ දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ  2024,2025 වර්ෂවලද හුවමාරු වී ඇති බවයි. 

පසුගිය වර්ෂ වලදී ඇතිවූ විවිධ භූමිකම්පාව අවස්ථාවන්හිදී අදාළ වීඩියෝව එම අවස්ථාවන්ට අදාළ වීඩියෝවක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ සටහන් මෙතනින්, සහ මෙතනින්.

ජාත්‍යන්තර මාධ්‍යයක් හෝ නිල මූලාශ්‍රයක් විසින් පළ කර නැත.

කෙසේ නමුත් කිසිදු විශ්වසනීය ජාත්‍යන්තර මාධ්‍යයක් හෝ නිල මූලාශ්‍රයක් විසින් අදාල වීඩියෝව නිශ්චිත සිදුවීමකට අදාළ වීඩියෝවක් ලෙස තහවුරු කරමින් පල කර ඇති බවක් දැකගන්නට ලැබුණේ නැහැ.

කෘතිම බුද්ධි ඔස්සේ නිර්මාණය කරන ලද්දක්

අදාළ වීඩියෝව සමීපව නිරීක්ෂණය කිරීමේදී  සැබෑ ගොඩනැගිල්ලක් කඩාවැටෙන අවස්ථාවකට වඩා එහි යම් කෘත්‍රිම බවක් නිරීක්ෂණය වේ.වීඩියෝවේ නිරීක්ෂණය වන ආකාරයට එහි ඇති ගොඩනැගිලි දෙක  අස්වාභාවික ලෙස නැමෙන ස්වභාවයක් නිරීක්ෂණය වන අතර කොන්ක්‍රීට් වලින් සාදන ලද සැබෑ ගොඩනැගිල්ලක් කඩා වැටීමට පෙර රබර් මෙන් නැමෙන්නේ නැත. ගොඩනැගිලි සුන්බුන්ද ව්‍යාජ ලෙස පෙනේ. දැවැන්ත ගොඩනැගිල්ලක් කඩාවැටීමේදී අවට පරිසරය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය වීඩියෝව තුළ නිරීක්‍ෂණය කළ නොහැකිය. 

එබැවින් අප විසින් එම වීඩියෝවේ දර්ශන කෘතිම බුද්ධි පරීක්‍ෂා කිරීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කරනු ලැබුවා. එහිදී අනාවරණය වූයේ අදාළ වීඩියෝව කෘතිම බුද්ධි ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.

වෙනිසියුලාව කැළඹූ ප්‍රබල භූමිකම්පා මාලාවෙන් මරණ 1,700 ඉක්මවයි. 

වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරය ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූමිකම්පා ද්විත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1,719 දෙනෙකු මියගොස්, 5,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව නිල ජාත්‍යන්තර වාර්තා වාර්තා කරයි. තත්පර 39ක කෙටි කාල පරාසයක් තුළ රික්ටර් මාපකයේ 7.2ක් සහ 7.5ක් ලෙස සටහන් වූ මෙම ද්විත්ව භූමිකම්පාවෙන් වෙනිසියුලානු අගනුවර වන කරකාස් සහ ලා ගුයිරා ප්‍රාන්ත ඇතුළු නගර රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇත.  කලාපයේ ගොඩනැගිලි 58,000කට පමණ විවිධ මට්ටමේ හානි සිදුවී ඇති අතර, ඉන් ගොඩනැගිලි 2,500කට අධික ප්‍රමාණයක්  බරපතල ලෙස විනාශ වී තිබේ.

මෙම ආපදා තත්ත්වය හමුවේ වෙනිසියුලානු රජය රට පුරා හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, විදුලි බලය, සන්නිවේදන සේවා සහ පිරිසිදු ජල සැපයුම මුළුමනින්ම පාහේ අඩාල වී ඇත. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ලොව පුරා රටවල් 27ක ගලවා ගැනීමේ කණ්ඩායම් වෙනිසියුලාව වෙත ළඟා වී සිටිති. කඩා වැටුණු සුන්බුන් අතර තවමත් දහස් සංඛ්‍යාත පිරිසක් සිරවී හෝ අතුරුදන්ව සිටින බැවින්, ජීවිත බේරා ගැනීමේ හදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මේ වන විට විපතට පත් ජනතාව සඳහා තාවකාලික නවාතැන්, හදිසි වෛද්‍ය ආධාර සහ ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම කඩිනම් කර ඇතත්, පවතින සුන්බුන් සහ යටිතල පහසුකම් බිඳ වැටීම හේතුවෙන් සහන සේවා සැපයීමට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෑත කාලීනව වාර්තා වූ වෙනිසියුලාවේ භූමිකම්පාවට අදාළ වීඩියෝ පට ලෙස හුවමාරු වන ඉහත වීඩියෝ පට සැබෑ ලෙසම වෙනිසියුලාවේ භූමිකම්පාවට අදාළ වීඩියෝ පට නොව මීට පෙර සිදු වූ වෙනත් ස්වභාවික ආපදාවලදී ලබාගත් වීඩියෝ පට බවත් ඇතැම් වීඩියෝ කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බවත්ය.

Result Stamp

Title: වෙනිසියුලාවට බලපෑ භූමිකම්පාවේ වීඩියෝ ලෙස හුවමාරු වන නොමග යවන සුළු වීඩියෝ! 

Written By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *