ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඇති අතර ජුලි 31 වනදා සිට එනම්, අගෝස්තු 5 වනදා පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බව සඳහන්-

තව ද, මෙතෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් පමණක් වාර්තා වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ-

මේ අතරින්, මැතිවරණ පැමිණිලි කළමනාකරණ ජාතික මධ්‍යස්ථානයට පැමිණිලි 68ක් ලැබී ඇති අතර මැතිවරණ පැමිණිලි කළමනාකරන දිස්ත්‍රික් මධ්‍යස්ථාන වෙත පැමිණිලි 31ක් ලැබී ඇති බව සඳහන් වේ-

2019 ජනාධිපතිවරණයට අදාළව වාර්තා වු මැතිවරණ පැමිණිලි ගැන අවධානය යොමු කළහොත්, මැතිවරණය 2019 නොවැම්බර් 16 පැවති අතර මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තා අනුව ඔක්තෝබර් 8 වනදා සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන කාල සීමාව දක්වා පැමිණිලි 1100 කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ අතර ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි 30 ක් පමණ විය .

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, සාධාරණ හා විනිවිදභාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මෙම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි-