දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නුදුරු අනාගතයේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මෙවන් මැතිවරණ උණුසුම තියෙන සමයක , ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම නායකයින්, ඉදිරි මැතිවරණයක දී ලබාගන්නා ප්‍රතිඵල බවට දක්වමින් සමීක්ෂණ වාර්තා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා.

සමාජ මාධ්‍ය සටහන් :

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුණේ, එළැඹෙන ජනාධිපතිවරණ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම සිටින බවට යුරෝපා සංගමය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ බවයි. එම සටහන්හි වැඩි වශයෙන් දක්වා තිබුණේ සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණ මෙහිදී පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන ලබාගනු ඇති බවත් එම ප්‍රතිශත ඉතා පහළ මට්ටමක රැඳී ඇති බවත්ය.

FB| Archived

සැබවින්ම මෙවැනි සමීක්ෂණයක් යුරෝපා සංගමය විසින් සිදුකළා ද යන්න පිළිබඳව අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :


අපි ප්‍රථමයෙන් ම යුරෝපා සංගමයේ සහ මෙරට යුරෝපා සංගම් නියෝජිත නිල වෙබ් අඩවි සහ නිල සමාජ මාධ්‍ය පිටු පරීක්ෂාවට ලක් කර ත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් ගැන සඳහනක් එම සංගමය විසින් සිදු කළ බවට දැක ගන්නට නොලැබුණි.

මීට පෙර අවස්ථාවක දී හෝ යුරෝපා සංගමය මේ ආකාරයේ සමීක්ෂණ සිදු කර ඇති බවට කිසදු සඳහනක් දැක ගන්නට නොලැබුණු බැවින්, මේ පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට අප ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය හා සම්බන්ධ වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ලාර්ස් බ්‍රෙඩල් ගෙන් (Lars BREDAL) අප විමසීමක් කල අතර, ඔහු සඳහන් කර සිටියේ ලංකාවේ මැතිවරණ සම්බන්ධ යුරෝපීය සංගමය විසින් කිසිදු සමීක්ෂණයක් සිදු කර නොමැති බව ත්, සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාජ පුවතක් බවයි.

ඒ පිළිබඳව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිය නිල X ගිණුම හරහාත් නිවේදනයක් සිදු කරල තිබුණේ මෙන්න මෙහෙමයි.

A screenshot of a social media post</p><p>Description automatically generated

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion:

ඉදිරි ජනපති මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගන්නා බවට යුරෝපා සංගමයේ සමීක්ෂණ වාර්තාවකින් හෙළි වූ බවට හුවමාරු වන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් යුරෝපා සංගමය එවැනි සමීක්ෂණයක් සිදුකර නොමැති බවත් ලංකාවේ යුරෝපා සංගමයේ කාර්යාලය තහවුරු කර සිටියි.

විශේෂයෙන් ම මැතිවරණයක් ළං වෙද්දි, මේ වගේ ව්‍යාජ සමීක්ෂණ වාර්තා යොදා ගනිමින්, ඔබව නොමග යවන්න නොයෙකුත් පාර්ශව කටයුතු කරන්න පුළුවන්. එබැවින්, සෑම විටම තහවුරු කළ තොරතුරු පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීමට වග බලා ගැනීම වැදගත්.

Avatar

Title:ජනපති මැතිවරණයෙන් NPP ජය ගන්නා බවට යුරෝපා සංගමය පවසා නැහැ!

Fact Check By: Pavithra Sandamali

Result: False