දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කරණයේදී කරුණු හරිහැටි පරීක්ෂා නොකට වාර්තා කිරීම හේතුවෙන් නොමග යන සුළු තොරතුරු ජනතාව අතරට යනු ලබයි. විශේෂයෙන් මැතිවරණ වාතාවරණයක් තුළ දේශපාලනඥයින්ගේ ප්‍රකාශයන් සම්බන්ධ නොමග යවන සුළු අන්දමින් වාර්තා කිරීම මෙලෙසින් බහුල වශයෙන් නොමග යවනු ලබයි. එලෙසින් විපක්ෂ නායක වරයා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවක් පළ කළ පුවතක් හේතුවෙන් නොමග යන අවස්ථාවක් නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මත්පැන් තහනම් කරන බවට ප්‍රකාශයක් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් සඳහා පාදක වී තිබුණේ, ඩේලිමිරර් ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත විසින් පළ කර තිබූ පුවත් ලිපියකි.

එහි සඳහන් වී තිබුණේ, අනාගත සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ සුරාසැල්, තැබෑරුම් වසා දමනු ඇති බවයි.

එම වාර්තාවෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබුණේ, මේ සඳහා පාසල් මට්ටමේ සිට ව්‍යාපාරයක් පටන් ගන්නා බව ත්, මෙම තීරණය ගනු ලබන්නේ, මෙරට ළමුන් බේරා ගැනීමට බව ත්, මේ පිළිබඳ ප්‍රකාශ කිරීම හේතුවෙන් තමන් ට ඡන්ද නොලැබෙන බව තමන් දන්නා, නමුත් මෙම තීරණය ගනු ලබන්නේ ළමනු වෙනුවෙන් බව ත්, දැනට ලබා දී තිබෙන මත්පැන් බලපත්‍ර සියල්ල බලයට පැමණීමෙන් පසු අවලංගු කරන බව ත්, විපක්ෂ නායකවරයා එම අවස්ථාවේ ප්‍රකාශ කළ බව එහි සඳහන්.

එම පුවත පහතින්.

Archived Link

අප මෙහි නිරවද්‍යතාවය සෙවීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

විපක්ෂ නායකවරයා සිදු කළ බව ට පැවසෙන ඉහත ප්‍රකාශය ඇතුළත් පුවතක් වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළ අතර එවැනි පුවතක් වාර්තා කර නොමැති බව ට දැක ගන්නට ලැබුණි.

ඉන් අනතුරුව ඉහත පුවත් ලිපියට තුඩු දුන් විපක්ෂ නායකවරයා පසුගිය 15 වන දා සහභාගයි වූ “හුස්ම” වැඩසටහනේ 60 වැනි අදියර යටතේ මහර මල්වතු හිරිපිටිය රෝහල ට රු.1,300,000 ක් වටිනා Mini Autoclav 1 හා Pulse Oximeter 1 පරිත්‍යාග කිරීමේ අවස්ථාවේ ජන හමුව වෙත අපගේ අවධානය යොමු කළා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ, වයින් ස්ටෝර්ස් බලපත්‍ර බෙදා දීම, මෘදු මත්පැන් බලපත්‍ර(සොෆ්ට් ලිකර් මත්පැන් ලයිසන්ස්)ලබා දීම, තව ත් මතට කේන්ද්‍ර කර ගත්, අවසර පත්‍ර ලබා දෙමින් විශේෂෙන්ම මේ මොහොතේ බරපතල බලපත්‍ර දේශපාලන සූදුවක් සිදු වන බවයි. මේ තුළින් ඡන්ද හැදී මුදල් ලැබුණ ත්, රටට ත් ජනතාවටත් තරුණයන්ට ත් සෙතක් නොවන බව ත්, දේශපාලනඥයන් රෝහල්වලට උපකරණදී විවෘත කරනවා සේම මත්පැන් සහ මත්කුඩු නිසා වන හානිය ගැනත් එළිපිට කතා කළ යුතු බව යි. දුම්කොළ සමාගම් වලට ඕනම ප්‍රබලයෙක් මුදලට ගන්න පුළුවන්. එම සමාගම් මුදලට විවිධ පුද්ගලියන් අරගෙන, තමන් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු ප්‍රමාණයන් ලබා දීමෙනුත්, පැහැර හරින බව ත්, සඳහන් කළා.

“වචනයෙන් පරිසමාප්ත අර්තයෙන් ම මත්පැන් අවම කරන රටක්” බව ට අපේ රට නිර්මාණය කරන්නට සමගි ජන බලවේගය කටයුතු කරන බවටයි විපක්ෂ නායක වරයා මෙහිදී පෙන්වා දුන්නේ. නමුත් කිසිදු අවස්ථාවක එම රජය යටතේ සුරාසැල්, තැබෑරුම් වසා දමනු බවට ප්‍රකාශ කර නොමැති බවට දැක ගන්නට නොලැබුණි. (34.07 – 41.10)

එමෙන් ම පසුගිය 15වන දා දින ම 'සක්වල' 188 වන SMART පන්ති කාමරය, අනුරාධපුර කලාවැව තඹුත්තේගම සෝලම මහා විද්‍යාලයට ලබා දුන් අවස්ථාවට එක් වෙමින් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයා සඳහන් කළේ, “ඊයේ, පෙරේදා ලබා දුන් බාර් ලයිසන්ස්, ඔක්කොම ටික කැන්සල් කරනවා. පාසල් මට්ටමමෙන් සත්‍ය වශයෙන් අමධ්‍යප ව්‍යාපාරයක් අවශ්‍ය බව ත්, මේවා පාසල් මට්ටමෙන් ආක්‍රමණය කර ඇති බව ත්, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට එය කේන්ද්‍ර කර ගෙන පමණක්, අපට සිදුවනවා යම් යම් දේවල් කරන්න ඒ දේත් අප එළිපිට, විවෘතව, විනිවිද භාවයෙන් යුතුව, ක්‍රම වේදයක් තුළ, ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කෙරෙන බව ත්, එකඑක්කෙනා බිලි බා ගැනීම සඳහා මෘදු මත්පැන් බලපත්‍ර,වයින් සේටෝර්ස් බලපත්‍ර ලබා දෙන බවත්, මේ වසරේ අවසානයේ ලබා ගත් එම බලපත්‍ර රජයට ලබාගන්න බවත්, මත් පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි වලට මෙරට ඉඩක් නොමැති බව ත් ය” එම සම්පූර්ණ වීඩියෝව මෙතනින්.

ඩේලි මිරර් පුවත් ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමන් සිදු කළ ප්‍රකාශය නොමග යන සුළු අන්දමින් පුවතක් පළ කර ඇති බව ත්, එය නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල ද, සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ‘X’ ඔස්සේ සටහන් කර තිබුණේ, තමන් ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගයේ රජයක් බලයට ආවොත්, අල්ලස් දී ලබා ගත් මත්පැන් බලපත්‍ර පමණක් අවලංගු කරන බව ත්, සුරාසැල් තහනම් නොකරන බව ත් ය.

https://twitter.com/sajithpremadasa/status/1791057854004359178

මීට පෙර ද, මැතිවරණ ඉලක්ක කර ගෙන මත්පැන් බලපත්‍ර ලබා දීම නතර කළ යුතු බව ත්, සමගි ජන බලවේග රජයක් තුළ ඒ බලපත්‍ර සියල්ල අහෝසි වන බවත් ඒ සම්බන්ධයෙන් උසාවි ගියහොත් පාර්ලිමේන්තුවේ පනතක් හරහා හෝ ඒවා තහනම් කරන බවත්  පවසමින් පසුගිය මැයි 07 වන දා පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක වරයා සඳහන් කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහතා මෙහදී පෙන්වා දී තිබුණේ, රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංගහවල මංසන්ධියේ මත්පැන් බලපත්‍ර සහිත අවන්හලක් ගැන මීට පෙර තමා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ බව ත් මහා සංඝරත්නයේ විරුද්ධතාව මැද එය නැවත වරක් විවෘත කර ඇති බවයි.

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ, මත්පැන් බලපත්‍ර ලබා ගත්තයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් චෝදනාවක් එල්ල වන අතර මෙලෙසින් වැරදි ක්‍රියාවල නිරත නොවන බහුතරයක් මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතු බව ත්, මත්පැන් බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අල්ලසක් වශයෙන් ලබාදෙන බව ත් එහිදී සඳහන් කර තිබේ.

අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයාගත හැකි විදියට මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුවන බව ත්, එය ප්‍රසිද්ධ කරුණක් බව ත්, මත්පැන් විකිණුම් ස්ථාන විධිමත් ආකාරයට නොපිහිටුවීම සම්බන්ධයෙන් මහජන කැළඹීම් පසුගිය කාලයේදී ඇතිවූ බව ත්, ආගමික ස්ථාන අවට මත්පැන් ස්ථාන පිහිටුවීම අද ජමරෙට ක්‍රියාත්මක වන බව ත්, ඒක අද දේශපාලන සූදුවක් බවට පත් වී ඇති බව ත්, ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බව ත් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා. එම වීඩියෝව මෙතනින්. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:විපක්ෂනායක සජබ ආණ්ඩුව යටතේ මත්පැන් බලපත්‍ර අලෙවිය තහනම් කරන බවට ප්‍රකාශ කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading