දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
“අද අලුයම සිදු වූ රිය අනතුරකින් ප්‍රසිද්ධ Kottu කඩ හිමිකරුවෙකු මියගොස් ඇති බව ත්, එය සියදිවි නසා ගැනීමක්දැයි සැක කෙරෙන බව” ට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(28) දින සිට පළ වී තිබුණා. මෙහි සත්‍ය අසත්‍ය බව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
එම අනතුරේ අවස්ථාවක් ලෙස දක්වා තිබූ වීඩියෝව පහතින්.
එලෙසින් හුවමාරු වූ තව ත්, වීඩියෝවක් මෙතනින්.
Tiktok ඔස්සේ ද, මෙම තේමාවෙන් වීඩියෝව පළ වී තිබුණා.
https://vt.tiktok.com/ZSCDJbsX3
මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, ප්‍රසිද්ධ කොත්තු හිමිකරුවෙකු ලෙස මෙහි සඳහන් කිරීම තුළින් මෙලෙසින් මිය ගොස් ඇත්තේ, Mr.Kottu අයිතිකරු බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා නැහැ
“Mr. Kottu” (මිස්ටර් කොත්තු) ව්‍යාපාර ජාලයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක විසින් සිය සේවකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් පහුගිය දින කිහිපයේ වයිරල් වීමත් සමඟ ඔහු පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඔහු වෙත දැඩි විරෝධයක් ඇති වුණා. එම උණුසුම මැදින් ඔහු මෙලෙසින් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූයේ නම්, ඒ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරාවල විශේෂ අවදානයකියන් යුතුව එම පුවත වාර්තා කර තිබිය යුතුයි. නමුත් ඔහු සම්බන්ධ එවැනි පුවතක් වාර්තා නොවුණි.
කෙසේ වෙතත් මෙම සටහන් ‘Ada Derana’ පුවත් ආකෘතියෙන් ‘Aba Derana’ නමින් පළ වන බැවින් මෙය සත්‍ය පුවතක් ලෙස ද, බොහෝ දෙනෙකු උපකල්පනයන කර තිබුණා.
පැරණි වීඩියෝවක් අවභාවිත කිරීම
අප මෙම වීඩියෝවේ දසුන් Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර මෙම වීඩියෝව 2025 වසරේ මාර්තු 30 වන දින Tiktok හි journeywithvlogs නමැති Tiktok හැනඩලයක පළ වූ වීඩියෝවක් බව දැක ගන්නට ලැබුණා. එමෙන් ම එය කොට්ටාවේ සිදුවූ අනතුරක part 2 ලෙස ද, සඳහන් කර තිබුණා.
part 1 මෙලෙසින් පළ කර තිබුණා.
ඒ අනුව මෙයැ පැරණි වීඩියෝවක් බවට දැක ගන්නට ලැබේ. එමෙන් ම මෙය යතුරු පැදියක් වාහනයක ගැටීමෙන් වූ අනතුරක් බවට ද, සනාථ වේ.
මෙම අනතුර සිදු වූ බවට දක්වා තිබූ දින 2025 මාර්තු 30 වන දින සහ ඊට පසු පෙර දින හෝ පොලිස් මාධ්‍ය නිවේදන වල මෙවැනි අනතුරක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත්දැයි පරීක්ෂා කළ ත්, පුද්ගලයෙකු මිය ගිය බවට ත්, එවැනි රිය අනතුරක් සම්බන්ධයෙන් වාර්තා වී නොතිබුණි.
පොලිස් නිල ප්‍රකාශය
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප කොට්ටාව පොලිස් ස්ථානයෙන් සහ පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් සිදු කරන ලදී. එහිදී පොලිසිය තහවුරු කළේ අද උදෑසන හෝ මෑතකදී එවැනි කිසිදු මාරක රිය අනතුරක් කොට්ටාව පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වී නොමැති බවයි. එසේම “Mr. Kottu” ව්‍යාපාරයේ හිමිකරු හෝ වෙනත් කිසිදු ප්‍රමුඛ පුද්ගලයෙකු රිය අනතුරකින් මියගොස් නොමැති බව පොලිසිය අවධාරණය කරනු ලැබුවා.
විරාජ් වික්‍රමනායක නැමැත්තා, එහි සේවය කරන ලද තරුණයෙකුට අමානුෂික සහ දරුණු අන්දමින් පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ අදාළ අවන්හල තුළ සේවකයෙකුට හිමිකරු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන ආරක්ෂක CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීමත් සමඟය. ඉන් අනතුරුව මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය සහ බලපෑම මත පොලිසිය ඍජුවම මැදිහත් වී තිබේ.
CCTV දර්ශනවල සටහන්ව ඇති දත්තයන්ට අනුව, මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය මැයි මස 05 වැනිදාය.
කෙසේ වෙතත්, සේවකයා භීතියට පත් කිරීම හේතුවෙන් සිද්ධිය වසන් වී තිබී ඇති අතර, වීඩියෝ පටය ප්‍රසිද්ධ වීමත් සමඟ අපරාධ විමර්ශන අංශ වහාම ක්‍රියාත්මක වී ඇත. වින්දිත සේවකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව සාක්ෂි සටහන් කරගනිමින් නීතිමය පියවර ගැනීමටත් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Mr. Kottu” හිමිකරු විරාජ් වික්‍රමනායක රිය අනතුරකින් මියගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද පුවත් වේ. ඔහු මියගොස් සිටින බවට කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර, ඔහු මිය ගිය බවට පෙන්වා දී ඇති වීඩියෝව මීට වසරකට පමණ පෙර සිදුවූ වෙනත් අනතුරක දර්ශන වේ.


