ඉන්දියාව පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක වීඩියෝවක් ද?

International Misleading

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය අප්‍රේල් මස, ඉන්දීය පරිපාලනය යටතේ පවතින පහල්ගම් වෙත, ලෂ්කර්-ඊ-තලීබා සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දශක ගණනාවක් තිස්සේ පවතින ඉන්දීය – පකිස්තාන දේශසීමා පිලිබඳ ගැටුම්කාරී තත්වය තීව්‍ර වූ අතර අද(07) දිනයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ ඇති ත්‍රස්ත කඳවුරු වලට ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා. 

මෙම ප්‍රහාරයේ අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු වීඩියෝ රැසක් හුවමාරු වෙමින් පවතින අතර එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඉන්දියාව අද (07) දිනයේ පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, සත්‍ය වශයෙන් ම අද දිනයේ පාකිස්තානයට එල්ල කළ ප්‍රහාරක අවස්ථාවේ වීඩියෝවක් ද, යන්න පිළිබඳ අප සොයා බැලීමක් කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පසුගිය අප්‍රේල් මස 22 වන දා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් වෙත පාකිස්තානයේ ත්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ අතර,  ඉන්දියාව හා පාකිස්තානය අතර යුධ ගැටුම් නැවත ඇරඹීමට කටයුතු යෙදී තිබුණා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අද(07) දිනයේ ඉන්දීය හමුදාව විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ‘සින්දූර් මෙහෙයුම’ (Operation Sindoor) දීයත් කරමින් ස්ථාන නවයක් වෙත ප්‍රහාර එල්ල කළා.

මෙම ප්‍රහාරයේ අවස්ථා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, ඡායාරූප වීඩියෝ පළ වූ අතර ඉහත සමාජ මාධ්‍ය වීඩියෝව වෙත අපගේ අවධානය යොමු කළා.

“The Telegraph” ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවියේ මෙම වීඩියේව ඉන්දියාව විසින් පාකිස්තානයට එල්ල කරන ලද ප්‍රහාරයේ අවස්ථාවක් ලෙසට මෙලෙසින් දක්වා තිබු අතර පසුව එය ඉවත්කර තිබුනා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේ දී අපට දැක ගැනීමට හැකි වූයේ මෙම වීඩියෝව 2023 ඔක්තෝබර් 23 වන දින ‘X’ ඔස්සේ පළ වී ඇති බවයි. 

එමෙන් ම එම වීඩියෝවේ දැක්වෙන්නේ ඊශ්‍රායෙල විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයක අවස්ථාවක් බව එම ‘X’ පණිවිඩයේ දැක ගන්නට ලැබෙනවා.

Archived Link

එමෙන්ම 2023 ඔක්තෝබර් 13 වන දින YouTube නාලිකාවක පළ කරන ලද මෙම වීඩියෝව, “රාත්‍රියේදී ගාසා තීරයට දැඩි බෝම්බ ප්‍රහාරයක් එල්ල විය” යන අර්ථයෙන් අරාබි භාෂාවෙන් පළ වී තිබුණා.

තව ත් වීඩියෝ කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ රූපරාමුවක ඡායාරූපයක් ඇතුළත් කරමින් 2023 ඔක්තෝබර් 23 වන දින ප්‍රකාශයට පත් කරන ලද වෙබ් පුවත් වාර්තා ද දැක ගන්නට ලැබුණු අතර, එහි දැක්වෙන්නේ ද, මෙම අවස්ථාව ඊශ්‍රායලය විසින් 2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයට ගුවන් ප්‍රහාරයක් දියත් කළ අවස්ථාවක් බවයි.

hqtime.huanqiu.com

ඒ අනුව මෙම වීඩියෝව අද(07) දිනයේ පාකිස්තානයට එල්ල වූ ප්‍රහාරයේ අවස්ථාවක් නොවන බවට තහවුරු වේ.

එසේම අද දිනයේ ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරය කිසිදු පකිස්ථාන හමුදා කඳවුරකට එල්ල කරමින් පහර නොදුන් බව ත් ඉන්දීය රජය පවසනවා. එම නිල නිවේදනය මෙතනින්

කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ද, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය පහතින්.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා දක්වා තිබු ආකාරයට පාකිස්තානයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකුම  මිය ගොස් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ බව පාකිස්තාන හමුදා ප්‍රකාශකයෙක් පැවසූ බවයි.

Jaish-e-Mohammed සහ Lashkar-e-Taiba යන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම්වලට සම්බන්ධ පහසුකම් සැපයූ මධ්‍යස්ථාන සඳහා ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ බව ඉන්දීය හමුදා ප්‍රකාශක දෙදෙනෙක් නවදිල්ලියේ පැවති සාකච්ඡාවකදී පවසා තිබුණා.

ගුවන් ප්‍රහාර ඉන්දීය වේලාවෙන් අලුයම 1.05 සිට 1.30 දක්වා මිනිත්තු 25ක කාලයක් පැවතී ඇති බවට වාර්තා වේ.

“පකිස්තානය පදනම් කරගත් ත්‍රස්ත මොඩියුලවල බුද්ධි තොරතුරු සහ නිරීක්ෂණයෙන් පෙනී ගියේ ඉන්දියාවට එරෙහිව තවදුරටත් ප්‍රහාර එල්ල වීමට නියමිත බවයි, එබැවින් පූර්වාරක්ෂාව සහ පූර්වාරක්ෂාව සඳහා ප්‍රහාර එල්ල කිරීම අවශ්‍ය විය,” යනුවෙන් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසනවා.

ඉන්දීය මිසයිල ස්ථාන තුනකට පහර දුන් බවත්, ඉන්දීය ගුවන් යානා පහක් වෙඩි තබා බිම හෙළූ බවත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් පළ වන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Also Read : Old Video Of An Airstrike Going Viral As The Recent Indian Airstrike On Pakistan.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉන්දියාව අද (07) දිනයේ පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඉහත වීඩියෝව පාකිස්තානයට එල්ල කර ප්‍රහාරයේ අවස්ථාක් නොව 2023 වසරේ ඔක්තෝබර් මස ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයක වීඩියෝවක් බවයි.

Avatar

Title:ඉන්දියාව පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක වීඩියෝවක් ද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply