ඇන්කර් සහ නිඩෝ කිරිපිටි නිෂ්පාදන ඊශ්‍රායල් සමාගම්වලට අයත් බවට හුවමාරු වන සටහන් සාවද්‍යයි !

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලංකාවේ සිය වෙළද කටයුතුවල නිරතවන විවිධ බහුජාතික සමාගම් තිබෙනවා. ඔවුන්ව ඉලක්ක කරගනිමින් සමාජ ජාලාවල විවිධ නොමගයවන සුළු සටහන් පැතිරෙනවා. මේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් .

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

‘ඇන්කර්’ සහ ‘නිඩෝ’ කිරිපිටි නිෂ්පාදන ඊශ්‍රායල් සමාගම්වල නිෂ්පාදන බවට සමාජ ජාලා සටහන්වල දැක්වෙනවා. එමගින් පවසන්නේ එම නිෂ්පාදන වර්ජනය කල යුතු බවක්. වර්තමාන ගාසා යුධ තත්ත්වය නිසා ඊශ්‍රායල් සමාගම්වල නිෂ්පාදන වර්ජනය කල යුතු බවට රැල්ලක් ලෝකය පුරාම පැතිරෙන සමයකයි අප ජීවත්වන්නේ. 

ඒ සමගම ලංකාවේ රජයට අයත් සමාගමක් වන මිල්කෝ සමාගම මේ වසරේදී රුපියල් බිලියන 2 ක සිය නිෂ්පාදන අලෙවි කල බවට ඔවුන් විසින් පලකරන ලද පොස්ටුවක් sසමගින් මෙසේ ඇන්කර් සහ නිඩෝ යනු ඊශ්‍රායල් සමාගම්වල නිෂ්පාදන බැවින් ඒවා වර්ජනය කරන ලෙස  සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් නිර්මාණය වී තිබුනේ මෙලෙසින්.

FB | Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

අප මුලින්ම විමසා බැලුවේ මෙම වෙළඳ සන්නාම අයිති සමාගම් මොනවාද යන්නයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ‘ඇන්කර්’ සහ නිඩෝ’ යන වෙළද නාම දෙකම, පිළිවෙලින්, ලෝකප්‍රකට බහුජාතික සමාගම් දෙකක් වන ෆොන්ටෙරා  සහ නෙස්ලේ සමාගම්වලට අයත් සන්නාම බවයි.

ඇන්කර් සන්නාමය අයත් ෆොන්ටෙරා යනු නවසීලන්ත සමාගමකි!

ලොව කිරි ව්‍යාපාරයේ ප්‍රධානතම සමාගම් අතරින් එකක් වන ෆොන්ටෙරා යනු නවසීලන්තයේ විශාලතම සමාගමකි. මෙය නවසිලන්ත ගොවීන් දසදහසකටත් වැඩි පිරිසකගේ කොටස් හිමිකත්වය දරන  බහුජාතික කිරි පට්ටි සමුහ ව්‍යාපාරයකි. ෆොන්ටෙරා සමාගම ආරම්භ කර තිබෙන්නේ 2001 වසරේදී, නවසිලන්තයේ ඒ වන විට පැවති ප්‍රධාන කිරිපිටි සමාගමක් දෙකක් වන New Zealand Dairy Group සහ Kiwi Cooperative Dairies යන ව්‍යාපාර දෙක ඒකාබද්ධ කිරීමෙනුයි. මේ සම්බන්ධයෙන් වන වැඩි දුර තොරතුරු කියවිය හැකියි මෙතනින් Archived 

ෆොන්ටෙරා ආයතනයට සම්බන්ධ ලංකාවේ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනයෙන් අප මේ පිලිබදව විමසු අතර ඔවුන් තහවුරු කලේ ද ෆොන්ටෙරා සමාගමට ඊශ්‍රායල් සමග සම්බන්ධයක් නොමැති බව සහ ෆොන්ටෙරා නවසීලන්ත ආරම්භ කොට එහි හිමිකාරිත්වය දරන සමාගමක් බවයි.

නිඩෝ සන්නාමය අයත් නෙස්ලේ යනු ස්විට්සර්ලන්තයේ බහුජාතික සමාගමකි!

ඉන්පසුව අප ‘නිඩෝ’ වෙළඳ නාමය පිළිබඳවත් සොයා බැලුවා. ළමා වියේ එක් එක් අවධි සඳහා සම්පුර්ණ කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන මාලාවක් ඉදිරිපත් කරන ‘නිඩෝ’ නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපොලේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ‘නිඩෝ’ නිෂ්පාදන ලෝකයේ විවිධ රටවල විකිනෙනවා. 

මෙම වෙළද නාමය අයිති වන්නේ ලොව ප්‍රබල බහුජාතික සමාගමක් වන නෙස්ලේ සමාගමටයි. ස්විර්සරලන්තය මූලික කරගත් නෙස්ලේ සමාගම පිහිටුවා ඇත්තේ වර්ෂ 1905 වසරේදියි. රටවල් 188 කට වැඩි ගණනක අලෙවි කටයුතු සිදුකරන මෙම සමාගමේ හිමිකාරිත්වය ගැන විස්තර මෙතනින්. මෙම සමාගම සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින් . Archived

නෙස්ලේ ශ්‍රී ලංකා ආයතනයේ සමූහ මහජන සම්බන්ධතා කළමනාකරු දමිත කුලතුන්ගගෙන් ද අප මේ සම්බන්ධයෙන්  විමසු අතර ඔහු පැවසුවේ ‘නිඩෝ’ සන්නාමය ශ්‍රී ලංකාව තුල අලෙවි කරන්නේ නැති බවයි. කෙසේනමුත් නෙස්ලේ මව් සමාගම ඊශ්‍රායල් සමාගමක් නොවන අතර එය ස්විට්සර්ලන්තය කේන්ද්‍ර කරගත් සමාගමක් බව ඔහු ද තහවුරු කළා.

පසුගිය වසරේ ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් තීව්‍ර වූ සමයේ මේස ඊශ්‍රායල නිෂ්පාදන පිටුදකිමු යන තේමාවෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වූ අතර එහිදී ද ඇතැම් නෙස්ලේ නිෂ්පාදන දක්වා තිබුණා. මේ පිළිබඳව අප එම අවධියේ සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.

Also Read: A provocative post to boycott various products in the market which are falsely claimed to be Israel’s

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ ඇන්කර් සහ නිඩෝ සන්නාමයන් ඊශ්‍රායල් සමාගම්වලට සම්බන්ධ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. මෙම සන්නාම දෙක අයත් මව් සමාගම් පිළිවෙලින් අයත් වන්නේ නවසිලන්තයට සහ ස්විට්සර්ලන්තයටයි.

Avatar

Title:ඇන්කර් සහ නිඩෝ කිරිපිටි නිෂ්පාදන ඊශ්‍රායල් සමාගම්වලට අයත් බවට හුවමාරු වන සටහන් සාවද්‍යයි !

Written By: Fact Crescendo Team  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *