දිනපතා සත්‍යකරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජූලි 28 වනදා ‘Water’s Edge’ හෝටලයෙ හි පැවැත්වීමට සංවිධානය කර තිබූ “රඟහල” සංගීත ප්‍රසංගය, කසුන් කල්හාර, සේනක බටගොඩ, උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල යනාදී කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වීමට නියමිතව තිබුණි. එම ප්‍රසංගයේ ටිකට් පත් ලබාගැනීමට ද බොහෝ දෙනෙක් උනන්දු වී තිබුණි.

කෙසේ වෙතත් එම ප්‍රසංගයේ සංවිධායකවරු, මුලින් පවැති එකඟතාවයට හා දැනුවත් කිරීම් වලට පටහැනිව පටහැණිව ප්‍රසංගයෙ කටයුතු සංවිධානය කරමින් සිටින බව සඳහන් කරමින්, පසුගිය 20 වන දා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින්, කසුන් කල්හාර හා උමාරා සිංහවංශ නිවේදනය කර තිබුනේ මෙම ප්‍රසංගයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි. ඒ වනවිටත් ප්‍රසංගය සඳහා ප්‍රවේශපත් මිලටගත් අයට සිදුවීම පැහැදිලි කිරීමට එම සටහන තැබූ බව ද, එහි සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් රැසකින් පෙන්වා දී තිබුණේ ඉහත කලාකරුවන් මේ ආකාරයට ප්‍රසංගයෙන් ඉවත්වීමට තීරණය කිරීමට හේතු වූයේ එම ප්‍රසංගයේ විශේෂ ආරාධිත කලාකරුවා ලෙස ඉරාජ් වීරරත්න ව ගෙන්වීමට සංවිධායකයින් තීරණය කිරීමත් සමග බවයි.

කෙසේ වෙතත් කසුන් කල්හාර මෙන් ම උමාරා සිංහවංශ ද, මේ පිළිබඳව ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටු හරහා ඔවුන් තැබූ සටහනේ ඉරාජ් වීරරත්නගේ නම හෝ කලාකරුවෙකුගේ පැමිණීම නිසා මෙවන් තීරණය ගත් බවට සෘජුවම සඳහන් කර තිබුනේ නැති අතර කසුන් පවසා තිබුණේ “හෘද සාක්ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය දැක්විය නොහැකි” බවයි.

මෙම සිදුවීම අරඹයා කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාවය විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් මුල් කරගනිමින් පහත දක්වා ඇති සටහන් පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

Claim 1:

“රාජපක්ෂට කඩේ ගිය ගායකයෝ වාදකයෝ එන ප්‍රසංගවලට මම නෑ..රාජපක්ෂ පාලනය සඳහා කැපවුණු සංගීතවේදීන් සමග එක් වේදිකාවක සිට ගැනීමට තමාගෙ හෘද සාක්ෂිය ඉඩ නොදෙන නිසා මින්මතු එකී පාලන පන්තිය බලයට ගෙන ඒමට ක්‍රියා කළ ගායන හෝ වාදන ශිල්පීන් කිසිවෙකු සහභාගී වන ප්‍රසංග සඳහා තමන්හට ආරාධනා නොකරන ලෙස ප්‍රවීණ ගායන ශිල්පී කසුන් කල්හාර ඉල්ලීමක් කරනවා.” යනුවෙන් සඳහන් කළ පුවතක් lanka C news වෙබ් අඩවියේ පළ වූ බව දක්වා තිබූ බවත් සඳහන් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

WhatsApp ඔස්සේ ද, මෙම සටහන හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact Check:

ප්‍රවීණ ගායන ශිල්පී කසුන් කල්හාර විසින් ඉහත ලිපියේ දැක්වෙන ලෙස කිසිදු ප්‍රකාශයක් කළ බව ට ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම හරහා පරීක්ෂා කිරීමේදී දැක ගන්නට නොලැබුණි.

ඒ හේතුවෙන් අප ඉහත සටහන දක්වා ඇති බවට පෙන්වා දී තිබූ වෙබ් අඩවියේ (Lanka C News) එම පුවත් ලිපිය ඇත් ද, යන්න පරීක්ෂා කළත්,එවැනි ලිපියක් අපට දැක ගන්නට නොලැබුණි.

ඉහත ඡායාරූපයේ දැක්වෙන ලෙස එදින එම වේලාවේ පළ කර තිබුණේ, “කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..” යන ශීර්ෂ පාඨයෙන් යුතු පුවත් ලිපියක් වන අතර එහිදී ද,ඉහත සඳහන් ලෙස කිසිදු ප්‍රකාශයක් දක්වා නොතිබුණි. එම පුවත පහතින්.

Lankacnews | Archived Link

ඉන් පසුව අප කසුන් කල්හාරගේ සමාජ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ද, කසුන් කල්හාර විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකර ඇති බවයි.

මේ ආකාරයටම Lanka C News වෙබ් ලිපියක අනුරුව යොදා ගනිමින් මෑතක දී හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් පිලිබඳ සිදුකළ තවත් කරුණු විමර්ශනයක් මෙතනින්

Claim 2:

එමෙන් ම තවත් සටහනක දැක්වුණේ, “මහින්දලා මේ රටේ සංගීතය කෑවා. මහින්දලට කඩේ ගිය කලා කාරයෝ එන සංගීත ප්‍රසංග වලට අපි එන්නෙ නෑ” යනුවෙන් කසුන් කල්හාර සහ උමාරියා සිංහවංශ පැවසූ බවයි.

Facebook | Archived Link

Fact Check:

ගායන ශිල්පි කසුන් කල්හාර විසින් ඉහත දැක්වෙන ලෙස ප්‍රකාශයක් කුමන මාධ්‍යයකින් හෝ සිදු කළ බවට අප කළ පරීක්ෂාවේදී තහවුරු වූ අතර ඒ බව ඔහුගේ සමාජ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, අප තහවුරු කර ගන්නා ලදී.

එමෙන් ම මෙම ප්‍රසංගය සඳහා සහභාගී වීමට නියමිත වී නොතිබුණු ගායන ශිල්පිනී උමාරියා සිංහවංශගේ නම සහ ඡායාරූපය භාවිත කරමින් ඉහත සටහනේ දක්වා තිබුණේ ඇය විසින් ද, එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බව යි.

ඒ පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී දැක ගැන්නට ලැබුණේ, තමන් අදාළ නොමැති සිදුවීමකට තම නම පටලවා ගත් බවට ඇය විසින් උපහාසාත්මක කෝණයෙන් සටහනක් තම නිල ෆේස්බුක් පිටුව හරහා පළ කර ඇති බවයි.

Facebook | Archived Link

උමාරියා සිංහවංශගේ සහෝදරිය වන උමාරා සිංහවංශ විසින් සහභාගි වීමට තිබූ මෙම ප්‍රසංගය උමාරියා සහභාගි වීමට නියමිත ව තිබූ බවට ත්, ඇය මෙම ප්‍රසංගය වර්ජනය කළ බවට ත් මෙහිදී වරදවා වටහාගෙන තිබුණි.

කෙසේ වෙතත් ඉහත සටහනේ දැක්වෙන් ලෙස ප්‍රකාශයක් උමාරා විසින් හෝ සඳහන් කළ බවට දැක ගන්නට නොලැබුණි.

Claim 3:

කසුන් කල්හාර සහ උමාරා සිංහවංශගේ ඡායාරූප භාවිත කරමින් “ජෙප්පන්ට පමණක් සිංදු කියනු ලැබේ.” යනුවෙන් සඳහන් කළ සටහනක් ද, සංසරණය වුණා.

Facebook | Archived Link

එම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact Check:

කසුන් කල්හාර හෝ උමාරා සිංහවංශ යන ගායන ශිල්පීන් දෙපළ විසින් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් සඳහා පමණක් ප්‍රසංග පවත්වන බවට හෝ ගායන කරන බවට කිසිදු සටහනක්, සඳහනක් කර නොමැති අතර මෙය හුදෙක් ඔවුන් ලබන 28 වන දා ප්‍රසංගය වර්ජනය කිරීම හේතුවෙන් නිර්මාණය කරන ලද සටහන් වේ.

මේ වන තෙක් ඔවුන් දෙපළ විසින් ප්‍රසංගයට සහභාගී නොවීමට හේතුව ලෙස සංවිධායකවරුන් සහ ඔවුන් අතර මුලින් තිබූ එකඟතාවයන්ට සහ දැනුවත් කිරීම් වලට පටහැනිව ප්‍රසංගයේ කටයුතු සංවිධානය වෙමින් පවතින බැවින් මෙම තීරණය ගත් බව පමණක් සඳහන් කර තිබුණි.

එමෙන් ම ‘රඟහල’ සංවිධායකවරුන් විසින් ද, MyTickets LK ෆේස්බුක් පිටුව හරහා නිවේදනයක් නිකුත් කර තිබුණ ද, එහිදී ද, ගායන ශිල්පීන් මෙම තීරණය ගැනීමට හේතුව සඳහන් වී නොතිබුණි. එම නිවේදනය පහතින්.

Facebook

“රඟහල” ප්‍රසංගයෙන් මේ ආකාරයට කලාකරුවන් ඉවත්වීමට තීරණය මුල් වූ හේතු පිළිබඳව කසුන් සහ උමාරා ගේ පාර්ශවයන් විසින් ඉදිරියේ දී මීට අමතරව නිශ්චිත කරුණු දැක්වීමක් සිදුකළහොත් ඒ සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:“රඟහල” ප්‍රසංගයෙන් කසුන් සහ උමාරා ඉවත්වීම හේතුකොටගෙන නිර්මාණය වූ සටහන් පිළිබඳ කරුණු දැක්වීමක්!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading