දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය පසුගිය දිනවල ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම කඩා වැටීමකට ලක් ව ඇති බව දක්වමින් ප්රධාන ධාරාවේ මාධ්ය සහ සමාජ මාධ්ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යෑම සහ ඇමරිකානු වෙළෙඳ තීරුබදු ඉහළ යෑමේ අවදානම මත විදේශ ආයෝජකයින් විශාල වශයෙන් ඉන්දියාවෙන් මුදල් ඉවත් කර ගැනීම මෙම කඩා වැටීමට ප්රධානම හේතු වී තිබුණා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

මේ සම්බන්ධයෙන් සටහන් සමාජ මාධ්ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


ඒ අනුව ඉන්දීය රුපියලේ මෙම කඩා වැටීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අප කටයුතු කළා
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
2026 වසරේ මුල් මාස පහ තුළ පමණක් ඉන්දීය රුපියල 7.04% කින් පමණ අවප්රමාණය වී ඇති අතර, මේ හේතුවෙන් එය වත්මනේ ආසියාවේ දුර්වලම ක්රියාකාරීත්වය පෙන්වන ප්රධාන මුදල් ඒකකය බවට පත්ව තිබේ. වැඩිදුර තොරතුරු මෙතැනින්, මෙතනින් සහ මෙතනින්.
2026 මැයි 20 වනදා දවල් කාලයේ ගනුදෙනු සිදුවන අතරතුර ඉන්දීය රුපියලේ අගය උපරිම වශයෙන් 96.90 සීමාවත් පසු කරමින් පහළට කඩා වැටී ඇති අතර, වෙළෙඳපොළ වසා දැමීමට ආසන්න වන විට ඉන්දීය මහ බැංකුව මැදිහත් වී රාජ්ය බැංකු හරහා විශාල වශයෙන් ඩොලර් අලෙවි කිරීම නිසා, රුපියල නැවත සුළු වශයෙන් ශක්තිමත් වී 96.82 අගයකින් එදින වෙළෙඳාම අවසන් වී ඇත. මැයි 20 බදාදා වෙළෙඳපොළ වසා දමන විට ඉන්දීය රුපියල සනිටුහන් කළ නිල අගය වන්නේ 96.82 කි. පසුදින, එනම් මැයි 21 බ්රහස්පතින්දා වන විට මධ්යම බැංකුවේ දැඩි මැදිහත්වීම හේතුවෙන් ඉන්දීය රුපියල තවදුරටත් ශක්තිමත් වී 96.20 දක්වා ඉහළට පැමිණ ඇත. පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ඉන්දීය රුපියලේ කඩා වැටීම
| මිනුම (Metric) | අගය / ප්රතිශතය (Value) | සටහන් (Notes) |
| ඓතිහාසික අවම අගය (Nominal ATL – 2026 මැයි 20) | ₹96.82 / $ | එදින වෙළෙඳපොළ වසා දැමූ නිල අගයයි. |
| 2026 වසරේ මේ දක්වා පහත වැටීම (2026 YTD Decline) | 7.04% | ජනවාරි 1 වනදා පැවති ₹89.87 මට්ටමේ සිට මැයි 21 වනදා වන විට ₹96.20 දක්වා සිදු වූ සමස්ත අවප්රමාණය වීමයි. |
| 2026 මැයි මාසය තුළ පමණක් කඩා වැටීම | 4.5% | මැයි මාසය ආරම්භයේදී ₹92 සීමාවේ පැවති රුපියල දින 20ක් තුළ වේගයෙන් ₹96.82 දක්වා පහත වැටුණි. |
| ඉරාන අර්බුදයෙන් පසු අවප්රමාණ වීමේ වේගය | 5.5% | 2026 පෙබරවාරි අග භාගයේ මැදපෙරදිග ආතතිය සහ තෙල් මිල ඉහළ යාම ඇරඹුණු දින සිට සති 12ක් තුළ සිදු වූ බලපෑමයි. |
| 2025 සමස්ත වසරේ කඩා වැටීම | 4.9% | 2022 වසරෙන් පසු ඉන්දීය රුපියල මුහුණ දුන් නරකම වාර්ෂික පසුබෑමයි. |
| 2024 සමස්ත වසරේ කඩා වැටීම | 2.9% | ගෝලීය වෙළෙඳපොළ සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවති වසරකි. |
එසේම, ඉන්දීය රුපියලේ මෙම කඩාවැටීම ඉතිහාසයේ සිදුවූ විශාලතම කඩාවැටීම ද යන්න තහවුරු කර ගැනීමට ඉන්දීය රුපියලේ නාමික විනිමය අනුපාත මට්ටම (එනම් 96.82) පමණක් නොව, පහත වැටීමේ ප්රතිශතාත්මක ප්රමාණයද සංසන්දනාතමකව විමසිය යුතුය. එනම් පෙර පැවති අගයට සාපේක්ෂව එය කොපමණ ප්රතිශතයකින් අඩු වී ඇත්ද යන්න පරීක්ෂා කළ යුතුය.
| Period (කාලසීමාව) | INR Level (රුපියල් මට්ටම) | % Decline (පහත වැටීමේ ප්රතිශතය) | Key Driver (ප්රධාන හේතුව) | Severity (බරපතලකම) |
| 2026 YTD (Jan–May) | ₹89.87 $\→ $ ₹96.82 | -7.04% | Iran war, crude surge, FPI outflows (ඉරාන යුද්ධය, තෙල් මිල ඉහළ යාම, විදේශීය ආයෝජන ඉවත් වීම) | HIGH (ඉහළයි) |
| 2025 Full Year | ₹85.6 $\→ $ ₹90.95 | 4.9% | US tariffs, FII exits, trade uncertainty (ඇමෙරිකානු බදු, විදේශීය ආයෝජන පිටවීම, වෙළෙඳ අවිනිශ්චිතතාව) | Elevated (වැඩි වී ඇත) |
| 2022 Full Year | ~₹74 $\→ $ ₹82.7 | ~10% | US Fed rate hikes, dollar surge (ඇමෙරිකානු මධ්යම බැංකු පොලී අනුපාත ඉහළ දැමීම, ඩොලරය ශක්තිමත් වීම) | SEVERE (දරුණුයි) |
| 2011 Full Year | ~₹44 $\→ $ ₹53+ | ~18% | Euro crisis, CAD spike, FPI flight (යුරෝපීය ආර්ථික අර්බුදය, ජංගම ගිණුම් හිඟය ඉහළ යාම, ආයෝජන පිටවීම) | SEVERE (දරුණුයි) |
| 2013 Taper Tantrum | ~₹55.40 $\→$ ₹68.85 | ~20% $\ $ (ප්රතිශතාත්මකව වැඩිම කඩාවැටීමක් පෙන්නුම් කළ වසර) | Fed tapering signal; CAD 4.8% of GDP; “Fragile Five” (ඇමෙරිකානු ෆෙඩරල් සංඥා, GDP එකෙන් 4.8% ක ජංගම ගිණුම් හිඟය) | WORST ON RECORD (ඉතිහාසයේ නරකම) |
| 1991 Liberalization | ₹17.5 $\→ $ ₹26+ | ~49% in 2 yrs | Balance of payments crisis, devaluation (ගෙවුම් ශේෂ අර්බුදය, රුපියල නිල වශයෙන් අවප්රමාණය කිරීම) | Structural/Managed (ව්යුහාත්මක/පාලනය කළ) |
2026 ජනවාරි සිට මැයි දක්වා ඉරාන යුද අර්බුදය නිසා ඉන්දීය රුපියල ප්රතිශතාත්මකව 7.04% කින් කඩා වැටී ඇත. එසේම, ඇමෙරිකානු බදු ප්රතිපත්ති හේතුවෙන් ඉන්දීය රුපියල 2025 වසරේදී 4.9% ක ප්රතිශතයකින් පහත වැටී ඇත. 2022 වසරේ ඇමෙරිකාව පොලී අනුපාත ඉහළ දැමීම නිසා ඉන්දීය රුපියල 10% කින් කඩා වැටී ඇත. 2011 වසරේ යුරෝපයේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා ඉන්දීය රුපියල 18% කින් පහත වැටී ඇත.
එසේම 2013 වසරේදී ඉන්දීය රුපියල 20% කින් පහළට වැටී ඇත. ඒ අනුව ඉතිහාසයේ වසරක දී ඇතිවූ දරුණුතම කඩා වැටීම මෙයයි. එසේම් 1991 වසරේදී ඉන්දියාවේ ඇති වූ ගෙවුම් ශේෂ අර්බුදය නිසා රුපියල වසර 2 ක් තුළ 49% කින් අවප්රමාණය වී ඇත. නමුත් එය රජය මැදිහත් වී සැලසුම් සහගතව කර ඇති වෙනසකි.
2026 මැයි මාසයේදී වාර්තා වූ 96.82 අගයක් ලෙස ඉතිහාසයේ ඉන්දීය රුපියල අවප්රමාණය වූ වැඩිම අගය වුවද, ප්රතිශතයක් ලෙස එය ඉතිහාසයේ දරුණුම කඩාවැටීම නොවේ. වත්මන් 2026 කඩාවැටීම -7.04% ක ප්රතිශතයක් වන අතර එය 2013 හෝ 2022 තත්ත්වයන් තරම් ප්රතිශතාත්මකව දරුණු කඩාවැටීමක් නොවේ. කෙසේ නමුත් 2026 වාර්තා වන -7.04%ක කඩා වැටීම 2022 න් පසු ඉන්දීය රුපියල පහත වැටීමේ වැඩිම ප්රතිශතය වන අතර මේ වසර අවසන් වන තුරු මෙම කඩාවැටීම ඉදිරියට සිදුවේ ද හෝ එහි වර්ධනයක් පෙන්නුම් කරන්නේ ද යන්න වසර අවසානයේ දී සලකා බැලිය යුතු වේ. පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ඉන්දීය රුපියලේ ක්රමික අවප්රමාණය වීම
ඉන්දියාවේ උද්ධමනය සාපේක්ෂව ඇමෙරිකාවට වඩා ඉහළ මට්ටමක පැවතීම නිසා, පසුගිය දශක හතක කාලය පුරාම රුපියල ඩොලරයට සාපේක්ෂව ව්යුහාත්මකව අවප්රමාණය වෙමින් පවතී. 1947 දී ඩොලරයකට ඉන්දීය රුපියල් 3.3 ක්ව පැවති අගය, අද වන විට 97 ආසන්නයට පැමිණ ඇත. මේ නිසා, සෑම වසරක නව අවම අගයක් වාර්තා වීම සාමාන්ය දෙයකි. 1991 ආර්ථික ලිබරල්කරණයේ සිට (එනම් $1 = ₹17 පැවති කාලයේ සිට) 2025 දී ₹90 දක්වා පැමිණි ගමනේදී, රුපියල වසර 34 ක් පුරා වසරකට සාමාන්යයෙන් 4.5% ක අගයකින් අඛණ්ඩව අවප්රමාණය වී ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්. ඒ හේතුවෙන් වඩාත් නිවැරදි වන්නේ යම් නිශ්චිත කාලසීමාවක් තුළ සිදු වූ ප්රතිශතාත්මක වෙනස විමසා බැලීමයි.
මුදල් ඒකකයක අවප්රමාණය වීමත් සමඟ රටක ආර්ථිකයට ඇති වන සමස්ත පීඩනය පරීක්ෂා කිරීම වැදගත් වේ.
| ආර්ථික දර්ශකය (Indicator) | 2013 අර්බුදය (ඉතිහාසයේ නරකම) | 2022 වසරේ තත්ත්වය | 2026 මේ දක්වා වත්මන් තත්ත්වය (YTD) |
| රුපියල බිඳවැටීමේ ප්රතිශතය | ~20% ක කඩා වැටීමක් | ~10% ක පහත වැටීමක් | ~7% ක කඩා වැටීමක් |
| ජංගම ගිණුමේ හිඟය (CAD) | දරුණුයි (GDP එකෙන් 4.8%) | සාමාන්යයි (GDP එකෙන් ~2.5%) | පාලනය කරගත හැකියි (GDP එකෙන් ~2-2.5%) |
| උද්ධමනය (බඩු මිල ඉහළ යෑම) | 9% – 10% (අතිශය ඉහළයි) | ~7% ක මධ්යස්ථ මට්ටමක් | ~4.9% (මහ බැංකු සීමාව ඇතුළත) |
| ජාත්යන්තරව ලැබුණු අවදානම් නාමය | “Fragile Five” (ලොව අවදානම්ම රටවල් 5 න් එකක්) | ඉහළ ආර්ථික පීඩනයක් (High Stress) | පද්ධතිමය අවදානම් නාමයක් ලැබී නැත |
| ආර්ථික කම්පනයට මුල් වූ හේතුව | දේශීය මෙන්ම ගෝලීය සාධක දෙකම | ප්රධාන වශයෙන් ඇමෙරිකානු මහ බැංකු ප්රතිපත්ති | බාහිර සාධක (ඉරාන යුද්ධය සහ තෙල් මිල) [REU1] |
| මහ බැංකු විදේශ සංචිත වැයවීම | මධ්යස්ථ මට්ටමක පැවතුණි | ඩොලර් බිලියන 70 ක දැවැන්ත වැයවීමක් | දැනට යම් පීඩනයකට ලක්ව ඇත |
| රජය සහ මහ බැංකුව ගත් ක්රියාමාර්ග | හදිසි බැඳුම්කර (NRI Bonds) හරහා ඩොලර් බිලියන 34 ක් සෙවීම | රුපියල රැක ගැනීමට දැඩි ලෙස වෙළෙඳපොළට ඩොලර් මුදාහැරීම | පොලී අනුපාත වෙනස් කිරීම්, මුදල් හුවමාරු සහ බැඳුම්කර ගැන සලකා බලමින් සිටීම |
2026 වසරේ ඉන්දීය රුපියලේ අගය රුපියලේ අගය 96.82 දක්වා ඉහළ යාම නිසා විශාල ආන්දෝලනයක් හටගෙන තිබුණ ද, ඉන්දියාවේ සමස්ත ආර්ථිකය තවමත් සැලකිය යුතු ශක්තිමත් මට්ටමක පවතින බව පැහැදිලි වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
කෙසේ නමුත් ඉන්දීය රුපියල 2025 සහ 2026 යන වසර දෙකේදීම ආසියාවේ දුර්වලම ක්රියාකාරීත්වය සහිත මුදල් ඒකකය බවට පත්ව ඇත. එය 2026 පෙබරවාරි අග භාගයේදී 90 සීමාවත්, මාර්තු අගදී ප්රථම වතාවට 95 සීමාවත් පසු කර ඇත. එසේම 2026 මැයි මාසයේදී ඉතිහාසයේ ප්රථම වතාවට ඩොලරයට සාපේක්ෂව 96 සීමාව ඉක්මවා යමින් ඉන්දීය රුපියල ආසියාවේ දුර්වලම ප්රධාන මුදල් ඒකකය බවට පත්ව ඇත. ඉරාන ගැටුම ආරම්භ වූ දා සිට (පෙබරවාරි අග) මේ දක්වා සිදු වූ සමස්ත අවප්රමාණය වීම දළ වශයෙන් 5.5% කි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
මාස 5 ක් වැනි කෙටි කාලයක් තුළ 7% කින් බිඳ වැටීම, ඉන්දීය රුපියලේ 2022 වසරෙන් පසු සිදුවූ වේගවත්ම පහත වැටීමයි.එසේම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යාම ඉන්දියාවට දරුණු බලපෑමක් එල්ල කර ඇත. තෙල් මිල ඩොලර් 10 කින් ඉහළ යන සෑම අවස්ථාවකම, ඉන්දියාවේ ජංගම ගිණුම් හිඟය වසරකට ඩොලර් බිලියන 12-15 කින් පුළුල් වේ. වෙළෙඳ වාර 7 කින් 5කදීම අඛණ්ඩව රුපියල පහළ යාමෙන් පෙනී යන්නේ වෙළෙඳපොළේ සාමාන්ය ක්රියාකාරීත්වය ගිලිහී ගොස් ඇති බවයි. මේ නිසා ඉන්දීය මහ බැංකුවට සෘජුවම වෙළෙඳපොළට මැදිහත් වීමට සිදු වී ඇත.
| මිනුම (Measure) | වසර / රුපියලේ අගය (Record Holder) | 2026 වත්මන් තත්ත්වය (2026 Status) | තීන්දුව (Verdict) |
| නාමික ඓතිහාසික අවම අගය (Nominal ATL) | 2026 $\→$ ₹96.82 | 2026 මැයි 20 දින ₹96.82 සනිටුහන් විය. | සත්යයකි (TRUE) |
| නරකම % වාර්ෂික කඩා වැටීම (Worst % Annual Decline) | 2013 $\→$ ~20% | වසරේ මේ දක්වා ~7% කි. 2013 ට වඩා බොහෝ පිටුපසින් සිටී. | අසත්යයකි (FALSE) |
| 2022 වසරෙන් පසු නරකම % අගය | 2022 $\→$ ~10% | 2026 වත්මන් ~7% අගය එයට ආසන්න වුවත් තවමත් පහළින් පවතී. | පාර්ශවිකව සත්යයි (PARTIAL) |
| සාර්ව-ආර්ථික පීඩනය (Macro Stress) | 2013 (ලොව අවදානම්ම රටවල් 5; ජංගම ගිණුම් හිඟය 4.8%) | බාහිර සාධක මත සිදුවන්නකි, ජංගම ගිණුම් හිඟය ~2.5% කි. | සැසඳිය නොහැක (NOT COMPARABLE) |
| කඩා වැටීමේ වේගය (Speed of Decline) | 2013 වසරේ උපරිම මාසවලදී මීට වඩා වේගවත් විය. | ඉරාන ගැටුමෙන් පසු 2026 වේගය අවදානම් සහගතය. | ප්රශ්ණකාරී තත්වයක් (LEGITIMATE CONCERN) |
ඒ අනුව පැහැදිලි වන්නේ, මැයි මාසය තුළ ඉන්දීය රුපියල 96.82 දක්වා පහත වැටීම ඉතිහාසයේ වාර්තා වූ අවම අගය වුවද, ප්රතිශතයක් ලෙස ගත් විට එය 2013 වසරේ සිදුවූ 20% ක බිඳවැටීමට වඩා අඩු බවයි. Reserve Bank of India (RBI) මැයි මස නිල ආර්ථික වාර්තාවට ඉන්දීය රුපියල වේගයෙන් අවප්රමාණය වුවද රටේ පාරිභෝගික මිල උද්ධමනය තවමත් 4.9% වැනි පාලන මට්ටමක පවතී. මෙය ඉන්දීය මහ බැංකුව විසින් අපේක්ෂා කරන 2%–6% ක උපරිම සීමාව ඇතුළත පවතී. ආර්ථික විශ්ලේෂණ පෙන්වා දෙන්නේ මැදපෙරදිග යුද අර්බුදය නිසා ඉන්දියාවේ තෙල් ආනයන වියදම් ඉහළ ගිය ද, රටේ සේවා අංශයේ අපනයන ආදායම් ශක්තිමත් වීම හේතුවෙන් සමස්ත ජංගම ගිණුම් හිඟය (GDP) ප්රමාණයෙන් 2% – 2.5% වැනි පාලනය කරගත හැකි මට්ටමක පවතින බවයි. එසේම 2026 මැයි මැද භාගය වන විටත් ඉන්දීය මහ බැංකුව සතුව ඩොලර් බිලියන 688.8 ක (USD 688 Billion) දැවැන්ත විදේශ විනිමය සංචිත ප්රමාණයක් පවතී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්,මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


