දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන්(MCC) ලැබුණු අරමුදල්, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රධාන දේශපාලන පක්ෂ සඳහා යෙදවූ බවට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් සඳහන් කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් MCC මූලික ගිවිසුමෙන් ලැබුණ මුදල් රනිල් වික්‍රමසිංහ එජාපයෙ සහ ජවිපෙ ජනාධිපතිවරණ වියදම් සඳහා ලබා දුන් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් 2020 වසරේ සිට හුවමාරු වී තිබුණේ මෙලෙසින්. Archived Link

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් කර ඇති පරිදි ප්‍රකාශයක් සිදු කර ඇත් ද යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් ඔස්සේ මෙන් ම වැඩසටහන් ඔස්සේ ද, පරීක්ෂාවක් සිදු කළා. නමුත් එවැනි පුවතක් අපට දැක ගන්නට නොලැබුණි.

අප මේ පිළිබඳව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා පැවසුවේ, තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත්, මෙම සටහන 2020 වසරේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම වකවාණුවේදී ද මෙම සටහන් අසත්‍ය බව සඳහන් කරමින් සටහනක් පළ කළ බවයි. එම සටහන පහතින්.

Facebook | Archived Link

කෙසේ වෙතත් මීට වසර තුනකට පමණ පෙර වකවාණුව තුළ MCC ගිවිසුමට විරුද්ධව නොයෙකුත් පාර්ශව විසින් චෝදනා එල්ල වූ අතර ඉහත ප්‍රකාශය ද නිර්මාණය වී ඇති බව අනුමාන කල හැක.

MCC ගිවිසුම පිලිබඳ එල්ල වූ නොමඟ යවන සුළු සටහන් පිළිබඳ අප මීට වසර කිහිපයකට පෙර සිදුකළ කරුණු විමර්ශන පෙළක් මෙතනින්.

නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ප්‍රධානයක් ලබාදීම පිලිබඳව මීට වසර කිහිපයකට පෙර විශාල කතිකාවතක් ඇතිවිය. එම ගිවිසුම ගැන එල්ලවූ විරුද්ධතා මධ්‍යයේ එම ගිවිසුම අත්සන් කිරීමක් සිදු නොවූ අතර 2020 වසර අවසානයේ දී MCC ප්‍රදානය ලබාදීම අත්හිටුවනු ලදි.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම(MCC) පිළිබඳව එය සමාලෝචනය කිරීමේ කමිටුව විසින් 2020 ජූනි 23 වන එලිදැක්වූ අවසන් වාර්තාව මෙතනින්. MCC පිලිබඳ එම වෙබ් පිටුවේ ලබාදී ඇති තොරතුරු මෙතනින්. එසේම ගිවිසුමේ කොටසක් හෝ ලංකා රජය ලබාගෙන තිබීම පිළිබඳව ද මත රැසක් මීට වසර කිහිපයකට පෙර සමාජයේ බොහෝ කතාබහට ලක්වූ අතර එම කරුණු බැහැර කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කර තිබු X පණිවුඩයක් මෙතනින්

සැ.යු : MCC මූලික ගිවිසුම සම්බන්ධයෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කර ඇති බව පිළිබඳ ඇති බවට හුවමාරු වන සටහන් පිළිබඳව පමණක් අප මෙහිදී විමර්ශනය කරන ලදී.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් MCC මූලික ගිවිසුමෙන් ලැබුණ මුදල් රනිල් වික්‍රමසිංහ එජාපයෙ සහ ජවිපෙ ජනාධිපතිවරණ වියදම් සඳහා ලබා දුන් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් එවන් ප්‍රකාශයක් සිදු කර තිබු බවක් දක්නට නොලැබෙන අතර ඒ මහතා විසින් ද එය තහවුරු කරන ලදී.

Avatar

Title:MCC අරමුදල් සම්බන්ධව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් සිදුකළ ප්‍රකාශයක් ද?

Written By: Pavithra Sandamali

Result: False