දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ සත්‍ය ඡායාරූප හෝ සත්‍ය වීඩියෝ වන අවස්ථා වලදීත්, ඒවාට වෙනත් අර්තකතනයක් ලබා දී නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සුලබව දක්නට ලැබෙනවා. එලෙසින් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ප්‍රහාරක ජෙට් යානා දෙකක් අතර යුද්ධ ගැටුම කැමරා කාචයේ සටහන් වූ ආකාරය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය තුළින් වීඩියෝවක් සංසරණය වෙමින් පවතින අයුරු අපට දැක ගන්නට ලැබුණා.
මෙහි දැක්වෙන්නේ සත්‍ය වශයෙන් ම යුධ ගැටුමක් පවතින් ප්‍රහාරක යානා දෙකක් ද යන්න අප සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම):
අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර ඉහත දක්වා ඇති වීඩියෝව ඉරාන- ඊශ්‍රායල රටවල් අතර සිදුවූ යුද ගැටුමකදී ඉරාන හමුදාව විසින් ඊශ්‍රායල් f-35 ප්‍රහාරක ජෙට් යානයකට පහරදී ඇති බවට සඳහන් කරමින් ජාත්‍යන්තර මට්ටමින්ද තොරතුරු හුවමාරුවී ඇති බවක් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළන වීඩියෝව පිළිබඳව අප තවදුරටත් කරුණු සෙවීමේදී පැහැදිලි වූයේ ඒ දර් ශනවල ඇති ගුවන් යානය රුසියානු SU-25 ජෙට් යානා බවයි. මිලිටරි ආශ්‍රිත අන්තර් ගතයන් සඳහා විශේෂිත වූ YouTube නාලිකාව මේ හා සමාන වීඩියෝවක් පසුගිය ජූනි 19 වන දි පළ කර තිබෙනු දක්නට ලැබුණා.
එහි සඳහන් කර තිබුණේ රුසියානු SU-25 යානයක් තවත් SU-25 ජෙට් යානයකට ප්‍රහාර එල්ල කළ බිම හෙළ ඇති බවකි.
එපමණක් නොව, එම පුවත සන් (THE SUN) සහ ටීවීපී වර්ල්ඩ් (TVP WORLD) ඇතුළු ගෝලීය ප්‍රවෘත්ති ආයතන විසින් වාර් තා කරන ලදී. KYIV INDEPENDENT පුවත්පතට අනුව, රුසියානු ගුවන් යානයක් සටන් මෙහෙයුම් අතරතුර තවත් රුසියානු ජෙට් යානයක් වැරදීමකින් බිම හෙළන්නට ඇති බවත්. නමුත්, රුසියානු හෝ යුක්රේන බලධාරීන් මේ සම්බන්ධව නිල ප්‍රකාශ නිකුත් කර නොමැති බව ත් සඳහන් කර තිබුණා.
Also Read : Viral Image and Video are NOT Israeli F-35 Being Shot Down in Iran
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :සමාජ මාධය්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින ප්‍රහාරක ජෙට් යානා දෙකක් අතර යුද්ධ ගැටුමක් ලෙස පෙන්වීමට අදහස් කරන වීඩියෝව රුසියානු SU-25 ජෙට් යානාවල පැරණි දර්ශන ලෙස තහවුරු කර ඇති අතර, එය සටන් මෙහෙයුම් අතරතුර රුසියානු ගුවන් යානයක් තවත් රුසියානු ජෙට් යානයක් වැරදීමකින් බිම හෙලන ලද අවස්ථාවක විඩීයෝවකි.

Title:කැමරා කාචයේ සටහන් වූ ප්‍රහාරක යානා දෙකක් අතර වූ යුධ ගැටුමක අවස්ථාවක්ද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
