දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සඳහා අධ්‍යක්ෂවරු තෝරා ගැනීමේ වාර්ෂික මහා සභා රැස්වීමක් සහ නිලවරණයක් පසුගියදා ගාල්ලේ හෝටලයක පැවැත්විණි. කෙසේ වෙතත්, තේරී පත් වූ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහන් පළ වූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ඊයේ දින ගාල්ල ලයිට් හවුස් හොටලයේ පැවති ගාල්ල කර්මාන්ත හා වානිජ මණ්ඩල නිලවර්නයෙන් මාලිමා කණ්ඩායමට අති විශිෂ්ඨ ජයක්..අධ්‍යක්ෂකවරු 10 දෙනාම මාලිමාවේන්. ගාල්ලේ ව්‍යාපාරිකයන් සියල්ලම මාලිමාවට” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් සංසරණය වී තිබූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පක්ෂයක් මූලික කරගෙන පැවතෙන නිලවරණයක් නම් එහි ජයග්‍රහණය කිරීම කුමන පක්ෂයකින් ද, යන්න ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන බැවින් අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළේ, ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිළවරණය සම්බන්ධයෙන් මාලිමාව ජය ගත් බවට පුවතක් පළ වී ඇත්දැයි යන්නයි. නමුත් එවැනි තොරතුරක් රැගත් වාර්තා වී නොමැති බවට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිළවරණය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන ප්‍රතික්ෂේප කරමින් එම මණ්ඩලය ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළකොට ඇති බවයි.

ඔවුන් එමගින් පෙන්වා දී තිබුණේ,  කිසියම් හෝ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන කිසිදු කණ්ඩායමක් අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තෝරා නොගත් බවයි.

Archived Link

ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති

මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප එම මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා අවධාරණය කළේ, ව්‍යාපාරික ප්‍රජාවට හිතකර වන පරිදි, කිනම් හෝ පවතින රජයේ සාධනීය තීරණවලට සහය දීමේත්, අයපත් තීරණවලට විරුද්ධ වෙමින් හඬ නැගීමට පසුබට නොවීමේත්, දිගුකාලීන ඉතිහාසයක් තම සංවිධානයට ඇති බවයි.

එසේම දේශපාලන හිතවත්කම් මත අධ්‍යක්ෂවරුන් තෝරා ගැනීමට ගාල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සම්බන්ධ වී නොමැති බවත් සභාපතිවරයා අවධාරණය කර සිටිනවා. එමෙන්ම දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් කිසිදු කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් නොවූ බව ද, ඒ මහතා පැවසුවා.

ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද, අප මේ පිළිබඳ ව විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ තෝරාගත් අධ්‍යක්ෂ මණ්ඩලය, එම පක්ෂයට සම්බන්ධයක් නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

ගාල්ල කර්මාන්ත හා වානිජ මණ්ඩල නිල වරණයෙන් මාලිමා කණ්ඩායමට අති විශිෂ්ඨ ජයක් ලැබූ බවට පළ වන තොරතුරු අසත්‍යයි. ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා මෙන් ම ජාතික ජන බලවේගය ද තහවුරු කළේ, ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාගැනීමේ නිලවරණය පක්ෂ මුල් කොට පැවැත් වූ නිලවරණයක් නොවන බවයි.

Avatar

Title:ගාල්ල කර්මාන්ත හා වානිජ මණ්ඩල නිල වරණයෙන් මාලිමා කණ්ඩායමක් ජය ලැබූ බවට පළවන වාර්තා අසත්‍යයි

Written By: Pavithra Sandamali

Result: False