දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණදුන් දරුණුම ආර්ථික අවපාතයකින් ගොඩ එමින් පවතී .ආර්ථික අර්බුදය නිසා පිටරටවලින් වාහන ආනයනය කිරීම පසුගිය කාල වකවානුවේ නවතා දැමුණු අතර වාහන ආනයන සීමාව ඉවත්කරන බවට රාවයක් මේ වන විට රට තුල පැතිරෙමින් ඇත.ඒත් සමගම මේ වනවිට ලංකාවේ වාහන වෙළදපොල තුල හුවමාරුවන පාවිච්චිකරන ලද වාහන වල මිල ගණන් අඩු වෙමින් පවතින බවට කතිකාවතක් නිර්මාණය වී ඇත.මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ රුපියල් ලක්ෂ 20 ක ප්‍රමාණයකින් වාහන මිල අඩුවී ඇති බවට සදහනක්.ඒ සටහන සමාජ ජාලාවල හුවමාරු වෙන්නේ යූ ටියුබ් වීඩියෝවක් ද සමගයි.
මෙම යුටුබ් වීඩියෝවේ අන්තර්ගතයේ ලක්ෂ 20 ක මුදලකින් වාහන මිල අඩුවීම පිලිබදව සදහනක් නොමැති අතර එහි වාහන වර්ග කිහිපයක වර්තමාන මිල පරාසයන් සදහන් .කෙසේ වෙතත් වීඩියෝවේ සිරස්තලය නොමගයවන සුළු ආකාරයට සකස්වී ඇත.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
සත්‍ය කරුණු විමසා බැලීම (Fact Check )
වාහන ආනයන තහනමේ පසුබිම
වාහන ආනයන තහනම ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පැන නැගුනු ආර්ථික අර්බුදයත් සමගයි.2020 වසරේ මාර්තු මාසයේ සිට වාහන ආනයන තහනම ක්‍රියාත්මකයි. 2023 ඔක්තෝබර මාසයේ සිට වාහන ආනයනය පියවර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට පසුගිය රජය තීරණයක් ගෙන තිබුනත් එය ගැසට් පත්‍රයක මුද්‍රණය කර තිබුනේ නැහැ .එවන් පසුබිමක නව රජය සැප්තැම්බරයේ බලයට පත්වූ අතර ඔවුන් වාහන ආනයනය සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු හෝ ස්ථාවරයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.
එවන් පසුබිමක් තුල පාවිච්චි කල වාහනවල මිල තවමත් පවතින්නේ ඉහල අගයකයි.සමාජ ජාලා සටහන්වල කුමක් පළව තිබුනත් වාහන වෙළදාම සම්බන්ධ ක්ෂේත්‍රය තුල ප්‍රවීනයන් පවසන්නේ වාහන වෙළදපොල තුල මිල ගණන් පවතින්නේ ඉහල අගයක බවයි.
වාහන වෙළදාම සම්බන්ධ ප්‍රවීනයන්ගේ අදහස්
විරාන්ද සිල්වා -සභාපති -Ceylon Motor Traders Association
ඔහු පවසන්නේ වාහන වෙළදපොල තුල 10 % ක පමණ කෘතීම මිල අඩු කිරීමක් ඇති බවයි.උදාහරණයක් ලෙස ලක්ෂ 100 ක වාහනයක් ලක්ෂ 90 ක් පමණ දක්වා ලක්ෂ 10 කින් අඩුව ඇති බවයි. ඔහු පවසන්නේ මෙය සිදුව ඇත්තේ වාහන මිලට ගෙන වෙනත් අයට විකුණන අතරමැදියන් විසින් පතුරුවහරින ව්‍යාජ තොරතුරු නිසා බවයි.කෙසේ වෙතත් මෙය තාවකාලික තත්ත්වයක් පමණක් බවයි ඔහුගේ අදහස .
කෙසේ වෙතත් රජය මගින් නුදුරේදීම වාහන ආනයන සිමා ඉවත්කරනු ඇති බව ඔහුගේ සංවිධානය මගින් විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් පලකල ඇති සමාජ ජාලා සටහන පහතින්.
කණිෂ්ක ගින්නලිය : AutoDirect.lk
ඔහු පැවසුවේ වාහන මිල 5%-10% පමණ සුළු ප්‍රමාණයකින් අඩුව ඇති බවයි.එයට හේතුව ලෙස සදහන් කලේ වාහන ආනයන සීමා ඉවත් කිරීමට යන බවට සදහන් වන කට කතා පැතිරයාමත් බවත් ඔහු පැවසුවා.ඔහු වැඩිදුරටත් පැවසුවේ වාහන මිලේ කැපී පෙනෙන විශාල අඩුවක් ඇති බවට පළවන සටහන් සාවද්‍ය බවයි.
අනෙකුත් වෙළද සමාගම්
Ideal Motors– වාහනවල සම්පුර්ණ මිල ගණන් පිලිබදව සලකන විට විශාල අඩුවීමක් සිදුව නොමැති බව ඔවුන් පැවසුවා.ඔවුන් වැඩිදුරටත් සදහන් කලේ වාහනවල මිල ඉහල අගයක පවතින බවයි.එයට හේතුව ලෙස ඔවුන් සදහන් කලේ තවමත් සක්‍රියව පවතින වාහන ආනයන තහනම බවයි.
යුනයිටඩ් මෝටර්ස් ආයතනයද අප සමග පැවසුවේ වාහනවල මිල යම් පහල බැසීමක් දක්නට ඇති බවත් එය සිදුව ඇත්තේ වාහන ආනයන තහනම ඉවත් කරන බවට වන ප්‍රචාර නිසා බවයි.
රියසෙවන – මාර්ගගත ක්‍රමවේද ඔස්සේ වාහන විකුණන ප්‍රධාන ආයතනයක් වන රිය සෙවන ආයතනය හා සම්බන්ධවූ අපි මේ පිලිබදව ඔවුන් දක්වන කරුණු කෙරෙහිද අවධානය යොමුකළා .
ඔවුන් පැවසුවේද විශාල වශයෙන් වාහන මිල පහල යාමේ ප්‍රවනතාවයක් දක්නට නොමැති අතර සමහර වාහන සදහා මිල ඉහල යාමේ ප්‍රවනතාවයක් පසුගිය දින 60 ක දත්ත නිරීක්ෂණය කිරීමේදී දක්නට ලැබෙන බවයි.
ටොයෝටා ප්‍රිමියෝ 2018 , ටොයෝටා ඇක්වා 2013 , හොන්ඩ වෙසල් 2014 වාහනවල මිල පසුගිය දින 60 ක කාලය තුල උච්චාවචනය වූ ආකාරය පහතින්.
වාහනවල වෙළදපොල මිල ගණන්
පාවිච්චි කල වාහනවල මිල ගණන් ඉහළයාම සිදුව ඇත්තේ 2020 වසරේදී පැනවූ වාහන ආනයන සීමාවන් නිසායි.කෙසේ වෙතත් සමහර පුද්ගලයන් පතුරුවා හරින කටකතා නිසා ඇතැම් වාහනවල මිලේද සුළු අඩුවක් දක්නට තිබෙනවා. දැනට වෙලදපොලේ ඇති පාවිච්චි කල වාහනවල මිල තවදුරටත් පවතින්නේ ඉහල අගයකය.ඒ සම්බන්ධ විස්තර මෙතනින්
පාවිචිචි කල වාහනවල ඉහල ගණන් කෙබදුද යන්න ඉහත වාහන මිල ගණන් වලින් පැහැදිලියි.
මේ අතර ටොයෝටා ලංකා ආයතනය සිය අලුත්ම වාහනවල මිල ගණන් 2025 වසර සදහා පසුගියදා ප්‍රසිද්ධ කළා.
අප සමග අදහස් දැක්වූ ටොයෝටා ;ලංකා ආයතනයේ නියෝජිතයෙක් සදහන් කලේ 2025 වසර සදහා මේ ආකාරයෙන් සම්පුර්ණ අලුත්ම වාහනවල මිල ගණන් ප්‍රසිද්ධ කලේ 2025 වසරේ වාහන ආනයන තහනම ඉවත් කරාවි යන විශ්වාසයෙන් බවයි.එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සදහන් කලේ පසුගිය වසරේදී සංචාරක කර්මාන්තය සදහා සීමා සහිත වාහන වර්ග කිහිපයක් පමණක් ගෙන්වීමට අනුමැතිය ලබාදුන් අතර එම වසරේදී හයි එස් ආදී වාහන වර්ග කිහිපයක් ආනයනය කර ගෙන්වූ බවයි.කෙසේ වෙතත් සමහර තාක්ෂණික හේතු නිසා මේ වසරේ මිල ගණන් එම වාහනවල යම් වැඩි අගයක් ගන්නා බවයි. එමෙන්ම ඉහත දැන්වීමේ සදහන් මිල ගණන්වලට 18% ක වැට් බදු අගයක් එක්වන බවක්ද ඔවුන් පැවසුවා.
ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන
ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහනවල මිලෙහි සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබෙන බව EV Club නියෝජිතයෙක් අප කල විමසුමකදී පවසා සිටියා.ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය දිනවල යම් අඩුවක් දක්නට තිබුනත් මේ වන විට මිල ඉහළයාමේ ප්‍රවනතාවයක් පවතින බවයි. “ලක්ෂ 80 ක වාහනයක මිල ලක්ෂ 60 දක්වා අඩුව නැහැ” ඔහු පැවසුවා.
වාහනවල මිල තක්සේරුකරණ ආයතන
S&T මිල තක්සේරුකරණ ආයතනය අප සමග පැවසුවේ වාහනවල මිලෙහි සැලකිය යුතු මිල අඩුවීමක් දක්නට නොලැබෙන බවයි.කෙසේ වෙතත් ආනයන තහනම ලිහිල් කරන දිනයක් රජය පැවසුවොත් මිල අඩුව යා හැකි බවත් ඔවුන් පැවසුවා .
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය
වාහනවල මිල සැලකිය ලෙස අඩුව ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි. 5%-10% පමණ සුළු අඩුවීමක් සමහර වාහනවල පෙන්නුම් කලත් සමහර වාහනවල ඇත්තේ මිල වැඩිවීමේ ප්‍රවණතාවයකි. සමස්තයක් ලෙස වාහන මිල ගණන් දක්වන්නේ ඉතා ඉහල අගයකි.එයට හේතුව වන්නේ මේ වනවිටත් සක්‍රියව ඇති ආනයන සීමා යි.

Title:ලංකාවේ වාහන මිල සැලකිය යුතු ලෙස අඩුවෙමින් පවතිනවාද ?
Fact Check By: Kalana KrishanthaResult: Insight

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,