දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
කුඩා ගැමි දැරියක් කුඹුරු යායක් මැදින් ඇවිද යන හද උණුසුම් කරවන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රසිද්ධ වෙමින් පවතී. ඇය තම දෝතින් කුඩා උණහපුළුවෙකු ඔසවාගෙන සිටින අතර, කුඩා ඉත්තෑවෙකු සුරතලෙකු මෙන් ඇය පිටුපසින්ම දිව යයි.
ඉන්දියාවේ ප්‍රමුඛ පුවත්පතක් වන The Telegraph ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් සහ බංග්ලාදේශ සමාජ මාධ්‍ය පිටු රැසක් මෙම දර්ශනය බෙදා හැර තිබුණේ, බංග්ලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශයක වෙසෙන සැබෑ ජීවිතයේ “ඩිස්නි කුමරියක්” (Disney Princess) ලෙස මෙම අවස්ථාව හඳුන්වමිනි.
සත්‍ය වශයෙන් ම මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, බංග්ලාදේශයේ රූගත කළ දර්ශනයක් ද, යන්න අප සොයා බැලීමක් කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ ද, මෙම වීඩයෝව බංග්ලාදේශයේ වීඩියෝවක් බවට දක්වා තිබුණේ මෙලෙසින්.



මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
වීඩියෝ පටයේ පසුබිම් හඬ
මෙම වීඩියෝව නැරඹීමේදී මෙහි පසුබිම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පරිසරය දැක ගන්නට ලැබෙන අතර එම දැරිය වීඩියෝගත කරන පුද්ගලයාගෙන් ශ්‍රී ලංකාවේ මව් බස වන සිංහල භාෂාවෙන් අසන්නේ ‘දුර වැඩිද’ යනුවෙනි.
මෙහි බංග්ලාදේශයේ මව් බස වන බෙංගාලි වලින් කිසිදු අවස්ථාවක කතා කරනවා ඇසෙන්නට හෝ දැක ගන්න නොලැබේ.
ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු විසින් පළ කළ වීඩියෝවක්
අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, මෙම වීඩියෝව ප්‍රථම වරට 2026 ජූනි 11 වන දින ප්‍රභාත් සිල්වා (Prabath Silva) නම් ශ්‍රී ලාංකික ෆේස්බුක් පරිශීලකයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මුදාහැර ඇති බවයි
එම වීඩියෝවේ සඳහන් කර තිබුණේ, “අක්කා එක්ක කුබුරු යන ඉත්තෑ මල්ලි” යනුවෙනි.
එම ෆේස්බුක් ගිණුමේ හිමිකරුගේ පදිංචිය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි පොළොන්නරුව දිස්ත්‍රික්කය ලෙස පැහැදිලිවම සඳහන් කර ඇත.
තව ද, එම ෆේස්බුක් ගිණුමේ ම, මෙම කුඩා දැරිය දිගු කාලයක් තිස්සේ එම කුඩා ඉත්තෑ පැටියාට කිරි පොවන සහ සෙල්ලම් කරන තවත් පැරණි සහ අලුත් වීඩියෝ දර්ශන කිහිපයක්ම අඩංගු වී ඇති බව ට දැක ගන්නට ලැබේ.
තව ත් වීඩියෝ මෙතනින් සහ මෙතනින්
බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි ස්වාධීන කරුණු විමර්ශන ආයතනයක් වන Stream ආයතනය ද මේ පිළිබඳව කරුණු පරීක්ෂණයක් පවත්වන ලදී. ඔවුන්ගේ විමර්ශනයෙන් ද නිශ්චිතවම නිගමනය කර තිබුණේ, මෙම දර්ශන කිසිදු බංග්ලාදේශ ගම්මානයකින් නොවන බවත්, මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ බවත්ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
මෙම වෛරල් වීඩියෝවෙන් දැක්වෙන්නේ බංග්ලාදේශයේ සුරතල් ඉත්තෑවෙකු සමඟ යන කුඩා දැරියක් බවට කෙරෙන ප්‍රකාශය අසත්‍ය වේ. මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේදී රූගත කර ඇති අතර, මෙහි මුල් වීඩියෝව 2026 ජූනි 11 වන දින ශ්‍රී ලාංකික පරිශීලකයෙකු විසින් උඩුගත කර ඇති අතර, වීඩියෝවේ සිටින දැරිය කතා කරන්නේ සිංහල භාෂාව වන අතර බංගලි භාෂාව නොවේ.


