2025 වසර පුරාවටම වැඩි අවධානයකට ලක් වූ Fact Crescendo කරුණු විමර්ශනයන් පිළිබඳ පසුවිපරමක්!

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

දේශපාලනික, මැතිවරණ, සෞඛ්‍ය, ආර්ථික ඇතුළු විවිධ සමාජීය තේමා යටතේ දෙස් – විදෙස් කාලීන සිදුවීම් ඔස්සේ 2025 වසර තුළ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වු අතර, එම සටහන්හි පසුබිම් කරුණු විශ්ලේෂනාත්මකව විමසමින් 2025 වසර පුරාවට, සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම කරුණු විමර්ශනය වාර්තාවන් දහසකටත් වැඩි ප්‍රමාණයක් (සිංහල-518, දමිළ-262, ඉංග්‍රීසි- 306ක් ලෙස) Fact Crescendo Sri Lanka අප කණ්ඩායම ඔබ වෙත ගෙන ඒමට හැකිවුණා.

එම කරුණු විමර්ෂණ වාර්තා හේතුකොටගෙන, Metaහි සමාජ මාධ්‍ය වේදිකාවල (Facebook, Instagram සහ Threads) හුවමාරු වූ අසත්‍ය හෝ නොමග යන සුළු පෝස්ට් දස දහස් ගනනාවක් ශ්‍රේණිගත කිරීම්වලට (Ratings) ලක්වී, ඒ ඔස්සේ, ඒ හා සමාන පොස්ට් මිලියන ගණනාවක ඇත්ත නැත්ත අප ඔබට පහදා දුන්නා. 

ඇතැම් අවස්ථාවල ශ්‍රේණිගත කිරීම් නොවූවත්, ඔබ නොමඟ ගොස් තිබු සහ පැහැදිලි කිරීම් අවශ්‍යව තිබු කාලීන වැදගත්කමක් ඇති මාතෘකා ඔස්සේ කරුණු පැහැදිලි කිරිම් රැසක් ද (Insight ලෙසින්) අප කණ්ඩායම පසුගිය වසරේ පළකිරීමට කටයුතු කළා. 

එසේම දුස් තොරතුරුවලට එරෙහිව සත්‍ය කරුණු වලින් ඔබව සවිබල ගැන්වීම සඳහා අපගේ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ද, දිනපතා කෙටි වීඩියෝ ඔස්සේ කරුණු පහදා දීම් සිදු කිරීමට ද අප පියවර ගත්තා. මේ සඳහා පාඨක ප්‍රතිචාර රැසක් ද හිමිවුණා. (Facebook | X | Instagram | TikTok | YouTube 

ඒ අනුව 2026 නව වසරකට පා තබන මේ මොහොතේ, 2025 වසර පුරා සමාජයේ දැඩිව කතාබහට ලක් වු ව්‍යාජ සහ නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහන්හි, සත්‍ය කරුණු සොයා, ඒ පිළිබඳ ප්‍රධාන දුස් තොරතුරු තේමා යටතේ අප සිදු කළ කරුණු විමර්ශනයන් ගැන ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා සිදුකළ පෙළගැස්වීමක් පහතින්.

ජනවාරි

නව රජය පත්වී දින 100 ආසන්න වන විට ජනපති ප්‍රමුණ ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉෂ්ඨ සිද්ධ කරා ද යන්න සහ ජනවාරි මස වන විට ඔවුන් විසින් සිදු කළ සහ නොකළ දේ සම්බන්ධ අසත්‍ය සහ නොමග යන සුළු ආකාරයෙන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවන් කිහිපයක්.

දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරන ජනාධිපතිගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත!

ජනපති අනුර විසින් තමන් රට භාරගන්නා විට විදෙස් සංචිත බින්දුවට සිදිගොස් තිබුණු බවක් පවසා තිබුණද, එම ප්‍රකාශය නොමග යවන සුළු බවට එනම්, අනුර කුමාර ජනාධිපතිවරයා විසින් බාරගත්තෙ ඩොලර් බිලියන 6 ක් පමණ විදෙස් සංචිත තිබුණු රටක් බවට අපට දත්ත සමගින් පෙන්වීමට හැකි වුණා.

විදෙස් සංචිත පිලිබදව ජනපතිගේ ප්‍රකාශයක් පිළිබද කරුණු පැහැදිලි කිරීම

ජනපති අනුරගේ චීන නිල සංචාරයේදී මෙරටට නොමිලේ බස් රථ ප්‍රධානයක් ලබාදීමක් හෝ දඩ පොලී කපා හැරීමක් පිළිබඳව එකඟවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණද, එලෙසින් නිල එකඟතාවයකට පැමිණීමක් හෝ ගිවිසුම්ගත වීමක් සිදු වී නොමැත.

චීනයෙන් සුඛෝපභෝගී බස් රථ නොමිලේ ලැබීමක් සහ දඩ පොලී කපාහැරීමක් සිදුවුණා ද ?

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අභ්‍යාස පොත් මිලෙහි වැඩිවීමක් සිදු නොවූ අතර පැවති මිල ගණන් ද අඩු වී ඇති බවට විමර්ශනය විය.

අභ්‍යාස පොත් මිල රු.300ත් –  400ත් දක්වා ඉහළ ගිහින් ද?

‘Clean Sri Lanka වැඩසටහන යටතේ පදික වෙළඳුන් අත්අඩංගුවට ගන්නවා ද?

2025 ජනවාරි මස 1 වන දින සිට වෘත්තීන් 10ක වැටුප් වැඩිවීමක් ?

රාජ්‍ය සේවයේ වෘත්තීන් 10ක 2025 ජනවාරි පලමුවන දා සිට වැටුප් වැඩි කරන බවට සිළුමිණ පුවත්පතක පළ වූ පුවත, මෙම මෑතක දී හෝ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළවූ පුවතක් නොව, පසුගිය ජනපතිවරණයටත් පෙර එනම් 2024 අගෝස්තු 31 දින සිළුමිණ පුවත්පතේ පල වූ පුවතක් වන බවයි.

වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

බලයට පත් මාලිමා රජය විසින් ඖෂධ වර්ග 90 ක මිල ගණන් පහල හෙලීමට කටයුතු කර ඇති බවට පළවන සමාජ ජාලා සටහන් නොමග යවන සුළු බවයි.

පෙබරවාරි

පැරණි වීඩියෝ යොදා ගනිමින් වත්මන් ආණ්ඩුවට දක්වන විරෝධතාවක් ලෙසට දක්වමින් වීඩියෝවක් පළ වූ අතර එය 2021 වසරේ අප්‍රේල් මස දැක්වූ විරෝධතාවක වීඩියෝවක් බවට සනාථ වුණා.

ප්‍රභූ වාහන සඳහා හෝන් ගසා විරෝධතාවය දැක්වූ වීඩියෝව 2021 වසරේ වීඩියෝවක්!

ඊට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය පෙබරවාරි මසදී යාපනය ගමන සඳහා හෙලිකොප්ටර් යානා 3ක් භාවිත කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව අසත්‍ය වූ අතර ඔහු එම ගමන සඳහා මෝටර් රථ පමණක් භාවිත කර ඇති බව අදාළ අංශවල තහවුරු කිරීම සමගින් අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

ජනාධිපති අනුර කුමාර යාපනයට ගියේ හෙලිකොප්ටරයෙන් ද ?

මෙවර පැවැත්වූ 77 වැනි ජාතික නිදහස් උළෙලදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ බවටත් එවැන්නක් ජාතික නිදහස් දින උළෙලක දී සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවටත්  හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. නමුත් අප පෙන්වා දුන්නේ මීට පෙර පැවති රජයන් යටතේ පැවති නිදහස් උළෙලවලදී සිංහල බසින් මෙන්ම දමිළ බසින් ද ජාතික ගීය ගායනා කර තිබුණු බවයි.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොහැකි ද?

අමෙරිකාවේ DOGEආයතනය සහ USAIDඅරමුදල් පිළිබඳව කතා බහේදී එම අරමුදල් ලබා ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් USAID හරහා මුදල් ලබා ගත් මෙරට දේශපානඥයින් ඇතුලු පිරිසකගේ නම් හෙළි කර ඇති බවට දක්වමින් සටහන් පළ වූවත්, ඒ්වා අසත්‍ය බවට පෙන්වා දීමට හැකි වූයේ දේශපාලන අරමුණු සඳහා USAID අරමුදල් සඳහා තනි ශ්‍රී ලාංකික දේශපාලනඥයින් සම්බන්ධයෙන්  DOGE හෙළි කළ බවට කිසිදු නිල සාක්ෂියක් නොමැති නිසාවෙන්

USAID හරහා මුදල් ලබා ගත් මෙරට දේශපානඥයින් ඇතුලු පිරිසකගේ නම් හෙළිකරල ද?

2025 වසර වෙනුවන් පෙබරවාරි මස ඉදිරිපත් වූ අයවැය ඔස්සේ රාජ්‍ය සේවකයන් සඳහා රු. 20,000කින් මාසික වැටුප් වැඩි කිරීමට යෝජනා වූ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍යයි. එම අයවැය යෝජනා අවම වැටුප් තලයට මාසිකව එකතුවන ශුද්ධ ප්‍රමාණය වුයේ රු.8250ක් වන අතර එය ද අදියර තුනක් යටතේ සිදුකිරීමටයි යෝජනා කර තිබුනේ.

රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් ?

‘මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ රියැදුරු වූ කජ්ජා සමගින් සිටින ඡායාරූපයක්’ බවට හඟවමින් පළ කර තිබෙන ඡායාරූපයේ සිටින්නේ ‘කජ්ජා’ යන අන්වර්තනාමයෙන් හැඳින් වූ අරුන විදානගමගේ ගේ ඡායාරූපයක් නොව එහි සිටින්නේ නාමල් රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස කටයුතු කරන නුවන් ලසන්ත විජේනායක බවට අප පෙන්වා දුන්නා.

නාමල් රාජපක්ෂ ‘කජ්ජා’ සමග සිටින ඡායාරූපයක් ද?

ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර එම ඝාතනය සිදුකළ බවට සැකකළ පුද්ගලයාගේ CCTV ඔස්සේ ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ ඔස්සේ සැකකරුගේ හැඩහුරුකමට සමාන බව සඳහන් කරමින් විවිධ පුද්ගලයින් අළලා සමාජ මාධ්‍ය සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණා.

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ සැකකරු ගැන වයිරල් වන පොස්ට්වල ඇත්ත කතාව!

මාර්තු

කැබිනට් තීරණ,රාජ්‍ය ආයතනය විසින් ගත් තීරණ ලෙසට දක්වමින් සමාජයේ නොමග යන සුළු සටහන් පෙළක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

සංචාරක ආකර්ශණය දිනාගත් තැපැල් කාර්‍යාල සංචාරක මධ්‍යස්ථාන බවට පත් කිරීමේ තීරණයක් ?

ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන්නා ද?

විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්ධක් අයකරනවා ද? 

තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාව භාරයට ගන්නව ද?

නතර කර දැමූ සුළං විදුලිබල ව්‍යාපෘතියේ මිල සංශෝධනයකට නැවත අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය එකඟ වුණා ද?

මෙරට තුළ Starlink සේවාව අත්හිටුවීමට රජය තීරණය කළා ද?

මේ අතර මුහුදු ජල මට්ටම ඉහළ යාමේ ලංකාවටත් අවදානම් තත්වයක්  රතු නිවේදනයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අතර මෙය මිනිසුන් අතර අනිසි බියක් ඇති කර තිබුණා. අප සිදු කළ පරීක්ෂාවේදී තහවුරු වූයේ, මුහුදු රළ ඉහළ යාමක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් සිදුකර නොමැති බවයි.

මුහුදු ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් ගැන රතු නිවේදනයක් නිකුත් කළා ද?

පළාත් පාලන මැතිවරණයට සූදානම් වන වකවානුවේ පළ වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය හා එක්ව වැඩ කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අප කළ විමර්ශනයේදී අනාවරණය වුණා.

රවී කරුණානායක පළාත් පාලන මැතිවරණයට එජාපය අතහැර සජබ එක්ක එකතු වෙලාද?

පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාමයෝජනා  සියල්ලක්ම පාහේ ප්‍රතික්ෂේප වී ඇති බව හඟවමින් වාර්තා පළ වූ අතර ඒවා අසත්‍යවේ. 

පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා ද?

ජාත්‍යන්තර වශයෙන්

COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA තහවුරු කළ බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අප පෙන්වා දුන්නා. එන්නත් ගැන වැරදි ලෙස අර්ථකථනය කිරීම, පර්යේෂකයන් කුඩා කණ්ඩායමක් විසින් තහවුරු නොකළ ප්‍රකාශ, තහවුරු කරන ලද විද්‍යාත්මක සාක්ෂි නොමැතිවීම්, එන්නත් වලට සම්බන්ධ පිළිකා අනුපාතවල වැඩිවීමක් නොමැති වීම් කරුණු මෙම සටහනේ දක්නට ලැබේ.

COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA පිළිගත්තාද?

2016 දී ත්‍රස්තවාදී සංවිධානයක් වන ISIS විසින්, ඔත්තු බැලීම හසුවූ තරුණයින් පිරිසකගේ හිස ගසා දමන වීඩියෝවක්, සෞදි අරාබියයේදී අවුරුදු 16ක දැරියක් දූෂණය කළ පාකිස්තානුවන් පිරිසකට ලබාදුන් දඬුවමක් ලෙසට පළ වී තිබුණු බවට අප අනාවරණය කළා.

ස්ත්‍රී දුෂණය කිරීමේ වරදට සෞදියේදී පකිස්ථානුවන් පිරිසකගේ හිස ගසා දැමූ අවස්ථාවක් කියන වීඩියෝවේ ඇත්ත මෙන්න !

මේ අතර සමාජයේ සංසරණය වන විනෝදාත්මක ස්වරූපයෙන් පළ වන ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල නිසි අර්ථය වටහා නොගෙනීම හේතුවෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වල පුවත් බවට පත් වූ සිදුවීම් වාර්තා වී තිබුණා.

‘ඔකපතන’ විදුහලේ ආදී ශිෂයෙකු වතුරෙන් දුවන මෝටර් රියක් නිෂ්පාදනය කළ බව පුවතේ ඇත්ත කතාව!

මේ ආකාරයෙන්ම පසුකාලීනව මැයි මසදී “ටීචර් අම්මා පිළිම හදලා: එකක් 25,000 ගාණේ විකුණලා” යනුවෙන් ලංකාදීප පුවත් පතේ පළමු පිටුවේ පුවතක් පළ වී තිබුණා.

‘ටීච අම්මා’ගේ පිළිමේ ගැන ලංකාදීප පුවත් පතේ පළ වුණු පුවතේ ඇත්ත නැත්ත!

අප්‍රේල්

මියන්මාරයේ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා ඇති වූ අතර ඊට සමගාමීව භූ කම්පනයෙන් මියගිය ස්වාමීන් වහන්සේලා ඇතුළු ජනතාව දේහ අතුරා ඇති ආකාරයක් යනුවෙන් දක්වමින් ඡායාරූප හුවමාරු වූවා. එම ඡායාරූපවලින් නිරූපණය වන්නේ වසර හතරකට පෙර මියන්මාරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය වැසියන් විසින් සිදු කරන ලද භාවනා පුහුණුවකි

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ස්වාමීන් වහන්සේලා ද?

මැයි මාසයේදී හුවමාරු වී තිබූ මේ හා සම්බන්ධ මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය මිනිසුන් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුල වශයෙන් හුවමාරු වෙමින් පැවති තව ත් වීඩියෝවක් 2023 වසරේ පෘතුගාලයේ ලිස්බන් නුවර කතෝලික උත්සවයක් වන 2023 ලෝක තරුණ දිනය සැමරීමට පැමිණි තරුණ තරුණයින් මිලියන එකහමාරක් පමණ රාත්‍රිය ගත කළ අයුරු දැක්වෙන වීඩියෝවක්.

මියන්මාර භූ කම්පනයෙන් මිනිසුන් මියගොස් සිටින අවස්ථාවක් ?

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රභූ ආරක්ෂක රථ පෙළක් සමගින් ගමන් කරන අවස්ථාවක් ලෙස වීඩියෝවක් දක්වා තිබුණා. නමුත් එය මෙරටට දෙදින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ පෙරහුරුවක්.

ජනපති අනුර කුමාර ගමන් කළ ප්‍රභූ ආරක්ෂක රථ පෙළක වීඩියෝවක් ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කරලා ද? ඇත්ත මෙන්න !

වසර 16කට පසු පැවැත්වුන ‘සිරි දළදා වන්දනාව’ ලෙස නම් කර තිබූ දළදා ප්‍රදර්ශනය, අප්‍රේල් 18 වන දින ආරම්භ කෙරුණු අතර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු කළා. දළඳා ප්‍රදර්ශණය පැවැත්වෙන කාලවකවානුවේදී අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් බහුලව හුවමාරුවුනා.

දළඳා වහන්සේගේ විශේෂ ප්‍රදර්ශණය වෙනුවෙන් මහජනතාවගෙන් මුදල් එකතු කරනවාද?

ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන අති උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය වැඳපුදා ගැනීමට පැමිණි ජනාධිපති මව?  

වීඩියෝවල දැක්වෙන්නේ, මහනුවර දළඳා මාළිගාවේ තැන්පත් කර ඇති සැබෑ දන්ත ධාතුන් වහන්සේ ද?

සිරි දළදා වන්දනාව සඳහා ප්‍රභූවරුන්ට ලබා දුන් බව කියන ආරධනා පත්‍රය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

YouTube සමාගමෙන් මෙන් ම Meta සමාගමෙන් ද සිය පරිශීලකයින් අගයමින් Facebook සහ Instagram සඳහා Play button ලබාදීමට තීරණයක් ගෙන ඇති බවට සංසරණය වන තොරතුරු අසත්‍ය වූ අතර නිල වශයෙන් මෙටා සමගමෙන් මෙතෙක් ගිණුම්වල පරිශීකයින් වැඩිවීමේ සංධිස්ථාන අගයමින් Play Button Award ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට ලබාදීමක් සිදුනොවේ.

Meta සමාගමෙන් Facebook සහ Instagram පරිශීලකයන්ටත Play Button ලබාදීමට තීරණයක් ?

“පිල්ලෙයාන් රඳවා තබාගන්නේ PTA පනත මඟින්. මෙය ඉතාමත් මිලේච්ඡ ක්‍රියාවක්” යනුවෙන් ජන අරගල සන්ධානයේ දුමින්ද හුලංගමුව පැවසූ බවක් සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබුණා.

පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රඳවා ගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශයක් සිදුකළ බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ. පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමේ දින සිට මෙතෙක් පැවති මාධ්‍ය හමු තුළදී ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීම් කළ ද එම පනත යටතේ පිලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිඳු අදහසක් දක්වා නොමැත.

PTA පනත මඟින් පිල්ලෙයාන් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ප්‍රකාශයක් සිදුකළා ද?

මැයි

අගමැති හරිනි අමරසූරිය පළාත් පාලන ඡන්ද විමසීමක් අභියස සිය ධූරයෙන් ඉවත්වීමට තීරණයක් ගෙන ඇති බවට පළවන සටහන් අසත්‍ය බවට අප පෙන්වා දුන්නා.

අගමැති හරිනි අමරසූරිය සම්බන්ධයෙන් පළවන අසත්‍ය සටහන් !

අප්‍රේල් 21 වන දින සිදුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයට පෙර පෙබරවාරි මස සිට මොහු මිය ගිය බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වූ අතර ඒවා අසත්‍ය බව අප පෙන්වා දුන්නා.

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණන් මිය ගිය බවට අසත්‍ය සටහනක්!

කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධ ව්‍යාජ  සටහන් පළ වූ අතර එම තනතුරට සුදුසුකම් ලැබූ මෙරට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධ කර ගනිමින් ද, ව්‍යාජ සටහන් නිර්මාණය වී තිබුණේ මේ අයුරින්.

පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?

නව ශුද්ධෝත්තම “පාප්” පදවිය සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් තේරීපත් වුණා ද?

දේශපාලනයේ යෙදීම නිසා මැල්කම් රංජිත් අගරදගුරුගේ නම ඉදිරි කටයුතු වලින් නොසලකා හැරි බව වතිකානුව නිවේදනය කළා ද?

වතිකානුව, ට්‍රම්ප්ගේ බලපෑම්වලට යටත් වුන බවට මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්

පෙර පැවති රජයන්වලදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව එකම සැපයුම්කරුවෙක් හරහා මීට පෙර වසරවලදී Papaverine Hydrochloride එන්නත ගෙන්වීම නිසා එම සැපයුම්කරු වැඩි මිලකට මෙම එන්නත රජයට ලබාදී තිබූ අතර මෙම එන්නත වඩා අඩු මිලකට රජයට ලබාගැනීමේ හැකියාව පවතින බව මේ වසර මුල දී රජය දැනුම්දීමක් සිදුකර තිබුණා.

රු.76,000 පිළිකා එන්නත රු. 370 දක්වා පහත දැමීමේ කතාවේ ඇත්ත !

එවන් පසුබිමක, Papaverine ඖෂධයම, ඊටත් වඩා ඉහළ මිලකට එනම් රු.84,500ක් වැනි මිලකට ලබාගැනීමට විකිණෙන බව හඟවමින්, හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු අතර සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන බිල්පතේ සඳහන් වන්නේ, Trastuzumab 440 mg නම් වෙනත් ඖෂධයක මිල ගණන් ය. එම ඖෂධයේ සාමාන්‍ය වෙළඳපොළ මිල පවතින්නේ එවැනි ඉහළ මිල ගණන් යටතේ වන අතර ජාතික ජන බලවේග රජය යටතේ මෙම එන්නතේ මිලෙහි අඩුවීමක් සිදුවුයේ නැහැ

රු. 75,000 සිට රු. 350ට අඩු කල එන්නතක්, දැන් අලෙවි වන්නේ රු. 84,500 ටද ?

“මාලිමාව දේශපාලනය දන්නේ නැහැ. එසේ දන්නවා නම් රු. 72,000 ඖෂධය රු. 320ට දෙන්නේ නෑ” යනුවෙන් එජාපයේ සභාපති වජිර අබේවර්ධන විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වූ සටහන් ද, අසත්‍ය වන අතර ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොතිබුණි.

වජිර අබේවර්ධන සිදුකළ ප්‍රකාශයක් ද?

පළාත් පාලන මැතිවරණයේදී නිල ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර දැනට වැටුන ඡන්ද වලින් ප්‍රතිශත ලෙස මෙන් ම ජයග්‍රහණය කර ඇති පක්ෂ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බව අප මැතිවරණ කොමිසම හරහා ලබා ගත් තහවුරු කිරීමෙන් පෙන්වා දුන්නා.

දැනට වැටුණ ඡන්ද ප්‍රතිඵල” ලෙස නොමග යන සටහන් පෙළක්!

පැෆරල් සංවිධානය විසින් රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ, ඉතිහාසයේ පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය බවට සඳහන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන්නේ අසත්‍ය තොරතුරක්.

පැෆර්ල් සංවිධානය විසින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවට සඳහන් කරන අතර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙන්ම , මැතිවරණ කොමිසම, සහ මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ, අවම මට්ටමින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය රාජ්‍ය දේපළ අවභාවිතා නොකළ පළමු මැතිවරණය බවට පැෆරල් සංවිධානය කියයි?

බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණ පක්ෂය මෙවර පළාත් පාලන ඡන්දයෙන් එකඳු ඡන්දයක් හෝ හිමි කර නොගත් බවට ඇඟවෙන අයුරින් පළකිරීමක් තිබූ අතර එය අසත්‍ය වේ.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය සභාව සඳහා පමණක් ජනසෙත පෙරමුණ ඡන්ද 686ක් දිනාගනිමින් එක් ආසනයක් පමණක් හිමිකරගෙන තිබුණි.

බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණ පක්ෂයට පළාත් පාලන ඡන්දයේදී එක් ඡන්දයක්වත් ලැබී නැද්ද?

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව කොළඹ නගරාධිපති වශයෙන් සාගල රත්නායක මහතා පත් කිරීමට එකඟතාවය පළ කරන ලද බවට දන්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුත් ලිපියක් යොමු කර ඇති බවට දක්වමින්, සමාජ මාධ්‍ය පළවන ලිපිය ව්‍යාජ ලිපියක් බවට අප පෙන්වා දුන්නා.

කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක පත් කිරීමට සජබ එකඟ වූ බවට එජාපයෙන් ලිපියක්?

 නව කොවිඩ් වෛරස තත්වයක් පවතින බවටත් ඉන් ආරක්ෂාවන ලෙසටත් දැනුවත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මැයි අග භාගයේදී පළ වූ පණිවිඩය, 2021 වසරේදී කොවිඩ් වෛරස තත්ත්වයට බෝහෝසෙයින් ලෝකය පුරා ම ව්‍යාප්ත වූ අවධියේ සංසරණය වූ නොමඟ යවන සුළු පණිවිඩයක් වූවා.

අධි අවදානම් covid-19 තත්වයක්, මේ දිනවල ලංකාවේ පැතිරෙනවා ?

පාකිස්ථානය විසින් ඉන්දියාවට එල්ල කළ ප්‍රාහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන අවස්ථාවක් ලෙස ඇතැම් ඉන්දීය මාධ්‍යය ද, වාර්තා කර තිබූ වීඩියෝවක්  2023 වසරේ ඔක්තෝබර් මස ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයක වීඩියෝවක් බව අපට පෙන්වා දීමට හැකි වුණා.

ඉන්දියාව පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක වීඩියෝවක් ?

2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරඟයේ තරඟ වැදි අනුදි ගුණසේකරට මනාපය පළ කිරීමට තිබූ සබැදිය ව්‍යාජ සබැඳියක් ඇතැම් තරඟ ඉසව් සඳහා රසිකයින්ට සිය මනාප පළ කිරීමට අවස්ථාව උදා වූයේ, නිල ලෝක රූ රැජින යෙදුමෙන් සහ නිල වෙබ් අඩවිය හරහා පමණක් බව අප පෙන්වා දුන්නා.

ලෝක රූ රැජින තරඟාවලියේදී අනුදිට මනාප පළ කරන ලෙස ව්‍යාජ සබැඳියක්!

BYD වාහන මිල 30%කින් පහළට – ලංකාවේ මිල ලක්ෂ 20? යනුවෙන් සඳහන් කරමින් ලංකාවේත් BYD වාහන මිල පහළ ගොස් ඇති බවට ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණු අතර BYD සමාගම, විදුලි සහ ප්ලග්-ඉන් දෙමුහුන් මාදිලි 22 ක මිල ගණන් 34% දක්වා අඩු කර ඇති නමුත්, එය චීන වෙළෙඳපොළ තුළ පමණක්, ජුනි මස අවසානය දක්වා ක්‍රියාත්මක කරන අලෙවි ප්‍රවර්ධනයක් වන අතර එමඟින්, එරටින් පිට කිසිදුන් රටක හෝ ලංකාවේ හෝ BYD වාහන මිල ගණන්වලට බලපෑමක් සිදුනොවනු බව අප අනාවරණය කළා.

චීනයේ BYD වාහන මිල අඩු කිරීම නිසා ලංකාවෙ BYD වාහන මිලත් පහළ යනවා ?

තවත් සමාජයේ දැඩි ලෙසට කතා බහට ලක් වූ,

ආරුගම්බේ No Bikini පෝස්ටරයේ සුළමුළ

මාලනී ෆොන්සේකාගේ අමංගල්‍ය උත්සවයෙන් පසු කලාකරුවන් සාදයක් පැවැත්වුවා ?

ජූනි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ලේකම් තනතුර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ආරක්ෂක ලේකම් තනතුර ලබා දීමට කැබිනට් අනුමැතිය?

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙනා බාල ඖෂධයක් නැවත ගෙන්වීමට අවසර ලබා දී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණා. ඉමියුනොග්ලොබියුලින් හා කෙහෙළිය රඹුක්වැල්ල සිදුවී‍මෙන් පසු ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මෙරට රෝගීන්ට ලබා දිය යුතු ඖෂධයක් බැවින් කැබිනට් පත්‍රිකාවක් හරහා සම්මත කිරීමෙන් පසුව  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පැන නැගුණු ඉමියුනොග්ලොබියුලින් ඖෂධය නොව මෙරට පිළිගත් සැපයුම්කරුවෙකු විසින් ඉන්දියාවේ සමාගමකින් මෙම ඖෂධය ආනයනය කර තිබුණා. පසුව මේ ඖෂධය සම්බන්ධව ද, පැමිණිලි කිහිපයක් ලැබුණු බැවින් ඒ ගැන ජාතික ඖෂධ අධිකාරිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ බව ත්, එම ඉතුරු වී තිබූ තොගය තාවකාලිකව නතර කළ බව ත්, යළි ඒ සම්බන්ධ‍යෙන් මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්‍යාගාරයේ මෙන්ම   ඉන්දියාවෙ විද්‍යාගාර වලින් ද පරීක්ෂණ වාර්තා ලැබුණා ඒ වාර්තා මත පදනම්ව මෙරට විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම ඖෂධය භාවිත කිරීමට හැකි බවට නිර්දේශ කිරීම මත මෙය නැවත භාවිත කිරීමට නියෝග කර ඇති බවට කරුණු පැහැදිලි කිරීම

ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය වටා අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක සටහන් ගැන පැහැදිලි කිරීමක්!

සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය සහ ඉන්දියාව යන ආසියාතික රටවල් කිහිපයක කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන්හි, උප ප්‍රභේදයක් හේතුවෙන් සැලකිය යුතු කොවිඩ් ආසාදිතයින් පිරිසක් හමු වී තිබුණා. මේත් සමග එම රටවල දක්නට ලැබෙන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් කරාපිටිය ජාතික රෝහලේදී මාස එකහමාරක පමණ වයසැති බිළිඳෙකු මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ අතර මෙම මිය ගිය දරුවා කරාපිටිය රෝහලේ සෙම සහ වෙනත් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වී මිය ගොස් තිබුණා. 

මරණයෙන් පසු සිදු කරන ලද විශේෂ පරීක්ෂණයක් සඳහා දරුවාගේ සෙම පටක කොළඹ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් පසු කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු වූ ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ. 

කෙසේ වෙතත් මේ තත්ත්වය ආසියාවේ මේ දිනවල පැතිර යන කොවිඩ් නව ප්‍රභේද තත්ත්වය නොවන බවත්, මීට පෙර වසරවලදී ලංකාවේ හමු  වී තිබු තිබූ කොවිඩ් වෛරසය බවත් වෛද්‍යවරුන් පැවසුවා.

කරාපිටියේ රෝහලේ දී බිලිඳාගේ මරණයෙන් පසු, මාරාන්තික කොවිඩ් රැල්ලක් ලංකාවේ ලෙස හුවමාරු වන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවා මූලස්ථානය ඉරාන ප්‍රහාර හමුවේ දැවී විනාශ වෙමින් පවතී… යනුවෙන් සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරා පවා පළ කළ වීඩියෝවක් ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඊශ්‍රායල මොසාඩ් මූලස්ථානය ගිනිගන්නා වීඩියෝවක් නොව පසුගිය සතියේ චීනයේ චොංකිං ප්‍රදේශයේ  යතුරුපැදි නවතා තබන ගොඩනැගිල්ලක හටගත් ගින්නක දර්ශනයක් බව අප පෙන්වා දුන්නා.

ඉරාන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ මොසාඩ් මූලස්ථානය ගිනිබත් වූ අවස්ථාවේ වීඩියෝවක් ද?

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පවසන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහ නායක හිමියන්ගෙන් ඉල්ලීමක් කළ බවට දක්වමින් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය බිරිඳ අත්අඩංගුවට පත් වීම වළක්වා දෙන ලෙස මල්වතු පාර්ශවයෙන් සහය පැතූ බවට ව්‍යාජ සටහන් රැසක්!

ජූලි

චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වළේ, හමු වූ ඇටසැකිළි අතර මවක් හා නොදරුවෙකු වළදමා ඇති ආකාරය යනුවෙන් ද, සඳහන් කරමින් ඡායාරූපයක් වෛරල් වී තිබුණා. සමූහ මිනී වළේ හමුවූ මිනිස් ඇටසැකිළි සාමූහිකව ගොඩ ගසා තිබූ බැවින් ඒවා සම්බන්ධයෙන් කාන්තාවන්ගේද, පිරිමින්ගේ ද, යන්න හෝ ඔවුන් එකම පවුගේ සාමාජිකයන්ද යන්න හඳුනා ගැනීමට සහ කුමන කාලයකට අයත් ඇට සැකිලි ද යන්න හඳුනා ගැනීමට නොහැකි බවත්, සමුහ මිනිවලේ කැණීම් සිදු කෙරෙන ස්ථානයේ රැඳී සිටින අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා පෙන්වා දුන්නා.

චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනී වළෙන් හමු වූ බව කියන මවකගේ හා දරුවෙකුගේ ඇටසැකිලි සම්බන්ධ ඡායාරූපයේ ඇත්ත කතාව!

ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළව හෝ ඉරාන ගුවන් කාලපයේදී ප්‍රහාර සඳහා පැමිණි F-35 ප්‍රහාරක ජෙට් යානයක්  හෝ මෙලෙස බිම හෙළූ සත්‍ය වීඩියෝ ඡායාරූප AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප හා වීඩියෝ ගේම් වල වීඩියෝ වේ.

මේ ඊශ්‍රාල – ඉරාන යුද්ධය දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූපයක් ද? 

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ බිහිසුණු බව පෙන්වන වීඩියෝවක් ද? 

රජය විසින් විදුලි වාහනවල එන්ජින් ධාරිතාව අනුව   විදුලි වාහන ආනයනය සීමා කිරීමේ තීරණයක් ගත් බවට පළ වන වාර්තා අසත්‍ය වන අතර එවැනි සීමා කිරීමක් සිදු කර බවට රජය විසින් දැනුම් දීමක් සිදු කර නැත.

විදුලි වාහන ආනයනය සීමා කිරීමට රජය සූදානමක්?

2025 ජුනි 12 වන දින අහමදාබාද්හිදී එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ ඛේදජනක අනතුරේ අවසන් ඡායාරූපය බවට දක්වා තිබූ ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්.

එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ අවසන් ඡායාරූප අවස්ථා ද?

 බීමත්ව රිය පදවන රියදුරන්ට ලක්ෂ පහක දඩයක් නැත්නම් අවුරුදු දෙකක සිර දඬුවම් ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බව තහවුරු කිරීමට අප හැකි වුණේ මෙලෙසින්.

බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ පහක දඩයක් ?

City of Dreams Sri Lanka හෝටල් ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවය සඳහා ඉන්දීය සුපිරි රංගන ශිල්පී ශාරුක් ඛාන් සහභාගී වීම හේතුකොටගෙන ඔහුව නැරඹීම සඳහා රු.20,000 ක ටිකට්පතක් නිකුත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ටිකට්පත ව්‍යාජ ලෙස සකසා ඇති ටිකට් පතකි.

City of Dreams Sri Lanka විවෘත කිරීමේදී ශාරුක් ඛාන් බලන්න රු.20,000ක ටිකට් පතක්?

ශ්‍රීලංකන් ගුවන් යානා සමුහයේ නවතම සාමාජිකයා, නවීනතම (Brand New) ගුවන් යානයක් බව හඟවමින් සටහන් පළ වූ අතර එය ශ්‍රීලංකන් ගුවන් සේවයට එක්වූ  A330-200 යානය අවුරුදු 13ක් 14ක් පරණ Garuda Indonesia ගුවන් සමාගම විසින්  මීට පෙර භාවිත කරන ලද යානයක්.

ශ්‍රීලංකන් පවුලට ඒක් වූ එයාර්බස් A330-200 ගුවන් යානය අලුත්ම යානයක් ද?

පියාසර කරමින් පවතින ගුවන් යානයක කවුළුවක් විවෘත කරන අයුරුද?

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනයට Beluga Xl යානයක්?

ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කර ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණා. නව විෂය මාලාවේ යටතේ 6-9 ශ්‍රේණියට අදාළ විෂය මාලාවේ ඉතිහාසය විෂය අනිවාර්ය විෂයක් බවට දැක ගන්නට ලැබෙන අතර 10-11 ශ්‍රේණියේ අනිවාර්ය විෂය 5 සහ එම කාණ්ඩයේ ම තෝරා ගන්නා විෂයන් 2 ඇතුළු එම කාණ්ඩයේ සමස්ථ විෂයන් 7ක් ද, වැඩිදුර අධ්‍යනය සඳහා උසස්පෙළ අරමුණු කොට ගෙන හැදෑරීමට සිදුවන 2වන කාණ්ඩයේ(Further Learning) විෂයන් 7ක් ද තෝරා ගැනීමට සිදු වනවා. මෙහිදී දෙවන කාණ්ඩය යටතේ සියලුම සිසුන්ට ඉතිහාසය හැදැරීමට සිදු වන බවට දැක ගන්නට ලැබේ. කෙසේ නමුත් ඉතිහාසය විෂය සියලුම ළමුන්ට හැදෑරීමට සිදුවූවත්, ඉහත පළමු කාණ්ඩය යටතේ ඉතිහාසය අනිවාර්ය විෂය ධාරාවට ඇතුළත් නොවීමත්, තෝරා ගැනීමට සිදුවන විෂය ධාරාවන් වලට අනිවාර්ය විෂයක් වීම වූවත් ඔවුන්ඓහි විභාගයක පෙනී සිටීමට අවස්ථාව නොලැබෙන අතර මොඩියුලර් සහ ක්‍රෙඩිට් පදනම් කරගත් ඇගයීම් සිදු කර ඉන් සිසුන් ලබා ගන්නා ලකුණු ශිෂ්‍ය කාර්ය සාධනය GPA පද්ධතියක් හරහා වාර්තා කෙරේ.

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යටතේ 10-11 ශ්‍රේණිවලදී ඉතිහාසය ඇතුළත්ව විෂයන් 14ක්! විභාගය පැවත්වෙන්නේ විෂයන් 7කටයි!

ට්‍රම්ප් ගහපු බදු අඩු කරගන්න සාකච්ඡා කළ සහ වැඩිම ප්‍රතිශතයකින් බදු අඩුකරගත් ආසියාවේ එකම රට ලංකාව නොවන බවට අප පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බද්ද 20% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් තීන්දු කර තිබුණා. 

ට්‍රම්ප් ගහපු බදු අඩු කරගන්න සාකච්ඡා කළ සහ වැඩිම ප්‍රතිශතයකින් බදු අඩුකරගත් ආසියාවේ එකම රට ලංකාව ද? 

ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ ඇස්ට්‍රෝනමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Andy Byronගේ බිරිඳ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින්නේ ඇයගේ බිරිඳ වන Megan Kerrigan නොව සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන Elina Salyakhova නමැති කාන්තාවක් බව පෙන්වා දීමට Factcrescendo අප කණ්ඩායමට හැකි වුණා.

ඇස්ට්‍රෝනමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන්ගේ බිරිඳගේ ඡායාරූපයක් ද?

සිනොපෙක් සමාගම ලංකාවට මුල්වරට පැමිණියේ හෝ ගිවිසුම්ගත වීමක් පළමුවරට සිදුවුයේ ජාතික ජන බලවේගය යටතේ ආණ්ඩුව පවතින වකවාණුවේ දී බව පැවසීම නොමඟ යවන සුළු වේ. 2019 වසරේ සිට සිනොපෙක් සමාගම සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් ක්‍රියාත්මක වූ අතර 2023 වසරේ  ඩොලර් මිලියන 100ක ඉන්ධන සැපයුම් කොන්ත්‍රාත්තුවකට එළැඹ තිබුණි. නමුත් මෙරට ඉතිහාසයේ විශාලතම තනි විදේශ සෘජු ආයෝජනය (FDI) වන හම්බන්තොට පිරිපහදුව සඳහා ගිවිසුම්ගත වීම, සිනොපෙක් මව් සමාගම සමගින් සිදුවන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ය

වත්මන් NPP ආණ්ඩුව සමඟ ගිවිසුම් ගත වීමට පෙර,  සිනොපෙක් ආයතනය ලංකාව සමඟ ගිවිසුම්ගත වී තිබුණේ නැද්ද ?

බෞද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අහෝසි කළ බවට පළ වන සටහන් අසත්‍ය වේ.නව රජයේ අමාත්‍යංශය ගණන අඩු කිරීමේ ප්‍රතිපත්තිය ද යටතේ, “බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු” ලෙස “බුද්ධ ශාසන” කොටස ද ඇතුළත් කරමින් අමාත්‍යංශය නම් කර ඇත. මීට පෙර ද, පැවතියේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු යනුවෙන් අමාත්‍යංශයක් 2020 වසරේ සිට පැවති අතර බුද්ධ ශාසන අමාත්‍යාංශය ලෙස පමණක් මෑතකදී වෙනම අමාත්‍යාංශයක් තිබී නැත‍.

මාලිමා ආණ්ඩුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරල ද?

සමාජයේ කතාබහට ලක් වී තිබූ මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ කුඹුරක ගසක් යට අතරමංකර දමා ගිය බිළිදාගේ වර්තමාන වීඩියෝ බවට පෙන්වා දී තිබුණේ, වෙනත් විදේශීය රටවල වීඩියෝ වේ.

මාවතගම කුඹුරක අතරමං කර දමා ගිය බිළිඳියගේ වීඩියෝ නොවේ!

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ සහ පසුගිය වසරේ කමිටු රැස්වීමේදී ලුම්බිණිය අවදානම් තත්ත්වයේ  පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය වේ. තවදුරටත් ලුම්බිණිය යනු UNESCO ලෝක උරුම ලැයිස්තුව යටතේ පවතී.

ලොව පුරා බොදු සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන ලුම්බිණිය UNESCO අවදානම් ලැයිස්තුවේ ද?

“Advanced Chat Privacy” සක්‍රීය කර නොමැති නම්, AI හට ඔබගේ සියලුම WhatsApp කතාබස් වෙත ප්‍රවේශ විය හැකි බවට කරන ප්‍රකාශය නොමඟ යවන සුළුය. WhatsApp කතාබස් end-to-end encryption සංකේතනය කර ඇති නිසා එනම් Meta හෝ එහි AI පද්ධතිවලට ඔබේ පණිවිඩ කියවිය නොහැක. එකම ව්‍යතිරේකය වන්නේ ඔබ Meta AI සඳහන් කිරීම වැනි කතාබහකදී Meta AI සමඟ පැහැදිලිව අන්තර් ක්‍රියා කරන්නේ නම්, එම අවස්ථාවේදී එම නිශ්චිත පණිවිඩය පමණක් AI විසින් සකසනු ලැබේ. 

“Advance Chat Privacy” සක්‍රීය නොකිරීමෙන් Meta AI ඔබේ WhatsApp සංවාද වෙත පිවිසෙනවාද?

අගෝස්තු 

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විසින් රජය බලයට පත්වන විට රටේ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3කටත් වඩා අඩු මට්ටමක තිබූ බවත්,මේ වන විට ආර්ථික වර්ධන වේගය 8.3%ක් අත්පත් කර ගෙන ඇති බව ත් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරනු ලැබූ අතර මහ බැංකු වාර්තා වලට අනුව  2024 නොවැම්බර් අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් වූ විදෙස් දළ නිල සංචිත තිබී ඇති බව ත, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දැනට ඉදිරිපත් අකර ඇති වාර්තාවලට අනුව 2025 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8 ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බව දැක ගන්නට ලැබේ.

රටේ ආර්ථික වර්ධන වේගය සහ රට භාර ගනිද්දි තිබ්බ විදෙස් සංචිත ගැන ඇමති ටී.බී. සරත්ගේ ප්‍රකාශ ඇත්තද?

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙලිකෝප්ටර් දෙකක් භාවිත කරමින් සිය ගමන් කටයුතු වල යෙදෙන අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වී තිබුණා. එහි දැක්වුණේ වත්මන් ජනාධිපති ගමන් ගත් අවස්ථාවක් නොව, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, පසුගිය 2024 ජනාධිපතිවරණය ආසන්න දිනකදී බේරුවල ජන රැලියකට පැමිණීම සඳහා අලුත්ගම, මොරගල්ල ‘ආච්චිගේ වත්ත ක්‍රීඩාංගණයට හෙලිකොප්ටරයකින් පැමිණි අවස්ථාවක් බවට අපට පෙන්වා දීමට හැකි වුණි.

ජනපති අනුර හෙලිකොප්ටර් යානා 2ක් භාවිත කරමින් ක්‍රීඩාංගණයකට පැමිණි අවස්ථාවක්?

“කොළඹ කොටුව ඕල්කට් මාවතේ අක්කර 9ක ඉඩම – අවුරුදු 99 කට බදු දෙයි : අනුරගේ කැබිනට් එක තීන්දුව අරගෙන ” යනුවෙන් කැබිනට් තීන්දුවක් නෙ ඇති බවට දක්වමින් සටහන් හුවමාරු වුණා. චාමර්ස් ධාන්‍යාගාරය නමැති ඉඩම මේ වන තෙක් කිසිදු පාර්ශවයකට 99 අවුරුද්දකට බදු දී නොමැති බවයි.  ඒ අනුව කොළඹ කොටුව, ඕල්කට් මාවතේ චාමර්ස් ධාන්‍යාගාරය නමැති ඉඩම බදු දී ඇති බවට සමාජ මාධ්‍ය ජලාවල හුවමාරු වන සටහන් සමාජය නොමග යවන සුළු ඒවා වන අතර සිදුව ඇත්තේ  99 වසරක බදු ගිවිසුමක් සඳහා වන ආයෝජන යෝජනා කැඳවීමට විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණා.

කොටුව, ඕල්කට් මාවතේ අක්කර 9ක ඉඩමක් අවුරුදු 99 කට බදු දීලා ද? 

එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි වීම සඳහා සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම අගොස්තු මස සිදු වූ අතර මේ ඔස්සේ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වී තිබුණා.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 22 දින අත්අඩංගුවට පත් වූ අතර ඒ මහතා එදිනම ඇප මත මුදා හැර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ද පළ කර තිබුණා. වික්‍රමසිංහ මහතා 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියා.

හිටපු ජනපති වික්‍රමසිංහට ඇප ලැබුණා ද?

රනිල් වික්‍රමසිංහ රෝහල් ගත කළ අවස්ථාවේ වීඩියෝවක්ද?

අමෙරිකානු ජනපති ට්‍රම්ප් ලංකාවට 100% බදු නියම කළ බව ත්, ඔහුගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ නිදහස් කල යුතු බවත් එසේ නොමැති නම් ලංකාවට, අපනයන මත 100% බද්දක් පනවන බවත් ට්‍රම්ප් සඳහන් කරන වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද අසත්‍ය වීඩියෝවක් බවයි. 

ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!

රනිල් අත්අඩංගුවට ගැනීම සමඟ NPP ප්‍රබලයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීල ද?

හිටපු ජනාධිපති වෙනුවෙන්, GMOA වැඩ වර්ජනයක් සංවිධානය කර තිබුණා ද?

හිටපු ජනපති වික්‍රමසිංහ වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට?

රංගනයට සමු දී දේශපාලනයට පැමිණෙන බව  ඉකුත් 2024 වසරේදී නිවේදනය කළ, නළු තලපති විජේ 2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්  සිදුකළ  දේශපාලන රැළියක් අමතමින්, කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කළා. ඒත් සමග මෙරට සමාජ මාධ්‍ය වල පළ වූයේ තලපති විජේ රංගනයෙන් දායකවන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය තහනම් කරන ලෙස ජනපති අනුර කුමාර නියෝග කළ බවයි. චිත්‍රපට සංස්ථාව වගේ ම ජනාධිපති මාධ්‍ය අංශය ද, මෙය අසත්‍ය බව තහවුරු කළා.

2024 වසරේ සිට හුවමාරු වන කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි යනුවෙන් පසුගිය ජූලි මස දීති සටහන් සංසරණය වී තිබුණා. තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව 2025 අප්‍රේල් 2 වනදා කච්චතිව් දූපත යළි ලබා ගැනීමට පියවර ගන්නා ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර ගත් නමුත් මෙරටට අයත් කච්චතිව් දූපත ඉන්දීයාවට පවාර දීමක් සම්බන්ධයෙන් දෙරට අතර කිසිදු එකඟතාවයක් පැමිණ නොතිබුණි.

කච්චතිව් දූපත ඉන්දියාවට පවරලා ද?

ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක සල්ලි අච්චු ගසා ඇති බවට සටහන් මෙම කාලයේදී පළ වූ අතර මෙහිදී සැබෑවට වී තිබුණේ පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (money printing – Broad money (M2b) පිළිබඳ මිස යන්ත්‍රයක් අනුසාරයෙන් මුදල් මුද්‍රණය කිරීමක් නොවන බව මහ බැංකු, ලෝක බැංකුවේ දත්ත මගින් සනාථ කිරීමට අපට හැකි වුණා.

ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කරලද?

ජනපති අනුරගේ අත්සනින් යුත් රු.2000ක මුදල් නෝට්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර මෙහිදී පෙන්වා දීමට උත්සහ දරා තිබුණේ, මුදල් මුද්‍රණය කෙරෙන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් රුපියල් 2000 ක සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුව මෙය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව රු.2000 වටිනාකමින් යුත් රුපියල් මිලියන 50 ක සමරු නෝට්ටු නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ මුළු මුදල් සැපයුම සම්බන්ධයෙන් ගත් කල, මෙය සාපේක්ෂව කුඩා මුදලක් වන අතර සමස්ත මුදල් සැපයුම සැලකිය යුතු ලෙස වැඩි වීමක් නොවන බැවින් උද්ධමන තත්ත්වයක් ඇති නොවන බව ත්, ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.

ජනපතිගේ අත්සනින් යුත් මුද්‍රණය වූ මුදල් නෝට්ටුව කුමක්ද? 

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව ජනවාරි මස නිකුත් කළ මුදල් නෝට්ටු ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ 2011 වසරේදී මහ බැංකුව විසින් නිකුත් කරන ලද එකළොස් වන ව්‍යවහාර මුදල් නෝට්ටු සඳහා වෙන වෙනම නිර්මාණය කර තිබු අසුරුම්හි ( Folders) ඡායාරූප පෙළක්

වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

සමාජ ජාලා හරහා සංසරණය වන ජනපති අනුරගේ රුව රැගත් රුපියල් 5000 නෝට්ටුවක්?

සැප්තැම්බර්

ඇල්ල- වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු බස් රථ අනතුර 15 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රපාතයට ඇද වැටුණු මෙම බස් රථයේ සිටි පිරිසගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමේදී සෙබලෙකු මිය ගිය බවට පුවතක් පළ වුණා. ගලවා ගැනීමේ මෙහෙයුමේ සිටි කිසිවෙකු ජීවිතක්ෂයට පත් වී නොමැති අතර මෙම සෙබලා තුවාල කරුවෙකු රැගෙන උඩට පැමිණෙමින් සිටියදී ගලක් වැදී නළල තුවාල වී ඇති අතර තව ත් දිවි ගලවා ගැනීමේ කර්තවයට එක් වූ වෙනත් පුද්ගලයෙක් කඹයක් කැඩී වැටී ඇති මුත්, ඔහු මිය ගොස් නැමති බවට අපට තහවුරු කර ගැනීමට හැකි වුණා.

ඇල්ල බස් රථ අනතුරේ මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදුණු හමුදා සෙබ‍ලෙකු මිය ගිය බවට පළ වන පුවත අසත්‍යයි!

එක්සත් ජාතික පක්ෂ සමුලුව පැවැත්වීමට යොදා ගෙන තිබූ සැප්තැම්බර් 06 වන දා රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව සඳහන් කරමින් කල් දමා තිබුණා. කෙසේ වෙතත් කල් දැමීම නැවත ඉවත්කරමින් එදින එම සැමරුම සිදු කරන බවට එජාපයේ ලිපි ශීර්ෂයකින් පළ වී තිබුණු අතර එය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවට තහවුරු විය. ඒ් වන විට සැමරුමට දින නියම වී නොතිබුණු අතර පසුකාලීනය සැප්තැම්බර් 20 වන සෙනසුරාදා පෙ.ව. 09.00ට මොනාක් ඉම්පීරියල් හිදී පැවැත් වුණා.

එජාප සංවත්සර සැමරුම පවත්වන දිනයේ වෙනසක් නැද්ද?

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න මහතා දක්වන පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් පසුව කාල පරිච්ඡේදය තුළ රුපියල් 120 කින් අඩුවී ඇති බවට සඳහන් කර තිබුණා. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව 2024 සැප්තැම්බර් මාසයේ සිට 2025 සැප්තැම්බර් මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනය දක්වා කාලපරිච්ඡේදයේ ලංකා සුපර් ඩීසල් ඉන්ධන වර්ගය, රු. 39.00 කින් සහ 11.08% ක ප්‍රතිශතයකින් වැඩිම මිල අඩුවීමක් ,ලංකා ඔටෝ ඩීසල් මිල රු. 24.00 කින් අඩු වී , එය 7.82% ක අඩුවීමක් කර ඇති බවට දැක ගන්නට ලැබුණත්  කරුණාරත්න මහතා දක්වන පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් පසුව කාල පරිච්ඡේදය තුළ රුපියල් 120 කින් අඩුවී ඇති බවට සඳහන් කරන කාරණාව අසත්‍ය බව අප පෙන්වා දුන්නා.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් අනතුරුව ඩීසල් මිල රුපියල් 120  කින් අඩු කළාද?

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හේතුවෙන් හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරම මාවතේ නිල නිවසෙන් ඉවත්ව නැවත හම්බන්තොට කාල්ටන් නිවසට යනු ලැබුවා. ඊට දෙදිනක් යාමට මත්තෙන් ඔහු නැවත කොළඹට පැමිණි බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. නමුත් මහින්ද රාජපක්ෂ එම වකවාණුවේදී කොළඹට පැමිණ නොතිබුණු අතර දෙසැම්බර් මස දී නැවත ඔහු කොළඹට පැමිණෙන බවට සටහන් හුවමාරු වන අතර ඔහු ඒ් පිළිබඳව සඳහන් කරන තිබුණේ, ගම දාලා යළිත් කොළඹ පදිංචියට ඒමට තමාගේ අදහසක් නැති  නමුත්, අවශ්‍යතා අනුව කොළඹට යෑමට ඒමට සිදුවිය හැකි බවයි.

හිටපු ජනපති මහින්ද යළිත් කොළඹ පදිංචියට?

හිටපු ජනපති ආර්යාවක් වන හේමා ප්‍රේමදාස මහත්මිය පදිංචියට නිවසක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බව කියන ලිපිය ව්‍යාජව සකසන ලද අසත්‍ය ලිපියක් වූ අතර හිටපු ජනපති ආර්යාව තමන්ට හිමිවූ නිල නිවස 2023 වසරේදී රජයට භාරදී තිබුණා.

කොළඹ අවටින් නිවසක් ඉල්ලා හේමා ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්? 

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තුනෙන් දෙකක මුදලක් ඉතිරිකර එම මුදල් භාණ්ඩාගාරයට යැවීමට හැකි වූ බවත් ඊට හේතු වූයේ අපි සොරකම් වංචා නොකරන නිසා බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශයක් කළ බවට සටහන් හුවමාරු වුණා. ඇය විසින් සිදු කර නොමැති අතර 2024 වසර සඳහා අයවැයෙන් වෙන් කර තිබූ මුදල් වලින් තුනෙන් දෙකක් ඉතිරි වී නොමැති බවත් අපට පෙන්වා දීමට හැකි වුණා. 2024 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව 2024 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 175.1ක් ලබා දී ඇති අතර ඉන් රුපියල් බිලියන 139.6ක් වියදම් කර තිබේ. ඒ අනුව වියදම් නොකළ ශේෂය රුපියල් බිලියන 35.4ක් වන අතර ප්‍රතිශතයක් ලෙස අධ්‍යපානය සඳහා යොමු කර තිබූ අයවැයෙන් 20%ක් පමණ වේ

අධ්‍යාපන අමාත්‍යාංශය 2024 අයවැයෙන් තුනෙන් දෙකක් ඉතිරි කරලද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වරප්‍රසාද යටතේ ගෙවනු ලබන මන්ත්‍රී විශ්‍රාම වැටූප, අතීතයට බලාපාන පරිදි අහෝසි කළ බවට සඳහන් කළ සටහන් හුවමාරු වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාලව විශ්‍රාම වැටුප මේ වනතෙක් අහෝසි කර නොමැත. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර මේ සඳහා වූ පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයාට ඉදිරිපත් කිරීම සිදුකර තිබේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරලද?

එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී හර්ෂණී සඳරුවනි මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව සහ ඇයගේ නඩු සඳහා පෙනී නොසිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය, එජපා ලිපි ශීර්ෂය අවභාවිතා කරමින් සැකසු ව්‍යාජ ලිපියක්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 17 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ නාගරික මන්ත්‍රීවරිය එදිනම ඇප මත මුදා හැර තිබුණා.

UNP නාගරික මන්ත්‍රී හර්ෂණීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවුවා ද ?

ලෝකයේ වැඩි වශයෙන් අවදානය හිමි වුණ, රුසියාව නිපදවූ Enteromix පිළිකා එන්නත මුළු ලෝකයටම නොමිලේ බෙදා හරින බවට රුසියානු ජනාධිපතිවරයා පවසා ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව අප පෙන්වා දුන් අතර ඔහු 2024 වසරේදී එන්නත පිළිබඳ ප්‍රකාශයක් සිදු කර තිබූ අතර එදා මෙදා තුර මෙකී එන්නතට අදාළව කිසිදු ප්‍රකාශයක් කළ බවට නිල වාර්තා කිසිවක් නොමැත. එහෙත් රුසියානු සෞඛ්‍ය බලධාරීන් ඇතැම් අවස්ථාවල රෝගීන්ට මෙම එන්නත එරට ජනතාවට නොමිලේ දෙන බවට බව ප්‍රකාශ සිදු කර තිබුණ ද මුළු ලෝකයේම රෝගීන්ට නොමිලේ බෙදා හරින බවට හෝ කිසිදු සඳහනක් නොවී ය.

රුසියාව නිපදවූ පිළිකා එන්නත ලෝකයටම නොමිලේ දෙන බවට පුටින් ප්‍රකාශ කර නැහැ!

නේපාල රජය පසුගිය අගෝස්තු 28 වන දා සියලු සමාජ මාධ්‍ය ජාලාවලට නිල වශයෙන් ලියාපදිංචි වීම සඳහා සහතික කාලයක් ප්‍රකාශයට පත් කරන ලදී. ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශන, මාර්ගගත වංචා මැඩ පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා බව නේපාල රජය පවසාතිබූ අතර ලබා දුන් කාලසීමාව අවසන් වූ පසුවත් ඊට අනුගත නොවූ Facebook සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26ක් අවහිර කරන්න යැයි නේපාල රජය අන්තර්ජාල සේවා සපයන්නන්ට දැනුම් දීමෙන් පසුව නේපාලය පුරා විරෝධතා ඇති වී තිබුණා. මේ හේතුවෙන් නේපාලයේ හිටපු අගමැතිවරයෙක් වන ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රවි ලක්ෂ්මි චිත්‍රකර් මහත්මිය විරෝධතාකරුවන් පිරිසක් විසින්  බලහත්කාරයෙන් නිවස තුළට ඇතුළු කර, පසුව ගිනි තබා  මරණයට පත් කර ඇති බව දැක්වෙන පුවතක් සහ බාලේන්ද්‍ර ෂා නැමැති රැප් ගායකයා නේපාලයේ රාජ්‍ය නායක ධුරයට පත් කර ඇති බවට පුවත් පළ වුණා. නමුත් ඇය මිය ගොස් නොතිබුණු අතර හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කිනේපාලයේ නායකත්වයට පත්ව ඇති බව ත් අප පෙන්වා දුන්නා. බාලේන්ද්‍ර ෂා නේපාලයේ කත්මණ්ඩු අගනගරයේ නගරාධිපතිවරයා වූ අතර ඔහු රැප් ගායකයෙකු පමණක් නොවේ.

නේපාල අරගලකරුවෝ අගමැති බිරිද ගිනිතබා ඝාතනය කර රැප් ගායකයෙක් රාජ්‍ය නායකයා කරාද ?

HSBC බැංකුව ලංකාව හැර යයි, නේෂන් ට්‍රස්ට් වෙත කොටස් විකුණයි..! යන තේමාවෙන් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා. අප විසින් අනාවරණය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ HSBC බැංකුව සිය සම්පූර්ණ පාරිභෝගික බැංකුකරණ කටයුතුවලින් (Retail Banking) ඉවත්වීමට තීරණය කර ඇත. එම ව්‍යාපාර කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට විකිණීමට එකඟ වී ඇති බවයි. HSBC බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්පත්, සිල්ලර ණය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත පැවරෙනු ඇත. HSBC බැංකුවේ ආයතනික සහ ගෝලීය(Corporate and Institutional Banking)  බැංකු සේවාවන් ලංකාවේ තවදුරටත් පෙර පරිදිම පවත්වාගෙන යනු ලබනවා. HSBC බැංකුව සම්පුර්ණයෙන්ම ලංකාවෙන් වී යයි යනුවෙන් හුවමාරු වන සටහන් නොමඟ යවන සුළුවේ.

HSBC බැංකුව, ලංකාව අතහැර ගියා ද?

ඔක්තෝබර්

2015 වසරේ බැඳුම්කර සිද්ධියෙන් රුපියල් කෝටි 1000ක පාඩුවක් සිදු කිරීමේ වරදට චෝදනා එල්ල වී ඇති හිටපු බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන්ට සිංගප්පූරුවේදී අත්අඩංගුවට පත් වූ බව පළ වූ සටහන් අසත්‍ය වන අතර, ඒ බව ආරක්ෂක අංශ ද, තහවුරු කරයි. එසේම අර්ජුන් මහේන්ද්‍රන් ලංකාව ට පැමිණි අවස්ථාවක් ලෙස හුවමාරු වන්නේ ද මීට වසර 9කට පැරණි වීඩියෝවකි.

කෙහෙල්බද්දර පද්මේ සංවිධානාත්මක අපරාධකරු ඉන්දුනිසීයාවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු 2015 වසරේ බැඳුම්කර සිද්ධියෙන් රුපියල් කෝටි 1000ක පාඩුවක් සිදු කිරීමේ වරදට චෝදනා එල්ල වී ඇති හිටපු බැංකු අධිපතිවරයෙකු වනඅර්ජුන් මහේන්‍ද්‍රන් සිංගප්පූරුවේදී අල්ලයි” යනුවෙන් සමාජ මාධ්‍ය වල සටහන් හුවමාරු වුණා. එය අසත්‍ය වන අතර, ඒ බව ආරක්ෂක අංශ ද, තහවුරු කරයි. එසේම අර්ජුන් මහේන්ද්‍රන් ලංකාව ට පැමිණි අවස්ථාවක් ලෙස හුවමාරු වන්නේ ද මීට වසර 9කට පැරණි වීඩියෝවකි.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ දී අත්අඩංගුවට ? ලංකාවට පැමිණියා ද ?

මේ අතර “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමත් සමග අත්අඩංගුවට ගත් පිරිස මෙරටට රැගෙන ආවේ අත්අජංගුවට ගැනීම නිසා නොව නේපාලයෙන් පිටුවහල් කිරීම නිසා බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා.

නේපාල පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සම්බන්ධ වූ ඒකාබද්ධ මෙහෙයුමකින් ශ්‍රී ලාංකිකයන් හය දෙනා නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවන් වූ අතර ඉන්ටර්පෝල් රතු නිවේදනවලට යටත් විය. එබැවින්, 1992 නේපාලයේ සංක්‍රමණ පනතේ 9 වන වගන්තියට සහ 1994 ආගමන නීතිවලට අනුව, නේපාල බලධාරීන් ඔවුන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීම සඳහා ආගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කර තිබුණා.

සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ආවේ නේපාලයෙන් පිටුවහල් කරපු නිසාද?

ගනේමුල්ල සංජීව ඝාතනයට උපකාර කළ බවට අත්අඩංගුවට ගෙන ඇති තමරා අබේරත්න නමැති නීතිඥවරිය  ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන නීතිඥ  තරංග වීරසිංහ මහතාගේ බිරිඳ බවට ද, සටහන් පළවූවා. එම ඡායාරූපයේ සිටින්නේ ඔහුගේ බිරිද නොව අත්අඩංගුවට පත් නීතිඥවරිය,  තරංග මහතා සමඟ එකට අධ්‍යාපනය ලද ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරියකි.

සංජීව ඝාතනයේදී සෙව්වන්දිට සහය දීම හේතුවෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ නීතිඥවරිය, NPP මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් ද?

නොමිලේ උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා දීමේ තීරණයක් වත්මන් රජය තීරණය කර ඇති බවට සටහන් පළ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන නිර්දේශ කර තිබුණේ, කොන්ඩම් භාවිතය, පූර්ව නිරාවරණ වැළැක්වීම (PrEP) සහ පශ්චාත් නිරාවරණ වැළැක්වීම (PEP) ඇතුළු වැළැක්වීමේ පියවර සිසුන්ට විධිමත් ලෙස හඳුන්වා දිය යුතු බවට නිර්දේශ කළ අතර ජාතික අධ්‍යාපන ආයතනය ඒ අනුව 10 ශ්‍රේණියේ විද්‍යා පෙළපොතට විෂය නිර්දේශයේ පවතින හිඩැස් පියවීම සඳහා වයසට ගැළපෙන, සාක්ෂි මත පදනම් වූ දැනුම ලබා දීම අරමුණු කර ඇත බවට යෝජනා කළ ත්, ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මීට එකඟතාවය පළ කර නොමැති බව අනාවරණය වුණා.

නොමිලේ උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා දීමේ තීරණයක්?

පිළිකාව විනාශ කරන ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වී ඇති බවට සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රධානමාධ්‍ය ධාරා පුවත් වල පළවුණා. 2023 වසරේදී ත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අනුක රසායන සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පෝෂක ඖෂධය සොයාගෙන ඇති බව ට පුවත් වාර්තා වී තිබුණා‍. මෙම ඖෂධය මගින් නිත්‍ය වශයෙන් ම පිළිකා වර්ග සුව කරන බව සඳහන් කර නොමැත. නමුත් මෙම ඖෂධීය අතිරේකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙය පිළිකා ප්‍රතිකාරයක්, පිළිකා ඖෂධයක් පිළිකා නසන ඖෂධයක් ලෙසයි

කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිළිකා විනාශ කරන ඖෂධයක් නිෂ්පාදනය කරාද?

අභිනව බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මැතිතුමාට සුබ පැතුම් ලෙස සටහන් පළ වුණේ, බුද්ධශාසන අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු බවට හඟවමින්. බුද්ධ ශාසන කටයුතු භාරව කටයුතු නියොජ්‍ය අමාත්‍යවරයා වන්නේ, ගමගෙදර දිසානායක මහතා වන අතර ඔහුගේ විෂය පථයේ මෙතෙක් වෙනසක් සිදුවී නැති අතර,  බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස , අමාත්‍ය සුනිල් සෙනෙවි යටතේ කටයුතු කරයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මුනීර් මහතා දිවුරුම් දී ඇත්තේ, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නොව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද? 

අලුතින් පත්වූ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති, අරගලය සමයේ වීඩියෝවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සිටින්නේ, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් නොව, ‘ඉස්මත් මව්ලවි’ නමැති පුද්ගලයෙක් බවට අපට අනාවරණය කිරීමට හැකි වුණා.

අලුතින් පත්වූ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති, අරගලය සමයේ ක්‍රියාකාරී වූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

පසු කාලීනව නොවැම්බර් මසදී බුද්ධශාසන ඇමති බෞද්ධ ආගමිකයෙකු නොවන බවට දක්වමින් සටහන් ද, නිර්මාණය වූ අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වරයා වන  ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා ‍බෞද්ධ ආගමිකයෙකු බවට අනාවරණය වුණා.

බුද්ධශාසන ඇමති බෞද්ධ ආගමිකයෙකු නොවේද?

අපේ රට බහු ආගමික බහු සංස්කෘතික රටක්.. ඒත් තවමත් දළඳා මාළිගාවේ දියවඩන නිළමේ තනතුරට පත්වෙන්න පුළුවන් සිංහල බෞද්ධයෙක්ට විතරයි.. බහුතරයක් ක්‍රිස්තියානින් සිටින නිව්යෝර්ක් පුරවැසියන් නගරාධිපති විදියට මුස්ලිම් තරුණයෙක් තෝරා ගත්තා.. ඒත් දියවඩන නිළමේ තනතුරට දෙමළ, මුස්ලිම් කෙනෙක් තියා සිංහල කතෝලිකයෙකුටවත් පත් වෙන්න පුළුවන්ද..ඇමති සුනිල් සෙනවි ප්‍රකාශ කළ බව ද, දක්වා තිබුණා. නමුත් මෙම සටහන් අසත්‍ය බව තහවුරු වූවා.

දියවඩන නිළමේ ධුරය ගැන බුද්ධශාසන ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්? 

ජනපති අනුරගේ නිල සංචාරයක් පිළිබඳ තොරතුරු නොමැති බවක්, ජර්මානු රජයේ විදේශ කටයුතු කාර්යාලය පැවසු බවට සඳහන් කරමින් සටහන් හුවමාරු වුණා. ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යංශය Auswärtiges Amt (ෆෙඩරල් විදේශ කාර්යාලය)  අපට විද්‍යුත් ලිපියක් ඔස්සේ කරුණු පැහැදිලි කරමින් සඳහන් කර සිටියේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ජනපති අනුරගේ සංචාරය ඉතාමත් වටිනා සහ වැදගත් සලකුණක් ලෙස ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යංශය සලකන බවයි. සමාජ මාධ්‍ය පරිශීලකයා විසින්, ජනපති අනුරගේ විදේශ සංචාරය පිළිබඳ සිය ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ නිල ජර්මානු රජයේ ආයතනයක් හෝ අමාත්‍යාංශයක් වෙත නොවේ. 

මෙම ආයතනය ජර්මානු බලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට පුරවැසියන්ට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) වන Open Knowledge Foundation Germany විසින් ක්‍රියාත්මක කරනු ලබන සිවිල් සමාජ වේදිකාවකි

ජනපති අනුරගේ නිල සංචාරයක් පිලිබඳ තොරතුරු නොමැති බවක්, ජර්මානු රජයේ විදේශ කටයුතු කාර්යාලය පැවසුවා ද ?

‘ඔප්පුවක් කියලා හිස් කොළ කෑල්ලක් දීලා වතුකරයේ මිනිසුන්ව රවට්ටපු එකා කියනවා පීඩිත පන්තියේ ජනතාවට හොඳ අනාගතයක් උදා කරනවා කියලා’ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිදු කළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමින් පුවත් වාර්තා කර තිබුණා. නමුත් මෙහිදී හිස් කොළයක් ලබා දීමක් සිදුව නොමැති බව ත්, මලෛගම් ප්‍රජාවට නිවාස හිමිකම් පත්‍රය ලබා දීමේ ජාතික වැඩසටහනේදී මෙවර පර්චස් 10 ක් සඳහා හිමිකම් පත්‍රය(නිවසක හිමිකම ඇති බවට වන)  ලබා දෙන අතර පසුගිය රජයේ හිමිකම ලැබූ ප්‍රතිලාභීන්ට ඉඩමට අවශ්‍ය ඔප්පු ප්‍රාදනය කිරීම සිදු කර තිබුණා.

ජනපති ප්‍රධානත්වයෙන් මලෛගම් ජනතාවට බෙදා දුන්නේ වලංගු නැති ඔප්පුවක් ද? 

මේ අතර මීට පෙර වසර වලදී අවසන් වූ සමාජයේ කතා බහට ලක් වූ නඩු නැවත මේ ආණ්ඩුව තුලදී අවසන් වූ බවට දක්වමින් සිදු කරන පළ කිරීම් රැල්ලක් ආරම්භ වීමට පටත් ගත් අතර අප ඒ පිළිබඳ කරුණු අනාවරණය කළා.

ඇවන්ගාඩ් පාවෙන අවිගබඩා නඩුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ නිශ්ශංක සේනාධිපති මෑතක දී නොදොස් කොට නිදහස ලැබූ බවට සටහන් පළ වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එම නඩුවෙන් නිදහස් කොට නිදහස ලබන්නේ කොළඹ අභියාචනාධිකරණයෙන් 2019 වසරේදී වන අතර ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් ද, නිදහස් කොට නිදහස ලබමින් ඇවන්ගාඩ් සම්පූර්ණ නඩුව අවසන් වන්නේ කොළඹ මහාධිකරණය මගින් 2021 වසරේදී ය. 

ගෝඨාභය සහ සේනාධිපති, ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස ලැබූවේ මෑතකදී ද ?

නොවැම්බර් මස දී මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් හා තිරුකුමාර් නිදොස් කොට නිදහස්  කිරීම මෑතකදී දුන් නඩු තීන්දුවක් ලෙසට සමාජ මාධ්‍ය පළ කිරීම් පළ වූ අතර ගම්පහ මහාධිකරණය විසින් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් එම නඩුවෙන් නිදහස් කොට නිදහස් කර ඇත්තේ,   2022 වසරේ ජුනි 03 වැනිදා ය.  

මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් හා තිරුකුමාර් නිදොස් කොට නිදහස්  කිරීම මෑතකදී දුන් නඩු තීන්දුවක් ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරණ දඬුවම නියම වී සිටින වරදකරුවන් සඳහා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරයි යනුවෙන් සටහන් ද, සමාජ මාධ්‍ය වලපළ වුණා. නමුත් මේ පිළිබව කිසිදු තීරණයක් ගෙන හෝ සුදානමක් හෝ නොමැති බවත් සමාජ මාධ්‍ය ජාලාවල පළ වී තිබෙන්නේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් අනාවරණය වූවා. බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් එල්ලා මැරිය යුතු බවට අදහස් ප්‍රකාශ කිරීමත් සමග මෙම සටහන් පළ වුනා.

ජනපති අනුර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න සූදානම් වනවා ද?  

නොවැම්බර්

3I/ATLAS යනු පිටසක්වල යානාවක් යනුවෙන් හඳුන්වමින් වීඩියෝ පටයක් පළ වූ අතර එය 2025 ජූලි මාසයේ මුල්වරට හඳුනාගත් අන්තර් තාරකා වල්ගා තරුවක් වන 3I/ATLAS හි සැබෑ පෙනුමට සමාන නොවන බව නාසා ආයතනයේ මේ සම්බන්යෙන් පළ කළ සැබෑ ඡායරූප/වීඩියෝ මගින් අප පෙන්වා දුන්නා.

3I/ATLAS යනු පිටසක්වල යානාවක් ද ?

නොවැම්බර් 21 වන දා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ ජන රැලියට සමගි ජන බලවේගය සහභාගී නොවන බවට පැවසීමත් සමග ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශයක් සිදු කරන බවට දක්වා තිබූ ෆේස්බුක් වීඩියෝව, මෑතකදී ඔහු විසින් සිදු කළ ප්‍රකාශයක් නොව 2016 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ නිවාස ආමාත්‍ය ලෙස කටයුතු කරනු ලැබූ විපක්ෂ නායකවරයා එවකට පැවති ඒකාබද්ධ විපක්ෂයට සඳහන් කරන ප්‍රකාශයක්.

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකගෙන් දෝෂා රෝපණයක්?

2026 අයවැය යෝජනාවෙන් මන්ත්‍රීල 225ට කැබ් දෙන්න මිලියන 12500ක් වෙන් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් නොමග යන සුළුවූවා. මෙම මුදල් වෙන් කිරීම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගැනීම ඇතුළත් වන නමුත්, මෙම වෙන් කිරීම රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීම ද, අයත් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් දෙන්න මිලියන 12,500ක් අයවැයෙන් වෙන් කරලද?

මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් 2026 අයවැය විවාදයේදී  “ආණ්ඩුව විසින් සාර්ව ආර්ථිකය ස්ථාවර කරලාභාණ්ඩාගාරය උතුරලා ගිහින්අපිට වැරදුණා” යනුවෙන් සිදු කල බවට හුවමාරු වන ප්‍රකාශය ගෙන හැර දක්වමින් මන්ත්‍රීවරයා  විසින් පවත්නා ආණ්ඩුවට ප්‍රශංෂා පමණක් සිදු කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය පවා හඟවා තිබුණා. මන්ත්‍රීවරයා පැයක පමණ කාලයක් තුළ අයවැය විවාදදයේදී සිදු කරන ප්‍රකාශයන් ආණ්ඩුවේ ධනාත්මක වැඩපිළිවෙළවල් ඇගයීම සිදු කළ ප්‍රකාශ පමණක් උපුටා දක්වමින් මෙම සමාජ මාධ්‍ය සටහන් පළ කර ඇති අතර සත්‍ය වශයෙන් ම මන්ත්‍රීවරයා විසින් මෙම සම්පූර්ණ කතාව තුළ, ඔහු සිදුකළ පැසසුම් මෙන්ම, විවාදාත්මක කරුණු රැසක් ද මතු කරා.

2026 අයවැය සර්ව සුබවාදී අයවැයක් පමණක් බවට හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරා ද?

ශ්‍රී ලංකා රේගුව විසින් ක්‍රියාත්මක කරන නව නීතියක් ලෙස භාණ්ඩ කිහිපයකට පනවා ඇති සීමා කිරීම් ලෙස පෙන්වා දෙන සටහන් පළ වූවා. සුළු අතර එය නව සීමා කිරීමක් නොව, 2022 වසරේදී පනවනු ලැබූ සීමාවන්ම තවදුරටත් ක්‍රියාත්මක කිරීමක් වේ.

රේගුව මගින් ගමන් මලු නිදහස් කිරීමේදී භාණ්ඩ සීමා කිරීමට නව නීතියක් පනවලා ද?

ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුව භාර ගන්නා විට මෙරට ඩොලර් හෝ රුපියල් නොතිබුණු බවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය  අසත්‍යයකි. නිල දත්ත වලට අනුව භාණ්ඩාගාරය සතුව රු.බි 760.1 පමණ තිබූ අතර මහ බැංකුව සතුව ඩොලර් බිලියන 6.0 ක් පමණ සංචිත තිබුණි.

රනිල් ආණ්ඩුවෙන් අනුරගේ ආණ්ඩුවට ලැබුණේ, හිස්වෙච්ච භාණ්ඩාගාරයක් ද?

රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව අත්හිටුවා ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් ප‍ළ වුණා. රණවිරු දෙමාපියන් සිය ජීව දත්ත සහතික ඉදිරිපත් නොකිරීම හේතුවෙන් දීමනාව අත්හිටුවීම තාවකාලිකව සිදුකර ඇති දෙයක් බවත්, ප්‍රතිලාභී මා පියන් ජීවතුන් අතර සිටින බවට ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කර, අදාළ ප්‍රතිලාභය නැවත ලබාගත හැකි බව ට මාපිය රැකවරණ දීමනාව තාවකාලිකව අත්හිටුවීමේ ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයේ අන්තර්ගත කරුණු නිසි ලෙස පුවත් වාර්තාව සඳහා යොදා නොගැනීම නොමගයවන ආකාරයේ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබුණා.‍

රණවිරු මව්පියන් 15,000කගේ රැකවරණ දීමනාව ලබාදීම නතර කළා ද? 

ඉම්රාන් ඛාන් මිය ගොස් ඇති බවට ජාත්‍යන්කර වශයෙන් කටකතා නිර්මාණය වූවා.ඔහු මියගොස් නොමැති බවට විශ්වාසදායක සාක්ෂි නොමැත. ඔහුගේ මරණය සම්බන්ධ කටකතාව අසත්‍ය බවට, බන්ධනාගාර බලධාරීන් සහ පාකිස්ථාන රජයේ අමාත්‍යාංශ දෙකම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත. සත්‍යාපනය කළ හැකි, විශ්වාසදායක මූලාශ්‍ර වෙනත් ආකාරයකින් තහවුරු කරන තුරු, ඉම්රාන් ඛාන් මැරුණු බවට ප්‍රකාශය සත්‍ය බව පැවසිය නොහැක.

ඉම්රාන් ඛාන් ජීවිතක්ෂයට පත් වූ බවට මෙතෙක් සාක්ෂි නැහැ

දෙසැම්බර්

නොවැම්බර් මස අග භාගයේදී ෙමන් ම දෙසැම්බර් මස ල් කාලයේදී මෙරට දිට්වා සුළි කුණාටු තත්ත්වයේ බලපෑම මෙරට මහා විනාශයක් සිදුවද්දී, ඒ ඔස්සේ නොමග යන සුළු අසත්‍ය තොරතුරු ජනතාව බිය වද්දමින් හුවමාරු වූ අතර අප ඒ පිළිබඳ සිදු කළ කරුණු විමර්ශනයන් මේ.

ජලාශ වේලි ඉරිතලා ඇති බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි! 

කැලණි බැම්ම පුපුරා ඇති බවට පළ වන සටහන් අසත්‍යයි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ලංකාවේ නායයෑමක් නිසා රථවාහන මඩින් වැසී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

ආපදා තත්ත්වයේ සැබෑ දසුන් බව කියමින් සංසරණය වන ව්‍යාජ සටහන්! 

අලවතුගොඩ නායයෑමේ පවුල් 800ක් අතුරුදන් බවට පැවසූ වාර්තා නොමග යවන සුළුයි!

තවත් සුළි කුණාටුවක් එන බවට පලවන සටහන් අසත්‍යයි!

ගම්පොළ මළ සිරුරු දක්වමින් හුවමාරු වූ ඡායාරූප AI ඡායාරූපයක් නොවේ!

ශ්‍රී පාද කන්දේ නාය යාමක් සිදුව ඇති බවට වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

මීගොල්ල – මීගහකිවුල නායයෑමකින් රෝහලකට හානි වූ බවට හුවමාරු වන සටහන් අසත්‍යයි !

මේ අතර මෙරටට විදේශීය රටවල්, විදේශිකයින් විසින් ලබා දුන් සහනාධාර පිළිබඳ නොමග යන සුළු තොරතුරු පැතිරුණු අතර ඇතැම් අවස්ථාවල එම සමනාධාර ගෙන එන අයුරු අතිශෝක්තියට නංවමින් සටහන් ද, පළ වී තිබුණා.

පකිස්ථානය විසින් ලබා දුන් සහනාධාර කල් ඉකුත් වූ ඒවා ද ? 

ඉන්දියාවේ සිට ලංකාවට පාලම් ගෙන් වූයේ හෙලිකොප්ටරයකින් ද?

සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ශ්‍රී ලංකාවට ඩොලර් මි. 10ක පරිත්‍යාගයක් කළා ද? 

දේශපාලනික වශයෙන් මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන නොමග යන සුළු තොරතුරු පැතිරුණා.

ගංවතුර  පාලනයට නිසි පියවර නොගැනීම හමුවේ ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වුණා ද?

කොත්මලේ ජලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත්කර ජවිපෙ හිතවාදී ආධුනිකයන් අනුයුක්ත කරල ද?

වත්මන් රජය පත්වූ වහාම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිශ්ක්‍රීය කළා ද? 

මෙරට කාලගුණ අනාවැකි පළ කර “BBC” වීඩියෝව නිල වීඩියෝවක් නොවන බවට සංසර‍ණය වන වීඩියෝව අසත්‍යයි!

“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

රජය ලබා දෙන රු.25,000ක ආපදා සහනය වැඩි බව ‘දෙරණ’ සංඛ විසින් සිදුකරන ප්‍රකාශයක් ද?

කැඩී ගිය මාර්ගයන් ප්‍රතිසංස්කරණය කළ බවට AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප, පැරණි ඡායාරූප නව ඡායාරූප, විඩියෝ මෙන් ම/ වෙනත් රටවල ඡායාරූප/වීඩියෝද,  මෙරට සුළි කුණාටුව නිසා ඇති වූ තත්ත්වය බවට දක්වා තිබුණා. 

හානි වූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති  බව කියන ව්‍යාජ සටහන් පෙළක්! 

මඩවලින් නිවෙස් වැසී ගිය අයුරු දැක්වෙන වයිරල් වීඩියෝව ලංකාවේ දර්ශන පෙළක් ද ?

දිට්වා නිසා ඇතිවූ මහ වැස්සෙන් මුහුදට ගසා ගෙන ගිය අලි දෙන්නෙක් බේරා ගත් දර්ශනද? 

ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණය කළ දුම්රිය මාර්ගයක් කැඩී යන දර්ශනයක් ද? 

Go Home Anura යනුවෙන් දෙසැම්බර් 25 දිනයේ ඇතිවූ විරෝධතාවක වීඩියෝවක් ලෙසින් හුවමාරු වන වීඩියෝ පටය, පැරණි සිදුවීමක පසුබිම් හඬක් එකතු කරමින්, නොමඟ යවන සුළු ලෙස සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් බව නිරීක්ෂණය වූවා. නත්තල හේතුවෙන් කොළඹ නගරයේ ඇති වූ වාහන තදබදයක දර්ශන යොදාගෙන එම දර්ශන සඳහා ඇතුලත් කර ඇති හඬ පටය 2025 අගෝස්තු මස වන දින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවති විරෝධතාවයේ හඬ පටය ඇතුළත් කරමින් මෙම විඩයෝව සකසා තිබුණා. 

“Go Home Anura” පාඨය සමඟ නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ මහජන විරෝධතාවක වීඩියෝවක්ද?

‘Go Home Anura’ කියමින් විරෝධතාවයක යෙදුණ පිරිස අත්අඩංගුවට ගන්න උපදෙස් ලබාදුන්නා ද ?

ලග්ගල අඳාවල උඩගම විහාරස්ථානයේ පිහිටුවා තිබූ සුරක්ෂිතතා මධ්‍යස්ථානයේ රඳවා සිටින අවතැවන් ජනතාව හමුවීමට ගිය අවස්ථාවේ  මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම හමුවේ විරෝධය එල්ල කළ තරුණයා  නිහඬ වූයේ එම තරුණයා මන්ත්‍රීවරයාගේ පාර්ශවයේම කෙනෙකු බවටත් මෙය කලින් සැලසුම් කළ රග දැක්වීමක් බවටත් සදහන් කරමින් නාමල් රාජපක්ෂ සමග සිටින්නේ ඔහුගේ හිතවතෙකු බවට ඡායාරූප සමගින් සමාජ මාධ්‍යයේ හුවමාරු වී තිබුණා. නමුත් සත්‍ය සිදුවීමේ නාමල් රාජපක්ෂ මහතා සමග සංවාදාත්මක තත්ත්වයක් ඇති කර ගත් තරුණයා ජාතික ජනබලවේගයේ පාක්ෂිකයෙකු වන අතර  ඔහු නමින් සිසිර කුමාර නමැති අයෙකි.

නාමල් රජපක්ෂට විරෝධය පෑ ලග්ගල සිද්ධියේ පුද්ගලයා ඔහුගේ පාක්ෂිකයෙක් ද?

Scam

කීල්ස් සුපර් සහ ආර්පිකෝ වෙතින් පැය ගණනකින් මුදල් ඉපැයිය හැකි මාර්ගගත රැකියා ලබාදෙනවා ද?

ජනාධිපති, ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරල ද?

සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රම සම්බන්ධ රැල්ලක් මුළු වසර පුරාම දැකගන්නට ලැබුණු අතර එහි ආරම්භය වූයේ, ගායන ශිල්පි යොහානි ද සිල්වා විසින් ප්‍රවර්ධනය කළ ආයෝජන ක්‍රමයක් ලෙසට දක්වමින් පළ වූ ව්‍යාජ ලෙස පුවත් පළ කිරීමකින් එම ව්‍යාජ ආයෝජන ක්‍රම ගැන පැවසූ ආකාරයක් දක්වමින්

යොහානි ‘ධනුට කියන්න’ වැඩසටහනේදී  විශ්මයජනක ප්‍රතිලාභ හිමි වන ආදායම් මාර්ගයක් ගැන හෙළි කරයි?

ඊට පසු මාසයන් වලදී මෙවැනි ව්‍යාජ යෝජනා ගැන ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රචාරය කර තිබුණා.

සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලට නොරැවටෙන්න!

එමෙන් ම මාර්ගගත රැකියා ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ලාංඡන භාවිතා කරමින් ව්‍යාජ රැකියා අවස්ථා සමාජ මාධ්‍ය කණ්ඩායම් වල වැඩි වැඩියෙන් හුවමාරු වී තිබූ අතර ඒ පිළිබඳව ද අපගේ දැනුවත් කිරීම පහතින්.

මේ දිනවල මාර්ගගත රැකියා වංචා රැසක් – මේවා පිළිබඳ ඔබ දැනුවත් ද? 

WhatsApp ගිණුම් හැක් කර සිදු කරන මුදල් වංචාවලින් ප්‍රවේසම් වන්න!

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කරන තරඟයක්!

ජනපති විසින් සහ රජයේ ප්‍රදාන, රජයේ මුදල් ආධාර දෙන බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | X | Instagram | Google News | TikTok | YouTube 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *