විදෙස් සංචිත පිලිබදව ජනපතිගේ ප්‍රකාශයක් පිළිබද කරුණු පැහැදිලි කිරීම 

Economy Insight

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනපති අනුර කුමාර බලයට පත්වීමත් සමග ඔහු කරන ප්‍රකාශයන් කෙරෙහි සමාජ ජාලා පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.ඔහු විසින් සිදුකරන විවිධ ප්‍රකාශයන් පිළිබද නිතර සමාජ ජාලා පොස්ටු පළවන ආකාරයක් දැකගත හැකියි.ඔහු මෑතක සිදුකල ප්‍රකාශයක් කෙරෙහි අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමකි මේ .

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ජනපති අනුර විසින් තමන් රට භාරගන්නා විට විදෙස් සංචිත බින්දුවට සිදිගොස් තිබුණු බවක් පැවසූ බවත්.එය පාදක කරගනිමින් විවිධ සමාජ ජාලා සටහන් බොහොමයක් පැතිරෙනවා.

Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

කරුණු පැහැදිලි කිරීම Explanation 

අප විසින් සොයා බැලුවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇතිද යන කාරණයයි.එහිදී අපට දක්නට ලැබුණේ පසුගියදා කළුතර කටුකුරුන්දේ පැවති රැස්වීමකදී ඔහු විසින් එවන් ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.එම රැස්වීමේදී ඔහු කල සම්පුර්ණ කතාවට සවන්දිය හැකියි පහතින්. එහි 20 වන මිනිත්තුවේ සිට විදෙස් සංචිත පිලිබදව ඔහු පවසන අතර මෙහිදී ඔහු පවසන්නේ තමන් බාරගත්තෙ විදෙස් සංචිත බින්දුවට වැටී තිබුණු රටක් බවයි. 

අනුර කුමාර දිසානායක රට බාරගන්නා විට සැබැවින්ම ලංකාවේ සංචිත ප්‍රමාණය කොපමණද ??මේ පිලිබදව අප සොයා බැලුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් අංශයේ සහාය ලබාගෙන .

මහා බැංකුවේ වෙබ් අඩවියේ ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය වසරෙන් වසර වෙනස්ව ඇති ආකාරය පැහැදිලිව සංඛ්‍යාලේකන වල දක්වා තිබෙනවා.ඔබටත් මහා බැංකුවේ අදාළ දත්තවලට පිවිසිය හැකියි මෙතනින්

අදාළ මහා බැංකු දත්ත වාර්තාවලට අනුව 2024 සැප්තැම්බර මාසය වන විට, එනම් අනුර කුමාර දිසානායක වත්මන් ජනපතිවරයා ධුරයට පත්වන විට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.9 ක් වන අතර ඔක්තෝබර මාසයේදී එය ඩොලර් බිලියන 6 ඉක්මවනවා.

ලංකාවේ ආර්ථික අර්බුදයේ වඩාත් තියුණු අවස්ථාව ඇතිවුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කරන කාල වකවනුවෙදියි. එවකට රට තුල උත්සන්නව පැවති විදෙස් සංචිත හිගය නිසා  තෙල් ,ගෑස් ,කිරි පිටි ආදී ද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීම අපහසුවූ අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සදහා දිගු පෝලිම් ඇතිව තිබුණා.එහි ඇතිවූ අරගලය නම් ආණ්ඩු විරෝදී උද්ඝෝෂණ රැල්ල හමුවේ එවකට ජනාධිපති ගෝඨාභයට මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂටද ඉල්ලා අස්වීමට සිදුවුණා.මෙවන් පසුබිමක් යටතේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත සහිතව ලංකාවේ ජනාධිපති තනතුරට තේරිපත්වුනා .

2022 ජුලි මාසයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරේ වැඩ පටන් ගන්නා විට ලංකාවේ මුළු විදෙස් සංචිත ප්‍රමාණය පැවතියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක් .නමුත් ඔහු රට පාලනය කල වසර දෙක හමාරක කාලය ඇතුලත් විදස් සංචිත ඩොලර් බිලියන 5.9 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ සම්බන්ධ දත්ත මහා බැංකු දත්ත වල අන්තර්ගතයි. 

මේ පළිබදව කරුණු විමසා සදහා අප ආර්ථික විද්‍යාව පිළිබද විද්වතෙක් වන මහාචාර්ය සිරිමල් අබේරත්නව සම්බන්ධ කරගත්තා.ඔහු අවධාරණය කර සිටියේ  2022 ජුලි මාසයේ සිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ක්‍රමයෙන් වැඩිවී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වන කාල වකවානුව වන විට ඩොලර් බිලියන 5.9 දක්වා අගයක් ගත් බවයි.ඒ බව මහා බැංකු දත්ත වාර්තාවලින් මනාව පැහැදිලි වන බවත් ඔහු සදහන් කර සිටියා. 

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව යටතේ විදෙස් සංචිත ප්‍රමාණය , 2028 වසර වන විට ඩොලර් බිලියන 15.1 දක්වා ඉහල දැමීම රජයේ ඉලක්කය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී පවසා තිබුණා. ඔහුගේ කතාව ශ්‍රවණය කල හැකියි පහත වීඩියෝව ඔස්සේ .

2024 වසර පුරා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය විචලනය වූ ආකාරය CEIC දත්ත ඔස්සේ පහතින් වගුවක් ආකාරයට .

CEIC 

මේ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයා ධුරයට පත් 2024 සැප්තැම්බරයේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.9 යි.ඔක්තෝබරයේ ඩොලර් බිලියන 6.3 යි නොවැම්බරයේ ඩොලර් බිලියන 6.4 යි සහ කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ එම ප්‍රමාණය ඩොලර් බිලියන 6.0 දක්වා යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී පැහැදිලි වන කාරණය නම් තමන් රජය බාරගන්නාවිට රට තුල විදෙස් සංචිත ප්‍රමාණය බිංදුව ට ආසන්න බව ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකරන ලද ප්‍රකාශය නොමගයවන සුළු එකක් වන බවයි.ලංකාවේ ආර්ථික අර්බුදය උත්සන්නව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රටින් පලායන අවස්ථාවේ ඩොලර් බිලියන 1.8 ක් විදෙස් සංචිත ලෙස පැවතුණා.ඉන්පසුව ආරම්භවූ රනිල් වික්‍රමසිංහ පාලන සමය තුල එය ඩොලර් බිලියන 5.9  ක් දක්වා වර්ධනය වුණා. ඒ අනුව පැහැදිලි වන කාරණය නම් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් බාරගත්තෙ ඩොලර් බිලියන 6 ක් පමණ විදෙස් සංචිත තිබුණු රටක් වන අතර , එය ඩොලර් සංචිත බින්දුවට සිදුනු  රටක් ලෙස ඔහු විසින් සිදු කරන ප්‍රකාශය නොමගයවන සුළු එකක් වන බවයි.ඒ බව මහ බැංකු දත්ත වාර්තාවලින්ද තහවුරු වෙනවා. 

Avatar

Title:විදෙස් සංචිත පිලිබදව ජනපතිගේ ප්‍රකාශයක් පිළිබද කරුණු පැහැදිලි කිරීම

Fact Check By: Kalana Krishantha 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *