වසර 1000 කට පෙර ඉදිකරණ ලද ජල පද්ධතියක් ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථා වල සමාජ මාධ්‍ය හරහා ආගමික ස්ථාන, පෞරාණික වටිනාකමින් යුතු දේවල්, අතීත සිදුවීම් සම්බන්ධයෙන් මිත්‍යා මත පතුරුවමින් නොමග යවන සුළු සටහන් පල වනවා. මීට වසර 1000 කට පමණ ඉහතදී චෝල අධිරාජ්‍යයන් විසින් මෙරට ඉදිකරන ලද ජල පද්ධතියක් ලෙසින් දක්වමින් හුවමාරු වුණු වීඩියෝවක් පිළිබදව  අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අතීත දකුණු ඉන්දියානු සහ ශ්‍රී ලංකා ශිෂ්ටාචාරවල විශ්මිත ජල පද්ධති නිර්මාණය කිරීමේ හැකියාව තිබු බව පවසමින්, ඉපැරණි චෝල අධිරාජ්‍යයන් විසින් ඔවුන්ගේ නිර්මාණ හැකියාවන් සහ තාක්ෂණය යොදාගනිමින් මීට වසර 1000කටත් පෙර ඉදිකරන පුරාණ ජල කරාමයක් අදටත් නිසි ආකාරයෙන් ක්‍රීයාත්මක වන ආකාරයක් ලෙස දක්වමින්, ඉංග්‍රීසි බසින් ඉන්දීය පාඨකයින් ඉලක්ක කරගනිමින් ටියුබ් පළවූ වීඩියෝවක් පහතින්. එසේම මෙම ජල පද්ධතියේම වීඩියෝවක් ෆේස්බුක් හරහා පල කර තිබුණේ සීගිරිය ආශ්‍රිත ජල පද්ධතියක් ලෙස දක්වමින්.

YouTube| Archived Link

එසේම, චෝල අධිරාජ්‍යයේ අගනුවර වූ තන්ජාවුර් හි පිහිටා ඇති ප්‍රසිද්ධ Brihadeeswara දේවාලය සහ ඒ අසලින් පිහිටි Raja Raja නම් වූ චෝල අධිරාජ්‍යයාගේ පිළිරුවේ ඡායාරූප ද, කරාමයේ ඡායාරුපය සමඟ පසෙකින් පෙන්වා ඇති අතර එමඟින් හඟවා ඇත්තේ මෙම ජල කරාමය එම අවධියේ නිර්මාණය කර ඇති එම දේවාල භුමියේ පිහිටා ඇති බවකි. 

එසේම මෙම ජල පද්ධතියේම වීඩියෝවක් ෆේස්බුක් හරහා පල කර තිබුණේ සීගිරිය ආශ්‍රිත ජල පද්ධතියක් ලෙස දක්වමින්.

Facebook 

ඒ අනුව, සත්‍ය ලෙසම මෙම ජල කරාමය, ජල පද්ධතියක කොටසක් ද සහ එය පිහිටා ඇති ස්ථානයත්, එය සැබවින්ම මීට වසර 1000 කට පමණ පෙර ඉදිකරන ලද පෞරාණික ජල පද්ධතියක් ද යනාදිය ගැන අප කරුණු විමසීමක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

අදාළ ජල පද්ධතිය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ ඇතැම් වීඩියෝ සහ ඡායාරූප සමීපව නිරීක්ෂණය කිරීමේදී එම ස්ථානයේ “ජල කරාමය” යනුවෙන්  සඳහන් කර තිබෙනු දැකගන්නට ලැබෙනවා. 

ඒ ඔස්සේ, මුර පද සෙවුම් ඔස්සේ මේ සම්බන්ධයෙන් සිදුකළ කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම ජල කරාමය සූරියකන්ද සිංහරාජ ආරණ්‍ය සේනාසනයේ පිහිටා ඇති ජල කරාමයක් බවයි. සිංහරාජ ආරණ්‍ය සේනානයේ ඇති ගල් කරාමය ගැන විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබු ඡායාරූප සහ වීඩියෝ පට ද අපට 2024 වසර මුල සිට දැක ගන්නට ලැබුණා.

ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා සිංහරාජ ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේගෙන් විමසීමක් කළා.

සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයේ භාරකාර දෙමුවාවත චන්දානන්ද හිමියන් 

චන්දානන්ද හිමියන් සඳහන් කර සිටියේ, මෙම ජල කරාමයේ නිර්මාණ කටයුතු, 2023.01.12 වන දින, උන් වහන්සේ විසින්ම ආරම්භ කළ බවයි.

දැනට වසර දෙකක් පමණ දෙස් විදෙස් සංචාරකයින් රැසකගේ පහස නිවන සහ ගෞරවාදරයට ලක් වී ඇති මෙම නිර්මාණය ගැන විවිධ පාර්ශව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන බවත්, කරාමය නිර්මාණය කරන ලද වර්ෂය සඳහන් කිරීමට අතපසු වීම නිසාවෙන් මෙලෙස අසත්‍ය ප්‍රචාර ගෙන යාමට ඉඩ ලැබී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

අදාල ජල කරාමය විහාරස්ථානයේම ඇති කලු ගල් කැපීමේ යන්ත්‍රයක් ආධාරයෙන් සම්පූර්ණයෙන් ගලින් කර වූ නිර්මාණයක් බවද ස්වාමීන් වහන්සේ විසින් සඳහන් කලා.

ගල් කරාමය ගැන ස්වාමින් වහන්සේ සිදුකර තිබු පැහැදිලි කිරීමක් මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ වසර 1000 කට පෙර චෝල අධිරාජයන් විසින් නිර්මාණය කරන ලද පුරාණ ජල පද්ධතියක් ලෙස දක්වමින් හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන ජල කරාමය, ශ්‍රී ලංකාවේ සූරියකන්ද ප්‍රදේශයේ සිංහරාජ ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමින් වහන්සේ විසින් නිර්මාණය කර, 2024 වසරේ මුල සිට භාවිතයට යෙදවූ ජල කරාමයක් බවයි.

Avatar

Title:වසර 1000 කට පෙර ඉදිකරණ ලද ජල පද්ධතියක් ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *