Update :
කුරුඳුවත්ත පොලිස් ස්ථානයට එම සිදුවීම කළ දරුවන් ඊයේ(17) දින පොලිස් ස්ථානයට කැඳවීමට නියමිත වී තිබූ බැවින් එහි නවතම තත්ත්වය පිළිබඳ විමසීමට අප අද(18) දිනයේදී ද, එම පොලිස් ස්ථානයෙන් විමසීමක් කළා.
ඔවුන් සඳහන් කළේ, ඊයේ දිනයේ දී එම සිදුවීමට වගකිව යුතු 9 හැවිරිදි දරුවන් තිදෙනා පරිවාස නිලධාරී තුමී භාරයේ ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව ත්, එම අවස්ථාවේදී ගම්පොළ මහසේත්‍රාත් තුමිය විසින් ප්‍රකාශ කළේ, අවුරුදු 12ට අඩු ළමයි කරන වැරදි වැරැද්දක් විදියට නීතියෙන් පිළි නොගන්නා බැවින් ඔවුන් තිදෙනාට නඩුවක් දැමීම සඳහා ප්‍රතිපාදන නොමැති බැවින් ඔවුන් උසාවියෙන් ඉවත් කරන ලෙස සඳහන් කළ බවයි.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇතැම් සිදුවීම් අරඹයා ඒ පිළිබඳ වාර්තා කිරීමේදී අසත්‍ය තොරතුරු නොමග යනසුළු තොරතුරු හිතාමතා ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර වීම ජනවාර්ගික ගැටලු ඇති කර ජාතීන් අතර අසමගිය ඇති කිරීම දක්වා දුර දිග යනු ලබනවා. එලෙසින් සත්‍ය කරුණු සඟවා අසත්‍ය තොරතුරක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනක් පිළිබඳ Factcrescendo Sri Lanka අප කණ්ඩායම විසින් සිදු කළ කරුණු විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයේ සිංහල පාසලකට පැමිණෙන දෙමළ සිසුවෙකු ඔහුගේ පාසල් මිතුරන් විසින් ටිනර් වත්කර ගිනි තබා ඝාතනයට ලක් කිරීමට තැත් කර බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ දමිළ බසින් සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.
මෙහි දක්වා ඇති තොරතුරු නිවැරදි ද යන්න පිළිබඳ සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සිංහල සිසුන් පිරිසක් එක්ව දමිළ සිසුවෙකු ඝාතනය කිරීමට උත්සහ කළ බව ට ඉහත සමාජ මාධ්‍ය සටහන දමිළ බසින් පළ වන විට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් වාර්තා වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.
ඉහත සමාජ මාධ්‍ය සටහනේ පාසලේ නම සඳහන් කර නොතිබුණද, සටහන පළ කළ පුද්ගලයා විසින් එම සටහනේ ම කමෙන්ටුවක් දමිළ බසින් පළ කර තිබුණේ මෙම සිදුවීමට පාදක වූ පාසල නාවලපිටිය, කුරුඳුවත්ත යටපහන ප්‍රාථමික විදුහල බවයි.
ඒ ඔස්සේ අප මේ පිළිබඳ කරුණු පිරික්සීමට පියවර ගනු ලැබුවා.
කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති
මෙම පාසල අයත් වන කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි සිදුවීමක් වී ඇත්දැයි යන්න පිළිබඳ විමසීමක් කරනු ලැබුවා.
පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, එම සිදුවීම නොමග යන තොරතුරු ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය ඇවිලීමට භාවිත කර ඇති බවයි.
පසුගිය පෙබරවාරි 13 වන දින, තිරුචෙල්වම් සෙල්වකුමාර් නමැති මෙලෙසින් තුවාල ලැබූ 14 හැවිරිදි සිසුවා සහ තවත් සිසුන් තිදෙනෙකු පන්ති කාමරයේ සෙල්ලම් කරමින් සිටියදී, අනෙක් 10 හැවිරිදි සිසුන් තිදෙනෙකු විසින් පාසලෙන් ලබා ගත් හිස් ටිනර් බෝතල් එකක් මෙම සිදුවීමට මුහුණ පෑ දරුවාගේ බෑගයේ සඟවා ඇත. ඉන් පසුව තිරුචෙල්වම් සෙල්වකුමාර් විසින් තම බෑගයේ බෝතලය එකක් සඟවා තිබූ බවට සොයා ගෙන ඇති අතර ඉන්පසු අනෙක් සිසුන් තිදෙනා අසල තිබූ බුදු පහන ඉදිරිපිට දැල්වූ පහනට අල්ලා ඇති අතර එම බෝතලය ගිනි ගත් විට එය ඉවතට විසි කළ ඇති අතර ඒ මොහොතේ එම බෝතලය මේසයේ වැදී තුවාල ලැබූ සිසුවාගේ පාද මතට වැටීමෙන් ඔහු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.
කුරුඳුවත්ත යටපහන ප්‍රාථමික පාසලේදී මෙම සිදුවීම සිදු වූ බවත්, පාසල් පරිපාලනය විසින් එම දරුවාගේ පවුලට ආධාර ද, ලබා දුන් බවත් සඳහන් කළා.
එවැනි සිදුවීමක් සිදු වුවද, සෙසු සිසුන් එම සිසුවාට ටිනර් වත් කර ගිනි තැබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු වැරදි බවත්, ක්‍රීඩා කරමින් සිටියදී සිසුන් නොදැනුවත්වම කළ ක්‍රියාවක් හේතුවෙන් මෙම සිදුවීම සිදු වූ බවත්, එවැනි වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් එම සිසුන්ගේ අනාගතය ප්‍රශ්නාර්ථයක් බවත් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියා.
එමෙන් ම අද (17) දින සිසුන් සහ වින්දිතයාගේ පවුලේ සාමාජිකයන් පොලිස් අධිකරණ අංශයට කැඳවා උපදෙස් ලබා දීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.
අදාළ සිසුන් වයස අවුරුදු 15 ට අඩු බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නා.
මෙම සිදුවීමට මුහුණ පෑ දරුවා සහ ඔහුගේ මව
සිද්ධියෙන් තුවාල ලැබූ පාසල් දරුවාගේ මව වන තිලකමනී අප Factcrescendo Sri Lanka දමිළ කණ්ඩායම කළ විමසීමේදී සඳහන් කර තිබුණේ, සිද්ධිය වූ දිනයේ ඇය නගරයේ නොසිටි බවත්, පෞද්ගලික කටයුත්තක් සඳහා තම උපන් ගම වන බණ්ඩාරවෙලට ගොස් සිටියදී තම පුතාට මෙය සිදුවීම වූ බව පාසල් පරිපාලනය දුරකථනයෙන් තමාට දැනුම් දුන් බවයි.
තම පුතා සහ තවත් සිසුන් තිදෙනෙකු එකට සෙල්ලම් කරමින් සිටියදී, පාසලේ තිබී සොයාගත් ටිනර් බෝතලයක් සිසුන් විසින් පත්තු කළ බවත්, එම අවස්ථාවේදී බෝතලයට ගින්නක් ඇති වූ විට සෙසු සිසුන් එය ඉවතට විසි කළ බවත්, එම අවස්ථාවේදී බෝතලය එහි මේසයේ වැදී අහම්බෙන් තම පුතාගේ පාද මතට වැටී එය ගිනි ගත් බවත් ඔහුගේ පුතා තමාට පැවසූ බව ඇය වැඩි දුරටත් සඳහන් කළා.
තම පුත් සෙල්වකුමාර්ට වයස අවුරුදු 14 ක් වන අතර පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් පමණක් සිටින බවත් එම පාසලේ ඉගෙනීමට සුදුසු වයසේ නොමැති වූවත්, ඔහු 5 වන ශ්‍රේණියේ එම පාසලේම ඉගෙනුම ලබන බවත් ඇය අප සමග පවසා සිටියා.
ඊට හේතුව වන්නේ ඔවුන් තම උපන් ගම වන බදුල්ලේ සිට කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණෙන විට ඔවුන්ගේ පුතා පාසල් නොගිය බවත්, එම ප්‍රදේශයේ ග්‍රාම සේවකවරයා සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එක්ව තම පුතාව යටපහන ප්‍රාථමික පාසලට ඇතුළත් කළ බවත් ඇය සඳහන් කළා.
මෙම සිදුවීම සිසුන් එකට සෙල්ලම් කරමින් සිටියදී සිදු වූ අහම්බෙන් වූ සිදුවීමක් බවත්, සිසුන් එකතු වී තම පුතාට ටිනර් වත් කර ගිනි තැබුවේ නැති බවත්, සමාජ මාධ්‍යවල බෙදා හරින වැරදි තොරතුරු පිළිබඳව තමා නොදන්නා බව ත් ඇය අප කළ විමසීමේදී වැඩි දුරටත් පවසා සිටියා.
පාසල් පරිපාලනයේ නොසැලකිල්ල නිසා හිස් ටිනර් බෝතලයක් එහි තබා ඇති ඇති බවත්, මේ ආකාරයෙන් තම පුතාට අනතුර සිදුවූවායින් පසු, පාසල් පරිපාලනය ඔහුට නිවසට ගෙන යාමට ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගත් බවත් සිසුවාගේ මව අපට දුරකතන මාර්ගයෙන් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් මව සහ සිද්ධියට මුහුණ පෑ දරුවා අදහස් දැක්වූයේ මෙලෙසින්.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අපි නාවලපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අමතා ප්‍රශ්න කළෙමු. කුරුඳුවත්ත යටපහන ප්‍රාථමික පාසලේ දෙමළ සිසුවෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවට වූ සිද්ධිය සත්‍යයක් වුවද, සෙසු සිසුන් එම සිසුවාට ටිනර් හිතාමතා වත්කර ගිනි තැබූ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වූ තොරතුරු අසත්‍ය බව ද ඔවුන් සඳහන් කළා.
පාසලේදී ටිනර් හිස් බෝතලයක් සමඟ සෙල්ලම් කරමින් සිටියදී සිසුන් විසින් එයට ගිනි තබා ඇති අතර ඒත් සමග ඇතිවූ ගින්න හේතුවෙන් එලෙසින් දැවෙන බෝතලය විසි කර ඇති අතර එම අවස්ථාවේදී බෝතලය මේසයක් මත වැදී අදාළ ශිෂ්‍යයාගේ කකුළ මතට වැටී ඔහුගේ කකුල්වලට පිළිස්සුම් ඇති වූ බවත් ඔවුන් ප්‍රකාශ කළා. එමෙන් ම ඔවුන් අවධාරණය කළේ, ශිෂ්‍යයින් එක්ව තව ත් ශිෂ්‍යයෙක්ට එලෙසින් ගිනි තැබුවේ මාධ්‍යවේදීන් ලෙස ඔවුන් මාසයකට පෙර වූ මෙම සිදුවීම වාර්තා කරන බවයි.
කෙසේ වෙතත්, මෙය සිසුන් සෙල්ලම් කරමින් සිටියදී නොදැනුවත්කම නිසා සිදු වූ සිදුවීමක් බවත්, ඇතැම් පිරිස් මෙය මිනීමැරුම් උත්සාහයක් ලෙස සමාජ මාධ්‍යවල නිරූපණය කිරීම ඉතා වැරදි බවත් ඔවුන් පෙන්වා දුන්නා.
ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපි ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගෙන් ද විමසීමක් කළ අතර ඔහු පැවසුවේ අදාළ පාසලේ වූ සිදුවීම සිසුන් සෙල්ලම් කරමින් සිටියදී අහම්බෙන් වූ සිදුවීමක් බවත්, දෙමළ සිසුවෙකු සෙසු සිසුන් විසින් ගිනි තබා ඇති බවට සමාජ මාධ්‍යවල පැතිර යන තොරතුරු අසත්‍ය බවත්ය.
අදාළ පාසල සිංහල මාධ්‍ය ප්‍රාථමික පාසලක් බවත්, එහි සිසුන් 75 ක් පමණ ඉගෙනුම ලබන බවත්, බලපෑමට ලක් වූ සිසුවා ඇතුළු දෙමළ සිසුන් තිදෙනෙකු සිංහල භාෂාවෙන් ඉගෙනුම ලබන බවත් ඔහු සඳහන් කරනු ලැබුවා.
සිසුන් සෙල්ලම් කරමින් සිටියදී අහම්බෙන් වූ මෙම සිදුවීම, සෙසු සිසුන් එක්ව සිසුවෙකු ඝාතනය කිරීමට උත්සාහ කරන බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන බවත්, එය මහජනතාව අතර ජන වාර්ගික ගැටලුවක් නිර්මාණය කරන බවත්, මෙම අනෙක් සිසුන්ගේ අනාගතයද ප්‍රශ්නාර්ථයට ලක් කරන බවත් ඔහු පෙන්වා දෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට වාර්තා කර ඇති බවත්, සියලු නීතිමය පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසුවා.
මාසයකට පෙර සිදු වූ මෙම සිදුවීම වර්තමානයේ ඇතැම් පුද්ගලයින් විසින් තමන්ගේ පෞද්ගලික වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස බෙදා ගනිමින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නා.
ඉහත සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට කුරුඳුවත්ත යට්ටිපහන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ නමුත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, ඔහු සම්බන්ධ කර ගැනීමෙන් පසු, පාසල ඔහුගේ අදහස් සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහල
ඒම දරුවා සිදුවූ පිළිස්සීම් තුවාලය සඳහා බෙහෙත් දැමීමට පැමිණි බව කියූ කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලෙන් ද, අප විමසීමක් කළ අතර ඒහි විශ්වාසි දායක ආරංචි මාර්ගයකින් සඳහන් කළේ, මෙම දරුවා හෝ මව විසින් සිදුවූ තුවාලය පිළිබඳ විමසීමේදී සඳහන් කළේ, පාසලේදී යාළුවන් විසින් ගිනිගත් ටිනර් හිස් කෑනයක් විසි කිරීමට යාමේදී ඒය මේසයේ වැදී දරුවාගේ කකුල මතට පතිත වීමේන් කකුළ පිළිස්සුනු බවයි.
මේ සම්බන්ධයෙන් දමිළ බසින් පළ වූ අපගේ වාර්තාව පහතින්.
சிங்கள மொழி பாடசாலையில் கல்வி கற்கும் தமிழ் மாணவன் மீது சக மாணவர்கள் டினர் ஊற்றி பற்ற வைத்தார்களா?
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නාවලපිටිය සිංහල පාසලකට පැමිණෙන දෙමළ සිසුවෙකු ඔහුගේ පාසල් මිතුරන් විසින් ටිනර් වත්කර ගිනි තබා ඝාතනයට ලක් කිරීමට තැත් කර බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය සහ නොමග යන සුළුබවයි.
පාසලේදී ටිනර් හිස් බෝතලයක් සමඟ සෙල්ලම් කරමින් සිටියදී සිසුන් විසින් එයට ගිනි තබා ඇති අතර ඒත් සමග ඇතිවූ ගින්න හේතුවෙන් එලෙසින් දැවෙන බෝතලය විසි කර ඇති අතර එම අවස්ථාවේදී බෝතලය මේසයක් මත වැදී අදාළ ශිෂ්‍යයාගේ කකුළ මතට වැටී ඔහුගේ කකුල්වලට පිළිස්සුම් ඇති වූ බව එම දරුවාගේ මව, කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තහවුරු කරනු ලබයි.

Title:නාවලපිටිය සිංහල පාසලකට යන දමිළ සිසුවෙකුට ඔහුගේ පාසල් මිතුරන් විසින් ටිනර් වත්කර ගිනි තබා ඝාතනයට ලක් කිරීමට තැත් කළද?
Fact Check By: Pavithra SandamaliResult: Insight
